තැන-නොතැන

On 2010 අප්‍රේල් 2, in අන්තර්ජාලය, ඇසි-දිසි, කාලීන, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

behaveඅන්තර්ජාල community කීපයක්ම කාලයක් තිස්සේ නිරීක්ෂණය කරලා මට තේරුම් ගිය දෙයක් තමයි ඇතැම් ලාංකිකයන්ට යම් දෙයක් කරන්න සුදුසු තැන මොකක්ද, නුසුදුසු තැන මොකක්ද කියලා තේරෙන්නෙ නෑ. මට අද ලියන්න හිතුනා ඒ ගැන.

අප බොහෝදෙනෙක් දැන් Google Group පාවිච්චි කරනවා. උදාහරණයක් විදියට මේ ලිපිය දැන් කියවන අය අඩුමගනනේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය, Techකතා හෝ සිංහල යුනිකෝඩ් සමූහය කියන ප්‍රධානපෙලේ ලාංකික ගූග්ල් සමූහ තුනෙන් එකකවත් සාමාජිකයෙක් වෙන්නට ඇති. Google Group එකක් ඇතිකෙරෙන්නේ යම්කිසි මාතෘකාවකට අදාල දේවල් කතා කෙරන්නයි. මේ මාතෘකා මොනවාද යන්න සමූහයේ සටහන් කර තියෙනවා. නමුත් සමහර අය ඉන්නවා ඒ පිලිබඳව කිසිදු තැකීමක් නැතිව තමන්ට හිතෙන හිතෙන දේවල් සමූහයට පෝස්ට් කරනවා. ඒ විතරක් නෙමෙයි ගොඩක් සමූහ වල හැසිරෙන්න ඕනේ විදිය ගැන සඳහන් වෙච්ච Code of Ethics එකක් තියෙනවා. මෙහෙම දෙයක් පවත්වාගෙන යන්නේ සමූහ තුල විවිධ වයස්කාණ්ඩ වල සහ විවිධ තරාතිරම් වල අය සිටීම නිසා ඒ සැමදෙනාටම ගෞරවයක් වන පරිදි, හැසිරීම පාලනය කරන්නයි. නමුත් අමු අමුවේ මේ Code of Ethics එක ගණං නොගෙන කුණුහරුප කියන අය පවා ගූග්ල් ගෲප් වල අපි දකිනවා.




Share




සිංහල යුනිකෝඩ් සමූහය මුලින් ආරම්භ වී තියෙන්නේ සිංහල යුනිකේතයේ ගැටලු සාකච්ඡා කිරීම මගින් එහි ප්‍රවර්ධනයට රුකුලක් ලබාදීමටයි. නමුත් එහි සාමාජිකයන් දන්නවා කොයිතරම් මාතෘකාවට අදාල නොවන දේවල් ඒ සමූහයට පෝස්ට් වෙනවාද කියලා. විශේෂයෙන් මේ ඡන්ද කාලේ දේශපාලන මඩ. මේවා සමූහයේ මාතෘකාවට අදාල නැති බව අනිත් සාමාජිකයන් පෙන්වා දුන් විට අර අය ගෙනෙන තර්ක තමයි ‘යුනිකෝඩ් වලට කලින් රට ගැන හිතන්න ඕනේ’ වගේ පුහු තර්ක. සිංහල යුනිකෝඩ් සමූහයට මෙවන් අදාල නැති දේ පෝස්ට් කරන වැඩි දෙනෙක් ලාබාල අය නොවන බවත්, වැඩිමහල් අය බවත් දකින්න ලැබීම විශේෂයි.

ඒ වගේම සිංහල යුනිකෝඩ් වලට කිසිසේත්ම අදාල නැති වෙනත් තාක්ෂණික ප්‍රශ්නත් ඒ සමූහය යොමු වෙනවා දකින්න පුලුවන්. සමහර අය එකම ලිපිය සමූහ කීපයකට එකවර එවනවා. අදාල සමූහ කීපයකට එකවර එවීම ගැටලුවක් නොවුනත්, අදාල නොවන ඒවාටත් එවීම මෙහිදී ගැටලුවක් වෙනවා. මම දන්න මල්ලි කෙනෙක් ඉන්නවා තාක්ෂණික ගැටලුවක් Techකතා වෙත ඉදිරිපත් කරද්දීම ඒක සිංහල යුනිකෝඩ් සමූහයටත් එවන!

