සින්ඩියේ තියෙන ලිපි බලනකොට මම ගොඩක් නිරීක්ෂණය කරපු දෙයක් තමයි සමහරු සිංහල ටයිප් කිරීමේදී ගොඩක් අක්ෂර දෝෂ කරනවා. ව්‍යාකරණ දෝෂ නෙමෙයි, ඒ ගැන කියන්න මම දන්නෙත් නෑ, මම දන්න ව්‍යාකරණයක් නැති නිසා. මේ නිසා මට හිතුනා ඔය නිතර වරද්දන සමහර අකුරු ගහන විදිය පොඩ්ඩක් කිව්වොත් හොඳයි කියලා, විජේසේකර යතුරු පුවරුවෙන් වගේම සිංග්ලිෂ් කන්වර්ටරෙනුත්.
මුලින්ම කියන්නම් මමත් පාවිච්චි කරන විජේසේකර යතුරු පුවරුවෙන් ගහන විදිය. ඊට පස්සෙ කියන්නම් සිංග්ලිෂ් එකෙන් ගහන විදිය. විජේසේකර එකෙන් ගහන විදිය ලියද්දී A – B කියලා ලියල තියෙන්නේ මුලින් කීබෝඩ් එකේ A අකුර ඇති කී එක ගහලා පසුව B අකුර ඇති කී එක ගහන්න කියන එකයි. Shift, Alt යතුරු සමග එබිය යුතු අවස්ථාවල Shift+a ආදී ලෙස ලියා ඇති.
රැ – රු දෙක ගොඩක් දෙනා වරද්දනවා. ‘රැකියාව’ කියන වචනෙදි එන්නේ රැ අකුරනේ. ඒක ගහන්නේ R - E. ‘රුව’ කියන වචනෙදි එන අකුර තමයි ‘රු’ ඒක ගහන්නේ R – Q. ‘රෑ තාරකාව’ වචනයෙදි එන ‘රෑ’ ගහන්නේ R – Shift+E. ‘රූපය’ වචනෙදී එන ‘රූ’ අකුර ගහන්නේ R – Shift+Q ලෙස.
බිංදුව අකුර වෙනුවට ගොඩක් දෙනා 0 ඉලක්කම ගහනවා මම දැකලා තියෙනවා. මෙහෙම කරන්න අවශ්‍ය නෑ විතරක් නෙමෙයි ඒක වැරදියි. බිංදුව තියෙනවා X යතුරේ. මතකද ඉස්සර බිංදුව ලිව්වා මේ විදියට? ‘ලඞකාව’ ? ඒ බිංදුව ගහන්න ඕනෙ නම් Shift+X ඔබන්න.
‘පුඃ’ කියලා කියනවා නේද අපි සමහර වෙලාවට :D ඒකෙදී යෙදෙන බිංදු දෙක ගහන්නේ Alt Gr + X එබීමෙන්. මේ Alt Gr කියන්නේ යතුරු පුවරුවේ දකුණුපස ඇති Alt යතුර. මතක තබාගන්න ඕනේ මේක වම් Alt යතුර සමග හරියන්නේ නැති බව.
‘ඖෂධ’ වචනෙදී ඔ අකුරට දාලා තියෙන පිල්ල තියෙන්නේ Shift+A වල. ඒ කියන්නේ ‘ඖ’ කියලා ටයිප් කරන්න නම් Shift+T – Shift+A ගහන්න ඕනේ. ඒ වගේම ‘ව්‍යාකරණ’ කියන වචනයෙ තියෙන යංසය ගහන්නේ Shift+H මගින්. ‘ව්‍ය’ ලියන්න නම් J – Shift+H එබිය යුතුයි.
‘ප්‍රවීන්’ කියලා ලියනකොට ප අකුරට රකාරංශය යොදනවනේ. මේක ගහන්නේ කීබෝඩ් එකේ Esc යතුරට යටින් තියෙන `/~ සංකේත අඩංගු යතුරෙන්. ‘ප්‍ර’ ගහන්න නම් M – ` එබුවනම් හරි.
‘ඍතුව’ කියන වචනය දන්නවා නේද? නැත්තම් ‘ඍෂිවරයා’? බැලූබැලුමට පේන්නේ මේ ස අකුර වගේ නේද? නමුත් මේ ස නෙමෙයි. මේ අකුර ගන්න පුලුවන් Shift+R යෙදීමෙන්.
