Google Buzz අන්තිමේ ඇණයක් වෙයිද?

On 2010 පෙබරවාරි 10, in අන්තර්ජාලය, කාලීන, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

Google Buzz ගැන වැඩි දෙනෙක් දන්නෙ නැතුව ඇති සමහර විට. මේකට හේතුව Wave වගේ කාලයක් තිස්සේ සද්ද දාලා නෙමෙයි මේක දුන්නේ. කිසිම නිල පූර්ව ප්‍රකාශයක් තිබ්බෙත් නෑ මම දන්න විදියට. ආරංචි විතරයි. හදිස්සියෙම Buzz දුන්නා. මේක ක්‍රම ක්‍රමයෙන් එකවුන්ට් වලට ඇක්ටටිවේට් කරන නිසා ඔබේ එකවුන්ට් එකට තවමත් ලැබී ඇත්නම් කලබල වෙන්න අවශ්‍ය නෑ. ලඟදිම ලැබේවි.

මොකක්ද මේ Google Buzz කියන්නේ කියලා දැනගන්න නම් සුපුන් @budhajeewa ලියු මේ ලිපිය කියවන එක හොඳයි. මගේ ලිපියේ අරමුණ Buzz අපට කරදරයක් වෙයිද කියන එක ගැන පෙර විපරමක් කරන එක විතරයි.

email inbox එක පිරීම

කිසියම් Buzz එකකට අපත් සම්බන්ධ නම් එහි සියලු ඉදිරි ක්‍රියාකාරකම් අපිට ඊමේල් මගින් ලැබෙනවා. මෙය අනව්‍ය දෙයක් වෙන්නේ Buzz කියන්නෙත් බාහිර දෙයක් නොව අපේ Gmail inbox එක තුලම ඇති දෙයක් නිසයි. එතැන unread buzz count එක පෙන්වද්දී නැවතත් ඊමේල් මගින් අප දැනුවත් කිරීම අමතර කරදරයක්. මෙය Buzz පිටුවට ගිය විට පමණක් දිස්වනසේ සැකසීම සුදුසුයි කියලා හිතෙනවා. නැතහොත් ඊමේල් නොවන වෙනත් notification system එකක් සැකසිය හැකියි.

වෙනත් සේවා සමග සම්බන්ධතාවය

මේ වන විට Buzz වෙනත් Social Network සේවා කීපයක් සමග සම්බන්ධතා පැවැත්වීමේ ඉඩකඩ ලබාදෙනවා. මෙය කරදරයක් විය හැක්කේ මෙලෙසයි. උදාහරණයක් ලෙස බ්ලොග් අඩවි (blogger/wordpress) Buzz සමග සම්බන්ධ කල හැකි අතර එවිය තමන් පල කරන පෝස්ට් Buzz එකක් ලෙස Google Buzz හි ද පලවනවා. මෙය තම මිතුරන් සියලුදෙනාගේම Buzz පිටුවේ පෙන්වීම ඔවුන්ට අමතර කරදරයක් විය හැකියි.

බ්ලොග් පමණක් නොව අපට අවශ්‍ය නම් අපේ Google Reader එකේ අප share කරන සියල්ල Buzz හි පෝස්ට් වීමට සැකසිය හැකියි. Flickr, Picasa හි පලකරන ඡායාරූප Buzz වෙත පෝස්ට් වීමට සැකසිය හැකියි. මෙසේ අපේ මිතුරන් සියලු දෙනා කරන දේවල් අපේ Buzz පිටුවට පැමිනීම තරමක කරදරයක් වනු නියතයි.

Twitter හිදී ද අපට අවශය දෙයක් අන් අය වෙත tweet කිරීමේ හැකියාව තිබුනත් එය කරදරයක් වීම යම්තාක් දුරකට අඩුවීමට හේතුව එහි අකුරු 140 සීමාවයි. ඒ නිසා අපට පල කල හැක්කේ ලින්ක් එකක් පමණයි. කැමති අයට එය නොබලා සිටිය හැකියි.

දැනට පෙනී යන ආකාරයට තවත් මද කලක් යන විට අපේ Buzz පිටුව මිතුරන්ගේ වැදගත් buzz වලට වඩා එක් එක් අය share කරන අපට වැදගත් නැති කුණුකන්දල් රැසකින් පිරෙන තැනක් වීමට ඉඩකඩ තියෙනවා. මෙය හරියටම අපේ facebook homepage එක හා wall එක මිතුරන් විසින් විවිධ application වලින් දමන පෝස්ට් වලින් ඇතිවන කරදරය වගේ වනු ඇති. මෙසේ අනවශ්‍ය දේ පිරීයාමෙන් සිදුවන්නේ අවශ්‍ය දේ මගහැරීමයි.

මේ සිදුකලේ Buzz පිලිබඳ පොඩි විවේචනයක් පමණයි. මෙහි හොඳ පැති තිබිය හැකිවාක් මෙන්ම සාමාන්‍යයෙන් සිදුවන පරිදි කොපමණ ‘ඇණයක් වුනත්’ අප මෙයට හැඩගැසීම (උදා: Facebook) හෝ මෙය අමතක වී යාම (උදා: Wave) සිදුවිය හැකියි. එතෙක් ඉවසා බලමු.

