Excel World හි අමතක නොවන දිනයක් | සිංහල බ්ලොග්කරුවෝ ප්‍රථම වරට රැස්වෙති
මාස කීපයක් තිස්සේ නොඉවසිල්ලෙන් බලා සිටි දවසක් ඊයේ උදා උනා. ඒ තමයි සිංහල බ්ලොග්කරුවන්ගේ ප්‍රථම හමුවීම. මේ හමුවීම කාටත් අවශ්‍යව තිබූ දෙයක් උනත් මේක කඩිනමින් පවත්වන්න මග පෑදුනේ මධුරංග ප්‍රභාත් විසින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ ගූග්ල් සමූහයට යොමු කල ලිපියක් බවත් මතක් නොකර බැහැ. සමූහය තුල වෙන වෙනස් thread තුල ලිපි 500ක් පමණ මේ හමුව ගැන හුවමාරු වෙන්නට ඇති.
හැමදාම අන්තර්ජාලය තුල එකිනෙකාගේ බ්ලොග් කියවමින්, චැට් සංවාදවල යෙදෙමින්, ගූග්ල් සමූහය තුල සංවාද කරමින් සයිබර් අවකාශයේ අතත්‍ය පරිසරයේ හමුවූ උදවිය හැබැහින් දැන අඳුනාගෙන කතා කරන්නට ලැබෙන අවස්ථාව මට නං සෑහෙන්න වැදගත් එකක් වුනා. හොඳ community එකක් ලෙස සවිමත් වීමට මෙසේ හැබෑ ලෝකයේදී හමුවී දැන හඳුනා ගැනීමත් සෑහෙන්න වැදගත් කියලයි මම හිතන්නේ. මෙම අවස්ථාව බ්ලොග් ලියන අයට පමණක් නොව කියවන අයටත්, ඒ ගැන උනන්දුවක් ඇති අයටත් විවෘත වුනේ පාඨකයන් නැති බ්ලොග් ප්‍රජාවක් ලුණු නැති හොද්දක් වගේ වන නිසා.
ඔන්න ඉතිං කොහොමින් හරි මේ අවස්ථාව අන්තිමේ දෙසැම්බර් 19 වෙනි දින කොළඹ 10, Excel World හිදී උදෑසන 11 සිට සවස 3 දක්වා පවත්වන්නට හැකි උනා. ගූග්ල් සමූහයේදී විශාල පිරිසක් “අපි අනිවා එනවා…” යැයි දිවුරා පැවසුවත් ආවේ නං 50-60කට ආසන්න සංඛ්‍යාවක් :D මේ අතුරින් මධුරංග ප්‍රභාත්, චානක මුණසිංහ (මකරා), කතන්දර කාරයා වැනි උදවිය විදේශ වල සිට මේ අවස්ථාවට සහභාගී වෙන්නට පැමිණ සිටීම විශේෂ දෙයක් උනා. බ්ලොග් නොලියන, ඒත් කියවන පාඨකයනුත් සෑහෙන්න පිරිසක් පැමිණ සිටීමත් කැපී පෙනෙන සිදුවීමක්.
[ මෙම ඡායාරූපයේ වැඩියෙන්ම කැපී පෙනෙන පුද්ගලයා කවුදැයි කමෙන්ට් වල සඳහන් කිරීමෙන් ජයග්‍රහණය කරන අයට වටිනා ත්‍යාග පිරිනැමේ ! :D ]
මේ අවස්ථාව ustream.tv අඩවිය ඔස්සේ සජීවීව අන්තර්ජාලයට මුදාහරින්නටත් කටයුතු කල අතර එම පටිගත කරන ලද වීඩියෝ මෙහිදී දැකගන්න පුලුවන්. වීඩියෝ තරමක් quality අඩු වීම ගැන නම් සමාවෙන්න ඕනෙ.

