දැන් ඕනෑම පරිගණකයක සිංහල යුනිකෝඩ් ! ඇඩ්මින් බලතල ඕනෙම නෑ !!
සිංහල !
සිංහල !!
සිංහල !!!
දැන් අන්තර්ජාලයේ අපේ වැඩ වැඩිහරියක් කෙරෙන්නේ සිංහලෙන් කිව්වොත් බොරුවක් නෙමෙයි. අන්තර්ජාලයට සම්බන්ධ වෙච්ච ගමන් පුරුද්දට වගේ මුගින්ම යන්නේ සිංහල බ්ලොග් කියවනයට. මම නම් පෞද්ගලිකව රටේ ලෝකේ වෙන දේවල් දැනගන්නෙත් සිංහල බ්ලොග් කියවලා. එන ඊමේල් වලින් 80%ක් විතර සිංහල. Facebook status update කරන්නෙ සිංහලෙන්. Tweet කරන්නෙ සිංහලෙන්.
තමන්ගෙ නිවසෙ පුද්ගලික පරිගණකයේ නම් අවුලක් නෑ, සිංහල යුනිකෝඩ් ස්ථාපනය කරලා තියෙන නිසා පහසුවෙන් සිංහල කියවන්න, ටයිප් කරන්න පුලුවන්. ඒත් ලෝක අමාරුවක වැටෙන්නෙ Cyber Cafe එකකට, පරිගණක විද්‍යාගාරයකට වගේ සිංහල ස්ථාපනය කරලා නැති තැනකට ගියාම තමයි. මේ වගේ තැන්වලදී අපිට පරිගණකයේ admin privileges දෙන්නෙත් නැති නිසා Sinhala Tamil Kit එක ඩවුන්ලෝඩ් කරල ස්ථාපනය කරන්නත් බෑ. ඉතිං කොටු කොටු විදියට පේන සිංහල අකුරු දිහා බල බල හූල්ලලා ගෙදර එන්න තමා වෙන්නේ. (මම ඉස්සර කැම්පස් එකේ ලැබ් එකේදි ඕනෙතරං ඔහොම කරල තියෙනවා)
මේකට තරමක් සාර්ථක විසඳුම් දෙකක් කලින් දීලා තිබුනා. අපේ දසුන් සමීරගේ (යුනිකෝඩ් දෙයියා ! :D ) විසඳුම උනේ අදාල පරිගණකයට Sinhala Font එකක් පමණක් ඉන්ස්ටෝල් කරලා, හොඳින් සිංහල යුනිකෝඩ් ස්ථාපනය කර ඇති පරිගණකයකින් DLL file කීපයක් අරගෙන අර පරිගණකයට කොපි කිරීම. නමුත් Font එකක් install කිරීමටත් admin බලතල අවශ්‍ය නිසා අපේ පහන් සරත්චන්ද්‍ර දීපු විසඳුම තමයි ස්වයංක්‍රීයව font එකත් ඉන්ස්ටෝල් වන සේ සැකසූ Portable Firefox එකක්. මේ ක්‍රම 2ම මම යම් යම් හදිසි අවස්ථාවලදී පාවිච්චියට ගෙන සාර්ථක ප්‍රතිඵල අත්කරගත්තා.
මේ ක්‍රම දෙකේම තිබ්බ අඩුපාඩුව තමයි සිංහල ලිවීමට ක්‍රමයක් නැති වීම. ලියන්න පුලුවන් උනේ UCSC Converter එක වැනි ටූල් එකක් පාවිච්චියෙන් පමණයි. මේක මම වගේ විජේසේකර කීබෝඩ් එකෙන් කොටන අයට හරිම අකරතැබ්බයක්.
ඉතිං දැං මේ සියලු බාධක මඬිමින්, සිංහල යුනිකෝඩ් ස්ථාපනය කර නැති පරිගණකයක සිංහල අකුරු හොඳින් බලාගැනීමටත්, විජේසේකර යතුරු පුවරුවෙන් ටයිප් ටයිප් කිරීමටත් හැකි නවතම ක්‍රමවේදයක් නිර්මාණය කරලා තියෙනවා. මේ සද්කාර්යය කරලා තියෙන්නෙ මගේ ගම්පලාතේම පාසල් කාලයේ සමකාලීනයෙක් වන ඉසුරු උදාන (University of Moratuwa) විසිනුයි. මේ සඳහා අදහස දී තිබෙන්නේ සිංහල බ්ලොග්කරුවෙන් වන පහන් සරත්චන්ද්‍ර විසිනුයි. මෙය Mozilla Firefox වෙබ් බ්‍රවුසරය සඳහා addon එකක්. නමින් qsFox (Quick Sinhala Fox).

