2010 වසරට අලුත් වැඩ දෙකක්
කාලෙන් කාලෙට දේවල් වෙනස් වෙනවා, දියුණු වෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. ඔන්න ඉතින් ඉන්දරේගේ සයිබර් සිතුවිලි බ්ලොග් එකත් ඒ විදියට දියුණු වෙලා අලුත් විශේෂාංග 2ක් එකතු වෙන්නයි යන්නේ. දැන් මගේ බ්ලොග් එකට අවුරුද්දකට කිට්ටු වෙන්න වයසයි. ඉතිං මේ අලුත් වැඩ කිඩ දෙක මොනවද කියලා මම පිලිවෙලින් කියන්නම්.
එක:
මම අදහස් කලා මගේ බ්ලොග් එක තුලින් සරල සිංහලෙන් “C++ සමග ප්‍රෝග්‍රැමිං” කියලා පාඩම් මාලාවක් අරඹන්න. නමෙන් කියවෙන විදියටම C++ මුලසිට සරලව කියාදෙන්නයි බලාපොරොත්තුව. Hello World ඇප්ලිකේෂන් එකේ සිට Data Structures and Algorithms දක්වා.
දැන් මේක කියවන අයට නැගෙන ප්‍රශ්න (FAQ – Frequently Asked Questions)කීපයකට උත්තර දෙන්නම්.
- “ඇයි C++ වගේ පරණ එකක්? Java හොඳ නැද්ද?” – C++ යල්පැන ගිහින් කියලා කියන්නත් බෑ. තරමක් අඩුවෙන් උනත් (ජාවා හා .NET වලට සාපේක්ෂව) තවමත් ක්ෂෙත්‍රයේ C++ භාවිත වෙනවා. ඒ වගේම මට හිතෙනවා ප්‍රෝග්‍රෑමිං වලට අත්පොත් තියන්නෙකුට Java වලට වඩා C++ ලේසි වෙයි කියලා ආරම්භයක් විදියට. අනික Java කියන්නේ well-documented භාෂාවක් නිසා අන්තර්ජාලයේත් ඕනෑතරම් උදව් ලබාගන්න ක්‍රම තියෙනවා. නමුත් පැරණි භාෂාවක් වන C++ සඳහා හොඳ documentation එකක් නැති කමින් අන්තර්ජාලයේවත් උදව්වක් ලබාගන්න පුලුවන් තැන් බොහොම අඩුයි. 3 වෙනි කරුණ තමා මම Java වලට වඩා හොඳින් C++ දැන සිටීම ! :D
- “මේ පාඩම් මාලාව වෙනම බ්ලොග් එකක ලිව්වොත් නරකද?” – මේක මටම මුලින් ඇතිවෙච්ච ප්‍රශ්නයක්. මම මේ ගැන බුධාජීව මලයා එක්කත් කිව්වා. එයාගේ අදහස උනෙත් මේ බ්ලොග් එකේම ලියන්න කියන එක. මේකට වෙනම බ්ලොග් එකක් පටංගන්න තරම් මම වෘත්තීය මට්ටමින් ලියන්නෙක් නොවීමත්, මගේ ආත්ම තෘප්තිය උදෙසා මෙය ලිවීමත් නිසා මමත් අවසානයේ තීරණය කලා මගේ බ්ලොග් එකේම මෙය ලියන්න.
