මගේ ආසාවක් තියෙනවා ඩ්‍රම්ස් ගහන්න. නමුත් වැඩේ කියන්නෙ මට නිකමටවත් ගහල බලන්න ඩ්‍රම් සෙට් එකක් ලැබිල නෑ නෙ. අනිත් වාද්‍ය භාණ්ඩ ගහන එකෙයි ඩ්‍රම්ස් ගහන එකෙයි පොඩි වෙනසක් තියෙනවා. ඩ්‍රම්ස් ගැහීමේදී මාත්‍රාව හෙවත් beat එක ගැන දැනීම පමණක් තිබුනට මදි, මාත්‍රාව බිඳින්නෙ නැතුව ගහන්නත් ඕනෙ. අත-පය 4ම භාවිතා කරලා වාදනය කරන භාණ්ඩයක් නිසා ටිකක් වෙලා ගියාම වෙහෙසට පත්වෙලා අර මාත්‍රාව බිඳෙන්න පුලුවන්. ඩ්‍රම් එක out ගියොත් සිංදුවම කොට උඩ තමා. මේ නිසා ඩ්‍රම් වාදකයෙකුට හොඳ පුහුණුවක් අවශ්‍යයි. සාමාන්‍ය වෘත්තීය ඩ්‍රම් වාදකයෙක් දිනකට පැය5ක් වත් වාදනයේ යෙදෙන්නේ ඒ රිද්මය පවත්වාගන්න ඕනෙ නිසා වෙන්නැති.
කියන්න ආපු දේ නෙමෙයිනේ මේ කියන්නෙ. මම මේ කියන්න යන්නෙ ඩ්‍රම්ස් ගහන්න කැමති, ඒත් ගහල බලන්න ඩ්‍රම් සෙට් එකක් නැති අයට පරිගණකය මගින් ඩ්‍රම්ස් වාදනය කරන්න පුලුවන් විදියක් ගැන. මේක software එකක්. මේ ජාතියේ software වලට කියනවා Drum Machine software කියලා. වෘත්තීය මට්ටමෙන් පාවිච්චි කරන මේ වගේ software ගොඩක් තියෙනවා.
සිංදුවක් හොඳින් අහගෙන හිටියොත් වැටහේවි එහි drum වාදනය මුලු ගීතය පුරාම එකම මාත්‍රාවට (beat) එකට යන විවිධ ආකාර වලින් සෑදී තියෙන බව. මේ ආකාර වලට Patterns, එහෙමත් නැත්තම් Styles කියලා කියනවා. drum machine software එකකින් මුලින්ම කරන්නේ මොකක්හරි drum kit එකක් තෝරගෙන ඉන් අපේ වාදනයට අවශ්‍ය patterns ටිකක් හදාගන්න එක. ඊලඟට මේ pattern අතරට දාන fill-in හදාගන්න ඕනෙ. fill-ins කියන්නෙ අර සිංදුවෙ කොටසක් ඉවරවෙනකොට වේගෙන් ඩ්‍රම් එකට තලලා උඩ පැනලා Cymbal එකටත් තලන ටික :D මේ ටික හදාගත්තට පස්සෙ කරන්න තියෙන්නේ ඒ කොටස් ඕනෙ ඕනෙ පිලිවෙලට අමුනලා අපේ වාදනය හදාගන්න එක. මහන්සිවෙලා ඩ්‍රම් එක ගහනවට වඩා කොච්චර ලේසිද බලන්න පරිගණකය ඉදිරිපිට ඉඳන් පුටුවේ වාඩිවෙලා මේ විදියට ඩ්‍රම්ස් වාදනය කරන එක.
මම අද කතා කරන්න යන්නෙ නොමිලේ දෙන එවැනි drum machine එකක් ගැන. ඒ Hydrogen.
