ඔන්න ඉතිං අද උදේ වරුවෙ අපි ගෙදර කට්ටිය පන්සල් ගියා. මේ අවුරුද්දෙ අන්තිම දවස නිසා වගේම පොඩි බෝධිපූජාවක් තියන්නත් එක්ක. ඒ පන්සලේදි දැක්ක අසාමාන්‍ය දෙයක් මම කැමරාවට හසුකර ගත්තා. අසාමාන්‍යයි කියන්නේ මේක පන්සල් වලට ආගන්තුක දෙයක් නිසා.

මොකක්ද කියලා අඳුරන්න පුලුවන්ද? ආදාහනෝත්සවයක්වත්, බාබක්‍යු පාටියක්වත් නෙමෙයි, ගිණි පෑගීමක්.
මම කොහොමත් පෞද්ගලිකව පන්සල් වල දේව වන්දනා කෙරෙනවට විරුද්ධ කෙනෙක්. ඒ මේ දේව වන්දනාව බුදු දහමට පිටතින් එකතු උන, අනවශ්‍ය ආගන්තුක දෙයක් නිසා. ඒත් ඉතින් දේවාලයක් නැති පන්සලක් ලංකාවෙන් හොයන්න අමාරු වගේම හතර පෝයට සිල් ගන්න බෞද්ධයො උනත් පන්සලට ගියොත් දේවාලයට නොගිහින් අරින්නෙ නැති විදියට ඊට ඇබ්බැහි වෙලා.

ගිණි පෑගීම කියන්නේ කොහොමත් හින්දු ආගමෙන් ආපු දෙයක්. මෙතෙක් කල් ගිණි පෑගීම් තිබුනේ කතරගම, මුන්නේස්වරම් වැනි හින්දු දේවාල වල විතරයි. දැන් පන්සල් වලටත් මේ සංස්කෘතිය බෝ වෙලා වගේ.
මට පැනනැගුණ ප්‍රශ්නය තමයි, බෞද්ධයන් කුඩා බයිබල් කල්ලි විසින් තම ආගමට හරවා ගැනීම ගැන ඝෝෂා කරන අය, මම කඨිණ පෙරහැරේ කෙරෙන අනවශ්‍ය විකාර විවේචනය කල විට ඊට විරුද්ධව ඝෝෂා කල අය, ඇයි මේ වගේ ආගන්තුක දේවල් බුද්ධාගම ආක්‍රමණය කරනවට විරුද්ධ නොවෙන්නේ?
ඉන්දරේගේ තවත් විමර්ෂණයක්. ඉන්දරේ අවදියෙන්!!
ඇත්තටම බනින්න ඕන ඔය කල්ලිවලට නෙමෙයි, මේ තත්වෙට ඇදල දාපු දුස්සීල සංඝයාට. මේ වගේ විච්චූරණ කර කර ඉන්නෙ නැතුව ගමේ මිනිස්සුන්ගෙ දුක සැප හොයල බලන්නෙ හාමුදුරුවරු කීයෙන් කී දෙනාද?
හරියට හරි, බුදු දහම තමන්ගේ වාසියට හරවාගෙන ඒවාගෙන් වාසි හදාගෙන බිස්නස් කරමින් ආගම කන්නේ අපේ සංඝයා තමයි.
සහතික ඇත්ත සංඝයා විතරක් නෙමෙයි අපේ පරණ මෝඩ දායක සභාවත් වගකියන්න ඕන/මේ දෙගොල්ලම පන්සලෙන් පන්නපුදාක ගොඩක් දේවල් හරි යයි
මේව බල බල අපෙ මහනායක ස්වාමින් වහන්සේලත් මොනවා කරණවද
උබත් පාගපන්
මම යනකොට අඟුරු නිවිලා බං, නැත්තං පාගනවා :D
දවසක අපේ කට්ටිය තෙරෙයි කරන වැඩ වල විපාක. එතකොට පරත්කු වැඩිය හැබැයි. අපිට කරන්න තියෙන්නේ මෙවා බලන් ඉන්න එක විතරයි
budu dahamat hvikurthi karanawa appa dan inna minissu . .. ayoyoooo
මේකට හේතුව තමන් නිසිමග ගොස් ඇතැයි සිතන තමන්ගේ ආර්ථික ප්රතිලාභ, සැපසම්පත් වලටම වැඩකරන චිවරධාරීන්.
