අපි අන්ධ භක්තියෙන් පුදන්නේ දෙවියන් විතරද?

On 2010 අප්‍රේල් 8, in කාලීන, සංගීතය, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

z_p25-promotingමේ බ්ලොග් අඩවිය පටන් ගෙන දෙවැනියට ලියපු ලිපියේ අන්තර්ගතයම තවත් විදියකට ඉදිරිපත් කරන්න මට හිතුනා. මේ පෝස්ට් එක ගීතයක් ගැනයි. මේ ගීතයේ මුඛ්‍ය අර්ථය වෙනුවට මේ දිනවලට ගැලපෙන වෙනත් අර්ථයක් වුනත් ආදේශ කරන්න පුලුවන් නේද කියලා හිතුනා මට.

මෙන්න ගීතය,

අහසෙ ඉන්නවලු, ගහේ ඉන්නවලු
කුටියෙ ඉන්නවලු, නොදැක වඳිනවලු
ගින්නෙ නටනවලු, බෙර පදට නටනවලු,
නටල වඳිනවලු, පව් ! පිහිට පතනවලු

ඩෙන්න ඩෙනා ඩෙනෝ. . නා ඩෙන ඩෙන ඩෙනෝ. . .

පෙරලි පෙරලි වඳින තාලෙ දුක හිතෙනව මට
බණ දහමක් වත් නෑ මම දෙසුවේ කිසි දින
හේනක් කුඹුරක් වත් නෑ වගා කළේ මම
අනේ එපා මට ලැජ්ජයි නටල වඳිනකොට

මෝල්ගහේ දලු එනතුරු, කලු කපුටා සුදු වන තුරු
යදින යැදිලි වඳින වැඳිලි ගල් හදවත් උණුවෙනතුරු
පොතක් පතක් ලීවෙත් නෑ ගහක් කොලක් හැදුවෙත් නෑ
අසවල් හොඳ කරලත් නෑ අනේ අනිච්චං !

ලයනල් රංවල, සමන් සිල්වා සහ පිරිස – අහසෙ ඉන්නවලු

ගීතය ගැන කිව්වොත් මේක නැසීගිය ජනසංගීතවේදී ලයනල් රංවලයන්ගේ නිර්මාණයක්. එතුමාගෙ මුල්ම ඇල්බමය ‘අහසෙ ඉන්නවලු’ යනුවෙන් නම් කර තියෙන්නෙත් මේ ගීතය නිසයි. මේ ගීතයේ මම දැකපු වැදගත්ම දේ තමයි ‘තුට්ටු දෙකේ’ බයිලා ගායකයෙකු ලෙස වැඩි දෙනෙක් හිතන සමන් සිල්වා ගායනයට යොදාගැනීම. මගේ අදහස නම් ඔහුගේ හඬ මේ ගීතයට සාධාරණය ඉටු කර තියෙනවා.

අර්ථය ගැන කථා කලොත් ඉතින් නිරර්ථකව දෙවියන් වැඳීම අද සමාජයේ කොයි තරම් බහුලව තියෙනවාද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ.පන්සලක පවා ලොකු තැනක් ලැබිලා තියෙන්නේ දේවාලෙට. ඒ විතරක් නෙමෙයි, බෞද්ධයන්ගෙ පූජනීය ස්ථානයක් වන ශ්‍රී පාදස්ථානය ප්‍රදේශයේ වැඩිපුර කියවෙන්නේ බුදු හාමුදුරුවන්ගේ නම ද? නෑ.. සමන් දෙවියන්ගේ නම! මේ ගීතයෙදි දෙවියන් විසින්ම තමන්ට අන්ධව වැඳුම් පිදුම් කරන මිනිසුන්ව හාස්‍යයට ලක් කිරීම තවත් කරුණක්. ‘ගම අවුලඤ්ඤං’ ප්‍රසංගය බලපු අයට මතක ඇති මේ ගීතට කොයි තරම් අපූරු රංගනයක් ඔවුන් ඉදිරිපත් කලාද කියලා.

අනිත් අතට ගත්තොත් අපි දේශපාලකයන් වෙනුවෙනුත් කරන්නේ මේ ආකාරයේම අන්ධ වැඳුම් පිදුම් කිරීමක් නේද? ඔවුන් අපිට කරපු සේවයක් ගැන අපි හරියටම දන්නෙත් නැති උනත්, මැතිවරණ කාලෙට ටීවී එකේ කියන, දැන්වීම් වල පෙන්නන දේවල් වලට රැවටිලා අපි ඡන්දෙ දෙනවා. මේ ඡන්දෙදි අපේ දෙපාමුල පෙරලිලා මනාප ඉල්ලන්න තරම් සූදානම් බවක් පෙන්නන අපේක්ෂකයා ආයෙ දකින්න ලැබෙන්නේ ඊලඟ මැතිවරණෙදි. අවසානෙදි ඔවුන් අපිට කරපු හොඳකුත් නෑ, අපිත් රටත් හිටපු තැනමයි. දියුණු වුනේ ඔවුන් විතරයි. ඒත් අපි ආයෙ ආයෙත් ඡන්දෙ දෙනවා. ඔවුන්ගෙන් පිහිට පතනවා, ලැබෙන පිහිටක් නැති උනත්. මේකත් දෙවියන් කෙරෙහි තියෙන අන්ධ භක්තියට සමානකමක් දක්වන්නෙ නැද්ද?

