සින්ඩියේ තියෙන ලිපි බලනකොට මම ගොඩක් නිරීක්ෂණය කරපු දෙයක් තමයි සමහරු සිංහල ටයිප් කිරීමේදී ගොඩක් අක්ෂර දෝෂ කරනවා. ව්‍යාකරණ දෝෂ නෙමෙයි, ඒ ගැන කියන්න මම දන්නෙත් නෑ, මම දන්න ව්‍යාකරණයක් නැති නිසා. මේ නිසා මට හිතුනා ඔය නිතර වරද්දන සමහර අකුරු ගහන විදිය පොඩ්ඩක් කිව්වොත් හොඳයි කියලා, විජේසේකර යතුරු පුවරුවෙන් වගේම සිංග්ලිෂ් කන්වර්ටරෙනුත්.

මුලින්ම කියන්නම් මමත් පාවිච්චි කරන විජේසේකර යතුරු පුවරුවෙන් ගහන විදිය. ඊට පස්සෙ කියන්නම් සිංග්ලිෂ් එකෙන් ගහන විදිය. විජේසේකර එකෙන් ගහන විදිය ලියද්දී A – B කියලා ලියල තියෙන්නේ මුලින් කීබෝඩ් එකේ A අකුර ඇති කී එක ගහලා පසුව B අකුර ඇති කී එක ගහන්න කියන එකයි. Shift, Alt යතුරු සමග එබිය යුතු අවස්ථාවල Shift+a ආදී ලෙස ලියා ඇති.





Share




රැ – රු දෙක ගොඩක් දෙනා වරද්දනවා. ‘රැකියාව’ කියන වචනෙදි එන්නේ රැ අකුරනේ. ඒක ගහන්නේ  R  -  E. ‘රුව’ කියන වචනෙදි එන අකුර තමයි ‘රු’ ඒක ගහන්නේ R – Q. ‘රෑ තාරකාව’ වචනයෙදි එන ‘රෑ’ ගහන්නේ R – Shift+E. ‘රූපය’ වචනෙදී එන ‘රූ’ අකුර ගහන්නේ R – Shift+Q ලෙස.

බිංදුව අකුර වෙනුවට ගොඩක් දෙනා 0 ඉලක්කම ගහනවා මම දැකලා තියෙනවා. මෙහෙම කරන්න අවශ්‍ය නෑ විතරක් නෙමෙයි ඒක වැරදියි. බිංදුව තියෙනවා X යතුරේ. මතකද ඉස්සර බිංදුව ලිව්වා මේ විදියට? ‘ලඞකාව’ ? ඒ බිංදුව ගහන්න ඕනෙ නම් Shift+X ඔබන්න.

‘පුඃ’ කියලා කියනවා නේද අපි සමහර වෙලාවට :D ඒකෙදී යෙදෙන බිංදු දෙක ගහන්නේ Alt Gr + X එබීමෙන්. මේ Alt Gr කියන්නේ යතුරු පුවරුවේ දකුණුපස ඇති Alt යතුර. මතක තබාගන්න ඕනේ මේක වම් Alt යතුර සමග හරියන්නේ නැති බව.

‘ඖෂධ’ වචනෙදී ඔ අකුරට දාලා තියෙන පිල්ල තියෙන්නේ Shift+A වල. ඒ කියන්නේ ‘ඖ’ කියලා ටයිප් කරන්න නම් Shift+T – Shift+A ගහන්න ඕනේ. ඒ වගේම ‘ව්‍යාකරණ’ කියන වචනයෙ තියෙන යංසය ගහන්නේ Shift+H මගින්. ‘ව්‍ය’ ලියන්න නම් J – Shift+H එබිය යුතුයි.

‘ප්‍රවීන්’ කියලා ලියනකොට ප අකුරට රකාරංශය යොදනවනේ. මේක ගහන්නේ කීබෝඩ් එකේ Esc යතුරට යටින් තියෙන `/~ සංකේත අඩංගු යතුරෙන්. ‘ප්‍ර’ ගහන්න නම් M – ` එබුවනම් හරි.

‘ඍතුව’ කියන වචනය දන්නවා නේද? නැත්තම් ‘ඍෂිවරයා’? බැලූබැලුමට පේන්නේ මේ අකුර වගේ නේද? නමුත් මේ ස නෙමෙයි. මේ අකුර ගන්න පුලුවන් Shift+R යෙදීමෙන්.

‘කොණ්ඩඤ්ඤ’ කියලා ලියද්ද එන ‘ඤ’ අකුර තියෙන්නෙ [ යතුරේ. ‘ප්‍රඥාව’ කියලා ලියන්න ඕනෙවෙන ‘ඥ’ අකුර ගන්න නම් Shift+[ ඔබන්න. ඒ වගේම ‘කඳ’ කියලා ලියන්න ඕනෙවෙන ‘ඳ’ අකුර ගන්න පුලුවන් Alt Gr+O එබීමෙන්. ‘ගඟ’ ලියන්න ‘ඟ’ ගන්න පුලුවන් Alt Gr+> යතුරෙන්. ‘හඬ’ සඳහා ‘ඬ’ ගන්න Alt Gr+V මගින්.

දෙයක් පිලිස්සුවාම ලැබෙන ජාතිය ‘අලු’ කියලත් ලියන්න පුලුවන්, නැත්තම් ‘අළු’ කියලත් පුලුවන්. මෙන්න මේ දෙවැනි ළු අකුර ලියන්න නම් ‘ළ’ අකුරට පාපිල්ල යොදන්න ඕනේ. ඒ කියන්නේ Shift+< – Q ආකාරයට.