දසුන් යුනිකෝඩ් ගැන කියාදෙමින්
11 සිට 1 දක්වා පැය 2 වෙන්කර තිබුනේ රැස්වීමකට. මේ සඳහා Excel World හි Conference Room එකක් යොදාගත්තා. මුලින්ම පැමිණ සිටි බ්ලොග්කරුවන්, පාඨකයින් තමා පිලිබඳව පොඩි හැඳින්වීමක් කරමින් අන් අයත් හඳුනාගත්තා. එහිදී සභාව ඇමතූ කාලිංග සංසදයේ ආරම්භයේ සිට මේ දක්වා වැදගත් සිදුවීම් පිලිබඳව විවරණයක් සිදු කල අතර සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය පවතින්නේ කුමක් සඳහාද යන්න පිලිබඳවත් විග්‍රහ කලා. ඉන්පසුව දසුන් සමීර වීරසිංහ විසින් සිංහල යුනිකෝඩ් පිලිබඳව කෙටි හැඳින්වීමක් සිදුකලා. චානුක වත්තේගම, බන්දුල රණතුංග යන මහත්වරුද මෙහිදී තම අදහස් දැක්වූවා.
1 සිට 3 දක්වා ආහාර ගැනීම යෙදී තිබුනු අතර කලින් සිතා සිටි පරිදි අප සියලු දෙනාටම එකලඟ මේස වල සිට ආහාර ගැනීමට නොහැකි වූයේ නිවාඩු දවසක් වීමත්, නත්තල් විවිධ ප්‍රසංගයක් එහි පැවැත්වීමත් නිසා එදා Excel World එක ජනාකීර්ණ වි තිබීම නිසයි. ආහාර වෙලාවේ බොහෝ පිරිසක් සමග කතා කිරීමට සිතා සිටියත් අවසානයේ මටත් රවිමල්ටත් සිදුවූයේ තනිවම මේසයකට වී ආහාර ගැනීමටයි :D නමුත් ආහාර ගැනීමෙන් පසුව සෑහෙන්න දෙනෙක් හා කතා කිරීමට හැකි වුනා. පුෂ්පා රම්ලානි මහත්මිය සමග කතා කරන්නට නොහැකී වීම ගැන නම් දැනුත් දුක් වෙනවා.
කොහොම හරි ඉතින් අවසානයේ සභා තොමෝ ජොලියෙන් විසිර ගියාහ :D අමතක නොවෙන දවසක් අවසන් උනේ ඒ විදියටයි. ඊලඟ හමුව මීටත් වඩා සාර්ථක විදියට පවත්වන්න ඕනෙ කියන අධිෂ්ඨානය හැමෝගෙම සිත් තුල ඇති උනා කිව්වොත් මම නිවැරදියි කියලා හිතනවා.
Breaking News: මීලඟ සිංහල බ්ලොග්කරුවන්ගේ හමුවීම අපේ බින්කුවා තම සම්පූර්ණ පෞද්ගලික වියදමින් කොළඹ Cinnamon Grand හෝටලයේ පවත්වන්නට සූදානම් බව වාර්තා වේ :D
කලින් කියන්න අමතක උනා නෙව. මේ පොටෝ මම ඉස්සුවේ මලින්ත, ගයාන් තාරක, රචින්ත ජයවර්ධන, ලිෂාන් යන කට්ටියගේ facebook album වලින් :P





සැලකිය යුතුයි

එල එල …..
මම නම් දන්නෙත් නෑ ඔහොම එකක් තිබ්බ කියල ! :(
නැත්නම් ඇවිත් යන්න ට්‍රයි එකක් හරි දෙන්න තිබ්බා !! ශෙක් !
මට නම් ඉතින් අර ෆොටෝ එක දැක්ක ගමන් දැක්කෙ කාලින්ග අය්යව… :) කව්ද අප්පා ඔය එයා කරට අත දාගෙන ඉන්න කෙනා… එයාගේ කෑල්ලද ? :P
ඊලඟ පාරවත් එන්න බලන්නම් !
අයියොහ්… මල්ලි google group එකට ජොයින් වෙන්න. එතන තමා ගොඩක් කතාබහ සිදුවෙන්නේ.
එල…එල !!
මූව දැක්ක කල් දැන් ඩයරිය කියවන්නත් නෑ | SBU එකේ ගූගල් ගෲප් එකට සෙට් වෙන්න
කෑල්ල කියන්න එපා…. හොඳ නැහැ නෙව එහෙම….