මම උපතින් බෞද්ධාගමිකයෙක්. හැමෝම වගේ දහම් පාසල් ගියා. ධර්මාචාර්ය දක්වා යම් පමණකට බුදු දහම ඉගෙනගත්තා. ඒ වගේමයි පන්සලේ පවත්වන ලද බොහොමයක් සාමාජික වැඩවලට සහය වුනා. මේවායෙදී මට තේරුනා මම ඇහින් දැක්කා සංඝයාවහන්සේලා කියා ගන්නා චීවරධාරින් කරන නොයෙක් අකටයුතුකම්. මොවුන්ගේ ගොදුරු තමයි අහිංසක මිනිස්සු. බුදු දහම විකෘති කරලා ලස්සන බණ කථා කියලා ඔවුන්ව නිවන් දොරටුවකින් තල්ලු කරන්න හදන මේ චීවරධාරීන් මට සදහටම එපා වුනේ මම ඡායාරූප ශාලාවක වැඩකරද්දී. ලංකාවේ ප්ර ධාන පන්සලක ප්රධාන චීවරධාරීයා නොයක් ඉරියව් වලින් (චීවරයත් ඇදන්) ස්ත්රීන් එක්ක පිංතූර අරන් ලැජ්ජාවක් නැතිව ඒවා මුද්ර්ණය කරන්නත් එවලා. (ඉතින් මෙවැනි මිනිසුන්ගෙන් බුදුන් වහන්සේ දෙසු ඒ සද්ධර්මය අපට ඇසිය හැකිද)
මොවුන් මේ මගින් කරන්නේ බුදුදහම විකෘති කීරීමක්. නමුත් අප මේ දේ දැන දැනත් තවත් මොවුන්ට පුද සත්කාර කරන්නේ ඉතිරිව ඇති බෞද්ධ ආගමවත් ඉදිරියට ගෙනයාමටද?
ප. ලි. – සියලුම සංඝයාවහන්සේලා මෙවැනි චීවරධාරී සල්ලි, සැපසම්පත් හොයන මුදලාලිලා නොවන බව කරුණාවෙන් සලකන්න..
ගිනි පෑගීම විතරක් නෙමේ. ගුරුකම්, බෝධි පුජා (ඇතැම් පන්සල්වල මේවා කරන්නේ බලෙන්ම හා පිළිකුල් සහගත විදිහට), අවේලාවේ පවත්වන පෙරහැර, අනවශ්‍ය අහසට උස මන්දිර අවාස ගෙවල් වගේ දේවල් තැනීම එකත් කරන්න පුළුවන්. බුද්න් වහන්සේ වදාල ධර්මයට මේවා අවශ්‍ය නැති නිසාත් එදිනෙදා වේල යාත්තමින් ගැට ගහන, වෙහෙර විහාර බහුල තැන්වලදීත් භික්ෂුන් දෙ තුන් නමක් ඉන්නා පොඩි අරාමයේදී සිදු වීම, සමාජයට මනුෂ්‍ය වංශයාට කරන්න දේ තිබියදී බලෙන් හෝ දායිකයන්ගෙන් මුදල් එකතු කරමින් කරන නිසායි මේවා මගේ ශෝකයට හේතු වන්නේ. දැන් මම මේ බවුද්දකමින් ඈත් වෙලා ඉවරයි, තවදුරටත් බුදුන් වදාල ධර්මය හැකි පමණින් අනුගමන කරන කෙනෙක් විතරයි.
ගිනි පෑගීම විලාසිතාවක් ලෙස පන්සල් වල පැතිර ගියේ හැටේ දශකය අග භාගයේදීය. එය අවසන් වූයේ, මේ කටයුත්ත අරුමයක් නොවන බවටත් ආගමික වතාවත් නොපිළිපැද ගිනි පෑගීම කළ හැකි බවටත් ආචාර්ය කාලෝ ෆොන්සේකා කතරගමදී ප්‍රයෝගිකව කර පෙන්වූවායින් පසුය.
පන්සලට මිනිස්සු ටිකක් එකතුකරගන්න කරපු අහිංසක උත්සාහයක් වෙන්න පුලුවන්.
වැඩේ හරිය කියල මම කියන්නෙ නෑ.
තවම රාජ්‍ය අනුග්‍රහයෙන් බහිරව පූජාව පවත්වන අපේ රටේ ඕකත් මොන අරුමයක් ද. එක්තරා සන්ස්කෘතික අංගයක්. දෙවියන් බුදුන් සිහිකරල කරන දෙයක්.
ඔන්න කෝලං මඩුවක් පන්සලේ දැමම නං අමු වැරදියි. ගිනි පෑගීමටනං බයින්නත් අමාරුයි.