‘අඹ’ කියලා ලියන්න අවශ්‍ය වෙන අකුර ගන්න නම් Shift+U ඔබන්න කියලා කියන්න ඕනෙද? :)

ඔය මම දැන් උදාහරණ වලට ගත්ත අකුරු/වචන සිංග්ලිෂ් වලින් ගහන විදියයි මේ කියන්නේ. මේවා මම අත්හදා බැලුවේ UCSC Transliterated Singlish Converter එක. මම දන්න තරමින් ඉසුරුගේ qsFox ඇඩොනයේ භාවිත වෙන්නෙත් මේ scheme එකමයි.

රැ – rA
රෑ – rae
රු – ru
රූ – ruu
කං – ka\n
පුඃ – pu\h
ලඞ – la\N
ඖ – au
කෞ – kau
ව්‍ය – vYa
ප්‍ර – pra
ඍ – \R
ඹ – Ba
ඤ – KNa
ඥ – GNa
ඳ – nndha
ඟ – nnga
ඬ – nnda
ළු – Lu

මම හිතනවා මේ ටික කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියලා.

Tagged with:  

149 Responses to සිංහල ටයිප් කිරීමේදී බොහෝ දෙනා අතින් සිදුවන වැරදි

  1. anthr6x පවසන්නේ:

    “මම හිතනවා මේ ටික කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියලා” හපොයි ඔව්. බොහොම ඉස්තූතී..

  2. බුධාජීව පවසන්නේ:

    මේ වගේ ලිපියක් ලියපු එක ගොඩක් ලොකු දෙයක්.

    මොකද ව්‍යාකරණ වැරදි නොසලකලා කියවන්නාට යමක් තේරුම් ගන්න පුළුවන්. නමුත් අකුරු වැරදීම් වලින් ඉතාම පටලැවිලි ඇති වෙනවා. අන්තිමට ඒ ලියමන කියවන්නත් එපා වෙනවා.

    මෙතනට එකතු විය යුතුද නැද්ද කියලා හරියට හිතාගන්න අමාරුයි. සමහරු “බස් එක” “බෑග් එක” වගේ ලියනකොට “බස්1″ “බෑග්1″ කියලා එකේ ඉලක්කම ලිවීම අසීමිත අකුරු සංඛ්‍යාවක් ලියන්න පුළුවන් බ්ලොග් වගේ තැන්වලත් කරනවා. ඒ පුරුද්දත් අත්හරිනවානම් කියවන්නාට පහසු වෙයි කියලා මම හිතනවා.

    • ඔවු ඇත්තටම අකුරු වරද්දලා ලිව්වාම නං කියවන්න අපහසුවක් දැනෙනවා තමයි. ඒ විතරක් නෙමෙයි, නණලළ භේදය අවශ්‍ය නෑ කියලා කිව්වත්, ඒක නොසලකා ලියපු එකක් කියවද්දිත් නිකං අමුතුයි වගේ. සමහර විට ඒ අපි නණලළ භේදයට පුරුදු වෙලා නිසා වෙන්න ඇති.

      දෙවැනි කරුණත් ඇත්ත. මේ ආභාෂය නම් ලැබෙන්නෙ SMS වලින් වෙන්න ඇති. බ්ලොග් ලිපියක් වගේ දීර්ඝව ලියන තැනක එහෙම ලිව්වාම කැතයි තමයි.

  3. චමිදේවා පවසන්නේ:

    යකෝ ප්‍රයෝජනවත්නෙන්නම්…..

  4. අයියා ඇත්තටම මේක ගොඩක් වැදගත් ලිපියක් මමත් ඒකාලේ මේ වගේමයි මගේ පළමු ලිපිය ලිව්ව දවසේ රු අකුර ලිව්වේ රෑ කියලා එවෙලෙදී ඒ වැරැද්ද මට කියලා දුන්නේ බුධාජීව අයියා. තව මේ වගේ සුළු සුළු අක්ෂර දෝෂ වෙන අයට මේ ලිපිය ගොඩක් වැදගත්. අයියා ගොඩක් ස්තූතියි මේ ලිපිය දැම්මාට :)

  5. අනූ පවසන්නේ:

    වටින ලිපියක්. මාත් කලින් ඔය රැ රු ප්‍රශ්නෙයි බිංදු ප්‍රශ්නෙයි ගැන පෝස්ට් එකක් ලිව්වා.
    මචං Shift+X එකයි Alt+X එකයි මාරු වෙන්න ඕනි නේද? ළු යන්න ඕනි නං Shift + J වලිනුත් ලියන්න පුළුවන්.

  6. LishWish පවසන්නේ:

    ඔය කට්ට මම යුනිකෝඩ් වලට පුරුදු වෙන කාලේ කාලා තියෙනවා.
    ඇත්තම කියනවා නම් එස්. එම්.එස් වලින් පැහැදිලි පාඩුවක් අපේ සමාජයට කරලා තියෙන බව තේරෙන්නේ අපි වචන කොටස් ටයිප් කරන බව තේරෙනකොටයි.
    ව්‍යාකරණ ලියමනකට අවෂ්‍යයි. එහෙම උනාම තමා ලිපියේ නියම රස විඳින්න පුලුවන් කම ලැබෙන්නේ.

    ස්තූතියි මේවගේ දැනුවත් කිරීම කරනවට..!
    ජයෙන් ජය ම පතනවා..!!!!

  7. mangalika jayaweera පවසන්නේ:

    ප්‍රයෝජනවත් ෙම් වචනවල වැරදි හදාගන්ෙන කොහොමද?

  8. බුද්ධි පවසන්නේ:

    :) මටනං ගොඩක් ම ප්‍රයෝජනවත් ලිපියක්.

