මොබිටෙල් අන්තර්ජාල පහසුකම් අප්සෙට් ගිහින් කියලා මේ දවස්වල නිතර අහන්නට ලැබෙන චෝදනාවක්. මේකට හේතුව වෙන්න ඇත්තේ රු 75ක මුදලට Weekly Delight නමින් Prepaid පැකේජයක් හඳුන්වා දීමත්, ස්ථාවර සම්බන්ධතාවල මිල විශාල වශයෙන් අඩු කිරීමත් නිසා ජාලයට දරන්නට බැරි තරම් පිරිසක් ඊට එකතු වීම නිසා bandwidth එක බෙදී යාම වෙන්නැති කියලයි හිතෙන්නේ.
මේ තත්වය ඉවසන්න බැරුව අපේ මලින්ත ළමයා ඊයේ මොබිටෙල් බැද්දට විසික්කරලා ඩයලොග් අන්තර්ජාල සම්බන්ධතාවයක් ගත්ත බව ආරංචි වෙන්න ඇතිනේ :D මිනිහා ඊයේ නුවර මොබිටෙල් එක ඉස්සරහ පැය 4ක් අඛණ්ඩ සත්‍යග්‍රහයක් කරාලුනේ :D
මොබිටෙල් හා ටෙලිකොම් කියන්නේ සහෝදර-සමාගම් නේ :P මේ දෙකම රජයේ නිල සන්නිවේදන සැපයුම්කරුවන් කියලයි හඳුන්වන්නේ. ඒ වගේම මේ දෙගොල්ලොම පාවිච්චි කරන්නේ එකම අන්තර්ජාල සබඳතාවයක් බෙදාහදාගෙන. මේ නිසා වේගය අඩු වෙනවනම් මොබිටෙල්ට විතරක් වෙන්න තියෙන ඉඩකඩ අඩුයිනේ. මටත් ටික දවසක ඉඳන් browsing වලදී තරමක් අඩු වේගයක් වගේ දැනුනු නිසා මම අද නිකමට වගේ Speed Tests කීපයක් කරලා බැලුවා. තත්වේ හිතුවාට වඩා දරුණු වෙලානේ !
මගේ සම්බන්ධතාවය 512kbps එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේක ඉස්සර Speed Test කලාම 0.48-0.51Mbps විතර වේගයක් දකින්න පුලුවන් උනා. ඒත් දැන් නම් අඩුවෙලා වගේ. මෙන්න මම ලෝකයේ හතරදික්බාගයේ විවිධ තැන් වල පිහිටි server සමග කරපු Speed Test වල ප්‍රතිඵල.
London, United Kingdom

New York, USA

Mumbai, India
Male, Moldives
Tokyo, Japan

දැක්ක නේද? :D ලඟ තියෙන මාලදිවයින එක්ක විතරයි ටිකක් හරි වේගවත් සබඳතාවයක් තියෙන්නේ. සමස්තයක් ලෙස ඔක්කොම එක්ක Ping Latency එක වැඩි වෙලා බව නං පේනවා. Streaming Video අල වෙන්න එහෙම මේක හේතුවක්. මේ දවස්වල ADSL වලින් Youtube video එකක් බලන්න නහින්න ඕනෙ.
මෙන්න කොළඹ තියෙන තමන්ගෙම SLT සර්වරය සමග ගනුදෙනුව,

අන්තර්ජාල සේවා වැඩි වැඩියෙන් සැපයීම නම් හොඳයි වගේම විය යුත්තක්. ඒත් වැඩිවන ධාරිතාවට සරිලන විදියට සේවාව කළමණාකරණය කරන්නෙ නැතුව, අප්ග්‍රේඩ් කරන්නෙ නැත්තං නම් දෙන සේවාවෙනුත් වැඩක් නෑ. මෙහෙම ගිහින් තව ටික දවසකින් ADSL හා Mobitel සම්බන්ධතා Dial Up ගාණට ස්ලෝ වෙයිද දන්නෑ ! :D
මොනවද අනිත් ADSL පාරිභෝගිකයන්ගෙ අත්දැකීම්? කමෙන්ට් එකක් කාරිය දාන්න ඔබේ Speed Test result වලට ලින්ක් එහෙම එක්ක.