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය හැදී තිබුනේ සිංහල බ්ලොග්කරණය ගැන ගැටලු සාකච්ඡා කිරීමට. නමුත් ඉස්සර මේකට විශාල ප්‍රමාණයක් බ්ලොග්කරණයට අදාල නැති වෙනත් තාක්ෂණික ප්‍රශ්න ඉදිරිපත් උනා. පසුකාලීනව Techකතා සමූහය සෑදීමත් සමගම තාක්ෂණික ගැටලු සාකච්ඡා කරන්න තැනක් ලැබීම නිසා සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය වෙත එවැනි ප්‍රශ්න ඉදිරිපත් වීම ඉතාමත් අඩුවුනා. අදවන විටත් දිනකට සමූහයට අදාල නොවන මේල් අඩුමගණනේ 5ක් වත් ලැබෙනවා. සමහර ලිපි අර හැමෝටම ෆෝවර්ඩ් කරන ඒවා, ඒ අතරේ සමූහයටත් ෆෝවර්ඩ් කරලා.  සමහර ඒවා නම් දැන දැනත් එවන අදාල නැති ඒවා.

Techකතා ගූග්ල් සමූහයේ  මම දැක්ක ලඟදි දැක්ක දෙයක් තමයි ඇතැම් අය වෙලඳ දැන්වීම දාන්න පටන් අරගෙන. තමන් ලඟ තියෙන පාව්ච්චි කල මොඩමය ආදිය විකිණීමට ඇත කියලා සමූහයට මේල් එවනවා. විශාල පිරිසක් සම්බන්ධ වී සිටින සමූහයක් නිසා ඔවුන්ට එය වාසි සහගත වනවාට සැකයක් නැහැ. නමුත් මෙවැනි දේවල් එවැනි සමූහයකට එවීම කොතරම් සුදුසුදැයි ඔවුන් කල්පනා නොකිරීම කණගාටුවට කරුණක්. නීතිවිරෝධි විදියට Software භාවිතා කිරීමට, ඒ කියන්නේ crack කිරීම ආදිය සඳහා ප්‍රතිපත්තියක් ලෙස Techකතා හි සහයක් නොදෙන බව පැහැදිලිව සඳහන් කර තිබියදීත් crack කිරීම ගැන එහි කතා කරන ලෙස කෑගැසීම අයත්වන්නෙත් මේ වර්ගයටම තමයි.

Techකතා සජීවීව විකාශය වන අතරතුර තියෙන Live Chat එකත් මෙවැනිම තැනක්. ඒ චැට් එක හදලා තියෙන්නේ සජීවී වැඩසටහනේ සාකච්ඡා කෙරෙන දේවල් වලට ඒ වෙලාවේම පාඨක ප්‍රතිචාර ලබාගැනීම සඳහායි. නමුත් සමහරු එහි එන්නේ වෙලඳ දැන්වීම දැමීමට සහ වෙනත් වෙබ් අඩවි වල ලින්ක් පෝස්ට් කිරීමට. ඔය අතරේ කුණුහරුප කියන අයත් දවසකට දෙන්නෙක් තුන්දෙනෙක් නැතුව නෙමෙයි.

මේ උදාහරණ අන්තර්ජාලයෙන් පමණයි. ලාංකිකයන් තැන නොතැන බලා වැඩ කරන ආකාරයට හොඳ උදාහරණ බාහිර සමාජයෙනුත් දැකගත හැකියි. ඇතැම් අය අන්තර්ජාලය තුල අන්වර්ථ නාම වලින් හැසිරෙන නිසා, තමන්ව අඳුනාගැනීම ගැන බියක්වත්, ලැජ්ජාවක්වත් නැති නිසා තමන් කරන දේ වැරදි බව දැන දැනත් හිතේ හැටියට පිස්සු නටනවා. චැට් රූම් වලදි බොහෝ විට සිදුවෙන්නේ මෙයයි. සමහර අයට අන්තර්ජාලයේ තියෙන අසීමිත නිදහස නිසා එයත් බාහිර සමාජය වගේම ආචාරධර්ම තියෙන තැනක් විදියට පේන්නෙ නෑ. ඒ නිසා ඒ ගැන තැකීමක් නෑ.

ඔබ ඔබේ පාරේ සිටින අසල්වැසියන්ගේ තාප්ප වල කුණුහරුප ලියනවානම්, නිතර දෙවේලේ ඔවුන්ට කරදරයක් වන ලෙස හැසිරෙනවානම් ඔබ කරන්නේ වරදක් බව ඔබටම වැටහෙනු ඇතැයි අමුතුවෙන් කිවයුතු නැහැ. මොකද ඒ සමාජයේ පිලිගත් ආචාරධර්ම පද්ධතියක් තියෙනවා වගේම එය කඩ කරන අයට දඬුවම් දෙන ක්‍රමවේදයකුත් තියෙනවා. අන්තර්ජාලයත් මේ සැබෑලෝකය ලෙසම සම කර කල්පනා කරන්න පුලුවන් නම්, ඒ තුලත් යම් ‘අලිඛිත’ ආචාරධර්ම පද්ධතියක් ඇති බවත් මතක තියාගත්තොත් වඩාත් හොඳ වෙයි. ඒ තුල දඬුවම් දෙන්න කෙනෙක් නැති වීමේ වාසිය අරගෙන යකා නැටීම එච්චර හොඳෙ දෙයක් නෙමෙයි.

