Mobile Broadband (HSDPA) සම්බන්ධතාවයක් ලබාගැනීම

On 2010 අප්‍රේල් 9, in තාක්ෂණික, මට වෙච්ච දේවල්, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

සති අන්තෙට ගෙදර ආවාම ඇති පදං unlimited ADSL එක පාවිච්චි කරන මට සතියෙ දවස්වල ජාලෙ නැතුව කාන්සිය නිසා මගේ ඩයලොග් ෆෝන් එකට ඩේටා පැකේජ් එකක් දාගෙන පාවිච්චි කරපු හැටි කලින් කිව්වනේ. ටිකක් කල් යනකොට  ඒක මදි වගේ දැනෙන්න ගත්තා. මෙගාබයිට් 350 පරිස්සං කරන්න ඕනෙ නිසා බ්ලොග් වත් කියෙව්වෙ නෑ ඊමේල් බලනවා ඇරෙන්න. කොහොම වෙතත් විනාඩි 5ක් ජාලෙට සම්බන්ධ කරගෙන ඉන්නකොට ෆෝන් එක ගිණියම් වෙනවා. අනික දැං මට මේ පොඩි ප්‍රොජෙක්ට් එකකුත් තියෙන එකේ ටිකක් වැඩියෙන් ජාලය අවශ්‍යයි. ගෙදර ආවාම සම්පූර්ණ කාලයම ADSL එක අත්පත්කරගෙන ඉන්න නිසා අන්තර්ජාලට සම්බන්ධ වෙන්න බැරි අපේ තාත්තටත් මාව ඒකෙන් ගලවන්න ලොකු ඕනෙකමක් තිබ්බා. මේ නිසා මම කල්පනා කලා mobile broadband සම්බන්ධතාවයකුත් ලබාගන්න.

මුලින්ම කලේ මොඩම් එකක් ගන්න එක. සම්බන්ධතාවයක් එක්කම ලාබෙට මොඩම් එක ගන්න පුලුවන් උනත් එතකොට මොඩම් එක ලොක් කරලා දෙන නිසා කොටිවලිගේ අල්ලගත්තා වගේ ඒකම දිගට පාවිච්චි කරන්න වෙන නිසා (අන්ලොක් කලොත් warranty නැති වෙනවනේ) මම කල්පනා කලේ නිදහස් මොඩම් එකක් අරගෙන මට කැමති කනෙක්ෂන් එකක් ගන්නවා කියලා.

දවසක් මම එයාටෙල් එකට ගිය වෙලාවෙ එතනින් කිව්වා ඔවුන් Abans එකත් එක්ක එකතු වෙලා ලොක් නොකරපු මොඩම් විකුණනවා කියලා. මම ඒ අනුව අබාන්ස් එකට ගිහින් රු 7000/= ක මුදලකට Huawei E156G වර්ගයේ HSDPA මොඩමයක් මිලදී ගත්තා. එක් වසරක warranty කාලයක් එක්ක. ලොක් නැති නිසා ඕනෙම සිම් එකක් පාවිච්චි කරන්නත් පුලුවන්.

Huawei E156G

Huawei E156G

මම මුලින් හිතාගෙන හිටියේ මොබිටෙල් එකෙන් දෙන 8GB සම්බන්ධතාවයක් ගන්න. මොකද නුගේගොඩ මගේ නවාතැනට සන්තෘප්ත වෙන තරමට මොබිටෙල් සිග්නල් තියෙනවා. ගෙදරටත් කලින් තිබුනා. මෙන්න මම ඊයෙ පෙරේදා බලනකොට ගෙදරට මොබිටෙල් 3G සිග්නල්වත් නෑ. අඩුගානෙ මිදුලටවත් නෑ. දැන් ඉතින් මොබිටෙල් අරන් තේරුමක් නෑ කියලා හිතුනා. මම සතියෙ වැඩි ප්‍රමාණයක් ඉන්නේ නුගේගොඩ උනත් ගෙදර ආවාමත් පාවිච්චි කරන්න පුලුවන් සම්බන්ධතාවයක් ගන්න එපායැ.