අනාථයි!
YouTube වීඩියෝ එකක් බලන්න නම් වීඩියෝ එක ලෝඩ් වෙනකම් තියල වතුර එකක් බීල එන්න ඕනෙ.
ටොරන්ට් ඩවුන්ලෝඩ් කරනකොට නම් සම්පූර්ණ වේගයට ආසන්න වේගයකින් ඇදල ගන්න පුලුවන්.
වෙබ් පිටු ලෝඩ් කරගන්න නම් සැලකිය යුතු ප්‍රමාදයක් තියෙනව.
අනේමන්ද,
ඇත්ත නෙන්නම්.මම හිතුවේ adsl අල වෙලා තියෙන්නේ අපේ ලයින් එක නෙට්වර්ක් කරලා තියෙන නිසා කියලා.ඉන්දරේ කිව්වට පස්සේ තමයි මේක බලන්න මතක් වුනේ මේ තියෙන්නේ අපිට එන විදිය.
http://www.speedtest.net/result/659713320.png
මොබිටෙල් නම් දැන් මාස ගානක ඉදන් අල කියලා අපි දන්නවනේ.මම එක පාරක් අරන් පැලෙන්න දුන්න.බලන්නම් කිව්ව්වට තාමත් වෙනසක් නැහැ.එන්න එන්න අඩු වෙනවා වගේ.එකේ තත්වේ අද රැට බලලා දන්නම්.
මේක රජයේ සේවාවක් නිසා….
ස්පීඩ් එකෙනුත් යටිමඩි ගහගන්නවද මන්ද…
ධවල රථයක යන්න ආස හිතිලද මන්ද :P
ඕක ළඟදිම මාව අරගෙන යනව ෂුවර්…
එව්වා කියන්ට බෑ :-P SLT WiMax වැඩේ පරක්කු වෙන හේතුවත් දන්නව ඇතිනෙ.
ඉහත ප්‍රතිචාරය සුදාරක සඳහා ලියූවකි. වැරදි සබැඳිය උඩ ක්ලික් කරල reply වෙලා.
ආහ්! මට ඒ ගැන එච්චර ක්ලික් නැහැ. පොඩ්ඩක් දැනුවත් කරන්න පුලුවන්ද? මෙතන බැරිනම් දාන්න මේල් එකක්… ;-)
http://www.anticorruptsl.com/index.php?option=com_content&view=article&id=7:telicom01&catid=1:corruption&Itemid=2
http://www.speedtest.net/result/659743423.png
හප්පා ! මේ කොයි දේසෙද? :-o
ආහ්…ජපානයේ නේද..
එල එල !
මෙන්න මහරගම ස්පීඩ් එක
ටොරන්ට්නම් හොද ස්පීඩ් එකක් දෙනව, වෙබ් පිටු ලෝඩ් වෙන්නනම් පරක්කුයි තමයි
කොලඹටනම් හොදයි, ඒත් අනිත් ඒවා නම් අන්තිමයි
http://www.speedtest.net/result/659751597.png
http://www.speedtest.net/result/659754572.png
http://www.speedtest.net/result/659756668.png
Ah dan mobitel eka dialog walata wada slow da?