Tagged with:  

12 Responses to තැන-නොතැන

  1. බුධාජීව පවසන්නේ:

    තමන්ගේ අඥාන ක්‍රියා නිසා සමූහයේ සැබෑ අරමුණ වෙනුවෙන් සම්බන්‍ධ වී සිටින සාමාජිකයන් අපහසුතාවයට පත් වන බව හෝ සමූහයේ සැබෑ අරමුණු සඳහා තිබෙන අවධානයට හානි වන බව හෝ මෙකී පුද්ගලයන් සලකන්නේ නැහැ.

    මෙවන් අවස්ථාවල සමූහයේ පරිපාලකවරුන්ට කිරීමට ඇත්තේ අදාළ ත්‍රෙඩයේම ඔහුට අවවාද කිරීම හා, එය නො අසනවානම්, කෙළින්ම සමූහයෙන් එම පුද්ගලයා ඉවත් කර දැමීමයි.

  2. ශාකුන්තල පවසන්නේ:

    ඒ තුල දඬුවම් දෙන්න කෙනෙක් නැති වීමේ වාසිය අරගෙන යකා නැටීම එච්චර හොඳෙ දෙයක් නෙමෙයි.

    දිය හැකි හොඳම දඬුවම තමයි ගණන් නොගෙන ඉඳීම. ඕනෙ නැති ලෙඩ දාගෙන ආවොත් ඊට ප්‍රතිචාර නොදක්වා ඉඳීමයි කළ යුත්තේ. සමූහයේ පරිපාලනයේ තීරණය මත පයින් ගහලා එළියට දාන්නත් පුළුවන්. :)

  3. තිලිණ පවසන්නේ:

    වඳුරට දැලිපිහිය හම්බුනා වගේ, වෙනුවට වෙන එකක් හදන්න වෙනව මේ වගේ කට්ටියට

  4. තරිඳු පවසන්නේ:

    //‘යුනිකෝඩ් වලට කලින් රට ගැන හිතන්න ඕනේ’ //

    ඒකත් හොඳ තර්කයක් තමා. හැබැයි ඉතින් මම හිතන්නෙ ඔච්චර රට ගැන කැක්කුමක් තිබ්බනම් ගිහින් හමුදාවට බැඳෙන්න තිබ්බනෙ.

  5. Kulendra පවසන්නේ:

    Machan, users la wa ban karanna berida? Kaalekata kalin mama student group ekaka weda kala (ne anthare nemei :) ) ekedith api pawichchi karapu mailing list eke (e kale use kale yahoogroups) oya prashna enna gaththa, api kale daapu ekata mail ekak daala eelanga paara daapu gaman account eka ban karala daana eka.

  6. අරුණ වීරසිංහ පවසන්නේ:

    ඔය කිසි කරදරයක් නෑනේ මං වගේ කිසිම ගූගල් ගෲප් එකකට බැඳිල නැත්තං :D :D

    “නීතිවිරෝධි විදියට Software භාවිතා කිරීමට, ඒ කියන්නේ crack කිරීම ආදිය සඳහා ප්‍රතිපත්තියක් ලෙස Techකතා හි සහයක් නොදෙන බව…..”

    දිවයිනේ දීප ව්‍යාප්ත ප්‍රසිද්ධ සමාගමක් තම ශිෂ්‍යන්ට ග්‍රැෆික් ඇන්ඩ් ඇනිමේෂන් උගන්නන්නේ සොෆ්ට්වෙයා crack කරල.. මුන්ට සල්ලි නැතුව නෙවෙයි.. අනේ මංද මේ අංශයෙන් නම් ලංකාව හැදෙන පාටක් නෑ..

  7. änthräX පවසන්නේ:

    මෙහෙම එකක් තියනවනෙ… කොහෙ හරි තැනකට ගිහිල්ලා එතන නීති රීති අනුගමනය කරන සාමාන්‍ය ගනයට වැටුනම හරි නෑ නෙ. :P

    චැට් රූම් එකේ එහෙම දෙපාරක් විතර kick කරලා අහන්නැත්තම් ip එක බැන් කලොත් මොකද? group වල එහෙම දග කරන අයව ‘අධීක්ශණය’ යටතේ තියාගන්න පුලුවන් නේද?

  8. මේ වගේ තැන් මට අනන්තවත් අහුවෙලා තියෙනවා. ගොඩක් හොද ලිපියක්. හැබැයි මේ වගේ වැඩ කරන අන්තර්ජාල කාක්කෝ මේ ලිපිය කියවලාවත් හැදෙයිද කියන එක ගැන නම් මට සැකයක් තියෙනවා.

  9. @ශාකුන්තල: මාත් හිතන්නේ මේ වගේ වෙලාවකදී කළ යුතු හොදම දේ තමා ඕක. අපි උන්ව ගනන් ගත්තේ නැතොත් උන් යන්න යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>