‘කොණ්ඩඤ්ඤ’ කියලා ලියද්ද එන ‘ඤ’ අකුර තියෙන්නෙ [ යතුරේ. ‘ප්‍රඥාව’ කියලා ලියන්න ඕනෙවෙන ‘ඥ’ අකුර ගන්න නම් Shift+[ ඔබන්න. ඒ වගේම ‘කඳ’ කියලා ලියන්න ඕනෙවෙන ‘ඳ’ අකුර ගන්න පුලුවන් Alt Gr+O එබීමෙන්. ‘ගඟ’ ලියන්න ‘ඟ’ ගන්න පුලුවන් Alt Gr+> යතුරෙන්. ‘හඬ’ සඳහා ‘ඬ’ ගන්න Alt Gr+V මගින්.
දෙයක් පිලිස්සුවාම ලැබෙන ජාතිය ‘අලු’ කියලත් ලියන්න පුලුවන්, නැත්තම් ‘අළු’ කියලත් පුලුවන්. මෙන්න මේ දෙවැනි ළු අකුර ලියන්න නම් ‘ළ’ අකුරට පාපිල්ල යොදන්න ඕනේ. ඒ කියන්නේ Shift+< – Q ආකාරයට.
‘අඹ’ කියලා ලියන්න අවශ්‍ය වෙන ඹ අකුර ගන්න නම් Shift+U ඔබන්න කියලා කියන්න ඕනෙද? :)
ඔය මම දැන් උදාහරණ වලට ගත්ත අකුරු/වචන සිංග්ලිෂ් වලින් ගහන විදියයි මේ කියන්නේ. මේවා මම අත්හදා බැලුවේ UCSC Transliterated Singlish Converter එක. මම දන්න තරමින් ඉසුරුගේ qsFox ඇඩොනයේ භාවිත වෙන්නෙත් මේ scheme එකමයි.
රැ – rA
රෑ – rae
රු – ru
රූ – ruu
කං – ka\n
පුඃ – pu\h
ලඞ – la\N
ඖ – au
කෞ – kau
ව්‍ය – vYa
ප්‍ර – pra
ඍ – \R
ඹ – Ba
ඤ – KNa
ඥ – GNa
ඳ – nndha
ඟ – nnga
ඬ – nnda
ළු – Lu
මම හිතනවා මේ ටික කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියලා.

සැලකිය යුතුයි

Gmail වල සහ Facebook වල ප්‍රතිරූපන කියන එක පෙනෙන්නෙ ප් රතිරූපන කියලා.
Gmail වල Subject එකේ සහ Message body එක ඇතුලේ හරියට පෙන්නුවත් Summary එකේ වැරදියටයි පෙන්වන්නෙ ඇයි ඒ ?
See this
http://www.facebook.com/photo.php?pid=5065591&l=321a12e30d&id=685407931
මල්ලි,
ඇත්තටම මේක මාර ප්‍රයෝජනවත් ලිපියක්… මේකනම් අගය කරන්නම ඔනි වැඩක්… හරිම අපුරුයි..
මටත් මීට පෙර comment එක දාලා තියෙන Chanaka කියන පුද්ගලයාගේම ගැටලුව අවා..
FB එකේ PRAVEEN කියලා ලිව්වාම එක ලියද්දි හරි ආකාරයටත් post කල පසු ප්රවීන් ලෙස පෙන්වන්නේ ඇයි???
(http://www.facebook.com/indranama?v=feed&story_fbid=346396)
එහෙම වෙන්නේ සිංග්ලිෂ් වලින් ලියන නිසාද???
නැහැ. මේක facebook අඩවියෙ තියෙන ගැටළුවක්.
තාක්ෂණික පැත්ත ගත්තොත්, මම හිතන්නෙ ඒකෙ තියෙන්නෙ zwj ගැටළුවක්.
අක්කේ මේක ෆේස්බුක් එකේ ගැටලුවක්. ටයිප් කරනකොට හරියට පේන්නේ අක්කා ටයිප් කරන්න පාවිච්චි කරන qsFox කියන addon එකේ නිවැරදිව ටයිප් වෙන නිසා. නමුත් ඊට පස්සේ ඒක ෆේස්බුක් වෙත ගියාම ඔවුන්ගේ අර ගැටලුව එනවා. රකාරංශය වදින්නෙ නෑ.
මේක මම වගේ නමේ රකාරංශ දෙකක්ම තියෙන අයට පුදුම මානසික වධයක් තමයි :D
සරලයි… මකබාස් සොලූෂන්ස්!
“ඉන්දරේ!”