Hydrogen කියන්නේ GNU/Linux පරිසරයට හදාපු drum machine software එකක්. (මෙහි Windows version එකකුත් පරීක්ෂණ මට්ටමේ තියෙනවා) මෙබඳු drum machine වල තියෙන වාසිය තමයි විවිධ drum kit වල ඇති ශබ්ද ලබාගෙන styles සැකසීමේ හැකියාව. හරියට ගෙදර drum sets ජාති කීපයක් තියෙනවා වගේ. Acoustic drum kit එකක් ඕනෙ නම් එහෙම, Rock drum kit එකක් ඕනෙනම් එහෙම, Electric drum kit එකක් ඕනෙනම් එහෙම.
ඔබේ ලිනක්ස් පරිසරයේ package manager එකට ගිහින් hydrogen, hydrogen-drumkits කියන පැකේජ 2 සොයලා ස්ථාපනය කරගන්න. Ubuntu වල දි නම්
sudo apt-get install hydrogen hydrogen-drumkits
ඔබේ package manager එකේ මෙය නැත්තම් වෙබ් අඩවියට ගිහින් ලබාගන්න පුලුවන්. http://www.hydrogen-music.org/
Windows සඳහා පරීක්ෂණ මට්ටමේ තියෙන වර්ෂන් එක මෙතනින් ලබාගන්න පුලුවන්
ඔය උඩින්ම තියෙන්නේ pattern editor එක. එතනින් අපිට අවශ්‍ය විදියට කෑලි එකතු කරලා pattern එක හදාගන්න පුලුවන්. වම් පැත්තේ උඩින් තියෙන්නෙ Song editor එක. එතනින් තමයි patterns එකතු කරලා අපිට සම්පූර්ණ සිංදුව හදාගන්න පුලුවන්. පහල තියෙන්නේ Mixer එක. එයින් අපේ drum kit එකේ එක් එක් කොටස් (cymbals, bass drum, etc,) වල ශබ්දය අඩුවැඩි කරන්න වගේම effects යොදන්නත් පුලුවන්.
මුලින්ම කරන්න ඕනේ අවශ්‍ය drum-kit එක තෝරා ගැනීම. මේ සඳහා View > Drumkit Manager වෙත යන්න පුලුවන්.
මෙතැනින් අවශ්‍ය kit එක තෝරාගෙන Load Drumkit එබුවාම ඒ drum kit එක අපිට භාවිත කරන්න ලැබෙනවා.
Pattern editor එකේ වම් පැත්තේ පෙන්නන්නේ අපි තෝරාගත් drum kit එකේ නාද කොටස්. මේ grid එකේ ක්ලික් කිරීමෙන් ඒ ස්ථානයට අර නාදයන් එක්කරන්න පුලුවන්. ඒ විදියට මාත්‍රාවට අනුව එක්කිරීමෙන් pattern එක ගොඩනගාගන්න පුලුවන්.
Song editor එකේදී අර සාදාගත් pattern කොටස් එකිනෙක පිලිවෙලට තියලා මුලු song එකම හදාගන්න පුලුවන්.
පැකේජයත් සමග එන drum kits හොඳ මදි නම් ඔබට පුලුවන් තවත් drum kits රාශියක් ලබාගන්නට මෙතැනින්.
Roland TR-909 කියන ඩ්‍රම් මැෂින් එක පාවිච්චි කරලා Hydrogen වලින් මම හදපු පොඩි සාම්පල් එකක් මෙන්න, අහලා බලන්න. (මේක මේ පෝස්ට් එකට දාන්න ඕනෙ නිසා හදිස්සියට හැදුවේ, චාටර් ඇති)
දැන් ඔබට මීටපස්සෙ සිංදුවක් remix කරන්න එහෙම ඕනෙනම් වෙන වෙන තැන්වලින් drum loops හොය හොය ඉන්න අවශ්‍ය නෑ. Hydrogen වලින් තමන්ගෙම loops හදාගෙන remix කරන්න පුලුවන් :)
මෙන්න මම කැමතිම ඩ්‍රම්ස් වාදකයා වන චාලි ඇඩම්ස් (Yanni’s band member) ගේ drum solo එකක්. මේක Live at Acropolis කියන Yanni ගේ concert එකේදි කරපු වාදනයක්.