  9. ගයාන් තාරක පවසන්නේ:

    මේක ලියපු එකනම් ලොකු දෙයක්. මටත් කියවද්දි භාෂාව හරියට හසුරවපු නැති ඒව හම්බෙලා තියෙනවා. ඉතිං පද ගලපද්දී ගොඩක් වෙලාව ගතවෙනවා. දැන් වත් කට්ටිය හරියට ලියයි කියල හිතනවා

  10. ශාකුන්තල පවසන්නේ:

    මම කලින් විජේසේකර යතුරුපුවරුව අනුව ක්‍රියාත්මක ඇස්කි සිංහල ෆොන්ට පාවිච්චි කරල තියෙනවා.

    සමහර අය අතින් පහුගිය කාලේ සිද්ධ වුණු, ඒත් දැන් වැඩිපුර දක්නට නොලැබෙන වැරදි ටිකක් මේ:
    තු -> ත=
    ත්‍ර -> ත%

    මේ වැරදිත්, විජේසේකර යතුරුපුවරුව ගැන ඉන්දරේ සඳහන් කළ වැරදිත් පුරුද්දක් වශයෙන් ඇති කරගෙන තියෙන්නේ පැරණි ඇස්කි ෆොන්ට පාවිච්චි කරලා පුරුදු ඇති, මෑතකදී යුනිකෝඩ් වල රහ බලන්න ආපු අයයි. මේ ලියමන ඒ අයට ලොකු උදව්වක් වෙයි.

    වැදගත් ලියමනක්! :)

    • ශාකුන්තල මේ කියන දේට මමත් අමතර දෙයක් එකතු කරන්නම්.

      ඕනෙම දෙයක් කල් යනකොට දියුණු වෙනවනේ. ඒ වගේම විජේසේකර යතුරු පුවරුවත් එහෙම වෙනස් වුනා. අප දැන් යුනිකෝඩ් සඳහා භාවිතා කරන්නේ 2004 දී නිකුත් වූ Revised Wijesekera Layout එක. නමුත් FM-Abhaya, DL-Manel වැනි ඇස්කි ෆොන්ට සඳහා භාවිත වෙන්නේ පැරණි ලේඅවුට් එක. මේ දෙකේ සෑහෙන්න වෙනස්කම් තියෙනවා.

  11. Jeewan kacha පවසන්නේ:

    Thanks. this is very useful

  12. ~බිன்ku~ පවසන්නේ:

    පුඃ :P
    අගේ ඇති වැඩක් මචං! විජේ අයියගේ “අපි නො දන්න කෑලි” දැන ගත්තා. ;)

  13. දයියා පවසන්නේ:

    ප්‍රයෝජනවත් වේවි නෙමෙයි ප්‍රයෝජනවත්.
    සුභ දවසක්

  14. යෝගී පවසන්නේ:

    “රු” යන්න ලියාගන්න බැරුව පුදුම දුකක් නේ වින්දේ. බොහොම පිං මලේ දැනුවත් කිරීමට.
    -ජය

  15. sumith පවසන්නේ:

    kaputa 2004 font eka pawichchi karanna barida harima lesiy hama akurakma thiyanawa thanks
    sumith

    • standard unicode system එක පාවිච්චි කරනවා මිස වෙන වෙනම ෆොන්ට් පාවිච්චි කරන එක නම් එච්චර හොඳ නෑ මං හිතන්නේ.

      විශේෂයෙන්ම ඔබ ෆොන්ට් එකක් අකුරු අමුනලා කොටන එක යුනිකෝඩ් ඉන්ස්ටෝල් කරගෙන ඉන්න කෙනෙකුට පේන්නෙ කොම්බු එහෙම පැනලා. SinhalaKit එක ගැන දැනගන්න කලින් මමත් facebook එකේ දාපු කමෙන්ට් වගයක් තියෙනවා ඔහොම කපුටා ෆොන්ට් එකෙන්. දැන් මට ඒවා පේන්නේ අවුල්වෙලා.

  16. Mahasen පවසන්නේ:

    පිං සිද්ද වෙනවා කියලා දුන්නට… සාමාන්‍ය ඇලපිල්ලක් යන්සයක් දා ගන්න බැරුව මම සෑහෙන දුක් විඳලා තියෙනවා..

  17. තමීර පවසන්නේ:

    එල, වැදගත් ලිපියක්!

    “‘අඹ’ කියලා ලියන්න අවශ්‍ය වෙන ඹ අකුර ගන්න නම් Shift+U ඔබන්න කියලා කියන්න ඕනෙද? :)”

    මට ඕක තාම පැටලෙනවා, සමහර වෙලාවට AltGr + U කියල එබෙන්නෙ. :)

  18. Anu පවසන්නේ:

    Aththatama godak vadagath lipiyak.bohoma isthuthiy.:-)

  19. මාරයාගේ හෝරාව පවසන්නේ:

    අනේ පිං සිද්ධ වෙයි මට මෙන්න මෙකට උත්තරයක් හොයලා දෙන්න.
    මගේ තියෙන්නේ නොකියා 3120ක්ලැසික් 3ජී ෆෝන් එකක්. මට බැරිද මෙකෙන් සිංහල බ්ලොග් කියවන්න ක්‍රමයක් හදා ගන්න.
    ඒ සදහා ඉන්ස්ටෝල් කල හැකි සිංහල යුනිකෝඩ් මෘදුකාංග තිඛෙද?

    • මේක මේ ලිපියට අදාල නං නෑ.

      ඔය ෆෝන් එකට සිංහල අකුරු දාන්න පුලුවන් ද කියල නං දන්නෙ නෑ. ඒත් Opera Mini browser එක පාවිච්චි කරලා සිංහල යන්තම් කියවගන්න පුලුවන් වෙයි.

      http://www.opera.com/mini එකෙන් බ්‍රවුසරේ (J2ME) බාගෙන ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න. ඉන් පස්සෙ ඒකෙ address bar එකේ about:config කියලා ගහලා එන පේජ් එකේ යටම තියෙන Use Bitmap fonts for complex scripts කියන එක Yes කරන්න.