ආයෙ අමුතුවෙන් මොනාද කෝලම් මඩු දාන්න තියෙන්නෙ. පන්සලම ඔය කෝලම් මඩුවක් වෙලා තියෙන හැටි පින්තූර එක්ක දාල තියෙන්නෙ. අනේ බුදු හාමුදුරුවෝ හිටියනම් මේ කාලේ සදහටම වනගත වෙනවා. ඔය වගේ විකාර ගැන බුදු හාමුදුරුවෝ කිව්ව දේ දැනගන්න කැමති අය දීඝ නිකායෙ සාමඤ්ඤඵල සූත්‍රය කියවන්න.
ඔය බවුද්ද පංසල් මිස බුදුන් වදාළ ධර්මය අනුයන බෞද්ධ සංඝයා වාසය කරන විහාරස්ථාන නොවේ, ඉතින් මේවා බලාපොරොත්තු විය යුතු සිද්ධින්ය.
දැන් අපිට චීවරධාරීන් කියනා දේ අසා සිට ඒවා පිළිපැදීමේ හැකියාවක් නැහැ, දැන් ඉතින් තමන් හිසට තම අතමය සෙවනැල්ල.
බෞද්ධ දර්ශනය හදාරන්න බොහොම වටින එකක්. හැබැයි බුද්ධාගම ගැන නම් දැන් කතා කරල වැඩක් නැහැ. හාමුදුරුවරු කියන ඕනෙම දෙයක් සැදැහැ සිතින් පිළිගෙන කිසිම දෙයක් ප්‍රශ්න නොකරන එහෙයියන් තමයි මීට වග කිව යුතු.
ඕනෑම ආගමක ඊට පසුබිම් වන ආගමික දර්ශනය සහ පසුකාලීනව ව්‍යවහාරය වන ‘ආගම’ අතර පැහැදිලි වෙනසක් තියෙනවා. ඒක ක්‍රිස්තියානි, ඉස්ලාම් ආගමට මෙන්ම බුද්දාගමටත් පොදුයි.
ලංකාවේ අද වන විට ‘ව්‍යවහාරික බුද්දාගම’ තුලට ඈතුලත්ව ඈති ඔය කියන විවිධ අංග වගේම ඒ සෑම ආගමක්ම අඩු වැඩි වශයෙන් එය ව්‍යවහාර වන සංස්කෘතික හා සමාජ පරිසරය තුලින් යම් යම් දේ උකහා ගනිමින් සහ ඒවා වෙත යම් යම් බලපෑම් කරමින් සංවර්ධනය වෙනවා. හැඩගැසෙනවා.
ලාංකාවේ අද භවිත බුද්දාගම කියන දේ කියන්නේ එදා මහින්දාගමනයෙන් පසු සංස්ථාපිත වූ බුද්ධාගමවත්, 1900 ගණන් වල ව්‍යවහාරික බුද්දාගමවත් නෙමෙයි. (මම කියන්නේ සහමුලින්ම වෙනස්ය කියන අර්ථයෙන් නෙමෙයි. එහි මතුපිට සහ ව්‍යවහාරය ගැන වැඩිපුර හිතමින්). අද ලාංකීය බුද්දාගම කියන්නේ සමාජ අනුවර්තනයත් එක්ක ක්‍රමික වෙනස් කම් වලට පත්වුනු සහ එක් එක් යුගයන් හීදී හින්දු ආගමික සංකල්ප වල බලපෑම ද තවත් යුගයක ක්‍රිස්තියානි-කතෝලික බලපෑම හරහාත් හැඩගැසෙමින් ආ එකක්. ඒ ආකාරයට අවශෝෂණය වුනු අංගයකට හොදම නිදසුන්නක් විදියට නත්තල් කැරෝල් සහ වෙසක් බැති ගී අතර සම්බන්ධය පෙන්නා දෙන්න පුලුවන්.
මේ විදියට ජොතිෂ්‍යය, දේව ඈදහිලි සහ ගිනි පෑගීම් කියන දේවලුත් ඔය විදියටම එකතු වුනා කියල සලකන්න පුලුවන්වුනු දේවල්. එසේ වීමට බලපෑ විවිධ සමාජීය හා දේශපාලනික හෝ වෙනත් සාධක තියෙන්න ඈති.
මම කියන්න උත්සහ කලේ එය එසේ වීම නිසා මේ දේවල් හරිය, ඒවා සාමාන්‍ය දේවල්යසාමාන්‍යයය කියන එක නෙමෙයි. ඒ වෙනුවට ව්‍යවහාරික ආගම සහ ඒවා එය සමාජ වෙනස්වීම් එකක් සමඟ ක්‍රමිකව යම් යම් වෙනස් කම් වලට බඳුන් වන බවත්, ව්‍යවහාරික ආගම සහ ඊට පදනම් වන මූලික ආගම් දර්ශනය කියන දේ අතර පැහැදිලි වෙනසක් දැකිය හැකියි කියන එකත්.