ඩයලොග් නං මට කොහොමත් අකැපයි. නුගේගොඩට ඩයලොග් 3G සිග්නල් නෑ! පුදුමයි නේද? මට හිතෙන විදියට හේතුව මම ඉන්න නිවස වටේට ටවර් කීපයකින් සිග්නල් හොඳින් ලැබීම නිසා ටවර් අතර හුවමාරු වීම නිසා තමයි මේක වෙන්නේ කියලා. මොකද ෆෝන් එකේ GSM signal උපරිමෙන් තිබුනත් කෝල් එකක් ගන්න ගියාම හට්ටි මුට්ටි පොලවේ ගහන හඬත් එක්ක තමයි කෝල් එක ගන්නේ.

දැන් මොකක්ද කරන්නේ කියලා කල්පනා කරනකොට කණියා කිව්වා එයාටෙල් ප්‍රීපේඩ් එක පාවිච්චි කරපංකෝ කියලා. ලඟදි දවසක නුගේගොඩ නොමිලේ එයාටෙල් සිම් බෙදමින් ඉන්න තැනකට ගිහින් මමත් සිම් එකක් ගත්තේ ඩයලොග් නොවන අංක වලට කතා කරන්න ඒක ලාබ නිසා. නුගේගොඩ නිවසටත් එයාටෙල් 3G සිග්නල් සාමාන්‍යයෙන් තිබුනා. ගෙදරට නම් උපරිමෙන් තියෙනවා. ඉතිං මම අන්තිමේ තීරණය කලා එයාටෙල් පාවිච්චි කරන්න. එයාටෙල් පැකේජ් ගන්න ගියොත් යන ගාණ ටිකක් වැඩි නිසාත්, එයාටෙල් ෂුවර් නැති නිසා පැකේජ් එකක් අරගෙන බැඳීමක් ඇති කරගෙන කටු කන්න අවශ්‍ය නෑ කියලා හිතුනු නිසාත් මම ප්‍රීපේඩ් සම්බන්ධතාවයම පාවිච්චි කරනවා.

දැං මේ කරන්න යන්නේ මේ පැකේජ වල ගණං හිලවු සැසඳීමයි, මම වගේම කනෙක්ෂන් එකක් ගන්න ඉන්න කෙනෙකුට මේක ප්‍රයෝජනවත් වෙයි.

ඩයලොග් 5GB සම්බන්ධතාවයේ VAT සමග බිල රු 1900-2000/= අතර ගණනක් වෙනවා. ඒ කියන්නේ ආසන්න වශයෙන් මෙගාබයිටයකට ශත 40ක් විතර. නමුත් වැඩිපුර භාවිතා කරන ඩේටා ප්‍රමාණයට අය නොකිරීම (ස්පීඩ් අඩු කිරීම පමණයි) වාසියක්.

මොබිටෙල් 8GB පැකේජය VAT සමග රු 1700/= පමණ වෙනවා. ඒ කියන්නේ මෙගාබයිටයකට ශත 20ක් විතර. අමතර භාවිතය සඳහා වෙනම ගෙවන්න ඕනේ.

මොබිටෙල් weekly delight සඳහා රු 100ට මෙගාබයිට් 200යි ලැබෙන්නේ. මෙගාබයිටයට ශත 50ක්! අම්මෝ හොඳටම වැඩියි!

එයාටෙල් අන්ලිමිටඩ් පැකේජයත් VAT සමග රු 2000ට ආසන්න ගණනක් වෙනවා. නමුත් මෙයත් ඩයලොග් 5GB සේම FUP එකක් සහිත බව ආරංචි වුනා. එයාටෙල් ස්ටෝරුවේ අය කියන්නේ ඔවුන් දැන් මේ පැකේජය සඳහා එතරම් ප්‍රමෝට් කිරීමක් නොකරන බව. පොරොන්දු වෙන සේවාව ලබාදීමට අමාරු නිසා වෙන්න ඇති.

එයාටෙල් ප්‍රීපේඩ් පාවිච්චි කරන්න කරන්න තියෙන්නේ රු 99/=ක රීලෝඩ් එකක් දැමීම පමණයි. ඒ සඳහා මෙගාබයිට 400ක ප්‍රමාණයක් ලැබෙනවා. මෙගාබයිටයකට ශත 25ක්. මීට අමතරව airtel-2-airtel ඇමතුම් කාලයක් (200mins) හා SMS සංඛ්‍යාවක් (1000) ලැබෙනවා.

