උදව් කරපු,
කියවපු,
කමෙන්ට් දාපු,
අයට ගොඩාක් ස්තූතියි.
බැනපු,
කමෙන්ට් වල කුණුහරුප ලියපු,
හින්ට් ගහපු,
අයට ඊට වඩා ස්තූතියි.
ආ.. ඇයි ‘ඉන්දරේ’ කියන නම දාපු,
මකබාස්ටත් ස්තූතියි.
අඳුරගත්ත අලුත් මිතුරු මිතුරියන්ට,
හැමදාමත් ආදරෙයි.
කාටහරි උදව්වක් කරන්න පුලුවන් උනානම්,
මගෙන් සේවයක් ඉටු වුනානම්,
ඒ ගැන සතුටු වෙනවා.
මේ විදියට සිංහල බ්ලොග් සමග වසරක්ම ගෙවිලා ගියා. ඉදිරියටත් ඉන්නවා.
මම,
ඉන්දරේ
හෙවත්, ප්‍රවීන් ඉන්ද්‍රනාම
[නියම විදියට වසරක් ගෙවෙන්නෙ ජනවාරි 11 වෙනිදා වුනත් හෙට සිට මම ටිකක් බිසී වෙන නිසා දැන්ම ලියලා තැපැල් කලා]
[මෙය කිසිසේත්ම කවියක් නං නොවේ. පේලි වෙන්කර ලියූ වාක්‍ය රචනයකි. මෙයට කවියක් යැයි කීම කවියන්ටත් නිග්‍රහයකි. කවි ලියන්න දන්නැති මං බැරි වැඩ කරන්න යන්නේද නැත.]
සුබ උපන්දියක් වේවා! (එන සතියෙ බිසි වෙන නිසා අදම කොමෙන්ටුව දැම්මා)
එල කිරි කොල්ලො දිගටම ලියපන්
ජයවේවා සයිබර් යාත්‍රික ඉන්දරේ! දිගටම ලියන්න……
කමෝන් ඉන්දරේ… :)
සුභ පැතුම්.
ආ… තව දෙයක් මේ කවියටත් උඹේ කවි තියරිය ආදේශ කරන්නද? ;) පළවෙනි එක ගැන මං දන්නෙ නෑ. දෙවැනි එක නං ෂුවර්. :D.
මෙය කිසිසේත්ම කවියක් නං නොවේ. පේලි වෙන්කර ලියූ වාක්‍ය රචනයකි. මෙයට කවියක් යැයි කීම කවියන්ටත් නිග්‍රහයකි.
කවි ලියන්න දන්නැති මං බැරි වැඩ කරන්න යන්නේද නැත. :P
එහෙනං හෙන පණ්ඩිතයා විග්රහ දෙන්න යන්නෙ මොකද? :D
හරිම සරලයි! “මට ඕනෙ නිසා” :D
චිත්‍රපටි, නාඩගං විචාරය කරන්න චිත්‍රපටි අධ්‍යක්ෂණය කරන්න වත්, නාඩගං නටන්නවත් ඕනෙ නෑ නේ… :D
දිගටම විග්රහ ලියන්න. අපිත් කැමතියි නාඩගම් බලන්න. :D
ඔවු ඔවු… මමත් හරි ආසයි නාඩගං බලන්න. ඒ අතරට කවියක් දෙකක් එකතු උනාම පට්ටයි! :D
ඒක තමා දිගටම ලියපං
ඉතින් සිංහල බ්ලොග් එකක් කියල ඉස්සල්ලම දැක්කෙත් මේ ඔබතුමාගෙ බ්ලොග් එක අදටත් අන්තර්දැලට අහුවුන ගමන් ඉස්සරලාම ගොඩවදින බ්ලොග් එකත් මේක මගෙම කියල බ්ලොග් එකක් පටන් ගන්න පාර පෙන්නුවෙත් ඉතින් මේක දිගටම කරගෙන යමු සහෝ
දිගටම බ්ලොග්කරණයේ ඉන්න අපෙන් සුබ පැතුම්!!!
මම බ්ලොගර් කෙනෙක් විදියට මුලින්ම අඳුරගත්තෙ අයියව. මට බ්ලොග් ලියන්න හිතුනෙත් අයියව අඳුරගත්තට පස්සෙ.
මම අයියට සුභ පතනවා. සුභ අනාගතයක් ! :-)
එළේල!
ඉස්සරහටත් දිගටම ලියන්න මගේ සුභ පැතුම්!