සැලකිය යුතුයි

අයියා පරිගණක ගැන විතරක් නෙමෙයි සංගීතය ගැනත් හොඳ හසල දැනුමක් තියෙනවා වගේ එළ එළ :) මටත් ඒ කාලේ ඔය වගේ මෘදුකාංග එකතු කරන්න ආසාවක් තිබුන මම මුලින්ම මේ වගේ මෘදුකාංගයක් හොයා ගත්තා ඒක තමා Virtual DJ ඉතින් ඕක හොයා ගත්ත දවසේ ඒ මෘදුකාංගයෙන් සිංදු හදනවා එක එක විකාර ඒත් දැන් ඒවට ආසාවක් නෑ. හදිස්සියෙන් මොනව හරි සිංදුවක් වෙනස් කරන්න ඕන වූනොත් මම Sony Vegas වලින් තමා. හැබැයි මම එච්චර සංගීතයට නම් ආස නෑ අයියේ ඒත් නිකං ඉඳිද්දි ගෙදර තියෙන බඩු වලට තට්ටු කරනවා ඒක නිසා මම Drum වලට නම් ආසායි. මේ මෘදුකාංගය මම දැන්ම බාගන්නවා. ස්තූතියි අයියා මේ ඔත්තුව දුන්නට….
(ලිපියත් පොඩ්ඩක් දිග නිසා ප්‍රතිචාරයත් පොඩ්ඩක් දික් කලා :D )
ස්තූතියි :)
මම රිමික්ස් වලට පාවිච්චි කලේ Sony Acid, ඒ කියන්නෙ Vegas වල සහෝදරයා.
ඇයි එකම ප්‍රයෝජනේකට එකම කම්පැනියෙන් සොෆ්ට්වෙයා 2ක් ගහන්නේ?
Adobe Premier සහ After Effects සම්බන්ධෙනුත් මට ඔය ගැටළුව තියනවා. යස අගේට එකට දාන්න පුළුවං සොෆ්ට්වෙයා 2ක්!
Sony Vegas & Sony Acid කියන්නෙත් වෙනස් මෘදුකාංග 2ක් Sony Acid Sony Vegas වලට වඩා හොඳයි මම හිතන්නේ
අයියා Adobe Premier , After Effect කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් මෘදුකාංග 2ක් මම හිතන්නේ. මම එච්චර Graphic කළාව ගැන දන්නෙ නම් නෑ. Adobe Premier කියන්නේ Video Edit කරන මෘදුකාංගයක් After Effect කියන්නේ Premier වලින් හදන Video එකට Effect දාන මෘදුකාංගයක්
@සිතිජ සහන් හසාර හේවාගමගේ:
[said]
After Effect කියන්නේ Premier වලින් හදන Video එකට Effect දාන මෘදුකාංගයක්[/said]
ඒකනේ බං, ඔය2ම එකට සම්බන්ධ කරන්න තිබ්බ නෙ!
ආ ඒකනේන් නම් මම හිතුවේ අයියා ඇහුවේ මෘදුකාංග 2න්ම එකම දේ කරනවයි කියල
ඒත් මෙහෙමත් එකක් තියෙනවා වැරදිලාවත් After Effect තුයි premier තුයි 2ම එකට ආපු දවසට වෙනමම DVD හදන්න වෙයි(ඒත් දැන් එවට හරියන්න DVD තියෙනවා නේ) මොකද Premier 4GB වෙනවා After Effect 2GB විතර වෙනව :P
@සිතිජ සහන් හසාර හේවාගමගේථ හ්ම් හ්ම්! :)
මම Sony Vegas ගැන දැනගත්තෙත් යාළුවෙක්ගෙන්. ස්තූතියි Sony Acis ගැන මාව දැනුවත් කළාට.මම ඒ මෘදුකාංගය ගැන කළින් දැනගෙන හිටියේ නෑ.
එල එල නියමයි!
මමත් පරිගණකය මගින් ඩ්‍රම්ස් වාදනය කරනවා….
හැබැයි වෙනමම ක්‍රමේකට, ඒ කියන්නෙ මගෙ PC එක stuck උන වෙලාවට කීබෝඩ් එකෙන් :D
මම ආසම වැඩක් තමා ඒ. සමහරු නම් ඒ වෙලාවට කරන්නෙ කොම්පීටරේට බනින එකනෙ.