  20. Donald Gaminitillake පවසන්නේ:

    “අකුරු වරද්දලා ලිව්වාම නං කියවන්න අපහසුවක් දැනෙනවා තමයි”
    “සුළු සුළු අක්ෂර දෝෂ ”
    “සිංහල ටයිප් කිරීමේදී ගොඩක් අක්ෂර දෝෂ කරනවා”

    Are we using a computer as a type writer?
    Or are we going to use a computer as a computer. managing data etc in Sinhala and Tamil.

    I have published the solution for all above.
    If you do not accept my solution the language sinhala will leave this planet in no time.

    Donald Gaminitillake
    Let us change the standard

  21. Dayan Senavirathna පවසන්නේ:

    මමත් ඉස්සර ඔය වගේ තමයි ලියන්නේ
    රු = රැ
    ඳ = ද
    නමුත් පොතක වගේ නම් හරිය‍ට ලියන්න පුළුවන්. මොනවා උනාත් අපි මේ වැරදි හදගෙන ඉදිරියට යන්න ඔන.

  22. විශ්මි පවසන්නේ:

    බොහොම ස්තුතියි මේ දැනුවත් කිරීම ගැන……… :)

  23. CD Athuraliya පවසන්නේ:

    ලිපියෙ පමණක් නොවෙයි ප්‍රතිචාර වලත් ඉගෙනගන්න දෑ බොහොමයි! :)

  24. Donald Gaminitillake පවසන්නේ:

    ඔබතුමාට මේ දැනට පවතින යුනිකෝඩ් ක්‍රමය වැරදියි, ඒ නිසා නිවැරදි එකක් හදන්න ඕනෙ කියන කැක්කුමක් නෙමෙයි තියෙන්නෙ. යුනිකෝඩ් වලිනුත් මුදල් ගරාගන්න ප්ලෑනක්.

    I offered to the SLSI free of charge If they did accepted my views this problem never arises. Now you pay for the correction to save the language My rights have been protected by the Law in Lanka.

    If unicode database for sinhala is correct why cant you publish the utf values for “KU”?

    All software in computer world are subjected to rayalties and patents

    Donald

  25. Donald Gaminitillake පවසන්නේ:

    “අක්ෂර දෝෂ” “භාෂා දෝෂ” will be corrected in my system as all sinhala characters will be given proper values.

    I do not force any one to use my proposed system you prove that the using the exsisting system you can manage sinahala text across all platforms like latin script?

    Since you cannot use all indic languages acreoos platform the alternate system in mine or you can propose a better system.

    With my system there will be over 100,000 new jobs, and we solve the SINHALA and Tamil Language issue over night

    • බුධාජීව පවසන්නේ:

      අපි ඔබ ඔය හැදුවයි කියන අක්‍ෂ පද්ධතිය භාවිතා නොකරන්න ඕනෑ තවත් හේතුවක් ඔබේ පිළිතුරේම තියනවා.

      ඔබ ඔය මොකක්ද එක (මම ඕකෙ නම දන්නෙ නැ!)ට කියන්නේ “my system” කියලා. ඒත් යුනිකේතය කියන්නේ ප්‍රජාවගේ දේපළක් මිස කාගෙවත් එකක් නෙවෙයි. ඉතිං අපි කාගෙවත් පෞද්ගලික සම්මත භාවිතා කරන්නේ නැතිව යුනිකේතය භාවිතා කරනවා.

    • තමීර පවසන්නේ:

      “With my system there will be over 100,000 new jobs”

      really?

      • Donald Gaminitillake පවසන්නේ:

        YES

        1.Sinhala BPO
        2.Sinhala data bases for Land registry
        3.sinhala Desk top music (across all platforms)
        4.Sinhala SMS (across all platforms)
        5. Court documentation
        6.Sinhala GPS (across all platforms)
        7. using sinala and Tamil (across all platforms)
        8.Digital books publications (across all platforms)
        9.Digital school books (across all platforms)
        10. electronic language sythesis
        11. Voice to text
        12. Text to voice

        etc etc

        All these are new jobs for SME software developers.

        Donald

        • kalinga පවසන්නේ:

          Sinhala is already used in DB system’s

          Sinhala works on any Sinhala enabled phone such as Nokia.

          what ? Sinhala Desktop music ? lolz

          what Sinahal GPS :P lolz GPS stand for Global Positioning Satellite :P

          it only provide the longitude and latitude via Satellite’s :P application can be done any language. including sinhala.

          all those thing are already can be done and already done.

          if you want to see කු in DB search in action ?

          go to this link

          http://www.google.lk/search?hl=en&q=%E0%B6%9A%E0%B7%94&btnG=Search&meta=&aq=f&oq=

          ur just wasting your time. no one wants your system coz all those things can be done with the existing system.

          i think its time for you to lean computer, knowing about 1900′s printing dons not make you a computer specialist.

          we already use Sinhala unicode in application, even Microsoft them self has interduce Vista + MS Office in sinhala. so you think you know better in computer system the MS them self ? :D

          Linux has sinhala UI. all those system use Sinhala Unicode.

          even good does.

          see the google search… you can use SINHALA unicde :P

          lack of your computer knowledge make you think each letter need its own location. but your wrong. computers are more advance then you think.

          so plz dont try to reinvent the weel :D

          you have spam all the sinhala unicode blgos, tried so many time to promote your system, do you know why no one wants it ? coz its has nothing that we want.

        • ගයාන් තාරක පවසන්නේ:

          මට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි ඔච්චරම සිංහල ගැන කියන කෙනා ඇයි මේ ඉංගිරිස් වලින්ම කතා කරන්නේ. සිංහලෙන් යතුරු ලියනය කරන්න අමාරුද? නැත්තම් සිංහල ‍භාෂාව හැසිරවීම අමාරුද?