දන්නවද, උඹ තමා මගේ වැඩිම පෝස්ට් ගණනක comment වලට subscribe වෙලා ඉන්නේ, wordpress වලට ආවට පස්සේ :)
හෙනං මට තෑගි දියං! :D
දිගටම ලියන්න මගේ සුභ පැතුම් !!!
එළ.. එළ.. ඉන්දරේ නොනැවතී ඉදිරියට…….:D
මගෙනුත් හදපිරි සුභ පැතුම්! :)
එළ එළ, ඔහොම යමු, මේ අවුරුද්ද වත් command update spam එකට නොයන වසරක් වේවා !! :D
සුභ පැතුම්!!
:)
සුභපැතුම්. මතවාදීව යම් නො-එකඟතා තිබුනද මා නිතර ගොඩ වැදීයන බ්ලොග් සටහනකි මේ. ඉන්ද්‍රනාමගේ නිදහස් සිතිවිලි අගය කරමි.
සුභ පැතුම් සහෝදරය, මටත් පසුව බිලෝග්කරණය ආරම්භ කරා වුවත්, මට වඩා සෑහෙන්න දුරක්ද හොඳ සේවාවක්ද කරන්නට ඔබට හැකි වීම ගැන මට සතුටුයි!
ජය වේවා!!!
මේක නිතර ලියවෙන බ්ලොග් එකක් වීම සතුටුයි. ඒත් වැඩිපුර ලියැවෙන්නෙ අනුන්ට බැනලා. ඒක කණගාටුදායකයි. මේ අවුරුද්දෙවත් අනුන්ට බැන බැන ඉන්නෙ නැතිව වැඩක් කරන්න කියල ඉන්දරේට කියන්න කැමතියි. වැඩ නොකරන අය හැමදාමත් කරන්නෙ කාට හරි බැන බැන ඉන්න එක. එසේත් නැත්තම් අනුන් කරපු දෙයක් තමන් කලා වගේ වර්ණනා කරන එක.ඉන්ද්‍රනාම වගේ තරුණයන්ගෙ දායකත්වය මේ රටට වටිනවා. මම කියන්නෙ බොරුනම් පහුගිය කාලෙ ලියපුවා අරගෙන ඔබම පරීක්ෂා කරල බලන්න.
මීට ඔබේ anonymous හිතවතා.
මේක මැකුවෙ නං නෑ. තිබුනෙ Akismet spam comment ගොඩේ. දැනුයි දැක්කේ, මිතුරෙක් මේ ගැන කිව්වාම.
මීට පස්සේ ඇනොනිමස් කමෙන්ට් දානකොට ඔය anonymous@gmail.com වගේ ඊමේල් ලිපින පාවිච්චි කරන්න එපා. ඕවා spam විදියට මාක් වෙනවා. ඊට පස්සෙ මම කමෙන්ට් මැකුවා කියලා බෙරිහන්දෙන්න එපා.
ම්.. ඔය කියන විදියට නං මම අනුන්ට බැනල නෑ. ඔබට එහෙම හිතෙනවනම් මට ප්‍රශ්නෙකුත් නෑ. මගේ බ්ලොග් එක නිතර කියවන අය ඒක තීරණය කරාවි. මගේ පෝස්ට් ලිස්ට් එකට ගිහින් ඕනෙ කෙනෙක් බලන්න මෙයා කියන දේ ඇත්තද කියලා. ඔයාට අවුල් නං කියවන්නෙ නැතුව ඉන්නකො.
මම අනුන් කරපු දෙයක් හරි වර්ණනා කරලා ඒ මිනිස්සුන්ට අගයක් ලබා දීලා ඇති, ඒත් මම අනුන් කරපු දේවල් වල credit එක ගන්න ගිහින් නැති බව මතක් කරල දෙන්න කැමතියි.
ඔයා එන්නෙ කොහේ ඉඳන්ද කියල මම දන්නව බොස්. ඔයාට හොඳය් නේද මේ වගේ තේරුමක් නැති කමෙන්ට් දදා වෙන කාගෙවත් පිට කහන්නෙ නැතුව තේරුමක් තියෙන දෙයක් කලානං?
ඉතින් ඉන්දරේ.. අවුරුද්දකුත් උනා නේද ? ඇත්තම කිව්වොත් උඹේ මේ බ්ලොග් එක ශාකුන්තලගේ බ්ලොග් එක කාලිංග අයියාගේ බ්ලොග් එක ෆා ද බ්ලොගීගේ බ්ලොග් එක එහෙම තමයි මටම කියලා බ්ලොග් එකක් ලියන්න influence කලේ.. ඉතින් දිගටම ලියන්න සුභාසිරි…
සුභ පැතුම් !!
