මගේ facebook ගිනුමේ ගොඩගැහිලා තියෙන Group request දිහා නිකමට බලනකොට මම දැකපු ගෲප් එකක් තමයි මේ. මේකෙන් කියන්නේ “facebook එකේ සිංහලෙන් චැට් කරන්න කැමති නම් මේ ගෲප් එකට ජොයින් වෙලා තමන්ගෙ යාලුවො හැමදෙනාටමත් invite කරලා ඊටපස්සෙ මේ ගෲප් එකේ ඇඩ්මින් දෙන සොෆ්ට්වෙයා  එක ඉන්ස්ටෝල් කරගන්න” කියලා.



මේ ජාතියේ ගෲප් facebook එකට වසංගතයක් කිව්වොත් නිවැරදියි. මෙවැනි ගෲප් සාදන්නේ තමන් ඇඩ්මින් කරන ගෲප් එකේ සුවිශාල සාමාජික සංඛ්‍යාවක් සිටිනු දැකීමේ ව්‍යාධියකින් පෙලෙන අය මෙන්ම පසුව මේ විශාල සංඛ්‍යාව වෙතම එකවර පණිවුඩ යැවීම මගින් ඇඩ්වර්ටයිසිං පාරක් දැමීමට හැකි වීමේ වාසිය ගන්න කැමති අයයි. මෙවැනි ගෲප් වලින් ලැබෙනවා යැයි පැවසෙන ප්‍රතිලාභ 100%ක් ම පාහේ බොරු. මොකද ඔය කියන විදියට අපේ මිතුරන් සියලු දෙනාට invitation යැවුවාද නැද්ද යන්න ට්‍රැක් කිරීමට ක්‍රමයක් නැහැ.

මේ ගෲප් එක ගැන විශේෂ අවධානය යොමු කරන්න හේතුව මේකයි. මේකේ සඳහන් වෙන විදියට facebook එකේ සිංහලෙන් චැට් කිරීමට නම් මේ ගෲප් එකට ජොයින් වෙලා තමන්ගෙ යාලුවො හැමදෙනාටමත් invite කරලා ඊටපස්සෙ මේ ගෲප් එකේ ඇඩ්මින් දෙන සොෆ්ට්වෙයා  එක ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. (ඔහු ලබාදෙන්නේ ethalaya.com මගින් දෙන වෙනත් යුනිකෝඩ් පැකේජයක් බවයි පෙනී ගියේ) නමුත් ඇත්තටම මෙවැන්නක් කිරීම අවශ්‍ය නැති බව යුනිකෝඩ් භාවිත කරන ඔබ දන්නවා. siyabas.lk මගින් ලබාගන්නා පැකේජය ස්ථාපනය කිරීමෙන් හෝ qsFox වැනි ඇඩෝනයක් භාවිත කිරීමෙන් වෙනත් කාගේවත් ‘ගණං බැලීමකින් තොරව’ සිංහලෙන් චැට් (බැරිනං වෙන ඕනෙ දෙයක්) කල හැකියි.

ඉතින් මේ ගෲප් එකෙන් වන හානිය තමයි siyabas.lk ගැන නොදන්නා, යුනිකෝඩ් ගැන හරිහැටි නොදන්නා ලාංකිකයන් තුල මින් වැරදි මතයක් ගොඩනැගීම. facebook එකේ චැට් කිරීමට නම් මේ ගෲප් එකේම පිහිට පැතිය යුතු බව ඔවුන් සිතාවි. දැනටමත් එසේ සිතන අය සිටින බව ඒ ගෲප් එකේ වෝල් එක බැලුවාම පෙනී ගියා.

මෙසේ විය යුතු නැහැ. සිංහල යුනිකෝඩ් යනු නිදහස්, නොමිලේ ලැබෙන දෙයක්. මුලු ලාංකික සමාජයම නිවැරදි ලෙස යුනිකෝඩ් පිලිබඳව දැනුවත් විය යුතු අවධීයක මෙවන් ගෲප් එකක් මගින් වැරදි අදහසක් පැතිරවීමට එකඟ විය නොහැකියි. මේ නිසා මා හැකි අයගෙන් ඉල්ලා සිටින්නේ මීට විරුද්ධ වන ලෙසයි.