හික් :D
ඇයි මමත්
ඇයි මමත්
අනේද කියන්නේ!
@බිன்ku: ඇයි අයියා එහෙම නැද්ද :P
තීරයට ඔලුව ගහපු කාලයක් තිබ්බා. දැන් නම් පුටුව පද්දනවා. :P
ම්ම්… දවස් කීපයක් රියල් ඩ්‍රමක් නං ගහල තියනවා, විනාඩි ගණනකට. ඒ අපේ කස්ටිය අපේ ගෲප් ප්‍රොජෙක්ට් එක වුනු “සත්සර සරණි”යට ප්‍රැක්ටිස් කරනකොට. මම ICT අංශෙ හිටියට උන් රෙස්ට් කරනකොට අපි ටික පැනල ඔය බඩු වලට තලනවා. කිසිම දෙයක් දන්නෙ නැතිව ස්ටික්ස් දෙකෙන් ඩ්‍රමට තලන්න පුළුවන් නිසා තමා ඒකට අල්ලගෙන ගැහැව්වේ. පුළුවං කමකට නෙවේ! :P
රිලවටද වඳුරටද දැලිපිහිය හම්බ වූණා වගේ ඇති නේ… :P
නෑ බං, එච්චර එව්ව මෙව්ව කොරන්න හම්බූනේ නෑ.
@බුධාජීව: එක හොඳයි… :P
Very nice post Pravin Indranama
I am using FL Studio
GOOG LUCK!!!!!
ඔබට බුදුසරණයි!!!!!
මාත් Hydrogen හුඟ කාලයක් තිස්සේ පාවිච්චි කරනවා. ඒ ගැන ලියන්න හිතන් හිටියට වෙලාවක් තිබ්බෙ නෑ. දැන් ඔයා ලිව්ව නිසා මට ලියන්න කරදර වෙන්න ඕන නෑ.
තවදෙයක්, දන්නවද Yanni ගේ Band එකේ 2006 සිට Bass guitar එක වාදනය කරන්නේ ලංකාවේ එක්කෙනෙක් කියලා? Jiffry Hussain. අපේ අය තාම අපේ අයව අඳුරන්නේ නෑ. එයා Michael Bolton, Kool and the Gang, Whitney Housten සහ තවත් නමගිය අය සමග Tour කරලා තියෙනවා.
මගේ ආසම drummersලා කීප දෙනෙක් ඉන්නවා Buddy rich, Steve Gadd, Jeff Porcaro, Simon phillips ඒ අතරින් කිහිපදෙනෙක්.
හුසේන් ජිෆ්රි සම්බන්ධ වුනේ Yanni Live! (2006) කියන කොන්සර්ට් එකට විතරයි නේද?
Voices (2009) කියන අලුත්ම කොන්සර්ට් එකේ බේස් ගහන්නේ ගේබ්‍රියෙල් විවාස් කියලා වෙන කෙනෙක්..
ඩ්‍රම්ස් ???
@%&>>>> ආ … අර හිල්ගොඩක් තියෙන පිඹින එකද ?
හික් :D
ඔවු ඔවු ඒං එකක් තමා :)
XP කොටඋඩ නිසා මමත් දැං ubuntu සරණ ගිහිං තියෙන්නේ. windows වලදි නම් ඔය වැඩේට fruityloop පාවිච්චි කලේ. ඕං මමත් දැං Hydrogen දාගත්තා…. තැන්ක්ස් ඔත්තුවට..
මෙගාබයිට් 200ක් පූජකරන්න පුලුවන් නං මේ drum kit දෙක බාගනිං..
පට්ට සිරා acoustic kits දෙකක්..
http://www.autodafe.net/downloads/GSCW-1.zip
http://www.autodafe.net/downloads/GSCW-2.zip
fruityloop 9 ඔය වැඩෙට කියාපු ආයුදේ මම කරපු වැඩ බලන්න ඔක්කම remix fruityloop වලින් තමයි කරල තියෙන්‍ේ
http://www.djrachila.tk මෙතන්ට යන්න
උපරිමයි…