මෙය භාවිතයෙන් සිංහල ලිවීමට කියවීමට, Sinhala Tamil Kit එකවත්, කිසිදු සිංහල යුනිකෝඩ් ෆොන්ට් එකක් වත් ඒ පරිගණකයේ පිහිටුවා තිබීම අවශ්‍ය නැහැ. මේ ඇඩෝනය ඔබ වෙනුවෙන් ඒ සෑමදෙයක්ම කරාවි.

හොඳයි, මම මේ ගැන කතා කලා ඇති, මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් නිර්මාපකයන්ගෙන්ම වැඩි විස්තර දැනගන්න පුලුවන්:
http://mytecheye.blogspot.com/2009/12/qsfox.html
ඇඩෝනයේ නිවස්න පිටුවට මෙතැනින් යන්න: http://qsfox.mozdev.org
ඇඩෝනය බාගන්න පිටුවට මෙතැනින් යන්න: https://addons.mozilla.org/en-US/firefox/addon/53146
භාවිතයට උපදෙස් මෙතැනින් ගන්න: http://qsfox.mozdev.org/help.html
ඔන්න දැන් කොහේහරි පරිගණකයක සිංහල පෙනෙන්නෙ නෑ, එහෙමත් නැත්තම් රෙන්ඩරිං අල, කියලා දුක්වෙන්න ඕනේ නෑ. මේ ඇඩෝනය ඔබේ සියලු ප්‍රශ්න විසඳාවි. ඒ වගේම මෙහි නිර්මාපකයන්ට ස්තූතිවන්ත වෙන්නත් අමතක කරන්න එපා, මේ ඇඩෝන් එකේ code එක මහජනතාවට නිදහස් කරන්නත් ඔවුන්ගේ බලාපොරොත්තුවක් තියෙනවා කියලා ආරංචි උනා. එහෙම නම් ඒක තව තවත් අගය කල යුතු කරුණක් වගේම මෙහි දියුණුවටත් එය රුකුලක් වේවි.
මේ ඇඩෝනය භාවිතයෙන් සිංහල කියවද්දී මෙන්න මේ ලිපියේ ආකාරයට සිංහල අකුරු පෙනුම ලස්සන කරගන්නත් අමතක කරන්න එපා !
ඉල්ලීමක්: මෙහි ඉදිරියේදී එක් වන කමෙන්ට් ඔබට ඊමේල් වන අයුරින් ඔබ Comments Subscribe වූනවා නම් කරුණාකර ඔබේ Spam folder එක මදක් බලන්න. මගේ බ්ලොග් අඩවියෙන් එන Comments notification ඊමේල් spam වෙත යන බව වාර්තාවී ඇත. එබන්දක් ඔබේ spam folder වෙත ගොස් තිබුනොත් කරුණාකර එය Not SPAM ලෙස mark කර මට සහාය වන්න.

සැලකිය යුතුයි

තැංකූ වේවා ඔත්තුවට..
දැන්ම දාගමි. ක්‍රෝම් වලටත් එක්ස්ටෙන්ෂන් එකක් තිබුනොත් අගෙයි..
ජය වේවා!!
වචනයෙන් කියා නිම කරන්න බැරි තරම් සන්තොසයි !!!
උදේ පාන්දරම සින්ඩියේ දැක්කේ මේක ; දවසම සුබ පාටයි අද ;) | ඔත්තුවට පිං !
ලොකු පින්කමක්… විශ්වවිද්‍යාලෙදී ආසාවට සිංහල බ්ලොග් එකක් කියවන්න බැරුව උන්නෙ…
මම උඹෙන් තමයි vista quick fix එකෙන් වෙන්නෙ මොකක්ද කියල අහගත්තෙ. එකත් මතක් කරන්න ඕන. එපාර සියබස් එකෙ තියෙන ගිහන් සර්ගේ ලිපිය බලල තමයි විජෙසේකර keyboard1 implement කරේ.
ඕක මම කලෙ මගේ level3 project 1 විදියට. final demo එකෙන් පස්සෙ source code 1 release කරන්න මම හිතන් ඉන්නෙ. ඕන කෙනෙක්ට source1 release කරනකම්ම ඉන්න ඕන නෑ. xpi 1 extract කරල බලන්න.:) just simple as that. bugs එහෙමත් ඇති. එවත් දන්වා එවන්න.
පුළුවන්නම් addon1 ගැන comments http://qsfox.mozdev.org/comments.html හි හෝ https://addons.mozilla.org/en-US/firefox/addon/53146 හි කරන්න. එක මගේ demo1 ගොඩ දාන්න උදව්වක් වේවි.