ඔබට පුලුවන් ඒ ගෲප් එකට ජොයින් වී එහි වෝල් එකේ අලුතෙන් එන හැමෝටම පෙනෙන ලෙස, facebook එකේ සිංහලෙන් චැට් කිරීමට මෙහි කියන දේ කිරීම අවශ්‍ය නොවන බවත් ඒ සඳහා පරිගණකයේ යුනිකෝඩ් පිහිටුවීම පමණක් ප්‍රමාණයත් බවත් ලියන්න. මෙහි ඇඩ්මින්වරයා ඔබේ පෝස්ට් මකා දැමීමට හෝ ගෲප් එකෙන් ඉවත් කිරීමට ඉඩ ඇති නිසා විමසිල්ලෙන් සිට නැවත නැවත එය කරන්නට පුලුවන් නම් හොඳයි.

කැමති අය ගිහින් විරෝධය පල කරන්න, මෙන්න ගෲප් එක,

http://www.facebook.com/group.php?v=info&gid=464608310494


Tagged with:  

48 Responses to සිංහල යුනිකෝඩ් ගැන වැරදි මතයක් මේ Facebook group එක නිසා ඇතිවෙයිද?

  1. අයියා හොඳ විපරමක් කරල තියෙනවා. හැබැයි මෙහෙමත් එකක් තියෙනවා ඔය Group එකට බැදෙන්නේ ගොඩක් සිංහල පෙන්නේ නැති අයනේ.. ඉතින් ඒ කස්ටියට මේ ලිපිය බලාගන්න පුළුවන් වෙයිද?

  2. දක්ෂිණ පවසන්නේ:

    මම නම් facebook භාවිතා කරන්නනේ නැහැ. ඒ නිසා group wall එකේ විරෝධතාවක් දක්වන්න අපහසු වේවි. ඒත් මේ වගේ දේවල් තමන්ගේ groups වල සාමාජිකයන් සංඛ්‍යාව වැඩිකරගන්න හෝ වෙනත් ආකාරයක අයුතු ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් යොදාගන්න එක සදාචාරාත්මක නැහැ කියලයි මම නම් හිතන්නේ.

    • facebook එකේ මේ වගේ ගෲප් අම්බානක් තියෙනවා. free calls ගන්න පුලුවන්ලු, free SMS යවන්න පුලුවන්ලු, ඔය වගේ නානාප්‍රකාර බොරු තියෙනවා. ඔය හැම එකේම නීකිය තමයි යාලුවො හැමෝමත් සෙට් කරන්න ඕනෙ කියන එක.

      ගොඩක් ගෲප් වල දැන් javascript code එකක් දෙනවා එකපාරින් ඔක්කොටම ඉන්වයිට් කරන්න පුලුවන් වෙන්න.

  3. අකිල පවසන්නේ:

    කට්ටිය මටත් ඔය ඉන්විටෙෂන් එක එවල තිබ්බා. :D මේක මේ වර්ගයේ පළමු group එක නෙමේ. මේ ජාවා ස්ක්‍රිප්ට් එක යොදාගන අපිව ස්පැම් වැඩකට යොදවන ගොඩක් group තියනවා. මම නම් ගිහින් දැම්මා එළ වොල් පොස්ට් එකක්. :D

    අනික සිතිජ මල්ලි කියන එකටත් එකඟ වෙන්න බැ. මම දන්න ඔය එකට join වුනු ඔක්කොම වගේ Vista පාවිච්චි කරන්නේ. අනික ඔක්කොම මොරටුවේ :( . එයාල join වෙලා විතරක් නෙමේ request හිටන් එවල.

    ඒ වගේම තවත් දෙයක්, facebook group කියන්නේ 100% වැඩක් නැති නරක දෙයකුත් නෙමේ. මම සිංහල යුනිකොඩ් ගැන දැන ගත්තෙ මෙන්න මේ group එක නිසා.

    http://www.facebook.com/group.php?gid=58582099201

    දැන් ඔය 2ටම ගිහින් බැලුවොත් බලාගන්න පුලුවන් spam කරන group එකක ලක්ෂණ සහ වැඩකට ඇති group එකක ලක්ෂණ. :D

  4. අනූ පවසන්නේ:

    ඔය වගේ පිස්සු හුටං ගෘප් ගොඩක් තියනව. ඕව දැක්කම අපිට කරන්න පුලුවං එකම දේ report කරන එක. හැමෝම කතා වෙලා කලොත් ඕව අයින් කරල දායි. හැබැයි ඉතිං අපිට හැම දාම ඕව කර කර ඉන්න බෑනෙ. අපිට කරන්න පුලුවං හාඳම දේ මිනිස්සුන්ව හැම පැත්තෙන්ම දැනුවත් කරන එක.