සුභ පතනවා ප්‍රවීන් ඉන්ද්‍රනාම
Good luck
දිගටම ලියන්න ප්‍රවීන්. මගෙන් සුභ පැතුම්.!! exam එකත් හොඳට කරන්න.
Hi!
I am a reader of this blog though not a frequent visitor. Guessing from the number of comments received by each post, it appears to be a popular one. I find you have a keen eye. Liked your posts on the time wastage in universities and the old library book from 1975. I also like the aesthetics.
While extending my congratulations, I have a suggestion.
It is good if you separate the technical and non technical content. The readerships are different (I guess). If you do so I believe you get more readers for both blogs.
සුභ පැතුම් ඉන්දරේ…!!!
කෙටි කලකින්ම බ්ලොග්කරණයේ ප්‍රවීනයෙකු වූ ප්‍රවීන් ඉන්ද්‍රනාම — මෙන්න මගෙනුත් සුභ පැතුම්! :)
(අපි ඉතිං නිතර දෙවේලේ සුභසිද්ධිය ම පතන අයනේ…)
indare i…. love u :-)
හපොයි! :D :P
මේ අර අහවලා නෙමෙයි නේද?
අහ වලා ගේ නම ඕක නෙවෙයි..
ම්ම්… ඉන්දරේට මං ගානේ bash script එකක් ලියලා දෙන්ටද? curl පාවිච්චි කරලා comment වලට auto reply කරන එකක්… :D
හද පිරි සුබ පැතුම් මචෝ. වැඩිපුර කමෙන්ට් දාලා නැතත් මම නිතරම ගොඩවදින බ්ලොග් එකක්. :)
සුභ පෑතුම් මචන් , දිගටම ලියන්න ….. :)
සුභ පැතුම්! මාව හිංගල බ්ලොගෙක් කලාට ස්තූතියි. තව තවත් හිංගල බ්ලොගාලා බිහිකරන්නයි මේ බ්ලොග් එක තව දුරටත් ලියාගෙන ලියාගෙන යන්නයි දහිරිය ශක්තිය ලැබෙන්ට කියලා ප්‍රාර්ථනා කරනවා..
“…
හිතේ කහටක් නොමැති
මුවේ මදහස පමණි
ඇවිත් යන්නට වරෙන්
ආයෙමත් හෙට දිනෙක…”
Dude! take care ;)
Happy New Year Machan…
එල එල අයියා….. දිගටම ලියන්න සුබ පතනවා…….
ඉන්දරේ මල්ලීට සුබ පැතුම් ! නවවසරේ වැඩි වැඩියෙන් බ්ලොග් ලියවේවා !
ඔහොම යං ඔහොම යං..
එල කිරි මචෝ. මම හරි ආසාවෙන් කියවන බ්ලොග් එකක් තමයි මේක. මම 2007 බ්ලොග් එක පටන් අරගෙනත් මෙච්චර පොස්ට් නෑ. උඹ අවුරැද්දක් ඇතුලත දාල තියන දේවල් අපි කාටත් වැදගත්. දියටම ලියන්න.
Magenuth suba pathum!
එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා අයිබෝ ඉන්ද්‍ර අයියෙ!!!
උණුසුම් සුභ පැතුම්!!
දිගටම ලියන්න.. හරයක් තියන දේ ලියැවෙන මගේ ප්‍රියතම ලැයිස්තුවේ තියෙන බ්ලොග් වලින් එකක්.
ජය වේවා!!
සුභ පැතුම් මගෙනුත්…
http://*********.wordpress.com/
මල්ලී ඕවා නං එච්චර හොඳ වැඩ නෙමේ. තමන්ගෙ බ්ලොග් එක බලන්න කියලා අනුන්ගෙ බ්ලොග් වල කමෙන්ට් දාන්න එපා. ආරංචි විදියට ඔයා බ්ලොග් කීපයකම මේ ලින්ක් එක දාලා තියෙනවා.
ස්පෑම් වලට මෙහේ ඉඩ නැති නිසා මම ලින්ක් එක වෙනස් කලා. මේක මැකුවේ නැත්තේ අනිත් අයටත් ඔයාගෙ නරක වැඩේ පේන්න ඕනේ නිසා :S