ඔබේ බුද්ධිමය අයිතීන් Facebook හි දී සුරැකෙයිද?
වසර දෙකතුනකට කලින් ලංකාවේ Facebook බාවිත කරන්නන් සිටියේ අතලොස්සයි. මීට වසර තුනකට පෙර විශ්වවිද්‍යාලයට එනවිට Facebook යන නම අපේ මිතුරන් වැඩි දෙනෙක් අසාවත් නැති තත්වයක් තිබූ අතර මා දන්නා අයගෙන් Facebook වෙත දෙවැනියට සම්බන්ධ වූයේ මමයි. මට Facebook ගැන අසන්නට ලැබුනේත් පලමුවෙනියාගෙනුයි. නමුත් මේ ලඟදී දේශනයක වාඩිවී සිටිනා අතර මා දේශනශාලාව සිසාරා බැලූ විට එහි Facebook profile එකක් හිමි නැති අය සිටියේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙන්. සමස්ත රටේ තත්වයත් මේ නියැදියෙන් ප්‍රදර්ශනය වනු ඇතැයි මා සිතනවා. මම දකින ආකාරයට මීට තුඩුදුන් ප්‍රධාන හේතුව දුරකථන සමාගම් Mobile broadband සම්බන්ධතා හඳුන්වා දීමත් සමගම වැඩි දෙනෙකුට අන්තර්ජාල සම්බන්ධතා ලැබීමයි. අද ලංකාවෙන් ලෝක ව්‍යාප්ත ජාලය වෙත හුවමාරු වන දත්ත පැකට්ටු සංඛ්‍යාවෙන් සැලකියයුතු තරමේ කොටසක් Facebook වෙත යැයි කිවහොත් එය වැරදි නොවනු ඇතැයි සිතනවා.
Facebook භාවිතයේදී මා නිතර දකින දෙයක් තමයි පරිශිලකයන් තමන්ට බුද්ධිමය අයිතියක් ඇති ද්‍රව්‍ය (Intellectual Property Content) Facebook අඩවියට එක් කරන බව. මේ සඳහා උදාහරණ ලෙස තමන් විසින් ගත් කළාත්මක වටිනාකමකින් යුතු ඡායාරූප, තමන් විසින් ලියන ලද සාහිත්‍යමය වටිනාකමක් ඇති නිර්මාණ, තමන් විසින් නිර්මාණය කල වීඩියෝ දර්ශන ආදිය සැලකිය හැකියි. මෙවැනි දේ Facebook වෙත එකතු කිරීමේදී මේ සම්බන්ධයෙන් Facebook හි ප්‍රතිපත්තිය පිලිබඳවද සලකා බැලීම වැදගත් වනු ඇතැයි සිතෙනවා. අද ලිවීමට යන්නේ ඒ පිලිබඳවයි.
Faccebook හි සේවා කොන්දේසි (terms of service) මෙම පිටුවේදී දැකගත හැකියි. http://www.facebook.com/terms.php වඩාත් වැදගත් කරුණ වනුයේ පරිශීලකයන් වෙත පූර්ව දැනුම් දීමකින් තොරව ඔවුනි විටින් විට මෙම ලියවිල්ලේ ඇති කරුණු සංශෝධන වලට බඳුන් කරන බවයි. ඒ නිසා මෙහි ඇතුලත් කරුණු පිලිබඳව නිරන්තරයෙන් යාවත්කාලීන වී සිටීම (updated) වඩාත් වැදගත්.
මේ එම ලියවිල්ලේ අප විසින් Facebook වෙත එකතු කරනු ලබන දේ පිලිබඳව සඳහන් වන කොන්දේසි මාලාවයි.

ඔබේ අන්තර්ගතය ඔබට අයත් බව මෙහි පලමු වාක්‍යයෙන්ම කියැවෙනවා. එහෙත් ඒ සඳහා එක්විය යුතු අමතර දේ කියැවෙන්නේ ඉන් පසුවයි.