  5. Pubudu Kodikara පවසන්නේ:

    Ape ayata puluwam ithin wikunan kanna witharai ne…. but i think people are not foolish enough to fall into these tricks! anyway… thanks for pointing it out bro :D

  6. Praboda Madushan පවසන්නේ:

    මෙවට අහුවෙන අය අඩුයි හැබැයි…. දැන් මිනිස්සු රවට්ටන්න ලේසි නෑ… ;)

  7. බුධාජීව පවසන්නේ:

    බලමු දැන් ඇම්ඩනා මොකද කරන්නෙ කියලා. මෑන් මේ දක්වාම සද්ද වහල ඉන්නෙ.

  8. එළ එළ ඉන්ද්‍රනාම ඇතුලු මේකට සටන් වැදුන අයට ජය වේවා ! ඉන්ද්‍රනාම ඇතුල මේකට සටන් වැදුන අයට ජය වේවා ! ඉන්ද්‍රනාම ඇතුල මේකට සටන් වැදුන අයට ජය වේවා ! :)

  9. දසයා පවසන්නේ:

    මම මේක දකිද්දි අපේ යාළුවො ටික අරගලය පටන් අරන් ඒක දිනලත් ඉවරයි. ජයවේවා! ජයවේවා!

  10. අඩ්මීන් ව‍රයා. පවසන්නේ:

    ඉතින් ඔහොම කිවට කට්ටිය දෑන ගන්න විදිහක් නැනෙ.මම මේ group එක හදුවෙ එහෙම අදහසකින් නෙමේයි.මම හෑම දාම ඉන්න ටිකට හ‍රි ලින්ක් ටික යවල තියෙනව.ඔය හිතන්නෙ එහෙම නතුව මේ ලංකාවේ එකේක්ට කියල දීපු එකක් ඌ තව එකෙක්ට කියල දෙවිද?ඔක්කොටම මෙක දෑන ගන්න හදන්න පුලුවන් හොදම විදිහ මෙක කියලයි මම හිතාගෙන ඉන්නෙ. මම හිතන්නෙ ඔයටහ් වෑදගත්නේ.මගේ group එක ගෑන ඔයා ද‍රන මතයට මම ගරු ක‍රනව ඒ වුනත් මම කියපු එක ගෑන හිතල ඔයගෙ බ්ලොග් සටහනට සන්ශෝදනය කලොත් හොඩයි කියලයි මම හිතන්නේ………

    • ඔබ ප්‍රචාරය කරන්නේ සම්මතය නෙමෙයි. siyabas.lk අඩවියේ තියෙන යුනිකෝඩ් කිට් එක තමයි සම්මතය. ඒක ගැන අනිත් අයට කියල දෙන්න.

      කොහොම උනත් ඒ ප්‍රමෝට් කිරීමට ඔබ යොදාගත් මෙතඩ් එකටයි අපි විරෝධය පල කලේ. විශේෂයෙන් “මුලු ලාංකික සමාජයම නිවැරදි ලෙස යුනිකෝඩ් පිලිබඳව දැනුවත් විය යුතු අවධීයක මෙවන් ගෲප් එකක් මගින් වැරදි අදහසක් පැතිරවීමට එකඟ විය නොහැකියි.”

      මේ නිසා මා ලියූ දේ නැවත වෙනස් කල යුතුයැයි මම හිතන්නේ නෑ.

    • බබා පවසන්නේ:

      ඔබේ ගෘප් එකේ පරමාර්ථය ලෙස මා නම් දකින්නේ යුනිකෝඩ් කිට් එක ගැන නොදන්නා අයට කියාදී තමා පොර වීමට උත්සාහ කිරීමකි. එහි යුනිකෝඩ් කිට් ගැන කියා දීම යන කොට සට මම ඔබට ස්තූති වන්න වෙමි. එහෙත් නොමිලේ ලබා දෙන දෙයක් තමන්ගේ දෙයක් මෙන් පෙන්වා දී පොර වීමට ට්‍රයි කිරීම නං එච්චර හොඳ නැති වැඩකි.

      සිංහල යුනිකෝඩ් දෙන්නෙ නිකං. ඒක ජනප්‍රිය කරන්න අපි පුලුවං තරං උත්සාහ කරන්න ඕනි.

