
dot.TK මෙතෙක් කල් ලබාදුන්නේ URL and email redirection සේවාවක් පමණයි. ඒ කියන්නේ මට පුලුවන් blog.indranama.com කියන මේ බ්ලොග් එකේ දිග ලිපිනය වෙනුවට indranama.tk කියන කෙටි ලිපිනය ලබාගන්න. කවුරුහරි indranama.tk කියලා බ්‍රවුසරේ ටයිප් කරලා එන්ටර් කලාම ඒක සුපුරුදු ලිපිනයට redirect වෙනවා. මේ ක්‍රමයේ අපිට තියෙන අවාසියක් තමයි blog.indranama.com/about/ වගේ එකක් indranama.tk/about/ වගේ ගන්න බැරිවීම. මොකද .tk එකෙන් වෙන්නේ redirect වීමක් විතරක් නිසා.
ඔන්න දැන් dot.TK උදවිය තම ඩොමේන් වලට DNS control එකකුත් ලබාදීලා. ඒ කියන්නේ තවදුරටත් .tk කියන්නේ redirection එකක් විතරක් නෙමෙයි, සල්ලි දීලා ගන්න ඩොමේන් එකක් වගේ වැඩ දාන්න පුලුවන්. web space එකක තමන්ගේ වෙබ් අඩවියක් තියේනම් ඒ සඳහා .tk ඩොමේනයක් පාවිච්චි කරන්න පුලුවන්.
blogger වල බ්ලොග් අඩවි තියෙන අයට මේක වැදගත් දෙයක් වෙනවා, මොකද Blogger ඉඩදෙනවා blogname.blogspot.com වගේ ඔවුන්ගේ domain එක යටතේ බ්ලොග් එක තියාගන්නවා වෙනුවට අපිට අභිමත ඩොමේන් එකක් පාවිච්චි කරන්න. (මමත් WordPress වලට එන්න කලින් මේ විදියට indranama.blogspot.com කියන මගේ බ්ලොග් එක indranama.com ඩොමේන් එකෙන් වැඩකරා කාලයක්ම) ඩොමේන් එක අපේ උනාම බ්ලොග් එක maintain කරන්නෙ blogger කට්ටිය, අපිට hosting වෙනුවෙන් සල්ලි වියදම් වෙන්නෙ නෑ. (කණගාටුවකට වගේ WordPress.com හි බ්ලොග් අඩවි තියෙන අයට මේ වැඩේ කරන්න බෑ. හැබැයි myblog.lk වල නං මේ සේවාව දෙනවා 8-O )
මේ ගැන මම කලකට ඉහතදී ලිපියක් ලිව්වා, ඒ Godaddy වෙතින් මිලදීගත් ඩොමේනයක් Blogger blog එකකට පාවිච්චි කරන්නේ කොහොමද කියලා. මේ ලිපිය බලලා අවශ්‍ය අයට domain එක Godaddy වෙතින් මිලදී ගන්නෙ නැතුව dot.TK එකෙන් නොමිලේ අරගෙන තම බ්ලොග් එකට පාවිච්චි කරන්න පුලුවන්.
dot.tk වලදි කරන්න ඕනේ අලුත් ඩොමේන් එකක් හදද්දී වෙනදා එය redirect විය යුතු ස්ථානය දෙන්න තියෙන තැන දැන් අලුතෙන් එක්වෙලා තියෙන Use DNS for this domain වෙත ගොස් එතැනින් Use my own DNS වෙත ගොස් Nameservers ස්ථානයේ Blogger හි නේම්සර්වරය වන ghs.google.com ලබාදීම පමණයි. (IP ලිපිනයක් ලබාදීම අවශ්‍ය නෑ)

Blogger හිදී අවශ්‍ය settings සිදුකරන ආකාරය මගේ මේ ලිපියේ ඇති. (මේක ආයෙ ආයෙත් ලියන්න ඕනෙ නැති නිසයි මේ ලින්ක් එක දාන්නෙ..)
http://blog.indranama.com/2009/04/hosting-නැතිව-බ්ලොග්-එක-තමන්ගේම-domain/
මේ වගේ free දෙන domain වල (තවත් මේ වගේම එකක් තමා www.co.cc ) ගුණාත්මක භාවය හෝ ස්ථීර භාවය ගැන මම වග කියන්නේ නැති බවත් disclaimer එකක් විදියට සඳහන් කරන්න ඕනෙ අන්තිමටම.
ඔය .tk එක දෙන්නේ යම් කිසි කාල සීමාවකට නේද? මතක හැටියට අවුරුද්දක් වගේ
මටත් එච්චර මීටර් නං නෑ. කොහොම උනත් අවුරුද්ද ඉවරවෙනකොට ආයෙ නොමිලේ extend කරන්න පුලුවන්ද කොහේදෝ…
එල එල…………… :-)
මරේ මරු.
එල එල……………
දෙන්නෙ අවුරුද්දකටමත් නෙමෙයි!… (දැන් කොහොමද දන්නෙ නෑ)
hits ගොඩාක්ම ගොඩාක් අඩු වුනාම නම් expire වෙනවා….
මට TK ඒව 5,6ක් තිබ්බා. ඒවගෙන් එකක් හැර අනිත් ඔක්කොම expire වෙලා. ඕනෙ නම් ආය ගන්න පුළුවන්, ඒත් වැඩක් න නෙ :D
http://wWw.BuGGeRs.Tk
නම් අවුරුදු 2ක් විතර තිස්සෙ තියනවා
:D