          ඔබේ පද්ධතිය ඔබ පාවිච්චි කරල ලිවුවොත් ඒක බලන්න අපි ඔබෙන් ඒක සල්ලිදීල ගන්න ඕන. ඒක සිංහල භාවිතය පැතිරවීමට ලොකුම බාධාවක් කියල තේරෙන්නැද්ද?.

          නිදහස් හා විවෘත මෘදුකාංගවලට ඔබේ පද්ධතිය මගින් සිංහල කරණය කරාම මෘදුකාංග ‍වල වැඩ කරන්න මුදල් ගෙවන්න ඕන වෙනව නේද?

    • Akila පවසන්නේ:

      Can you explain the difference between your stranded and the UNICODE and can u please elaborate what are the PRACTICAL problems in Unicode and how we can eliminate them in using your system. (in point form) Also how to create this much of jobs. If you cant do it in here please put some links or make your own document (a blog will be perfect)

      Because i think we should discuss facts not some imaginations

  26. Donald Gaminitillake පවසන්නේ:

    What is the problem with you about someone making money legally?

    • kalinga පවසන්නේ:

      nope, go and make your money then spaming all the sinhala unicode blogs. this is not a place to promote your stuff.

      your just trying to push people to buy some thing they dont want. this is call guerilla marketing.

      if there is some thing wrong with the existing system people would buy your system but they are not. so dont go and manipulate the truth and trying to make money here.

    • මේකයි අවුල.. දැනට තියෙන යුනිකෝඩ් දෙන්නෙ නොමිලේ…
      ඔයා ඒ වෙනුවට වෙන ආදේශකයක් හදලා (“my solution”) ඒක විකුණන්න හදනවා…
      කැතයි නේද? :D

      • Donald Gaminitillake පවසන්නේ:

        යුනිකෝඩ් දෙන්නෙ නොමිලේ

        Unicode is a consortium
        I am an individual.
        Unicode depends on membership

        Full membership in unicode will cost you US$ 15,000

        see
        http://unicode.org/consortium/levels.html

        Nothing is free

        • ශාකුන්තල පවසන්නේ:

          මට පේන හැටියට නම් ඩොනල්ඩ් ඕනේ සල්ලිය බාගේ හොයන්න මිසක් මහජන සේවයක් කරන්න නෙමෙයි වගේ.

          මම කැමතියි මේ thread එකට ලොකු ප්‍රචාරයක් දෙන්න. මහජනතාවම තීරණය කරයි ඔබතුමාගේ සොලූෂන් එක එයාලට අවශ්‍යද නැද්ද කියන එක.

          මොකද කියන්නේ? :-)

        • ශාකුන්තල පවසන්නේ:

          Well, it’s a non-profit organization. :P
          http://www.unicode.org/standard/WhatIsUnicode.html

          ඩොනල්ඩ් මහත්තයෝ… මේ බ්ලොග් වල ස්පෑම් කර කර ගියා කියල ඔබතුමාට ඕනැ දේ මුන් ටික දෙනා පිළිගන්නෙ නෑ. මං පිළිගන්නෙත් නෑ. කවුරුවත් ගනංගන්නෙත් නෑ.

          ඒ නිසා… මං ඔබතුමාට පහසු කාරියක් කියන්නම්. ඔය පහලොස්දාහ දීල මැම්බර් කෙනෙක් වෙන්න. තීරණ ගැනීමේ යම්කිසි බලයක් හිමි වෙනව නොවැ. :D

          ඊට පස්සෙ ගනු කඩුව…. ආ.. වැරදුණා! ගනු හෙලුව එනු සටනට කියල සරමත් කැහැපට ගහගෙන එන්නයි තියෙන්නේ… :D :D

          “Full Membership in the Consortium gives your company or organization the most direct access to information on the Unicode Standard. Decisions affecting implementation and news about Unicode-related products are at your disposal. You are an active participant in shaping future enhancements to the Unicode Standard and you financially support the existence and maintenance of the Unicode Web and FTP sites, where updates and changes are posted. As a Full Member, your organization has full access to documentation, email lists and technical committee meetings and receives one vote in all technical committees including the right to vote for the board and the right to vote at corporate (Full) membership meetings. “

          http://unicode.org/consortium/levels.html

  27. chanaka පවසන්නේ:

    Real Time Converter එකේ දුම්රිය කියලා Type කරන්නෙ කොහොමෙයි ????

  28. Akila DJ පවසන්නේ:

    එළකිරි ලිපියක්!… :)

    ව්‍යාකරණ ගැන බැරි නම්
    ‘න’,'ණ’,'ල’,'ළ’,'ශ’,'ෂ’ වගේ ඒව ගැනත් ලිපියක් ලියපන් පුලුවන් නම්…..

  29. Donald Gaminitillake පවසන්නේ:

    Can you explain the difference between your stranded and the UNICODE

    In my proposal I have published all sinhala characters and given values to all of them and it is a public document. Any corrections or additions can be done. Limit is 64,000 per page For all indic languages we need about 50 to 60 pages or panels. This will accormodate over 3 million two byte characters.

    In unicode data base only few restricted sinhala characters are registered. Balance sinhala is not published in the unicode data base.
    This is kept in a private area.

    You need uniscribe unicode script module to see sinhala characters
    When this module is not working you get garbage sinhala

    Since all characters have values published my system is accessible to public.

    This is the basic differenace

  30. Donald Gaminitillake පවසන්නේ:

    Sinhala works on any Sinhala enabled phone such as Nokia.
    You need a same software.

    Restricted usage – you cannot send a mail from Nokia to Sony

    or
    You cannot send a sinhala email from the phone

    You will get a garbage result. Pathway for monopoly

  31. Donald Gaminitillake පවසන්නේ:

    I do not want ro see කු

    Give me the unicode data base value for KU

  32. Donald Gaminitillake පවසන්නේ:

    මට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි ඔච්චරම සිංහල ගැන කියන කෙනා ඇයි මේ ඉංගිරිස් වලින්ම කතා කරන්නේ. සිංහලෙන් යතුරු ලියනය කරන්න අමාරුද?