      • අඩ්මීන් ව‍රයා. පවසන්නේ:

        මම හිතන විදිහට මෙම විදිහට සෑහෙන්න දෙනෙකු මේ පිලිබද දෑනුවත් වී ඇත.මම කියන්නෙ ඒ පිලිබන්ද සැලකිලිමත් වී මෙම group එක ඉවත් කිරිමට යොදා ඈති අදහස ඉවත් ක‍ර ගන්නා ලෙසයි.අනෙක මගෙ group එකෙහි ethalaya unicord ගෑන සදහනක් ඈත නමුත් ඇත්ත වශයෙන් මම මෙහිදි ලබා
        දෙන්නේ unicord නොව.ඔබෙ ඔය උන නිසා තමයි මම එම siyabasa.lk එක ලබා දුන්නේ.

        • අකිල පවසන්නේ:

          group එකෙ දුන්නේ යුනිකෝඩ් හරි නැතුව හරි ඔයා කරල තියෙන්නේ බොරුවක් නේ. දැන් ලංකාවේ ඉන්නෙ කාලකණ්නි කිය කිය දගලන්න එපා. අනික ඉන්ටනෙට් එකේ සිංහල ජනප්‍රිය කරන්න නම් ස්පැම් කරනවට වඩා ගොඩක් දේ කරන්න පුලුවන්.

          අනික ඔයා කියනව නම් ඔයා දුන්නේ යුනිකොඩ් නෙමේ කියල යුනිකොඩ් ගැන දැනගෙන ඉඳලත් කියල නැත්තෙ ඔයාමයි. මොකද group එකේ වොල් එකේ ඔයා යුනිකොඩ් වලින් පොස්ට් දාල තියනවනේ.දැන් ගිහින් ඒවා ඩිලීට් කරන්න එපා.

          ඔයා දන්නෙ නැති වුනාට සිංහලෙන් වැඩ කරන එක ලේසි කරන්න මහන්සිවෙලා සොෆ්ට්වෙයා එකකුත් හදපු කෙනෙක් තමා තමීර. ඒ නිසා අපිට නැගල කියල කැ ගහන්න කලින් ටිකක් හිතල බලන්න.:D

  11. චතුරංග පවසන්නේ:

    Facebook සිංහලෙන් චැටි කරන්න කවුරුත් කැමති වෙයි.ඒ උනත් සිංහලෙන් චැටි කරන්න මෙ විදියටවත් කියල දෙන්න උත්සාහ කරපු group එකක් මම තවම එකේ දැකල නෑ. ඒක නිසා මම මේ උත්සාහය අගය කරනවා. කොහොම වෙතත් සිංහල යුනිකෝඩි ලබා ගන්න දුන්න link ගැන නමි මමත් සතුටු වෙන්නෙ නෑ. ඒ නිසා ලබා දෙන link වෙනස් කලොත් නම් හොදය.ඒ වගේම මේ එකට තමන්ගෙ යාලුවො එකතු කර ගන්න කියන්නෙ ඒ අයත් සිංහල යුනිකෝඩි භාවිතයට යොමු වෙනවා කියන එකනෙ. ඉතින් තමන්ගෙ යාලුවන්ට invite කරන්න කියන එකෙත් වරදක් මම දකින්නෙ නෑ. සිංහල යුනිකෝඩි ලබා ගන්න මේ එක ඉදිරිපත් කරන link එක නිවැරදි කර ගත්තොත් මේ කරන්නෙ එළකිරි වැඩක්………

  12. Nalinda පවසන්නේ:

    Pravin Indranama Mama Oba gana Sathutu Unemi Obe Prathicharaya Gana apa Ethamath sathutu Wemu Eth oba Thuma Meka Gana Kopamanakalak danagena Sita Mewa hangagena Sita Thiyenawada ? Apa Eka gana Boho Se Duk Wemu mokada mehema deyak gana danagena Sri Laankikayata Meya gana Danaganeemata nohaki Veema gana. Oba kiyanne Api Deepu Link 1 Waradiy Kiyalane Eththatama apa eka Gana samawa illanawa habay., Apita meka hamba uneth ahamben Api eka Kattiyata api danna Akarayen Kiyala Dunna Eka waradida ( Thawa me karela Thiyenne Aragalayakda?) ? Thawa 1 deyak Kiyanna one mata Boowallen Thalanna Issarla Balanna Mulinma kaatada Thala ganna One Kiyana 1 ,,,…///;;;”’

    • අනේ මංදා ඉතිං මේ මිනිස්සුන්ට කොච්චර කිව්වත් තේරෙන්නෙ නෑ නේ. දුක තමයි.