මේක නම් ඇත්තටම හරිම ප්‍රයෝජනවත් …. ස්තූතියි ප්‍රවීන්! ඔන්න සමනලීත් ටයිප් කරද්දී කරන වැරදි මීට පස්සේ මේක බලලා හදාගන්නම්…..
gr8
අයියේ V කොහොමද සිංහලෙන් ගහන්නේ?
මචන් එසැනින් පරිවර්ථකයෙන් කොහොමද karyaya, viryaya වගේ වචන ලියන්නෙ. ඒවා ලියවෙන්නෙ මෙහෙමනෙ.
කාර්‍යය, වීර්‍යය
[...] [...]
හරිම ප්‍රයෝජනවත්. ස්තූතියි ඉන්දරේ..!
1st Regional Conference on ICT and E-Paradigms
24th – 26th June 2004, Colombo, Sri Lanka
Quote
6.1 Operating System Support
Older operating systems such as Windows 95 only
supported 8-bit fonts. Newer systems, such as Windows
2000, support Unicode, but do not handle “complex
scripts” such as Sinhala properly. Although Windows XP
does support complex scripts, it does not correctly handle
Sinhala.
Unicode support on Windows is provided by a module
called the Uniscribe Unicode Script Processor. We
collaborated with Microsoft to ensure that this
incoprorated the features needed for Sinhala.
Unquote
I have given a better solution than this. To have utf values for all sinhala characters.
This method will by pass the module called the Uniscribe Unicode Script Processor.
We use a computer not computer as a type writer
When will you understand the issue????
Donald Gaminitillake
let us change the standard
හායි අංකල්!
කාලෙකින් දැක්කෙ! :)
Why dont you study the “uniscribe unicode script processor” and write about it.
This is the reason that all indic languages are not compatible across all platforms.
We got to leave this system to save the indic languages
Donald Gaminitillake
Let us change the standard
Because I don’t want to “Change the Standard”!
ඉතාම වැදගත් ලිපියක්! බොහෝ දෙනා මේ වැරදි කරනවා දකින්න පුළුවන් ඔවුන්ගේ නොදැනුවත්කම නිසා.
කලින් ප්‍රතිචාරය අමතක වෙලා මම දෙවැනි වතාවටත් ප්‍රතිචාරයක් එකතු කළානෙ! :P :P
So there will be no IT development in Lanka?
When “uniscribe unicode script processor” is not working you get garbage sinhala, Sinhala is not compatible across all platforms, Sinhala cannot be access by all applications, Since some does not support “uniscribe unicode script processor”.
Why dont we exit this system and change the standard for the betterment of Lanka
Donald Gaminitillake
Let us change the standard
පුඃ! මේක මමත් අද තමයි ඉගෙන ගත්තේ. පුඃ!
How can we make Sri Lanka the ” ආසියාවේ ආශ්චර්යය ” without changing the standards
Donald Gaminitillake
Let us change the standard
ඩොනල්ඩ් අංකල්. මේ තියෙන ආශ්චර්යය හොදටෝම ඇති. තව මොන ආශ්චර්යයන්ද මේව ලෝකෙටම එකයි
මම අද තමා මුලින්ම සිOහල බ්ලොග් සයිට් එකකට ගියෙ.
මටත් ආසයි බ්ලොග් එකක් කරන්න.
එනු සබඳ… ලියමු කියවමු දන්න සිංහලෙන්ම….. සියළු විස්තර රසබරව හරබරව මෙහි තිබේ…. :-)
http://www.sinhalabloggers.com/start-sinhala-blog
mama Facebook sinhala chat {සිංහලෙන් chat කරන්න සහ තවත් දේ}’ Groop ekee eekattiya karanne boruwak kiyala post kara .
mata mehema reply ekak awa
“Oya Amila Kiyana Ekkenath Honda Sinhala purudu Thiyena Ekkenekda Koheda Thaman danna De katawath Kiyala Denne Nathuwa Inna Pirisak Innawane Aye ADD 1 Wenna Ona Aya Innawa A Thama me Kattiya සින්හල chat කරන්න මේ කියන software 1 gana Api Mwthana Kiyala Thiyenawada? Mehema Api Boruwak Karanawanam MEMBERS La 13000 Paniyda?”
ඔයාගෙ මෙ ලිපිය මට බොහොම ප්‍රයොජනවත් උනා.බොහොම ස්තූතියි.
අවංකවම සෑහෙන වැදගත් ලිපියක්. බොහොම ස්තුතියි.
මෙි ලියන්නෙ කොහොමද කියනවද ලොකු උදවිවක්
මල්ලි, මේක නම් හරිම ප්‍රයෝජනවත් ලිපියක්. ඔයාට පින්!