පලමු උප කොන්දේසියේ සඳහන් වන අන්දමට ඔබ යම්කිසි Intellectual Property content (IP content) එකක් Facebook වෙත එක් කිරීමේදී එය ඔබේ අවසරයකින් තොරව භාවිත කිරීමේ අයිතිය Facebook වෙත ලබාදෙනවා. එසේම මෙම අයිතිය non-exclusive හා transferable එකක් බවද මතක තබාගත යුතුයි. එනම් මෙම අයිතිය තවත් තුන්වන පාර්ශ්වකරුවකුට පැවරීමේ අයිතියත් Facebook වෙත හිමි වෙනවා. මෙය royalty-free අයිතියක් නිසා ඒ සඳහා ඔබට ගෙවීමක් හෝ යම්කිසි ප්‍රතිලාභයක් ලබාදීමට Facebook බැඳී නැහැ. කෙසේවෙතත් ඔබ විසින් ඔබේ අන්තර්ගතයන් මකාදැමීමෙන් පසුව මෙම අයිතීන් අහෝසි වන බවත් මෙහි සඳහන්.
දෙවැනි උප කොන්දේසියේ සඳහන් වන ආකාරයට ඔබ යම් අන්තර්ගතයක් මකා දැමීමෙන් පසු එය recycle bin එක empty කිරීමට සමානව සම්පූර්ණයෙන්ම ඉවත් වන බව සඳහන්. නමුත් ඊට යටින් සඳහන් කර ඇති ආකාරයට එම අන්තර්ගතයන් backup copies වල යම් කාලයක් පැවතීමට පුලුවන්. නමුත් මෙම “කාලය“ කොතරම්දැ‘යි ඔවුන් සඳහන් කර නැහැ. මේ නිසා පලමු කොන්දේසියේ සඳහන් වන, අන්තර්ගතය මකා දැමීමෙන් පසු facebookට ඒ සඳහා ඇති අයිතිය අහෝසි වනවාය යන්න ප්‍රශ්නකිරීමකට බඳුන් වෙනවා. අප විසින් මකාදැමුවත් ඒවා ඔවුන් සතුව අප නොදන්නා කාලයක් දක්වා පවතින නිසා.
අප භාවිත කරන application වලට අපේ අන්තර්ගතයන් ලබාගත හැකි බව තුන්වැනි කොන්දේසියේ සඳහන්. මෙය වැදගත් වන්නේ ඇප්ලිකේෂන් වල සැකසුම් වලදී අපගේ අන්තර්ගතයන් ලබාගැනීම වැලැක්වීමට කටයුතු යෙදීම කල නොහැකි නිසයි. එමෙන්ම මින් අප වටහාගත යුතු වැදගත්ම කරුණ වන්නේ අපගේ බුද්ධිමය දේපලක් මෙවැනි ඇප්ලිකේෂනයක් විසින් ලබාගෙන එය භාවිත කලොත් ඒ සඳහා අපට විරුද්ධ වීමට හැකියාවක් නොමැති බවයි. මක්නිසාදයත් අප දැනුවත්ව ඒ සඳහා ඉඩකඩ ලබාදී ඇති නිසාවෙනි.
අපගේ අන්තර්ගතයන් Everyone සඳහා නැරඹිය හැකි ලෙස සැකසුම් කර ඇත්නම් එවැනි බාහිර කෙනෙක් (Facebook හි පරිශීලකයෙන් නොවන්නෙක් වුවද විය හැකියි) අපගේ අන්තර්ගතයන් ලබාගැනීම කෙරෙහි facebook වගනොකියන බව සිව්වැනි කොන්දේසියේ සඳහන්. කණගාටුවකට මෙන් මා දැක ඇති බොහෝ profile වල සියලු අන්තර්ගතයන් සෑමදෙනෙකුටම නැරඹිය හැකියි. Facebook හි බොහෝ සැකසුම් වල Everyone යන්න default සැකසුම වීම නිසා මෙය සිදුවී ඇතැයි මා සිතනවා.