කාටහරි මගේ C++ ලිපි පෙල විතරක් කියවන්න අවශ්‍ය නම් ඒ සඳහා වෙනම category එකක් හදලා තියෙන නිසා මෙන්න මේ direct link එකෙන් C++ ලිපි පෙල වෙත යන්න පුලුවන්. http://blog.indranama.com/category/cpp/ ඒ වගේම C++ ලිපි සඳහා subscribe වෙන්න ෆීඩ් ලිපිනය පාවිච්චි කරන්න පුලුවන්. http://blog.indranama.com/category/cpp/feed/
දෙක:
මගේ විනෝදාංශයක් මගින් මම ඉගෙන ගන්න දේවල් ටිකකුත් මම බ්ලොග් එකේ ලිපි පෙලක් විදියට ලියන්න කල්පනා කලා. ඒ තමයි ලෝක ඉතිහාසයේ සිදුවූ වැදගත් සිදුවීම්. මගේ විනෝදාංශයක් තමයි ඔය වගේ දේවල් අන්තර්ජාලයෙන් කියවලා බලන එක සහ ඒ ගැන තියෙන Documentry බාගෙන බලන එක. (අනිත් යාලුවො ෆිල්ම් එකතු කරල බලන අතරෙ මම ඩවුන්ලෝඩ් කරන්නෙ මේ වගේ documentry :D ) ආ… මේ ලෝක ඉතිහාසයේ කිව්වේ මහා ඇලෙක්සැන්ඩර්ගේ කාලෙ, එහෙමත් නැත්තම් ගෙන්ගීස් ඛාන් ගෙ කාලෙ තරම් පැරණි සිදුවීම් නෙමේ. මෑත ඉතිහාසයේ, අවුරුදු දෙසීයක් තරම් කාලයේ සිදු වූ දේවල්. අපේ රටේ ඉතිහාසය ගැන ඉස්කෝලේ උගන්නන නිසා අපි සෑහෙන්න දේවල් දන්නවා උනත් ලෝක ඉතිහාසය ගැන අපි දන්න දේවල් ගොඩක් අඩුයි. ඒ නිසයි මම දැනගත්ත දේවල් ටිකක් හරි සිංහලෙන් කියන්න කල්පනා කලේ.
ලෝකය ගමන්ගත් මග තීරණය කලේ ඉතිහාසයේ සිදුවූ ඇතැම් මෙවන් සිදුවීම් වෙන්න පුලුවන්. ඒ නිසා මේවට History’s Turning Points කියලත් කියනවනේ. ඒ වගේම ප්‍රසිද්ධ කියමනක් තියෙනවනේ History Repeats Itself කියලා. ඒ නිසා අනාගතයේත් එවන් සිදුවීම් නැවත වෙන්න ඉඩ තියෙන නිසා අපි ඒවා ගැන දැනුවත් වීම වැදගත් වෙයි නේද?
කාටහරි මගේ ඉතිහාස ලිපි පෙල විතරක් කියවන්න අවශ්‍ය නම් ඒ සඳහා වෙනම category එකක් හදලා තියෙන නිසා මෙන්න මේ direct link එකෙන් ඉතිහාස ලිපි පෙල වෙත යන්න පුලුවන්. http://blog.indranama.com/category/history/ ඒ වගේම ඉතිහාස ලිපි සඳහා subscribe වෙන්න ෆීඩ් ලිපිනය පාවිච්චි කරන්න පුලුවන්. http://blog.indranama.com/category/history/feed/
ඔන්න මේ විදියට මම දැං ලිවීමෙන් ටිකක් බිසී වෙන්නයි යන්නේ ! කමක් නෑ ඉතින්, මට තියෙන එකම විනෝදාංශෙත් මේකනේ. මේ අතරෙ මම Digit.lk සඟරාව සඳහා Database Management Systems ගැන පාඩම් මාලාවකුත් ලියනවා. ලඟදි ආරම්භ වීමට නියමිත Cplus සඟරාව සඳහා Computer Graphics and Photoshop ගැනත් ලිපි පෙලක් ලියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ලියන එකම තමයි දැං එකම රාජකාරිය !

සැලකිය යුතුයි

එහෙනං ඔන්න අළුත් වැඩ දෙකටම සුභ පතනවා! :)
දෙවෙන වැඩේට ආසන්නෙං යන වැඩක් කරන්න මටත් හිතේ තිබුනා. ඒ කියන්නේ බයිස්කෝප් අඩවියේ චිත්‍රපටි ගැන යනව වගේ, documentary ගැන මගේ බ්ලොගේ ඇතුලෙම ලියන්න. එකක් ලිව්වා ටයිටැනික් ගැන, අපරාදෙ කියන්න බෑ, වැඩෙත් ඒ වගේම ගිලිල ගියා! හේතුව තමයි මම මේ අද්යාපනේ ඇතුලෙ ගිලිල සිටීම! :(
දැං ඉතිං තමුන්නැහේ බලන documentary ගැන ටොරන්ට් අපිට දෙනවා හොඳයි!
ඉන්ද්‍රනාම අයියේ ඒක නම් හොඳ වැඩක්.. ඔන්න මමත් ඔයාගෙන් C++ ඉඟන ගන්නව එහෙනම්.. ඔයාගෙ වැඩ දෙකටම සුභ පැතුම්! ඔන්න මම බලාගෙන ඉන්නව..