Kohomath ithin customers la wadi weddi users lata ena speed eka adu wenawa
e wagema coverage area ekath adu wenawa
Monawa karannada? 3g wala hati thamai
Kohomath adsl wala wage loku download walata hadapu ekak newei HSDPA
Ekai hama service provider ma FUP ekak tiyaganne
Kohomath mobitel eka lagadima aluth ISP kenek add karaganiwi
Ita passe balamuko
ah Tigo eketh 3G project ekak launch karannna thamai plan karan inne
Hugak durata “Etisalat” eka awata passe wewi
ඔය මලින්ත ළමයා පැන්නා වාගේ තව ලක්ෂයක් දෙකක් ඩයලොග් වලට ගියානම් ඔය ප්‍රශ්ණෙ ඉබේටම විසඳෙයි එහෙනම් මයෙ හිතේ. මමත් ඔය කියන Weekly Delight කෙරුවාව සක්‍රීය කරගෙන දැන් ස්ටෑන්ඩ් බයි ලයින් ඉන්නෙ!. 3.5 ජී වලින් දැන් කට්ටිය නොමිලෙ ටීවි බලන සිස්ටම් එක, එතකොට අපී ටීවී වගේ දේවලුත් මේකට බලපානවා ඇති නේද?
http://www.speedtest.net/result/659837046.png
මේ
චන්දෙ නිසා.පොඩ්ඩක් අවුල් වෙලා වගේ.
මට නම් ඉතින් කෝකත් එකයි.. අනික ඉතින් ඉවසීම හොඳට හුරුයි නෙව අපිට :D
http://speed.io/pics/2735/9621/speed.io.png
මෙන්න speed !
මේක නෙදර්ලන්තයේ Optical Fibre සම්බන්ධතාවයකින් ගත්ත එකක්, නිවසකින්.
කවදද අපිට මේ වගේ speed, අඩුගානෙ මේකෙන් 1/4ක වත් වේගයක් ලැබෙන්නෙ?
මගෙනම් 0.67Mb/s ක download speed එකක් තියෙනවා
http://www.speedtest.net/result/659847254.png
මගෙනම් 0.61Mb/s ක download speed එකක් තියෙනවා http://www.speedtest.net/result/659885575.png
මම අලුත් සයිට් එකක් අද කලා මම අරදනා කරනවා ඔබ සෑමට මේ වෙබ් අඩ්විය ඈවිල්ල බලන්න කියා පුලුවන්නම් registar වෙන්න
පුලුවන්නම් ඔයලගේ ආදහස් මට කියන්න ප්‍රවීන් ආයියේ මට ඔයගේ ආදහසුත් කිවුවොත් තමයි හොද
http://sscnetwork.ning.com/ මෙක තමා වෙබ් එක
මල්ලී මම ඔයා දාලා තිබ්බ කමෙන්ට් 3ම එකකට දැම්මා මේක බලන අයට කරදරයක් වෙන නිසා.
OK අයියා
අයියා මට ඔයගෙ අදහාස් ටිකක් කියන්නකො වෙබ් එක ගෑන
මට ඔය දේවල් ගැන වැඩි දැනුමක් නැති නිසා සද්ද නැතුව හිටියට මොකෝ මගේ පීටරෙත් පේජ් ලෝඩ් වෙන්නේ වෙනදට වඩා හෙමින්.. මං හිතුවේ පිටර් ලෙඩා දුකා වෙච්චි එකේ ප්‍රතිඵලයක් කියලා.. බලන් යද්දි ඒඩීඑස්එල් අවුලක් නේ.. අපරාදේ කියන්න බෑ මොනා උනත් බිල් එක නම් වෙලාවට එනවා.. :ඩී
TRC to dish out LTE, Digital TV and WiMax frequencies next month
http://www.sundaytimes.lk/091220/BusinessTimes/bt11.html
http://www.speedtest.net/result/659989118.png
අපෝ මටත් දැං එපා වෙලා. හැමදාම වගේ dialog prepaid broadband වලටත් පූජා කරනවා ADSL එක්ක මල පැන්නම :(
http://groups.google.com/group/lanka-internet-users/browse_thread/thread/bb46e8a71407cc55
හුටා! මේ මෙහෙම ගෲප් එකක් තියෙන බව මතක් උනෙත් දැනුයි… :D
අප්පෝ දැන්නම් මොබිටෙල් අලම තමා…මගේ යාලුවෙකුත් ගිය සතියේ මොබිටෙල් එකට ගිහිල්ල හොදටම අමතලා…..දැන් ඩයලොග් වලට මාරු වෙලා….
