වෙන සයිට් එකක ඉඳන් Facebook chat කරමු

On 2010 පෙබරවාරි 10, in අන්තර්ජාලය, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

Facebook chat කරන්න facebook සයිට් එකටම යන්න ඕනෙ නෑ කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේ. Pidgin, Digsby, Trillian වගේ chat client වලින් පුලුවන් facebook chat එකට සම්බන්ධ වෙන්න. නමුත් මේ කියන්න යන්නේ Firefox බ්‍රවුසරය භාවිත කරලා facebook සයිට් එකට නොගිහින් facebook chat කරන විදිය ගැන. මේ ක්‍රමයට ඔබට වෙන සයිට් එකක් බ්‍රවුස් කරන ගමන් වුනත් chat කරන්න පුලුවනි.

මේක ඇත්තටම Firefox වල option එකක් අපේ ක්‍රමයට පාවිච්චි කිරීමක් විතරයි. අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා.

1. මුලින්ම Ctrl + B එබීම මගින් Bookmarks Sidebar එක ලබාගන්න.




Share





2. දැන් කැමති ෆෝල්ඩරයක් මත රයිට් ක්ලික් කරලා New Bookmark… තෝරන්න.

3. එහි Name වෙත කැමති නමක් දෙන්න.

4. Location කියන තැනට මේ ලිපිනය දෙන්න

http://www.facebook.com/presence/popout.php

5. අවසානයේ Load this bookmark in the sidebar කියන ටික් එක දාන්න. (මෙය අනිවාර්යයෙන් කල යුතුයි) ඊට පසු Add ක්ලික් කරන්න.

දැං වැඩේ අහවරයි.

ඔබට facebook chat කරන්න අවශ්‍ය වුනාම කරන්න තියෙන්නේ Bookmark මෙනුව තුලින් අර Save කර ගත් bookmark එක ක්ලික් කිරීම පමණයි. එවිට Facebook chat පිටුව Sidebar එකේ ලෝඩ් වේවි. වෙන පිටුවක් බ්‍රවුස් කරමින් සිටියත් facebook chat එක කරන්න පුලුවන්.


මූලාශ්‍රය:
PC World – Facebook Tips and Tweaks

Tagged with:  

26 Responses to වෙන සයිට් එකක ඉඳන් Facebook chat කරමු

  1. අකිල පවසන්නේ:

    ලොක්කත් ඉඳල ඉඳල හොයාගන්නේ මාර දෙවල් නේ. හැබැයි මට නම් වැඩිය වැඩක් නැ වගේ. FB එකෙවත් චැට් කොරන්නේ නැ නේ දැන්.

  2. බුධාජීව පවසන්නේ:

    Facebookවල චැට් කිරීම මගේ ප්‍රතිපත්තිවලට නං විරුද්ධයි. ඒ උනත් මේකට ට්‍රයියක් දාලම බලනවා!

  3. තර්ඩ් මෑන් පවසන්නේ:

    එළේළ !! ඔන්න දාගත්තා. බොහොම පිං !

  4. Saman Rathnayake පවසන්නේ:

    එළ එළ…..ෆේස්බුක් block කරලා තියන කන්තෝරුවල අයටත් මේක පාවිච්චි කරන්න පුළුවන්ද දන්නේ නෑ නේද…

  5. Lakshika Gayal : Trix Hunter පවසන්නේ:

    අයියා මේක Chrome වලට දාගන්න විදිහක් නැද්ද?

  6. namal wickramasinghe පවසන්නේ:

    මේකත් එළ වැඩේ…වලට මොකුත් එකක් නැද්ද මේ වගේ…

  7. namal wickramasinghe පවසන්නේ:

    මේකත් එළ වැඩේ…chrome වලට මොකුත් නැද්ද මේ වගේ.කලින් comment එක වැරදුනානේ….ගනන් ගන්න එපා…භාෂා දෙකම කළවමේ ගහනකොට පැටලෙනවා

  8. ධනික | Dhanika පවසන්නේ:

    ෂහ්… එළ වැ‍ඩේ… හැබැයි online ඉන්න නම් ටික ලස්සනට side bar එකේ ගානට සෙට් උනාට කාත්‍ එක්ක හරි චැට් කරන කොට text field එක එන්නෙ දකුණු පැත්තට නේ… Widescreen නැති අයට නම් පොඩ්ඩක් කචල්…

  9. දේශිකා කාරියකරවන පවසන්නේ:

    අෙන් ඉතින් අපට firefox නැහැෙන්….. ප්‍රවීන් බලන්න ෙකා chrome වලටත් ඔය වාෙග් විදිහක්…

  10. ප්‍රභාත් ගලගමගේ පවසන්නේ:

    වැදගත්ම වැදගත්

  11. සහන් පවසන්නේ:

    ම‍රේ මරු දැං ඇනයක් වීමේ තවත් ආරක්……. කියලයි දාන්න්න තිබ්බේ,
    එල ක‍රලම බලමුනේ

  12. අනූ පවසන්නේ:

    ෂා… උඹ මාර සීන් නෙ බං හොයාගන්නෙ…

  13. මම නම් Facebook Chat වලට ආස නෑ. ඒත් මේ ලිපිය Facebook Chat භාවිත කරන අයට ගොඩක් වැදගත් වෙනවා ෂුවර් :)

  14. Dayan Senavirathna පවසන්නේ:

    නියමයි
    නමුත් ඉතින් මම Face Book පවිච්චි කරන්නැ. නමුතු මේක Face Userලාට ගොඩක් ප්‍රයෝජනවත් වේයි.

  15. MANJU පවසන්නේ:

    එලකිරි වැඩක්
    ඒත් කව්රුවත් Flock ගැන කතාකරන්නෙ නැත්තෙ ඇයි? ඒක Social Web Browsing වලටම හදපු එකක් නේ….

    http://charithdeshapriya.blogspot.com/2009/02/do-you-know-about-flock.html

  16. MANJU පවසන්නේ:

    එලකිරි වැඩක්

    ඒත් කව්රුවත් Flock ගැන කතාකරන්නෙ නැත්තෙ ඇයි? Social Browsing වලටම හදපු එකක් නේ….
    http://charithdeshapriya.blogspot.com/2009/02/do-you-know-about-flock.html

  17. Saman Rathnayake පවසන්නේ:

    Facebook ලොග් වෙලා ඉන්න වෙලාවට නම් Chrome වල කෙලින්ම මේ address එක paste කලාම මේ විදිහට chat list එක එනවා…
    http://www.facebook.com/presence/popout.php

  18. එච්. මාධව රංග පවසන්නේ:

    මම සමහර වෙලාවට meebo.com පාවිච්චි කරනව. ඒකත් හොඳයි, gtalk, yahoo, fb, aim, තව ගොඩක් ඒව එතනින් එකම පගෙ එකක් ඇතුළෙ තියාගෙන චැට් කරන්න පුළුවන්, google ගිණුම් කිහිපයකට උනත් එක පාර ලොග් වෙන්න පුළුවන්.

  19. Pubudu Kodikara පවසන්නේ:

    නියම පොස්ට් එකක් සහෝදරයා! :D

  20. Dias පවසන්නේ:

    මමත් ට්‍රයිකරල දෙන ගත්ත මේක කරන්ඩ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>