ආරංචිය තියෙන්නේ එටිසලාට් ජාලයත් mobile broadband දෙන්න යනවා කියලා. බලමු ඔය කියන විදියට කෙරෙයිද කියලා.

මේ ලඟදි මගෙන් ෆේස්බුක් මිතුරෙක් අහනවා ඔහුට ගන්න හොඳ mobile broadband සම්බන්ධතාවය මොකක්ද කියලා. ඇත්තටම මේක තව කෙනෙක්ගෙ අත්දැකීම් අහලා තෝරගන්න පුලුවන් දෙයක් නෙමෙයි. මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතාවයේ කොලිටි එක තැනින් තැනට වෙනස් වෙනවා, ග්‍රහණය වන සංඥා ප්‍රබලත්වය හා ඒ කුළුණෙන්ම සේවය ලබාගන්නා තවත් කී දෙනෙක් සිටීද යන කරුණ මත. මේ නිසා තමන්ට මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතාවයක් ගන්න අදහසක් තියෙනවානම් හොඳම දේ වෙන අයගෙන් අහනවාට වඩා තමන් එය භාවිතා කරන්නට බලාපොරොත්තු වෙන ස්ථානයට HSDPA (නැතිනම් අඩුමගණනේ 3G) තියෙන දුරකථනයක් අරගෙන ගිහින්  නෙට්වර්ක් වල සිම් දමමින් සිග්නල් ලැබේදැයි පරීක්ෂා කිරීම. කරදරකාරී වැඩක් ලෙස පෙනුනත් මෙහෙම කලාම පසුතැවිලි ටිකක් අඩුකරගන්න පුලුවන් වෙයි.

Tagged with:  

40 Responses to Mobile Broadband (HSDPA) සම්බන්ධතාවයක් ලබාගැනීම

  1. දක්ෂිණ පවසන්නේ:

    Airtel ගැනනම් කතා කරන්න එපා. මමත් ගන්න ගියා. ගිහින් වෙච්ච දේ තමයි මේ. http://www.dakshinasblog.info/?p=144

    ම‍ටනම් Dialog prepaid හොඳටම හොඳා…

  2. මිත්‍රයා පවසන්නේ:

    වැදගත් ලිපියක්.. එකම නෙට්වර්ක් එක හැමෝටම හරියන්නෑ කියන්නෙ ඇත්ත.. තමන්ට හරියන එක තමන් හොයාගන්න ඕන…

  3. මම පාචිච්චිකරන්නෙත් ඔය මොඩම් එකමයි.මම නං ගත්තේ 6990ක‍ට ;)
    mobitel තමයි පාවිච්චි කරන්නේ…අපිට හුලංටෙල් 3ජී සිග්නල් නැහැ නොවැ.
    එටිසලාට් මොබයිල් ‍බ්‍රෝඩ්බෑව්ඩ් දෙන්න යන ආරංචිය නං තියනවා.කියන හැටියට නං සම්බන්ධතාවය ඉතා ප්‍රභලයි.බලමුකෝ..මොකද ලංකාවනේ කොහොම කිව්වත් දෙද්දි මොනව වෙයිද කවුද දන්නේ…..

  4. Dar[K] පවසන්නේ:

    වැදගත් ලිපියක්.. අනේ මන්දා මට නම් කවුරු මොනා කිව්වත් මොබිටෙල් තමා ගැලපෙන්නේ.. කට්ටිය කියන තරම් අලයකුත් නැ මට නම්

  5. rahal පවසන්නේ:

    හොද කතාවක්. හැබැය් වෙනමම සල්ලි දිලා Unlock Modems ගන්න යන්න එපා.Locked එකක් ලාබෙට අරගෙන නොමිලෙම දැන් Unlock කරගන්න පුලුවන්.Modem එකක් warranty clam කලා කියල නම් මම අහලා නෑ..ලෙසියෙන් කැඩෙන ගැජමැටික් එකක් නෙමෙයි ඕක.