මුංගෙං ඉන්ටර්නෙට් ගන්නවට අපිට ගහන්න ඕනෑ මඩු වලිගෙං! :/
කලින් එකේ ටැග් එකෙන් දාපු පින්තූරේ වැටුනෙ නෑ.
මෙන්න මගේ SpeedTest.net ප්‍රතිඵල: http://www.speedtest.net/result/660599209.png
http://www.speedtest.net/results.php
ඔහෙ තව හොදයි. මට අඩුම තරමෙ speed test එකක් කරන්න සයිට් එකට ලොග් වෙන්න වත් බෑ…
Mbitel Eng. division කතාකලාම කීව තව මාසෙකින් හරියයි කියල! :P
මෙන්න මගේ අන්තර්ජාල වේගය…..
http://www.speedtest.net/result/670255477.png
මට නම් දැන් මොබිටෙල් එකට බනින එක පුරුද්දට ගිහින්…මම හිතන්නේ උන්ට මගේ කට හඩ හොදට මතක ඇති..හික්….අපිට 3g තියා gprs වත් නැ…මොඩම් එකක් අරන් දැන් ඒක ලච්චුවට දාලා වහලා තියාගෙන එන්නවා වෙන මොනවා කරන්නද ඉතින්…..මම බැරිම තැන කිව්ව අපිට internet නෙමෙයි අඩුම ගානේ call එකක් ගන්නවත් පුලුවන් තත්වයකට පත් කරන්න කියලා…අහ් අද කතා කරම කිව්වා නුවරට අලුතෙන් කුලුනු 6 ගහනවලු…තව තියෙන කුලුනු 4ක් 3g කරනවාලු..ජුනි වල on air කරනවලු..වැඩේ කියන්නේ මට කියපු හැම කුලුනක්ම අපේ ගමට 20km වඩා දුරයි…ඉතින් මම ඇවුවා ඔයලා කුලුනු හදනකම් අපිට නිකරුනේ බිල් ගෙවන්නද කියන්නේ කියල…මේ බ්ලොග් එක දාන්නෙත් dialog පාවිච්චි කරලා….මම dialog වලට මරු වෙනවා…
මගේ ADSL BroadBand එකත් සවුත්තුයි
Router-internet බල්බ් එක පත්තු වෙනව නිවෙනව.ඉස්සර නම් හොදයි.
දැන්නම් අන්තිම සවුත්තුයි.වෙබ් පේජ් එකක් download වෙන්න ගොඩාක් වෙලා යනවා.
අන්තිමට කතා කලාම,ඇවිල්ල හදල දෙන්නම් ලු,රු 500 අය කරනවලු.
කොහොමත් මට internet වැදගත් නිසා එවන්න කිව්ව.
අවිල්ල වයර් ටික මාරු කරල ගියා.
ආපහු ලෙඩේ.එනව යනව.එනව යනව.සැරින් සැරේ කැඩෙනව.
අම්බානට මල… හතර පාරක් කතා කරා.හරියන්නෙ නැ.ගිය මාසෙ හය පාරක් අවිත් හැදුව.
අපරාදේ මගෙ සල්ලි.. රු 3500 වියදම් වුනා.තාමත් ලෙඩේ එහෙම්මයි.
අන්තිමට කතා කරලා කිව්ව,
මට මේක එපා.කැන්සල් කරන්න කියල.
කැන්සල් කරන්න 6000 ගෙවන්නලු.
කැනසල් කරන්නත් බැ.පාවිච්චි කරන්නත් බැ.
SLT BroadBand- 512 KB – RS: 2200/=
My Speed Test
http://www.speedtest.net/result/779511999.png
මම නම් සිටිලින්ක් ඩයලප් යුසර් කෙනෙක්. මෙගා 5 ක් බාන්න පෑය බාගයක් වත් ඉන්න ඕනෙ.
Limit Eka Panapu Mage Dialog MBB Eka
http://www.speedtest.net/result/1287412963.png