      දැන් කීප සැරයක් පැහැදිලි කරලා කිව්වා යුනිකෝඩ් ප්‍රචලිත කිරීමේ පරමාර්ථයක් තිබුනනං මම ඒක අගය කරනවා, නමුත් ගෲප් එකට එකතු වෙලා තමන්ගෙ යාලුවො ඔක්කොටම ඉන්වයිට් කරාට පස්සෙ තමයි ලින්ක් එක දෙන්නෙ වගේ ගොන්පාට් දාන එකට තමයි මම විරුද්ධ කියල. අනික siyabas.lk එකෙන් දෙන නිල යුනිකෝඩ් පැකේජය දෙන්න කියලා.

      මේ ටික තේරුං ගන්න බැරි නම් කරුණාකරල මේ වැඩක් නැති තර්ක කරන්න එපා.

      මට පේන විදියට තමුන්නැහේලා මේ ලඟදි යුනිකෝඩ් ගැන දැනගෙන මේක මේ හෙන ලොකුවට අගය කරලා අනිත් මිනිස්සුන්ට දෙන්න හදනවා. ඔය කට්ටිය ලිං මැඩියො වගේ යුනිකෝඩ් ගැන නොදැන හිටියට ඕක ගැන දන්න ඕක පාවිච්චි කරන අය ගොඩක් ඉන්නවා. ඒ ගැන දන්නෙ නැති අයට කියල දෙන්න ඔච්චර අගය කරන්න ඕනෙ නෑ. මේ යුනිකෝඩ් නිදහස් දෙයක්.

  13. Nalinda පවසන්නේ:

    ඒකෙනුත් ලස්සනට ලිස්සුව මෝඩයො එක්ක කතා ක‍රල වෑඩක් නෑ

  14. බබා පවසන්නේ:

    නලින්ද සහ ජූඩ් මල්ලිලා වෙත,

    ඔයගොල්ලො ඕනි තරම් ගෘප් හදාගත්තට අපිට කමක් නෑ. ඔයාලා ඔය කරනවා වගේ කරන ගොං පාට් අන්ත්ර්ජාලය තුල විශේෂයෙන් මූනු පොත තුල සාමාන්‍ය දේවල්. මෙතන ඇති ගැටළුව ඹයාලා විටින් විට කතාව වෙනස් කිරීම. කලින් සියබස වෙබ් අඩවියට තිබූ ලින්ක් එක දැන් අයින් කරල කලින් ගොං කතාවම ආයෙත් එතන දාල. මල්ලි ඔච්චර බයිට් වෙන්න එපා තමන්ගෙ තත්වෙ තියා ගන්න. ඔයාලා මේ ඊයෙ පෙරේදා හොයාගත්ත දෙයක් ඔයාලට මැජික් වගේ ඇති. එහෙම වුනා කියල මුකුත් දන්නෙ නැති අයට බොරු කියල දීල පොර වෙන්න හදන්න එපා. යුනිකෝඩ් කියන්නෙ මගේවත් ඉන්දරනාමගෙවත් ඔයාගෙවත් කාගෙවත් බූදලයක් නෙමේ. යුනිකෝඩ් කිට් එක ඔයාගෙ දෙයක් වගේ බොරු conditions දාලා හැමෝටම බෙදන්න ඔයාට අයිතියක් නෑ. යුනිකෝඩ් මිනිස්සුන්ට බෙදන්න ඇත්තටම ඔයාට සත්ව කරුණාවක් තියනවනම් ගෘප් එකේ ඇයි ලින්ක් එක දාන්න බැරි. ? යුනිකෝඩ් පාවිච්චි කරන්න ඔයාගෙන් ඊමේල් එනකං අනික් අය බලාගෙන ඉන්න ඕනිද?

    යුනිකෝඩ් මගින් කල හැක්කේ චැට් කිරීම පමණක් නොවන වග මතක තබා ගන්න. ඒ වගේම ඔයාලා ගෘප් එකෙන් ඉංගිරිස් වලින් අමාරුවෙන් ලියල තියන ටිකේ අම්බානක grammar mistakes තියනව. ඒක හදාගන්න..

    • නලින්ද පවසන්නේ:

      Oya Kiyanakan Hitiye Grammer Mistakes Thiyena Nisath Hamatama ENGLISH ( ඔයා වගෙ) bari Nisa Thamai Api danna Widihata Kiyala Dunne Apida Bite Wela Thiyenne Eka balagena inna bari Oyalada?