  6. කණිෂ්ක පවසන්නේ:

    අර Airtel පැකේජ් එකේ පොඩි නිවරදි කිරීමක් කරන්න ඕන. Airtel to Airtel විනාඩි 200ක් free. තව Airtel to Airtel sms 1000ක් free. මේ ඔක්කොම මාසයක් පුරාවටම.
    මාත් එටිසලාට් එනකං ඉන්නෙ.. බලමුකෝ..

  7. Harsha පවසන්නේ:

    මචන්……එයාටෙල් 99 එක දවස් කීයක් වෑලිඩ් ද?

  8. Dayan Senavirathna පවසන්නේ:

    කොහොම උනත් හොදට හොයලා බලලා ගන්න නැතිනම් ඉතින් අල තමයි.
    මමත් හොයන්නෙ නැතුව හදිස්සියට SLT ADSL 512KBS ගත්තා. SLT ADSL 512KBS නම් අවුලක් නැතුව වැඩ. ඉතින් එක ගන්න කොට මම ගත්තෙ MODEM එකක් එ MODEM එක UBUNTU වලට INSTALL කරන්න බැ.
    මොනවා උනාත් හොදට හොයලා බලන්න.

  9. ධනික | Dhanika පවසන්නේ:

    මටත් ඔය උඹට තිබ්බ ප්‍රශ්නෙ එහෙම්මම තියෙනවා. ගෙදර ADSL unlimited එකක් තිබ්බට ඒක use කරන්නෙ සති අන්තෙ ගෙදර ආවම විතරයි. කැම්පස් එකේ නම් Wi-Fi තියෙන හින්දා ගොඩ. ඒත් බෝඩිමේ ඉන්නකොට තමයි ජාලෙ නැතුව පිස්සු හැදෙන්නෙ.

    බෝඩිමට Mobitel 3G signalsසුත් තියෙන හින්දා මං මේ බැලුවෙ අර Mobitel උපහාර package එකට දෙන Data SIM එක ගන්න කියලා. 1GB වලට මාසික ගාස්තුව රු.240යි. ඊට වැඩි වෙන 10MB වලට රු.2 ගානෙ. පාඩු නෑ වගේ. උඹ ඒක ගන්න එක ගැන එහෙම හිතුවෙ නැද්ද?

  10. ශාකුන්තල පවසන්නේ:

    ඔය එයාර්ටෙල් රුපියල් 99 කෙහෙම්මල නම් මළ වාතයක් බං. මෙගාබයිට් 400 නම් වටිනවා. ඒත් මළ වදේ තියෙන්නේ උන්ගේ කෙහෙම්මල් SMS VAS ඔක්කොටම අපිව subscribe කරන එක. මේ දවස් වල IPL updates එනවා හෝ ගාලා. Unsubscribe කරන්නත් බෑ.

    මේ නිසා මං පත් වෙලා ඉන්න අපහසුතාව ගැනත් බ්ලොග් ලිපියක් ළඟදිම ලියන්නයි ඉන්නේ. දැනට සැර අඩු ඒවයින් දෙකක් කියලා ඊමේලක් යැව්වා.


    From: info@shaakunthala.com
    To: 555@airtel.lk

    Asking for HELP from 7544 is really useless coz the reply does not contain any idea of how to deactivate. Great! The customer has to assume that. දිව්‍යඥාණය තියෙන්න ඕනේ කියවන එකාට.

    And, I suggest a short code to deactivate all the SMS services at once since I honestly do not have time to read text messages. So the one who don’t want to receive SMS can easily unsubscribe.

    I use the monthly youth pack to get the 400 MB offer, and it automatically subscribes me to unnecessary SMS services. Nuisance with nonsense. Anyway, it’s a good offer bundled with unnecessary stuff.

  11. Namal Danushka පවසන්නේ:

    මම අද හවස මගේ මොබිටෙල් E156G මොඩම් එක අන්ලොක් කරා අපිටනම් මොබිටෙල් ගැන කියන්න තියෙන්නේ…..********************** කුනුහරුප විතරයි..අඩුම ගනේ මුන් නිකමට අපිට sms ගන්නවත් පුලුවන් තත්වයකට tower එක පත් කරන්නේ නැනේ…..මම හෙට ඩයලොග් එකෙන් 1GB ඩෙටා පැකේජ් එකක් ගන්න හිතන් ඉන්නේ….මසෙට 700 පූජා කරට පඩු නැ කියලා හිතෙනවා…22KB එනවා EDGE වලදි…අපිට නම් 3G නැ…EDGE නම් කට පුරවලා තියෙනවා….