Tagged with:  

20 Responses to Google Buzz අන්තිමේ ඇණයක් වෙයිද?

  1. ගයාන් තාරක පවසන්නේ:

    පාවිච්චි කරන්න අරන් තාම ටිකවෙලාවයි. ඒත් ඉන්බොක්ස් එක් සීඝ්‍රයෙන් පිරීයාම දැනටම කරදරයක් වී අවසන්. ඉන්බොක්ස් එකත් එක්ක කෙලින්ම සම්බන්ධ බැවින් නිතරම විපරම් කිරීමට සිතෙන එක නම් නවත්තන්න බැරිවෙයි වගේ. මටත් කියන්න තියෙන්නේ ඇණයක් වෙයිද දන්නෑ කියල තමයි. මේ සේවාව අත්හරින්න නම් කවරුවත් ෆලෝ නොකර ඉන්න තමයි වෙන්නේ.

  2. බුධාජීව පවසන්නේ:

    Buzz Notifications වලට මම ගේම දුන්නා. ඒවා ඔක්කොම එක ෆිල්ටරේකට දැම්මා. පහුවෙලා ඕන වුනොත් notifications සේරම trash එකට යන්න සෙට් කරනවා.

    ඊයෙ තිබ්බ ප්‍රෙස් කොන්ෆරන්ස් එකේදි සර්ජි බ්‍රින් කීවෙ Google සර්ච් එන්ජිමේදි වගේ වැඩි සංසරණයක්/ජනප්‍රියත්‍වයක් සහ වැදගත් කමක් තිබෙන අන්තර්ගත වෙත වැඩි අවධානය යොමු වන පරිදි මෙය නිර්මාණය කරනවා කියලා. අනික ඔහු විශේෂයෙන්ම සඳහන් කළා මේක මේ අවසන් නිෂ්පාදනයක් නෙවෙයි, පරිශීලක හැසිරීම් මත මෙහි ඉදිරි ගමන තීරණය වෙයි කියන එක.

    මාධ්‍යවේදියෙක් ගැටළුවක් මතු කළා මේක අවුල් ජාලාවක් නොවේද යන්න පිළිබඳව, එවිට ඔවුන් පැවසුවේ එසේ වීමට ඉඩ නොදෙන බවයි. නමුත් ඒවන විට එහි සිටි මාධ්‍යවේදීන් කවුරුවත් දැනගෙන හිටියෙ නෑ මේ email notification සීන් එක. මම හිතන්නේ Google ටම ඒක අනවශ්‍ය බව තේරිලා අයින් කරාවි. සරලවම, Gmail ඇතුලේම ටැබ් එකකින් ටැබ් එකකට මොන මගුලකටද ඊමේල් යවන්නේ? :P

    මෙය තාම සංවර්ධනය කෙරෙමින් පවතින නිසා අපි Google ට ඒ සඳහා ඉඩ සහ අදහස් දෙමු.

  3. සහන් පවසන්නේ:

    අපෝ මටනම් පේන්නේ ඇනයක් වෙයි වගේ…….

  4. මම gmail වලට ගිය ගමන් buzz වලින් පණිවිඩයක් ඇවිත් ඒක activate වුණා. මමත් හිතන්නේ ඒක ඇනයක් වෙයි වගේ :)

  5. අනූ පවසන්නේ:

    ඕනම භාණ්ඩයක් සේවාවක් දිගටම පාරිභෝගිකයො ළඟ තියාගන්න එක එක දෙaවල් කරනවා. මෙකත් එහෙම එකක්. හැබැයි ගූගල්ට ගහන්න තාම එකක් නෑ වගේ. මේක හරියට කරන්න ගූගල්ට පුල්වං වුනොත් twitter කැලේ.

  6. Dayan Senavirathna පවසන්නේ:

    මේක ඇත්තටම වදයක් උ‍නොත් අයින් කරන්න පුළුවන්ද?

  7. indik පවසන්නේ:

    මටනම් තාම ඔහොම එකක් තේරුනේ නෑ. බලන්න ඕනෙ ගිහින්…

  8. sltorents පවසන්නේ:

    මමත් මෙ logo එකනම් දැක්ක.වැඩිය එගැන බැලුවෙ නැ.මෙ ගැන හොයල බලන්න වෙයි නේද.

  9. itbuddhika පවසන්නේ:

    මට හිතෙන්නේ අන්තිමට google ම වෙයිවගේ අලේ නමටත් එක්ක. කව බලමු අනික cloud computing දෝ කියලත් හිතෙනවා

  10. චිරාත් පවසන්නේ:

    කෝ ඉතිං ම්ට ඔය කියනවිදියෙ notifications නම් ආවෙ නෑ. Buzz ගෙපාඩුවෙ එයා ඉන්නවා මගේ පාඩුවෙ මං ඉන්නවා. කිසි අවුලක් නෑ :D

  11. චිරාත් පවසන්නේ:

    ආ ඔව් සමහරවිට ඒක වෙන්නැති :D

  12. ශාකුන්තල පවසන්නේ:

    Google දෙයක් කළොත් කරන්නේ ඉතාම නිර්මාණශීලීව.

    Buzz කියන වචනයේ අර්ථය ගන්න. කටකතාව.
    Buzz ගැන Google කිසිම නිළ නිවේදනයක් කළේ නෑ.
    එතකොට Buzz ගැන මිනිස්සු දැනගත්තෙ කොහොමද?

    සංකල්පය විශිෂ්ඨ ලෙස යොදාගැනීමක් ලෙස අපේ ඇගැයුමට ලක් වෙනවා එය. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>