එල c++ ඉගෙන ගන්නත් පුලුවන් එහෙනම්. අපේ 1st semester එකෙත් තිය්නවා. මගෙන් සුභ පැතුම් !!!
මං නම් බලාන ඉන්නේ Documentary කෑලි එනකං, ඕං මායි බුධාජීව මලයයි අනිවා කැමතියි වැඩේට. පුළුවං නම් Subtitle තියේ නම් එව්වත් දාන්නකෝ, මං වැන්නකට ඒක උපකාරයක් වෙනවා වගේම අපේ ඇතැම් අයට තේරුම් ගන්න ලේසි වෙවි. :)
සුභම සුභ පැතුම් මචෝ!!!
අයියේ,
වැඩේට අපිත් කැමතියි.
ඔන්න අපෙන් සුභ පැතුම් !
C++ වැඩේනම් නියමයි.
2010 වෙනකම් ඉන්න ඕන නෑ,දැන්ම පටන් ගන්න.
මනුස්සයෝ වුණාම කාලෙන් කාලෙට අළුත් වෙන්න ඕනේ…. ඉන්දරේගේ අළුත් වැඩ දෙකටම මම සුභ පතනවා.
C++ යල් පැන ගිය භාෂාවක් නෙමෙයි. බාගෙන බලන්නකෝ ලිනක්ස් කර්නල් සෝර්ස් කෝඩ් එක. අමු අමුවෙම C. :D
ඔන්න මමත් එනවා පන්තියට
අලුත් වැඩ දෙකටම මගෙනුත් හද පිරි සුභ පැතුම් !
මමත් බලාගෙන ඉන්නෙ Documentary ගැන ලිපි ටික ලියවෙනකම්. ඒවල ටොරන්ට් ටිකත් දෙන්න හොඳේ. :)
වැඩේට ඔන්න එහෙනම් සුභ පතනවා. C++ පරණයි කියල හිතන්න ඕන නෑ. මම මේ දවස්වල ආයෙත් C එක්ක ටිකක් වැඩ කරනවා. ඒක ඉතින් C++ වලටත් එහා සෑනෙන්න පරණයිනේ. පෞද්ගලිකව මගෙනම් C++ චලට එච්චර කැමැත්තක් නෑ. Middle-level language එකක් ඕන වුනොත් කොහොමහරි C වලින්ම වැඩේ කරගන්න තමයි බලන්නේ. :) බලමු ඉන්ද්‍රනාමගේ ලිපි පෙලෙන්වත් හරිහමං විදියට C++ ඉගෙනගන්න පුලුවන් වෙයිද කියලා.
මටත් කාලෙක ඉඳන් අදහසක් තියනවා නිර්මාණකරණය ගැන ලිපි පෙළක් ලියන්න. මං ඉතින් ලියන්නෙ වැඩිපුරම තාක්‍ෂණික කාරණා ගැන නිසා, ලබන අවුරුද්දෙවත් ඉඩක් ලැබෙයිද කියල බලන්න ඕන.
ෂා නියමයිනේ….. සුභ පැතුම්!!!!!!!!!
එල එල තවමත් මම දන්න විදිහට NIBM එකේ එහෙමත් C++ උගන්වනවා…. :D හැබැයි උගන්වන කෙනා නම් දන්න ඉටිගෙඩියක් නෑ…..!! :( මට නම් C++ එපා වුනා NIBM එකේදි…. :( නමුත් හොදට C++ පුලුවන් නම් Java ගොඩාක් ලෙහෙසි වෙනවා නේද….?? :)
ආ.. එළ එළ… come’on 2010
ලියන්න මාත් ආසයි ඉගෙන ගන්න
nice work bro.
go go go head…
නියමයි, මාත් ඉගෙනගන්න ආසයි.
ලියන්ට ලියන්ට….
C++ යල්පැන ගිහින් කියලා කියනවනම් කවුරුහරි, ඒ කතාවට මම විරුද්ධයි ඕං
2010 වසරේ ඉදිරි වැඩ දෙකම සාර්ථක වෙන්ටය කියල සුභ පතනවා!!
ජය වේවා!!!!
එල කොල්ලෙක්නෙ ඔහොම යන් අපිත් අනිවාර්යෙන්ම කියවනව.
එල වැඩක්.. මම බලන් ඉන්නෙ Documentry ටික එනකන්..
C++ ලිපි පෙල ඇයි නෙත්තෙ.