    There is no FEP (front end processing system) for sinhala Language.Also only when all sinhala characters are recognized and registered in the SLSI.

    “ape bhashawe akshara walata pramitiyak nomata”

  33. Donald Gaminitillake පවසන්නේ:

    ඔබේ පද්ධතිය ඔබ පාවිච්චි කරල ලිවුවොත් ඒක බලන්න අපි ඔබෙන් ඒක සල්ලිදීල ගන්න ඕන.

    It is in paper and pencil mode not in software
    to convert into software there is a cost.
    I am not a situwaraya

    All depends on how much sponsorship I get.

  34. Akila DJ පවසන්නේ:

    Donald මහතා unicode වල හොයන ‘කු’ යන්න සිංහල හෝඩියෙ තියනවද?
    හෝඩියෙවත් වෙනම නැති අකුරු unicode වලදි වෙනම තියෙන්න ඕනෙද!?

    අපි සාමාන්‍යයෙන් ‘කු’ යන්න තනි අකුරක් විදිහට ගත්තට සිංහල භාෂාවට අනුව ඒක අකුරු දෙකක් කියල ගන්නත් පුලුවන් නෙ.
    ‘ක්’ යන ගතකුර හා ‘උ’ යන පණකුර එකතු වෙලා තමයි කු හැදෙන්නෙ.
    [ sinlish වලින් type කරද්දි බොහෝ අකුරු වලදි ඒ විදිහටයි වෙන්නෙ :]

  35. Donald Gaminitillake පවසන්නේ:

    ‘ක්’ යන ගතකුර හා ‘උ’ යන පණකුර එකතු වෙලා තමයි කු හැදෙන්නෙ.

    This is the mistake that you have
    This is theory
    BUT “KU” is an individual character in sinhala
    You need a value for the character to represent in coding and to write program in sinhala.

    Do not mix up with type writer.

    OUR hodiya do have “KU” only I have published it.

    • Akila DJ පවසන්නේ:

      “OUR hodiya” කියල කිවුවෙ මොකක්ද?
      මොන හෝඩියෙද “KU” (හෝ ‘කු’) තියෙන්නෙ?
      අපි ඉස්කෝලෙදි ඉගෙන ගත්ත සිංහල පොත් වල තිබ්බ හෝඩියෙ නම් තිබ්බෙ අකුරු 60ක් විතරයි. ඒකෙ ‘කු’ යන්නකට ඉඩක් නෑ නෙ!

      • Donald Gaminitillake පවසන්නේ:

        This the problem

        Sinhala hodiya contains over 1800 individual characters

        according to your concept you can use only 60 characters and write sinhala
        I find “සිං” is written in your text you will have to write without “si” too

        Please do not quibble

        • Akila DJ පවසන්නේ:

          කෙස් පැලෙන තර්ක ගෙන එන්නෙ ඔබ නෙ!

          පොඩ්ඩක් යමක් ලියද්දි ටිකක් පැහැදිලිව ලිවුවොත් න‍රකද!
          ‘සිං’ යන්න ලියද්දි කොහොමත් ‘si’ එක අදාල වෙන්නෙ නෑ නෙ. ‘සිං’ සිංහල,. ‘si’ English (Roman). කොහොමද මේ දෙක සම්බන්ධ වෙන්නෙ?

          ස + ි + ං —> සිං
          (ස + ි —> සි + ං —> සිං)

        • Akila DJ පවසන්නේ:

          Donald මහත්තයගෙ system එකට මම කොතනකවත් බැනල නෑ. මොකද මම ඒක ගැන දන්නෙ නැති නිසා.
          ගොඩක් අය ඩොනල්ඩ් ට කැමති නැත්තෙ ඔහුව මුදල් ග‍රන්නෙක් වගේ පේන නිසා. ඒ ගැන මම දන්නෙ නෑ. මුදල් හොයන එකට විරුද්ධත් නෑ.

          හැබැයි Donald මෙතන දාන comment ගැන නම් පැහැදීමක් නෑ. එක්කො ඒව මඤ්ඤං. නැත්නම් අදාළ නෑ.

          Unicode වල යම යම් ‘අමුතු’ දේවල් අවුල් වගේ තමයි.
          අපිට single byte characters වලින් විත‍්
          රක් යැපෙන්න බෑ නෙ. ප‍රිගණකය මගින් අකුරු ගාන ගණින්නත් බෑ වගේ. (තනි අකුරක් කියන්නෙ මොකක්ද කියල වෙනම ගැටලුවක් තියනව. මතු වෙනව!)
          අනික අපි අතින් කොලේක ලියද්දි ඉඩ අඩු වෙන්න යොදන යම් යම් දේවල්, ප‍්රිගණකයෙදි වෙන්නෙ ඒකෙ අනික් පැත්තට!
          ‘කර්ම’ ලියද්දි ‘කර්‍ම’ ට වඩා කොළේ ඉඩ යනව. ඒත් ප‍රිගණකයෙදි ‘කර්‍ම” ලියද්දි ‘කර්ම’ ට වඩා ඉඩ යනව. (කර්ම=4, කර්‍ම=5)
          බැඳි අකුරු වලදිත් එහෙමයි.
          තත්ත්වය=7, තත්ත්‍වය=8
          ක්ෂ=3, ක්‍ෂ=4

          අපිට ඩොනල්ඩ් ගෙ system එක ගැන යම් අවබෝධයක්, විස්ත‍රයක් ලබා ගන්න link ටිකක් එහෙම දානවද!

  36. Donald Gaminitillake පවසන්නේ:

    “So can you please tell us how you going to force Microsoft or any other software vendor to use it. I mean how you make it as a world recognized standard. ”

    No need for any recognition my sinhala will work on Microsoft operating system. Then it will be converted into Apple.