අපි කාලිංග ආර්යාව කියමු :D
අපි කට්ටියට ඇත්තටම ඊයෙ සෙට් වෙන්න පුළුවන් වුන එක ලොකු දෙයක්. පුද්ගලික හේතුවක් නිසා මට ඉක්මනට යන්න උනා. :-( කට්ටියත් එක්ක කන්න ඉන්න බැරි උනා.
අපි මේ ආරම්භ කරපු දේ දිගටම අරගෙන යන්න උත්සාහ කරමු.
සෙට් වීමේ යෝජනාව ගෙන ඒම ගැන මට ඇත්තටම නිහතමානී සතුටකුත් ඇතිවෙනව. ඒත් මේ වැඩේ කරද්දි තිරයේ පිටුපස ඉඳන් වැඩ ගොඩක් කරපු සෑහෙන කට්ටියක් ඉන්නව. ඒ අයවත් අපි මතක් කරන්න ඕනෙ හැම වෙලාවෙම.
සිංහල බ්ලොග්කරුවන්ට ජයෙන් ජයම වේවා.
ඒක තමා මාත් බැලුවෙ හවස් වෙනකොට දකින්න හිටියෙ නැත්තෙ මොකැයි කියල.
ah ubada yojanaa kale . . . . elaga paara ekedi mama yojanaa karanawa me wade yojanaa karapu madhurangata etana inna kello okkogenma kiss eka eka gaane denna ona kiyala me masuran yojanaawa kalata . .. hik hik
වැඩේට එන්න බැරි උනත් ටච් එකේ හිටියේ.පන්ති නිසා එපාවෙලා ඉන්නේ.කොහොමහරි වැඩේ එළටම ගියානේ.ඒකගැන සතුටුයි.ලබන අවුරුද්දේ රැස්වීම තියාගන්න බිංකු භාර ගත්ත එක ගැනනම් සතුටුයි. :-)
පංතියක් කට් කරගෙන හරි එන්න වටින සීන් එකක්නේ ඒක ! :)
(කිරි) අප්පට බල්ලෝ පැනපි කිව්වලු!
අඩේ ඉන්දරේ, හිටුකෝ ආයි හම්බ වුණාම ඉතුරු කරන්න! :P
අැත්තටම ගොඩක් සන්තෝසයි…කවමදාවකවත් හෑබහින් නොදකපු පිරිසක් හෑබහින් දැක සුහදව හමුවීම පිළිබදව…
ආයිත් අහලා ! :)
මල්ලී, උඹ කුරුමිට්ටා වගේ ෆොටෝස් වල ඉන්නවා මං දැක්කා..
ඒක නෙමෙයි උඹලා පවුල් පිටින් බ්ලොග් ලියනවා නේද? අනිත් අයට ආදර්ශයක් ගන්නත් එක්ක, පවුලවත් එක්කන් ගියානම්නේ හොද.. හෙ හේ, අපේ කාලිංගයා වගේ කරට අත දාන් ෆොටෝ එකකුත් ගන්න තිබුනා නෙව…
(අනේ ඌ අහිංසකයා, මම මේ නෝන්ඩියක් නෙමේ දැම්මේ) හෙ හේ..
ඊලඟ සැරේ එන්න මට පුළුවන් වෙයි වගේ.. බලමුකෝ..
ඒ.. මං එච්චර මිටි නෑ…
(අපේ සුදාරක මලයා එක්ක මාව පැටලිලාවත්ද?? O_o )
ඔය කිව්වේ…
නෑ නෑ… සුදාරකයා හිනා වෙන කොට කට කනේනේ… මං ඌචත්, උඹවත් හොදටම දන්නවා බොල.. හෙ හේ.. දැකලා නැති කම විතරයි..
කොහොම උනත් , ඒ ෆොටෝස් හැම එකකම, වගේ උඹ මිටීනේ (සාපේක්ශව)…
එතන හිටපු අනිත් එවුන් උස ඇති මං හිතන්නේ..