      • බබා පවසන්නේ:

        ඉන්ද්‍රනාම මේ ලියපු පිලියේ මාතෘකාව අදාල “ගෘප්එක බෑන් කරමු” කියල එක නෙමේ “මිනිස්සු යුනිකෝඩ් ගැන වැරදි අවබෝධයක් ගනිය්ද” කියන එක. දැං ඔයාගේ ගෘප් එකට ඇවිත් ඔයා කියන පිලිවෙලට යුනිකෝඩ් දාගත්ත අය (අර පරංගියා කෝට්ටෙ ගිය විදියට) හිතං ඉන්නෙ ලංකාවෙ හැමෝම මුනුපොතේ සිංහලෙන් චැට් කරන්න ඕනිනං යුනිකෝඩ් ගන්න ඔයගේ ගෘප් එකට අනිවා එන්න ඕනි කියල. ඉතිං ඒක කොච්චර වැරදි අවබෝධයක් ද? ඔයාට තේරෙනවද? ඔයාට තේරෙන්න නෑ. ඔයාගෙ තියෙන්නෙ මල්ලි අලි ඔළුව. ඔයාගෙ කටේ තියන වචනයක් “Oya Kiyanakan Hitiye ” මං දැක්ක ගෘප් එකේ එක්කෙනෙක් ගෘප් එකෙ නම සිංහලෙන් ලියමුද කියල ඇහුවම ඔයා කියනකං හිටියෙ කියල කියල තිබුන. ඔයා වගේ ළමයි ඔය පුංචි වයසට ඔය වගේ දේවල් කරනව. හරිම මුරණ්ඩුයි. ඕක වයසෙ වැරැද්ද.

        ඔයා අනුන්ට යුනිකෝඩ් ගැන කියල දුන්නට ඔයාවත් ඒක පාචිච්චි කරන්නෙ නැද්ද කොහෙද. නැත්තං උඩ කමෙන්ට් එක සිංග්ලිෂ් වලින් දාල තියෙන්නෙ.

        ඇත්තටම මල්ලි බයිට් වෙලා තියෙන්නෙ අපි නෙමේ, ඔයාල දෙන්න.

        • අඩ්මීන් ව‍රයා. පවසන්නේ:

          unicode වල වැරැද්දක් නෙමෙයිනෙ එක එක ඇවිත් බාශාවෙ අප්සට් එකක්.මට එක එයා පස්සෙ මැසේජ් එකකින් කියල එවල තිබුනා ඊට පස්සෙ මම ඒක වෙනස් කලා.වැඩක් ක‍්රන්න ක‍්රමයක් තියෙනවා…

    • @බබා: අපි මේ Group එක ගැන තරහ ගන්න හොඳ නෑ අනුකම්පා වෙන්න ඕන… අපිට එයාලගේ Group බල බලා ඉන්න ඕන නෑ… ඉන්ද්‍රනාම අයියා ගැන ලිපි දැම්මේ සිංහල යුනිකේතයට ලංකාවේ නියම සාධාරනය ලබා දෙන්න ඕන නිසා…

  15. කණිෂ්ක පවසන්නේ:

    මෙහෙම දෙයක් තියෙනවා.. ඔය දැන් අපේ කෑ ගහන කට්ටිය යුනිකෝඩ් වල ව්‍යාප්තියට මොනවද කරල තියෙන්නෙ කියල කියමුද බලන්න.. මම දන්න තරමින් තවමත් බොහෝ දෙනෙක් unicode ගැන දන්නෙ නෑ.. ඒත් එක්ක බලනකොට මේ දේ අගේ කරන්න ඕන. අනික බැරි වෙලා‍වත් invite කරන කතාව නැතුව නිකන් link එක දුන්න නම් අපේ එවුන් ඒක ලස්සනට දාගෙන සද්ද නැතුව ඉඳී.. ඒකනෙ ලංකා‍වෙ තත්වෙ. මේ ‍GROUP එක සර්ව සම්පූර්ණයි කියල මම කියන්නෙ නෑ.. ඒත් අඩුම තරමෙ ටික දෙනෙක් හරි sinhala unicode දා‍ගෙන තියෙනව. අනික් එක තමයි ethalaya.com උනත් දෙන unicode වල standerd එක එකමයි නේද? Ethalaya.com එකෙන් හදපු standerd එකක් නෙමෙයිනෙ. මම වැරදි නම් නිවැරදි කරන්න.