    Certain royalties for microsoft will be paid by me to access certain areas in OS.

  37. Donald Gaminitillake පවසන්නේ:

    “”මම කැමතියි මේ thread එකට ලොකු ප්‍රචාරයක් දෙන්න. මහජනතාවම තීරණය කරයි ඔබතුමාගේ සොලූෂන් එක එයාලට අවශ්‍යද නැද්ද කියන එක.”"

    Yes , go ahead, give me a chance too to make a public TV debate with graphics.

    let the public decide what they need a incorrect incomplete Sinhala or to safe guard the language sinhala.

    Public should know what they have now cannot represent the full sinhala characters, The SLSI 1134 is incomplete.

    There is a opposition view with a list of all sinhala characters publsihed for the public.

    see
    http://www.unicode.org/review/pr-96.html

    http://www.akuru.org/images/diwaine_July29.jpg

    Donald

  38. ඉඳුරු මල්ලි . . . ඔබේ ලිපිය ඉතාම හොඳයි ..
    සින්ග්ලිෂ් වලිනුත් ඇති වෙන අඩු පාඩු පෙන්වා දෙන්නේ නම් ඉතා මැනවි . .

  39. සමාවෙන්න ඔබ ඒක ලියලා තිබෙනවා . . පහළින් . . මම දුටුවේ නැහැ නොවැ . . .

  40. ගීතික පවසන්නේ:

    හොද ලිපියක් . මම නම් ටයිප් කිරීමේදී තිබස් වගේ මෘදුකාංග පාවිච්චි කරනවා ඒක නිසා මට යුනිකෝඩ් වල වටිනාකම හොදට ‍තේරුම් ගන්න පුළුවන්. පුළුවන් හැම විටම යුනිකෝඩ් ප්‍රචලිත කරන්නත් මම උත්සාහ කරනවා ඒකෙන් ජනතාවට පහසුවක් වගේම ප්‍රමිතියකුත් ඇතිවේවි. අන්තර්ජාලයේ සිංහලෙන් සෙවීම් කලහැකියි කියුවහම සමහරු පුදුම උනා ඒත් දැන් ඒ අයත් යුනිකෝඩ් පාවිච්චි කරනවා. ආධුනිකයන්ට මෙය හොද උදව්වක් වේවි ඒ වගෙම පරණ ක්‍රමයට ටයිප් කරන්න හුරු උන අයටත් මේක ඒ තරම් අමාරු ක්‍රමයක් වෙන එකක් නැහැ.

  41. Dasun Sameera පවසන්නේ:

    @ශාකුන්තල
    මං හිතනව මෙකේ කමෙන්ට් කරපු අයට සත්‍ය අසථ්‍ය තේරෙන්න ඇති කියලා. විශේෂ ප්‍රචාරයක් දීමවත් ප්‍රතිචාර දැක්වීමවත් අවශ්‍ය නෑ. SUG එකේදීනම් අපි පෙර සම්මුතියකට ආවා මේ වැනි අයට ප්‍රතිචාර නොදක්වා සිටින්න. ප්‍රතිචාර නොදක්වා සිටිය හැකිනම් අගෙයි. මගේ blog එකේනම් කමෙන්ට් කරන්නවත් දෙන්නෑ. :D

  42. Donald Gaminitillake පවසන්නේ:

    I would like to meet and talk
    I can show the error we have
    You all think based on a typewriter

    Have you ever seen unicode data base?

    When you are free meet me. Before my solution undersatnd the current problem in Sinhala and in all indic languages

    Donald

    • Akila DJ පවසන්නේ:

      හමු වෙලා කතා කරන්න පුලුවන් සීමිත පිරිසක් සමග පමණයි නෙ. ඒත් මේ ගැන දැන ගන්න ඕනෙ පිරිස වැඩියි. දැනගත යුතු පිරිස ඊටත් වඩා වැඩියි!
      සියල්ලන්ටම දළ වශයෙන් යමක් දැනගන්න පුලුවන් විදිහෙ විස්ත‍රයක් website එකක එහෙම නැද්ද?
      සවිස්ත‍රාත්මකව, ඡායාරූප වගේ ඒව එක්ක!

  43. Donald Gaminitillake පවසන්නේ:

    Akila
    Akuru 60 kata wada sinhala akuru hodiye thiyanawa
    Oba kiyanne sinhala hodiye atte akuru 60 nam
    ema akuru 60 pamanak bawitha kara sinhala liyanna
    see
    http://akuru.org/threehodiyas.htm

    Donald

    • Akila DJ පවසන්නේ:

      හෝඩිය කියන්නෙ මොකක්ද?
      වර්ණ මාලාව කියන්නෙ මොකක්ද?
      ඉංග්‍රිසියෙන් alphabet, script කියල කියන්නෙ මොනවද?
      මේ ගැන හ‍රියටම, නිශ්චිතවම අර්ථ දැක්වීමක් කරන්න ත‍රම් මට දැනුමක් නෑ.
      ඒත් ලියන්න පුලුවන් හැම ජාතියෙම අකුරු අරගත්තොත් අපිට සීමාවක් නැතුව දිගින් දිගටම යන්න වෙනවා.
      ‘ත්‍ව’ වගේ බැඳි අකුරු වලට අමත‍්රව එකට ගෑවිච්ච අකුරුත් වෙන වෙනම ගන්න වෙනව. එකට ගෑවිච්ච අකුරු කිය්න්නෙ පාලි වල හල් කිරීම තියන විදිහට එක් ක‍්රල ලියපු අකුරු වලට. එහෙම අකුරු ප‍රණ සිංහල පොත් වල තියනවනෙ. හැම අකුරු දෙකක්ම එකට ගාවල වෙනම අකුරු හදල, ඊට පස්සෙ අකුරු 3ක් ගාවන්න වෙයි. ඊට පස්සෙ හත‍රක්!
      මේ විදිහ අමාරු නිසා වෙන්න ඇති ‘කු’ කියන එක තනි අකුරක් නොක‍ර ‘ක් + ු’ කියල අරන් ඇත්තෙ. ‘ු’ හැඩය ‘ක,ත’ අකුරු වලදි වෙනස් වෙන විදිහට හදල.