මමයි, මකරයි ඊයෙ පිටිපස්සට වෙලා කියපු පිස්සු කතා ටිකත් අහගෙන හිටිය නේද?
මම හයියෙන් “ඉන්දරේ” කියලත් කෑ ගැහුව මතකද?
අඩේ ඉතිං මම උඹව කලින් දැකලවත් නෑ නෙව…
මුලින්ම උඹ “ඉන්දරේ නේද?” කියල මගෙන් අහද්දි මම හිතුවා නිකං taboo හරි beyondframe හරි වගේ serious පොරක් කියලා :D
labana paara ekatawath ennam . . . mona korannada?? niwadu ganna bari wunaane indare malliyaaa. . .
අවුලක් නෑ, දැන් ඉතින් start එක දුන්න නිසා අවුරුදු පතා බ්ලොග්කරුවන්ට මුනගැහෙන්න පුලුවන්. අපි ඊලඟ එකේදී හමුවෙමුකෝ…
ඊලග පාර කොහෙද තියෙන්නේ? මම නම් අනිවා එනවා මොන වැඩේ තිබ්බත්
aniwaaa. .. . . jaya
හ්ම්ම් මට නම් එදා එන්න උනේ නෑමොකද මට තලවතුගොඩ යන්න උනා | SLCG ekata
ඒත් ලයිව් ස්ට්‍රීම් එක නම් බැලුවා
ඊලග පාර සෙට් වෙමුකෝ
ඇයි මේ ගැන බින්කුවා නිහඬ? :D
නම ගම නැති වී ආපසු සොයන්නට ඔහු අත්තස්ථාන වී සිටියේයලු.
මට එන්න බැරි උන එකට හරිම කණගාටුයි…මෙවැනි හමුවීමක් තිබීම සතිටට කරුණක්…ඊළග පාර සෙට්වෙන්නම්කෝ…. :)
පට්ට තමා,මං 2011 එකටවත් එඤ්ඤ බලඤ්ඤංකෝ!
මටත් හෙන අවුල්! මම දන්නෙත් නෑ බං කට්ටිය සෙට් වෙනව කියල!
හික්.. මමයත් ඉන්නවා.. :D
කවුද බං “මමයා” කියන්නෙ? O_o
මම (me)
Breaking News: මීලඟ සිංහල බ්ලොග්කරුවන්ගේ හමුවීම අපේ බින්කුවා තම සම්පූර්ණ පෞද්ගලික වියදමින් කොළඹ Cinnamon Grand හෝටලයේ පවත්වන්නට සූදානම් බව වාර්තා වේ
Please Notice මීලඟ සිංහල බිලොග්කරුවන්ගේ හමුවීම පැවැත්වෙන්නේ පෙබරවාරි 30වැනිදා බව ඔබේ දින දර්ශනයේ සදහන් කර ගන්න. :P
siraawatama ????? aneeeeeeeeeeeee mage niwaaaduwa feb 13 wenidaain iwaraine banz . .. . . eelaga ekath ehenam habak . .. ayiyooooooo
පොඩ්ඩක් දින දර්ශනයේ බලන්නකෝ පෙබරවාරි 30 වැනිදාවක් තියෙනවද කියලා! ;)
අඩුපාඩුවකට තිබුණේ පොඩි සංගීත භාණ්ඩ ටිකක්… තිබුණා නං……………. එක්සෙල් පවර්පොයින්ට් කරලා අපි එන්නේ…. :D
ela ela sameera . .. labana paara aniwaaryen kattiya ekatu wela sindu kiyanna puluwan vidihakata set wemu . . .
ආ… අමතක වුණා…. වැඩියෙන්ම කැපී පෙනෙන පුද්ගලයා ගයාන් තාරක. බලපං උගේ දකුණු අතයි දකුණු කකුලෙ පළුවකුයි කැපිලා.
