
ඇස් පියාන දෑත් පටලවාන අපි
එදා ආදරයෙන් හිටි හැටි මතක් කරමු,
එදා එතරම් ආදරයෙන් හිටි අපිට අද,
එකිනෙකාට “ආදරෙයි” කියාගන්න වත් බැරි වීම
කොයිතරම් දුකක්ද?
ජැකී චෑන්ගේ The Myth හෙවත් San Wa චිත්‍රපටය බලපු අයට ඒකෙ තිබුණු ලයාන්විත ප්‍රේම ගීතය, Endless Love (Mei Li De Shenhua) මතක ඇති. ඒක එක අතකින් ප්‍රේම ගීතයක් වගේම තවත් අතකින් විරහ ගීතයක්. ඒ ඇයි කියලා චිත්‍රපටයේ ලස්සනට කියැවෙනවා. වැඩි දෙනෙක් මේ ලස්සන චීන ගීතය අසා නැති බව මට විශ්වාසයි. ඒ නිසා මම අද මේ ගීතය අහමින් ඉන්නකොට කල්පනා කලා අනිත් අය එක්ක මේක බෙදාගන්න.
මේ ගීතයේ variation 2ක් තියෙනවා. පලමුවෙනි එක ගයන්නේ ඇත්තටම චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපාන ජැකී චෑන් හා කිම් හී-සියොන්. ලංකාවෙ නලු නිලියො වගේ නෙමෙයි පිටරට නලු නිලියන්ට කොයි කරම් ලස්සනට සිංදු කියන්න පුලුවන්ද කියලා මේක ඇහුවාම හිතෙනවා :D
දෙවැනි variation එක ගයන්නෙ කොරියානු ගායක දෙපොලක් වන Sun Nan and Han Hong විසින්. චිත්‍රපටයේ OST (original soundtrack) එකේ අඩංගු වෙන්නේ මේ variation එකයි.
මෙන්න පලමුවෙනි variation එක අහලා බලන්න, බාගන්න නම් රයිට් ක්ලික් කරලා Save target as යන්න
http://elaira.net/lagu/endlesslove.mp3
දෙවැනි variation එකට නම් අහන්න තැනක් හොයාගන්න බැරිඋනා. මෙතනින් බාගන්න නම් පුලුවන්: http://tinyurl.com/23ct2v
මෙන්න ගීතයේ වීඩියෝ එක Youtube HD වල, HD වීඩියෝ බලන්න කැමති අයට බාගන්න පුලුවන්, http://www.youtube.com/watch?v=C5d78EQrEOg&hd=1
මෙන්න මේ ලින්ක් දෙක සංගීත භාණ්ඩ වාදනය ගැන උනන්දුවක් දක්වන අයට පමණයි :D මේ accoustic ගිටාරයකින් මේ ගීතය වයන අවස්ථාවක්, සහ මේ electric ගිටාරයකින් මේ ගීතය වයන අවස්ථාවක්.
සිංදුව බාගෙන අහලා රසවින්දා නම් ඒක මාත් එක්ක බෙදාගන්න කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.
ගොඩක් ස්තුති… ලොකු විස්තරයක් තියෙනව…
නියමායි….
බාමි!!
තැංකූ..
චිත්‍රපටිය බැලුවට මේ වගේ සින්දුවක් තිබ්බා කියලා මගේ හිතේ කොනකවත් මතකයක් තිබ්බෙ නෑ. අර පුරුද්දට වගේ මේ බ්ලොගේ අලුතින් මොනවද තියෙන්නෙ කියලා බලන නිසා අදත් බලනකොට තමා මේක දැක්කේ. ලස්සන සින්දුව මල්ලී මාර ම ගති.
මට මතක විදියට ෆිල්ම් එකේ මේ සිංදුව එක දිගට නෑ. පොඩි කෑල්ලක් වගේ තියෙන්නේ. අර ගුහාව ඇතුලේ සිද්ධියේදී.
අපිටත් නැරඹිමට හැකි වෙයිද???
torrent සරණං ගච්ඡාමි :D
ලස්සනයි නොවැ.. cool…
මල්ලී, උඹේ බ්ලොග් එකේ අප්ඩේට්ස්, ඇයි මගේ බ්ලොග් එකේ අප්ඩේට් වෙන්නේ නැත්තේ? මාස 7කට ඉස්සෙල්ලා එකක්නේ, ඒකේ තියෙන්නේ…
පොඩ්ඩක් බලන්න..
නියමායි. මැක්සා… :)
machan me song eka hariyata hindi Aladin film eke You may be song eka wagee needa……
ස්තූතියි ප්‍රවීන්…. හුගක් ලස්සන සින්දුවක්… හිතට දැනෙන music ඛණ්ඩයක්… මම අාසාවෙන් රස වින්දා…..
ඉන්දරේ අලුත් පෝස්ටි එකක් දාන්නෙ කවදද? මම මෙ දවස් ටිකේම ආවා !!!!!!!!!!!!! තාස සින්ඩියේ නැති සයිබර් යායේ බුද්ධි http://www.cyberyaya.blogspot.com
මාත් මාරම අස ගායකයෙක් තමයි ජැකීචැන් කියන්නෙ. Dialup කනෙක්ශන් එක කියකිය බලන්නැතුව ඔන්න මාත් බාගත්තා :D ඒතරමට ඒ සිංදුව මාර ලස්සනයි
/ගායකයෙක් වගේම අතිදක්ශ නලුවෙක්
i also watched the movie,but without subs,so i didnt understand anything.bt movie is soo beautiful