ඔබේ බුද්ධිමය වටිනාකමකින් යුත් අන්තර්ගතයන් Facebook වෙත එකතු කිරීමට ප්‍රථම මෙහි සඳහන් කරුණු වලට ඔබට එකඟවිය හැකිදැයි සලකා බැලීම වැදගත් විය හැකියි. Facebook හි සේවා කොන්දේසි සම්පූර්ණයෙන්ම ඒක පාර්ශ්වික බවට කරන ලද චෝදනා බහුලව දැකගත හැකියි. Gizmodo අඩවියේ පලවූ මේ ලිපිය ඉන් එකක්. Gizmodo – Top 10 Reasons You Should Quit Facebook

සැලකිය යුතුයි

Facebook වෙත අන්තර්ගතයක් එක් කරන්නේ නැතිව, එය හරහා අන්තර්ගතයන් share කරන්නට හුරු වුනා නම් මේ ප්‍රශ්නේ නැහැ නෙවද?
ඔව්, ඒත් ගොඩාක් දෙනෙක් මේ ගොඩේම නෙව ඉන්නේ.
උදාහරණයක් විදිහට මම මගේ ජායාරූප එහෙම කාලයක් තිස්සේ Flickr තුළ විතරක් භාවිතා කලා. ඒත් පෙනුණ තරමට ඒවාට එවෙන අය අඩුයි වගේම ප්‍රතිචාරත් අඩුයි (ඒවා අනුවයි මම හැකියා ආ අඩුපාඩු හදා ගන්න උදව්වක් කර ගන්නේ). ඉතිං අන්තිමේදී මම මගේ මිතුරන්ටත් බලන්න කියලා upload කලා.
ඇතැම්විට ඉදිරියේදී එහෙම දාන පින්තුර හා අත්තරගතයන් සීමා සහිත වෙවි.
මූනු පොත උඩ වැදගත් දේවල් දමන්න හොඳ නෑ….මූනුපොත යථාර්තය නෙමෙ….ඒක තේරුම් ගැනීම වැදගත්…තමන් කන බොන නාන හැම එකම බෝඩ් එල්ලගෙන කරන්න යන එකේ වැරද්ද ඒ අය තේරුම් ගන්න ඕනි…..මම හිතන්නෙ අපේ පාසැල් විෂය නිර්දේශයට සමාජ ජාල භාවිතා කිරීමේදී සැලකිලිමත් වියයුතු කරුනුගැන පාඩමක් එකතු වෙනවන්ම් හොඳා…..
පාසලේදී කටපාඩම් කරන අනෙකුත් විෂයයන් අතරට මේකත් එකතු කිරීමේ පළක් නැහැ. මොකද මේක කට පාඩම් කරලා, පේපරේකට උත්තර ලියලා, ලකුණු ගන්න තරග කරන්න ඕන කාරණාවක් නෙවෙයි. මේවා සමාජයෙන් ඉගනිය යුතු කරුණු.
මෑතක සිට කිසියම් විෂය පථයක් ගැන කතා කරනා විට “මේක පාසල් විෂය නිර්දේශයට එක් කළ යුතුයි!” කීම විලාසිතාවක් වෙලා. මහාචාර්ය නන්දසේන රත්නපාල මහත්තයා මියගිය පසු ඔහු ගැන පැවැත්වූ රූපවාහිනී සංවාදයකට එක් වූ අයෙක් ප්‍රකාශ කළේ එතුමාට උපහාරයක් ලෙස සමාජ විද්‍යාව පාසල් විෂය නිර්දේශයට ඇතුලත් කළ යුතු බවයි! :P
එකෙත් ලොකු ඇත්තක් තියෙනවා.
මාතෘකාවට අදාළ නැති කතාවක්:
ෆේස්බුක් වලින් ආරක්ෂාවෙන්නෙ අපේ මන්ද බුද්ධිමය අයිතීන් විතරයි. ;)
ඔකේ හොදම අත්දැකිම ඇත්තේ සුදාට සුදාගේ කැම්පස් වන්දනා ගාතවට ගොඩ දෙනෙක් අයිතිවාසිකම් කියනවා නේද සුදා :P
අම්මප ඇත්ත බං. ඒක ගැන නං ඒ කාලෙ අපරාදෙ කියලත් හිතුන. දැන් නං ගාණක්වත් නෑ.