  12. Ansh Lucky Sri Jay පවසන්නේ:

    Airtel ගැනනම් කතා කරන්න එපා.. :(

  13. Malinda පවසන්නේ:

    මීට වඩා ලාභයි එයාටෙල් 99 දාන්නෙ නැතුව රු 25 ගානෙ 4 ක් දාන එක. මෙගාබයිට් ගාන එක උනාට කෙටිපණිඩිඩ ගාන වැඩී
    සමහරුන්ගෙනම් කෙටිපණිවිඩ හා ඇමතුම් ඕනෙ ජාලයකට නොමිලේ.

  14. gazzan පවසන්නේ:

    මගේ එකත් සවුත්තුයි
    Router-internet බල්බ් එක පත්තු වෙනව නිවෙනව.ඉස්සර නම් හොදයි.
    දැන්නම් අන්තිම සවුත්තුයි.වෙබ් පේජ් එකක් download වෙන්න ගොඩාක් වෙලා යනවා.
    අන්තිමට කතා කලාම,ඇවිල්ල හදල දෙන්නම් ලු,රු 500 අය කරනවලු.
    කොහොමත් මට internet වැදගත් නිසා එවන්න කිව්ව.
    අවිල්ල වයර් ටික මාරු කරල ගියා.
    ආපහු ලෙඩේ.එනව යනව.එනව යනව.සැරින් සැරේ කැඩෙනව.
    අම්බානට මල… හතර පාරක් කතා කරා.හරියන්නෙ නැ.ගිය මාසෙ හය පාරක් අවිත් හැදුව.
    අපරාදේ මගෙ සල්ලි.. රු 3500 වියදම් වුනා.තාමත් ලෙඩේ එහෙම්මයි.

    අන්තිමට කතා කරලා කිව්ව,
    මට මේක එපා.කැන්සල් කරන්න කියල.
    කැන්සල් කරන්න 6000 ගෙවන්නලු.
    කැනසල් කරන්නත් බැ.පාවිච්චි කරන්නත් බැ.

    Dialog හරි Airtell වලට හරි මාරු වෙන්නයි මම හිතාගෙන ඉන්නෙ

  15. Harsha පවසන්නේ:

    Machan how to activate Airtel prepaid?

  16. බඹරා පවසන්නේ:

    machan mama use karanne dialog prepaid broadband connection eka. eth eke credits iwaraunama wde iwarai.hora wadak ehema dhane nedhdha free internet log wenna???

  17. අචින්ත පවසන්නේ:

    Airtel වල නෙට්වර්ක් එක නිතරම බ්ලොක් වෙනවනෙ. Mobitel තමයි ගොඩක් හොදම කියල කියන්න පුලුවන් මොකද ගාන ගොඩක් අඩු නිසා

    • ඒක ඉතිං අර කලිනුත් කිව්වා වගේ ඉන්න තැන හා අවට භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව අනුව තමයි.

      ගෙදරදී මම ඉන්නේ Airtel ටවර් එක පේන දුරින් හා මේ අවට mobile broadband පරිශීලකයන් නැති තරම් නිසා මට ඉතා හොඳ සේවයක් ලැබෙනවා. නමුත් නුගේගොඩදි එහෙම HSDPA කියලා පෙන්නුවට ලැබෙන්නෙ WCDMA තරමේ වේගයක්.

  18. Bhagya රාජපක්ෂ පවසන්නේ:

    අයියේ …
    මට ඔයාට මේ සම්බන්ධව කියන්න දෙයක් තියනවා…
    රහස රකිනවා කියල මාම් බලාපොරොත්තු වෙනවා….
    මූනුපොතෙන් මෙසේජ් එකක් දාන්න….
    බායි !

  19. chamoda පවසන්නේ:

    meheta melo 3g signal ekak ne.. mama yanne gprs walin… ayyo wena kramarak attema nadda…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>