(උඹ පිංතූරෙ crop කළේ එහෙම නෑ නේද? :D )
මට නම් එන්න බැරි උනා. දැන් බ්ලොග් කීයක කමෙන්ට් දැම්මද මන්දා. අපි කරපු welcome එක 20 තිබුනනේ. ඒ නිසා ඔය වෙලාවෙ පූර්ණ කාලීනව ඒකට වැඩ කලා. බැච් එක අංක එකනේ…
හැබැයි ඔය යන නොයන ගානට හිටපු පහන් අයියත් ගිහිල්ලා. නිකං හොම්බ දාලා එනවා කියපු ශාකුන්තල අයියා දවසම එතන. තව ලසිත අයියා චමිල අයියා එහෙමත් ගිහිල්ල තියෙන්නේ. නිකං හරි කියල යන්න තිබුනා.
බලමු බලමු ඊළඟ එකට එන්න. හැබැයි මට නම් ඉතින් ඔය excel world වගේ පොෂ් තැන් වල කෑම එහෙම දිරවන්නේ නෑ.
වැඩියෙන්ම කැපී පෙනෙන්නෙ ඉන්දරේ අයිය නොවැ.
හැබෑටම අර දෙනව කිවුව තෑග්ග මොකක්ද?
මම අදයි මේ ලිපිය දැක්කේ. මේ රැස්වීම තියෙන කල මට බ්ලොග් අඩවියක් තිබුනේද නෑ මම බ්ලොග් කරුවන්ගේ සංගමයේ හිටියෙත් නෑ. ඒත් දැන් මම බ්ලොග් කරුවන්ගේ සංගමයේ ඉන්න නිසා මීළඟ රැස්වීමට එන්න උත්සාහ කරනවා කේස් එකට තියෙන්නේ මම මාතර ඉන්න එකයි.
අයියෝ අර බුධාජීව අයියා ඉන්නෙ, මෑන් එක්ක එන්න බැරියැ මලයෝ… :)
ආ ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා එහෙනම් එහෙමවත් කරන්නම්. ස්තූතියි දුන්න අහහසට. :)
එළ
තනියෙං යන්න බැරි නං මාත් එක්ක යං. බට් මටත් එක්ක බස් ටිකට් ගන්න ඕන හොඳෙයි මලයෝ?
හපොයි අර පොඩි දරුවව යවන්න උඹත් එක්ක?? 8-O
හෙහෙ. අපිවගේ උත්තමයො එක්ක ගියාම නරක් වෙලා තියේවි! :P
ෂා නියම බුධාජීව අයියෙක්. අපි මෙහෙම කරමු ඉන්ටර්නෙට් එකෙන් ඔන් ලයින් කාසියක් උඩ දාමු. හෙඩ් එන එක්කෙනා තමයි ටිකට් ගෙවන්නේ(ඒත් එහෙම සයිට් එකක් හොයාගන්න එක තමයි ප්‍රශ්නේ):D
@බුධාජීව -: අයියාගේ කොහේද උත්තම ගති තියෙන්නේ?
පුදුමයි අපේ බුධා අයියා උත්තමයෙක් වෙලා
මල්ලි මෙයාගෙ උත්තම ගති මතුවෙන්නෙ ගෑනුලමයි ඉස්සරහදි තමා :D මතු වෙලා ඒවා පැණි ලෙස බේරෙනවා :lol:
දැක්කනෙ අර ෆේස්බුක් එකේ පොටෝ එකකුත් තිබුනෙ :lol:
@ප්‍රවීන් ඉන්ද්‍රනාම -: ඔව් ඔව් අපේ බුධා අයිය හැදිල ඉවරයි.
මම ඒ පොටෝ ටික දැක්ක
@ප්‍රවීන් ඉන්ද්‍රනාම, @සිතිජ සහන් හසාර හේවාගමගේ:
මම තොපි දෙන්නාට විරුද්ධව නීතිමය පියවර ගමි!
මම අවංක, නිකැලැල්, සුපිරිසිදු, බ්ලා බ්ලා බ්ලා එකෙකි!
@සිතිජ සහන් හසාර හේවාගමගේ:
මම “ටිකට් ගෙවන්න”ම්, මල්ලි සල්ලි ගෙවන්න. එතකොට අවුලක් නෑ නෙ?
මගෙ උත්තම ගති තියෙන්න මල්ලි විශේෂ පොට් එකක!
කවදද ඉතින් ඊළඟ හමුවීම….