නමුත්, මේ ගීතයේ එන දෙවියන්ට වගේ, මිනිසුන් තමන්ට අයත් නැති ගෞරවයක් දෙන බව දේශපාලකයින් තේරුම් නොගැනීම තමයි තියෙන එකම වෙනස. මොකද වැඩි දෙනෙක් හිතන්නේ ඔවුන්ට වන්දනාමාන කිරීම හුදී ජනයාගෙ වගකීම කියලා.

දන්න තරමින් මේ ගීතය ලිව්වෙත්, රංවලයන්ගේ ගීත වැඩි කොටසක් ලියපු, සිසිර දිසානායක කියන ගීත රචකයායි.

Tagged with:  

11 Responses to අපි අන්ධ භක්තියෙන් පුදන්නේ දෙවියන් විතරද?

  1. Shirhan Ousmand පවසන්නේ:

    ඇත්ත! එගැන කියල වැඩක් නෑ. අන්ධ භක්තිය නිසා ගොඩක් මිනිස්සු ගහ මරා ගන්නවත් එක්ක. ඔලුවෙන් හරියට හිතන්නෙ නැතුව හදවත පාවිච්චි කලාම වෙන දෙ ඔක තමා….

  2. කණිෂ්ක පවසන්නේ:

    අපොයි. ඕකුන් මතක් කරන්න එපා. ෂෙක්.. එපා වෙලා ඉන්නෙ.

  3. බුධාජීව පවසන්නේ:

    වැඩක් නෑ. හැම ඡන්දෙකින්ම වෙන්නෙ ජනතාව පරදින එක!

  4. Taboo Subjects පවසන්නේ:

    අන්ධ භක්තිය දේව වන්දනාවට සේම බුද්ධ වන්දනාවටද අදාළය.

    නැති බුදු කෙනෙකුන් වන්දනා කිරීමට වඩා “ඇතැයි හිතන” දෙවියන් වන්දනාව තර්කානුකූලය.

    තව එකක්. සුමන සමන් යනු ‘දෙවි’ කෙනකු නොව සමන්තභද්‍ර නම් බෝධිසත්තයින්ගේ නිරූපනයකි. මෙසේම නාථ යනු අවලෝකිතේශ්වර බෝධිසත්තයින් නිරූපනයක් වේ. බෝධිසත්ත වන්දනාව ථෙරවාදී බෞද්ධයින් අතර ප්‍රචලිත නුවූවත් අකැප නැත.

    මා ගැන කිව්වොත් මම දෙවියන් වෙනුවට “දෙවියන්ගේ මල්ලි” අදහන්නෙක්මි.

    - Taboo

    • සමන් දෙවියන් ගැන ඔබ කියන කතාව ඇත්ත. නමුත් මං හිතන්නෙ නෑ සැදැහැවත් බෞද්ධ ජනතාව සමන් දෙවියන් පුදන්නේ බෝධිසත්ව අර්ථයෙන් කියලා.

      • Taboo Subjects පවසන්නේ:

        මා ‘සැදැහැවත් බෞද්ධයකු’ නොවන නිසා මෙයට පිළිතුරු දෙන්න පුළුවන් කමක් නෑ. ඒත් ඒක ඇත්තක් විය හැකියි. මන්ද ‘සැදැහවත් බෞද්ධයින්’ වන්දනාමාන කරන කතරගම ‘දෙවියන්’ හෙවත් ස්කන්ධ හෙවත් මුරුගන් ගේ ප්‍රභවය හොයාගෙන ගියොත් අපට හමු වන්නේ එක් යුගයකදී භාරතය ආක්‍රමණය කළ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා නිසා.

        - Taboo

        • Akila DJ පවසන්නේ:

          කතරගම දෙයියො ඇලෙක්සැන්ඩර් නම් එතකොට ගණ දෙයියො කවුද?
          දෙන්නගෙ සම්බන්ධය මොකක්ද?

  5. h පවසන්නේ:

    මේකෙ කියන දේ හැමෝටම පැහැදිලි නිසා මම ආයෙ ඒක ගැන නොකියා ඉන්නම්. ඕනම දෙයක් ගැන ඕනවට වඩා භක්තිමත් වෙනව කියන්නෙම අන්ධ වීමක්.
    රන්වල හරියට කොහා වගේ මනුස්සයෙක්. මොකද එෆ් එම් වලින් අවුරුදු ළඟයි කියල කියන්න රන්වල මහතාගෙ සින්දු කීපයක් නිසයි. වෙන කාල වලට එතුමගෙ සින්දුවක් ඇහෙන්නෙම නැති තරම්. මෙතුමගෙ සින්දුවක් ගැන මෙහෙම හරි ලියපු එකට තුති.

  6. Dasun Sameera Weerasinghe පවසන්නේ:

    “රන්වල හරියට කොහා වගේ මනුස්සයෙක්.”

    ROTF

  7. Dinuka පවසන්නේ:

    මටත් මේ සිංදුවෙ මොකක් හරි කියන්න යන්නෙ කියල තේරැනා. පුදුමේ කියන්නෙ මට එහෙම හිතුන දවසෙම මේ blog post එකත් අහම්බෙන් දැක්ක.

  8. Wickramasinghe පවසන්නේ:

    පෙරලි පෙරලි වඳින තාලෙ දුක හිතෙනව මට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>