Firefox could not install the file at
https://addons.mozilla.org/en-US/firefox/downloads/file/72452/qsfox-1.1-fx-win.xpi?confirmed
because: Not a valid install package
-207
මට හිතෙන විදියට ඔයා පාවිච්චි කරන්නෙ firefox 3 . පොඩි අවුලක් ආවා firefox 3 එක්ක. ඒනිසා අපි firefox 3 සඳහා සහය දැනට ඉවත් කලා. 3.5 එක්ක හොඳට වැඩ. ස්තුතියි මේ ගැන කිව්වාට.
අයියේ මම භාවිතා කරන්නේ ෆයර් ෆොක්ස් 3.5.5
මල්ලී, මම මේ දැන් 3.5.5 මත ඔය addon එක ඉන්ස්ටෝල් කලා අවුලක් නැතිව. සමහර විට ඔයා උත්සාහ කරපු වෙලාවෙ Network Reset එකක් වෙන්න ඇති. ආයෙ බලන්න.
අනික, දැනට Sinhala Kit දාලා තියෙන මැෂින් එකක මේක දාන්න යන්න එපා. තේරුමක් නෑ.
meka firfox nathi ekakata install karanna puluwanda
අනේ ඒක නං කොරන්න බෑ. මොකද මේක Firefox addon එකක්. ෆයර්ෆොක්ස් නැති එකක නං මුලින් ෆොක්ස් දාලා ඊට පස්සේ මේක දාන්න තමා වෙන්නේ. :D
අපේ රටේ දක්ශයින්ට මගෙනුත් සුභ පෑතුම්
නියම වැඩක්…
ස්තූතියි ඉඳුරු මල්ලී ..
දැන් මම පාවිච්චි කරන්නේ යුනිකෝඩ් එසැනින්/ රියල් ටයිම් එක.
ඒක තිබෙත්දි මේක දමා ගත්තට අවුලක් නැතිද ..?
දෙකම එක හා සමානද ….
හේමන්තා සමරකෝන්.
පින් සිදුවේවා මේබව දැන්වූවට.
ඔත්තුවට ඉස්තුතියි
තොත්තුවක් දෙන්න හිතෙනවා.
ඕක නිරන්තරයෙන් ක්රිනයාත්මක වැඩසටහනක් ද?
ඉදරියට තියෙන වැඩ සටහන් වලට යවන්න පුලුවන් ද අපේ මල්ලිලා ටිකකුත්. (IT field එකේ හිටියට සිංහල යුනිකෝඩ් භාවිතා නොකරන අය )
හිහාන් ඩයසුත් ඇවිත් තියෙන්නේ. එයා මොනවද දන්නේ නෑ කිවුවේ. .වෙලාවට lk වගේ නොවුණෙ. නැත්නම් Sinhala Unicode ගන්න වෙන්නෙත් ගිහාන්ගේ පස්සෙන් මොරටුවට ගිහිල්ලා
මේක නම් මට මාර ප්‍රයෝජනවත් ලිපියක් මොකද මගේ යාළුවෝ ගොඩක් ඉන්නවා සිංහල කිට් එක දාගන්න
බැරුව. ඒ අයට මගේ බ්ලොග් එක කියවන්න බැරුව හිටියේ. බොහෝම ස්තුතියි මේ ගැන අපිට කිව්වට
මේක මම අපේ campus lab එකේ ඉතා සාර්ථකව install කළා… බොහොම පින්…!!!
ඒත් ඒකෙ අකුරු හරියට පෙන්නන්නෙ නැහැ… අකුරුවලට පස්සෙයි කොම්බුව වැටෙන්නෙ, “ම” අකුරට එහෙම වැටෙන්නෙ වැරදි හල්කිරීම, “ක, ත” වගේ අකුරුවලට වැටෙන පාපිල්ල වැරදී, “ප්‍ර, ක්‍ර” වගේ අකුරු පෙන්නන්නෙත් නැහැ… ඒ fonts වල අවුලක්ද? ඒක admin privileges නැතිව හරිගස්සගන්නෙ කොහොමද???
බොහොම ස්තුතියි… සාර්ථකව campus lab එකේ ස්ථාපනය කරගත්තා….!!! :)
ඒත් පොඩි අවුලක්… එකේ අකුරු හරියට පෙන්නන්නෙ නැහැ… කොම්බුව පෙන්නන්නෙ අකුරට පස්සෙ, සමහර අකුරුවල හල් කිරීම්, පාපිලි වැරදී. ඒ වගේම “ක්‍ර, ප්‍ර, ත්‍ර” වගේ අක්ෂර හරියට පෙන්නන්නෙත් නැහැ… ඇයි ඒ???
fonts වල අවුලක්ද?? කොහොමද ඒක හරිගස්ස ගන්නෙ????
thank you in advance