    • ඇත්ත කණිෂ්ක, මේ වැඩි දෙනෙක් ඔයා තරම් යුනිකෝඩ් වලට සේවයක් කරල නෑ.

      ආපහු පාරක් පෝස්ට් එක කියවන්න මහත්තයා. මම කියන තියෙන්නෙ මේ ගෲප් එක බෑන් කරන්න කියල නෙමෙයි, මේ කරන වැඩේ වැරදියි, ඒක නිවැරදි විදියට කරන්න කියලා.

      • කණිෂ්ක පවසන්නේ:

        මේකයි ඉන්දරේ, මම මේක උමට පුද්ගලිකව කියපු දෙයක් නෙමෙයි. අනික මම කිව්වෙ නෑ මම යුනිකෝඩ් වලට සේවයක් කරා කියල. මෙතන තියෙන ප්‍රායෝගික තත්වය පොඩිඩක් බලන්න. අපි හැමෝටම වඩා මේ ගෘප් එකෙන් බොහෝ දෙනෙකුගෙ පරිගණක වල අඩුම තරමෙ යුනිකෝඩ් වත් ඉන්ස්ටෝල් වෙපා තියෙනව. අනික උඹ හිතනවද අපේ එවුන් ඕකෙන් වැඩක් අරන් invite කරයි කියල?

        • මම උඹේ මුල්ම කමෙන්ට් එකට පිලිතුරු විදියට දෙයක් කියන්නම්. (උඹේ OpenID එකෙන් ආවට හඬ නං උඹේ නෙමෙයි කියලයි හිතෙන්නෙ)

          යුනිකෝඩ් සම්බන්ධ දෙයක් විවේචනය කලාම ‘උඹලා මොනවද යුනිකෝඩ් ව්‍යාප්ත කරන්න කලේ’ කියල අහන උන්මාදයක් සමහරුන්ට තියෙනවා. මතක තියාගන්න හැමෝම solution developerලා නෙමෙයි. ඒ නිසා හැමෝටම යුනිකෝඩ් සම්බන්ධ සොෆ්ට්වෙයා, ඇඩොන්, එක්ස්ටෙන්ෂන් හදන්න දැනුමක් නෑ.

          මගේ මතය නම්, සිංහල යුනිකෝඩ් වලින් එක අකුරක් හරි ජාලයට මුදාහැරියනම්, ඒක යුනිකෝඩ් වල ව්‍යාප්තියට දීපු තල්ලුවක්. facebook status එක සිංහලෙන් කෙටුවනං ඒක යුනිකෝඩ් වල ව්‍යාප්තියට දීපු තල්ලුවක්. මොකද ඒක කියවන්න පිරිසක් සිංහල යුනිකෝඩ් හොයාගෙන එන නිසා.

          මේව කියන්නෙ ආතල් එකට නෙමෙයි. මීට අවුරුද්දකට කලින් මමත් රවිමලුත් facebook එකේ සිංහලෙන් වැඩ කරන්න ගත්තාම අපේ බැච් එකේ එවුන් ඕනෙ තරම් කෑ ගහල ඇති ‘කියවන්න බෑ, කොටු කොටු’ කියල. නමුත් ඒ හැමෝම අද සිංහල කියවනවා.වැඩිදෙනෙක් තමනුත් සිංහලෙන් ගහනවා.

          ඒ නිසා ඔය සොෆ්ට්වෙයා හදන අය විතරයි යුනිකෝඩ් ව්‍යාප්තියට උර දෙන්නෙ කියල හිතනවනං ඒ අදහස අතෑරගන්න. මේ බ්ලොග් ලියන හැමදෙනාමත්, කමෙන්ට් දාන හැමදෙනාමත් යුනිකෝඩ් ව්‍යාප්තියට දෙන්නේ ලොකු තල්ලුවක්.

        • කණිෂ්ක පවසන්නේ:

          සොෆ්ට්වෙයා හදන අය විතරයි යුනිකෝඩ් ව්‍යාප්තියට උර දෙන්නෙ කියල මම කිව්වෙ නෑ..

          අනික මගෙ පලවෙනි comment එකෙත් පොඩි වැරද්දක් උනා.. මට කියන්න බැරි උනා, මෙතන මට ප්‍රශ්නෙ තිබ්බෙ ඔතන කෑ ගහන බබා ගැන මිසක් උඹල ගැන නෙමෙයි. ඇයි බබාට බැරි අපි දන්න නමකින් කියන දේවල් කියන්න?