    • Akila DJ පවසන්නේ:

      අකුරු 60 ට වඩා තියන බව පිළිගන්නව.
      ඒත් සිංහල හෝඩිය කියල අපි කිවුවෙ යන්නෙ ඔබ දාපු ලින්ක් එකේ සම්මත සිංහල අක්ෂ‍ර මාලාව කියල තියන එකට.

      http://akuru.org/images/sammata.jpg

      හැම තිස්සෙම තනි අකුරක් ලෙස වෙනම පාවිච්චි වන ‘ඥ’ (ප්‍රඥාව,ඥානය) අකුර එහෙම ඒ හෝඩියෙ නෑ.
      (හේතුව කවුරු හ‍රි දන්නවද?)
      කොහෙවත් පාවිච්චි වෙන්නෙ නැති ‘ඏ’, ‘ඐ’ අකුරු දෙක තියනව!
      නමුත් අකුරු කීපයක් එකතු වෙලා හැදෙන තනි අකුරු (කු, ප්‍ර) හෝඩියකට අවශ්‍ය වෙන්නෙ නෑ නේද?

  44. anthr6x පවසන්නේ:

    Dear Mr. Gaminitillake,
    I still can’t understand the reason you don’t give up on this so called ‘your solution’. to start with as you have explained, it is not a solution. it’s merely a proposal. isn’t it. let me explain this in a way that any dumb idiot can understand. so you can’t say “i misunderstood” later.

    even my 14 year old cousin knows that software development is a ‘life cycle’. hope you do as well. you have analyze the existing Unicode system and came up with a design to overcome the bugs you have recognized in your analysis. you are yet to do the coding and the well known hardest part ‘testing’. so it is pretty accurate to say you are not even half way through to call your proposal a ‘solution’. being in that stage how the hell can you call this a ‘perfect solution’? i have have this fair suspicion “have you ever done any sort of programming at all”? i mean anything other than a “hello world”?

    correct me if I’m wrong, you are doing something like looking for a bridegroom to your yet to be born baby girl. you must have spent time and effort on your analysis we can understand and we do respect that. so why don’t you try to keep it that way without making a clown out of yourself?

  45. Akila DJ පවසන්නේ:

    මට මේ ගැන දන්න අයගෙන් යමක් අහන්න තියනව!

    Unicode වල Private Use Area කියන්නෙ මොකක්ද?

    ඒකෙ තියන සිංහල අකුරු ඇයි අපිට හ‍රියට පෙන්නන්නෙ නැත්තෙ?
    මට පේන්නෙ කොටු කොටු විදිහට!.. :(

    අන්න එතන නම් Donald මහත්තය කියන විදිහෙ අකුරු ගොඩක් තියනව. කවදාවත් දැකල, අහල නැති අකුරු නෙ එතන තියෙන්නෙ! :)

    http://img691.imageshack.us/img691/9206/babelmap1.png
    http://img716.imageshack.us/img716/5098/babelmap2.png

    :!

  46. Donald Gaminitillake පවසන්නේ:

    See
    http://decodeunicode.org/en/sinhala

    These are only sinhala characters registered in unicode data base with proper utf values.

    Rest of the sinhala including “KU” is kept in the private area.

    Now see

    http://decodeunicode.org/en/latin-1_supplement

    http://decodeunicode.org/en/latin_extended-b

    Irespective to the input method they have registered all there characters in unicode database.

    I want to meet you all and openly discuss all these issues. It is not just objections to unicode but first we got to understand the current problem

    Donald

  47. Donald Gaminitillake පවසන්නේ:

    see
    http://www.youtube.com/watch?v=49bd-IymDcs

    ඔබේ ක්‍රමය ගැනත් ලෝකෙ ඉන්න හැමෝටම යමක් දැනගන්න පුලුවන් විදිහක් නැද්ද?

    Hamuwela katabas kiriima tamai hodama kramaya
    Thiirana ganna anawashayai.
    Pasuwa an ayata danaganna net eke publish karanna

    Donald

    • ශාකුන්තල පවසන්නේ:

      මේකනෙ මාත්තයො වැඩේ.. ඔය පරණ වීඩියෝ එක දැං අවුට්ඩේටඩ්…

      software development කියන දේ එක තැන පල්වෙන්නෙ නෑ නොවැ. ඒකටත් තියෙනව නොවැ ඔය ජීවන චක්කරයක්ද මොකක්දො එකක්. ඔය ගැටළුවත් දැං විසඳිලා තියෙන දෙයක්. ඉතිරි සුළු ගැටළු කීපයටත් විසඳුම් ලැබෙයි. You just sit back, and enjoy. :-)

  48. Dasun Sameera පවසන්නේ:

    ප්‍රතිචාර නොදැක්වීමට සිටියත් මේකටනම් ප්‍රතිචාර නොදක්වා සිටියම නොහැක. සිංහල කියවීමටවත් හරියට නොදන්න අයෙක් සිංහල වල වැරදි කියල දෙන්න හදන අන්දම දැක්කම දෙකොනින් සිනා නොයන්නේ කාටද? මේ පුද්ගලයා මෙම වීඩයෝ පටයේ ශ්‍රීශානු යන්න වැරදියටයි උච්චාරණය කරන්නේ ශ්‍රීශානු යන්න ශ්‍රියානු ලෙසයි කියවන්නේ. :D හික්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>