අන්තිමට කවුරැ හරි කෙනෙක් මෙවැනි එක්වුනු ආගමික අංග හා මූලික ආගමික දර්ශනය අතර සාම්‍යයක්, සම්බන්ධයක් ගොඩනගන්න යනවා නම් ඒක පැහැදිලි විකෘති කිරීමක්. මම නම් ළඟදි අහන්න දකින්න ඈහුවේ දැක්කේ නැති උනත් එවැනි දේ බෞද්ධ භික්ෂූන්ය කියාගන්නා උදවියම විවිධ විද්්‍යුත් මාධ්‍ය හරහාත් ප්‍රකාශ කරන අවස්ථා අපි දැකල තියෙනවා. විශේෂයෙන් ජොතීෂය සම්බන්ධයෙන්.
මේ නිකමට හිතුනු දෙයක් කිව්වා විතරයි. මම හිතන්නේ මේ සම්බන්ධව මීට වඩා පැහැදිලි සහ නිවැරදි කියවීමක් ටැබූගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන් කියලා.
–
ප්‍රතිචාරය මාතෘකාවට අදාල නැති හෑල්ලක් වගේ වුනා නම් ඒ ගැන කණගාටුයි.
ලංකාවේ රජවරු කරපු ලොකුම පිස්සුව තමා ලංකාවෙ මෙච්චර ගෑණු ඉන්නැද්දි ඉන්දියාවෙං ඉම්පෝර් කරපු එක. පන්සල් වල කෝවිල් හැදෙන්න මූලික හේතුව තමා ඒක.
හික්! ඒක නං සහතික ඇත්ත :D
අනික පසුකාලීනව නායක්කර් වංශික රජවරු ඉන්දියාවෙන් මෙහේ ඇවිත් ලොකු පුටුවෙ ඉඳගත්ත එකත් එක හේතුවක්.
බලාගෙන ගියාම රජ්ජුරුවන්ටත් සියරට දේ සිරිසැප දීලා නෑ නෙව!
තව සීන් එකක්.. අනුරාධපුරේ ශ්‍රී මහා බෝධිය ළඟට ගියොත් බෝධිය පාමුල දේවාලෙක “බ්‍රාන්ච්” එකක් බලාගන්නත් පුලුවං.. දැනටමත් එතන සීනු ගගහ පූජා තියනව. ළඟදීම එතනදිත් ඔය ගිණි පෑගීම්, කටු ගැසීම් ඇතුළු සියලු දෑ බලාගන්න පුලුවංවෙයි.
කොහොමත් දැං වැඩිහරියක් හාමුදුරුවෝ චූන් වැඩවලට කැමතියිනේ. ගානක් හොයන්න පුලුවන්නම් මොක වුනත් කමක් නෑ. ඉස්සර වගේ නෙවෙයි දැං පන්සල් යනකොට තෙල් මල් හදුංකූරු විතරක් මදි.. ඇයි බෝධියේ රන් වැටට අච්චරයි, දේවාල ගෙට මෙච්චරයි කිය කිය බලහත්කාරයෙන් ආධාර ඉල්ලනවනේ.
අනිත්එක මේවට ගිහියොත් වගකියන්න ඕනේ. අද ගෙඩක් අය පන්සල් යන්නේ විලාසිතාවටනේ. වැඩදාන කැටයම් දාන පන්සල් තමයි නැගලා යන්නේ. සීලවන්තව සදාචාරය පන්සල් භූමියේ ස්වභාවිකත්වය රැකගෙන තියන පන්සල් වලට යන්න ගොඩක් අය කැමති නෑ. ඉතිං පෘතඃජනයන් වුන හාමුදුරුවෝත් වෙනස් වුන එකේ අරුමයකුත් නෑ. මම නම් හිතන්නේ මිත්‍යාදෘෂ්ඨික නොවන ගිහියන් පිරිසක් බිහිවුනොත් මේව්වා ඔක්කොම හරියයි කියලා. ඒක කරන්න සුදුසුම අය වෙන්නෙත් ශීලවන්ත චීවරධාරීන්මයි.
මුත් වෙග් දුස්සීලයන්‍ට කෙඩ් යන්ට එපා.ඔය සියල්ල අයිති වන්‍ෙන් බුදූරජාණන් වහන්‍ෙස් ෙද්ශනා කරපු මිත්යා දෘෂ්ඨි10 ට.බුදූරජාණන් වහන්‍ෙස් ෙහාදින් ෙද්්‍ශනා කරල තියනව ඔය පිරිසට මරණින් පසු ෙවනෙද්.
මොකක්ද බං ඒ හරුපේ තේරුම?