    • නලින්ද පවසන්නේ:

      ඔයා හ‍රි කණිෂ්ක

  16. අඩ්මීන් ව‍රයා. පවසන්නේ:

    හරි ඈයි මේ link එක විකුනන්නෙ මෙක නිකන් දෙන්න තිබුනනෙ කියල හිතෙනවනම් එක
    දෙන්නෙ නෑතුව මගෙන් අහන්න මොකද එක මේ විදිහට දෙන්නෙ කියලා.මොකද මේ හෑම
    දෙකටම හේතුවක් තියෙනවා.එක තමා add එකක් නොදම මෙක ජනතාව අතරට යවන්න පුලුවන් හොදම ක්රමය
    නෑත්නම් නිකන්ම ලින්ක් එක දුන්නම කෙනෙක් තව 1 කෙනෙක්ටවත් කියල දෙන්න මහන්සි වෙන්නෙ නැ
    ඔහොම කිව්ව ගමන් මිනිස්සු මේ ගෑන කියල දෙනවනුම් මට දවස් 3න් 2500 කට කියල දෙන්නයි ඔය ලින්ක් එක එවල තියෙන group එකේ එක්කෙනාට මෙච්චර කල්1800 කට කියල කියල දෙන්නයි වෙන්නෙ නෑ.අනෙක මමත් මේ ගෑන දෑන ගත්තේ යලුවේක් මගින් මිසක් ගොන් පාට් නොදාපු group එකකින් නෙමෙයි.මෙව හරිනම් අපි නෙමෙයි ඔයාලයි කියලා දෙන්න තිබ්බෙ….
    අපි ලිදෙ ඉන්න මෑඩියො වගෙ කියල කියනවනම් මේ පාසල් වල ඉගෙනගෙන හෑමොම ලින් මෑඩියො වෙන්න ඕනි…කලින් දුන්න යුනිකොඩ් එක වෑරදි බව පිලි ගන්නව දෑන් එක නිවෑරදි ක‍රලයි තියෙන්නෙ…

  17. Dhanushka පවසන්නේ:

    Mama oya group eka dekka mulma welawe denagatta oka hena boruwak kiyala…

  18. අඩ්මීන් ව‍රයා. පවසන්නේ:

    කට්ටියට මෙකෙ නම පොඩි අවුලක් වගෙ තියෙ නමුත් මම උදාහ‍රනයක් දෙන්නම් මොකක් හ‍රි සමාගමක් දෙයක් එකෙ ඇඩ් එකක් ට්ව් එකෙ දාද්දි ඔකෙ නම කියලම නෙමේයිනෙ දෙන්නෙ ඕකට තව හිත් ඇද ගන්නාසුලු කරුනු එකතු ක‍රනවානෙ..මෙහෙමයි මම ඕකට ෆෙස්බුක් චැට් කියල දාපු නිසාම මේ group එකෙන් යුනිකොඩ් දා ගත්ත අය බොහොමයි. මම හිතන්නෙ මතයට වඩා දැන් වැදගත් unicode වල දියුනුවයි.

  19. Dinushka Udara | රොකියා පවසන්නේ:

    අපිට මේක මැජික් එකක් නොවුනට, ඒකෙ ඉන්න කට්ටිය තාප්පෙ ලියලා තියන දේවල් දැක්කහම නම් තේරෙනවා මේක හරියට එයාලට මැජික් එකකටත් වඩා එහා දෙයක් කියලා. මමනම් හිතන්නෙ නෑ, මේ පුද්ගලයා මෙය සල්ලි උපයන බලාපොරොතුවෙන් මෙය හැදුවා කියලා. නමුත් යුනිකෝඩ් වගේ සම්මතයක් තියාගෙන , අපි මොකටද අපේ මිනිස්සුන්ට මේ කොහෙවත් යන අකුරු ජාතියක් දාගෙන අනාත් වෙන්න දීලා බලාගෙන ඉන්නෙ.

  20. Naveen පවසන්නේ:

    වින්ඩෝස් 7 දාගත්ත නම් ඔය කරදර මුකුත් නෑනේ.. සිංහල ඇතුලත්වනේ එන්නේ.. FB Group ඕනෙත් නෑ පොඩි කාලයක් ඉවසමු ඉදිරියට එන හැම OS එකේම සිංහල ඇතුලත්ව ඒවී..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>