විවේකයක් ලදින් සින්ඩිය පැත්තට යමි,
අලුත් බ්ලොග් ලිපි බලන්නට,

උඩින්ම ඇති බ්ලොග් අඩවියට යමි,
“hGhik xwqpmk pkdJHU ssokhiiej kspipkjdiji…….”
නොතේරෙන හරුපයකි,
සයිඩ්බාර් එකේ සඳහන්ය,
“To view the content of this blog, download this font- Colombo7.ttf”
හරි,
ඒ අකුරු මෝස්තරය පිහිටුවාගෙන ලිපිය කියවමි.
දෙවැනි බ්ලොග් අඩවියට යමි,
“fghgYYFsdio jkseqqpkn Ysdgh…….”
තවත් නොතේරෙන හරුපයකි,
සයිඩ්බාර් එකේ සඳහන්ය,
“To view the content of this blog, download this font- Senkadagala.ttf”
හරි,
ඒ අකුරු මෝස්තරයත් පිහිටුවාගෙන ලිපිය කියවමි.
තෙවැනි බ්ලොග් අඩවියටත් යමි…….
…………………….
…………………….
ඇති,
සිංහල බ්ලොග් කියවීම මට නං එපා විය….
සිරාවටම..
මට නම් එපා වෙලා තියෙන්නෙ..
බ්ලොග් නෙමේ හැබැයි…
පත්තර බලන එක.. :(
හා හා එහෙම කියන්න එපා. ගැම්ම එන්නේ වැඩේ අමාරුවෙන් කරගත්තහමනේ. ලේසි විදිය කිසිම ආතල් එකක් නෑ. :)
සිංහල භාෂාවට ආදරය කරන මිනිස්සු පිරිසක් බොහොම මහන්සි වෙලා ඩිජිටල් මාධ්‍යය තුළ සිංහලය සඳහා සම්මතයක් ගොඩනගා ගත්තා. තවත් පිරිසක් තම තමන්ගේ හිතුමනාප අනුව ඒ සම්මතය බිඳ දමන්න උත්සාහ කරනවා.
කවද හරි ඔවුන් ජයගත්තොත් අපි ආපහු නතර වෙන්නෙ අවුරුදු ගණනාවකට පෙර අපි හිටපු ඔන්න ඔය තැන ම තමයි. ෆොන්ට් ඩවුන්ලෝඩ් කරන්නයි ඉන්ස්ටෝල් කර කර ඉන්නයි…. මොන මළ විකාරයක්ද?
ඒ නිසා ඔවුන් ගොඩනගලා දුන් දෙය වැටෙන්න (වට්ටන්න) නොදී ආරක්ෂා කර ගැනීම සිංහල භාෂාවට ආදරය කරන අපේ යුතුකම වෙනවා.
කෝ මේ Donarld? පේන්න නෑනේ?
ඔව්වා බිලෝග්වලට වඩා අවුලක් වෙන්නේ පත්තර බලන්න ගියාම.
ඕකට හේතුව යුනිකෝද් භාවිතයට ඇති අපහසුවක්ද නැත්නම් ඔය site කරන අයගෙ ගොං කමද දන්නෙ නෑ. කොහොම උනත් කෙහෙළියගෙ Firefox addon එක නිසා ටිකක් ජීවිතේ පහසුයි. නමුත් ඔහුගේ එම ඇඩෝනය නිරීක්ෂණය කළොත් පෙනෙයි ඔහුට ඔය සෑම හරුප අඩවියකම ඇති font වලට ගැලපෙන සේ යුනිකෝඩ් පෙන්වීමට වෙන වෙනම definitions ලියන්න සිදු වී ඇති බව. කෙහෙළියගේ addon එක හරහා මේ පිළිබඳ මතය සමාජය තුළට ගෙන යන්න පුළුවන්නම් හොඳයි. ඔය site කරන අයට ඕක දැනෙන විදියට කියන්න පුළුවන් ක්‍රමයක් හොයා ගන්න ඕන.
සිංහල බ්ලොගර්ස්ල විදිහට මේ ප‍්රශ්නෙට අපට කරන්න පුළුවන් මොනවද?
හෆොයි, කියල වැඩක් නෑ. පත්තර කාරයොන්ට මොළේ නෑ අප්පා.
අනික මෙහෙම සීන් එකකුත් තියනවා. මේ අය පත්තරේ (hard copy) සඳහා යතුරු ලියපු ලිපිම තමයි පිටපත් කරල වෙබ් අඩවියට දානවා ඇත්තේ. ඉතින් මේ අය hard copy එක සඳහා යුනිකේතයෙන් ලියන්නේ නැහැ නේ. ඔය විකාර ෆොන්ට් භාවිතයෙන් තමයි පත්තරේට ලියන්නේ. ඉතින් එහෙම ලියපුවා ආපහු යුනිකේතයෙන් ලියන්න මේ අයට කම්මැලි ඇති.
එහෙම ලියපුවා යුනිකේතයට පරිවර්තනය කරන්න තියන යුනිකේත පරිවර්තක මේ අයට හඳුන්වලා දුන්නා නම් හරි.
ඔව ගැන කතා කරල වැඩක් නෑ.. මම නම් ඔය බම්බු පත්තර බලන්නෙ නෑ.. ඉවරයිනෙ එතකොට :D
පත්තරේක screenshot එකක් දැම්මාට ලියල තියෙන්නෙ බ්ලොග් ගැන. :D
:D :D
ඔවු තවම ඔය ජාතියේ බ්ලොග් ලියැවෙන්න පටං ගත්තේ නෑ. ලඟදිම එයි :P
Indaree paw. Dan blog liyanna hithana onama kenek mulin unicode gena denagannawa. E nisa oya wage blog nam ena ekak ne. Me Blog kiyala wena koheda gihin ne. Tikak manyang wuna welawaka wage :P
@mama,
සම්මතයට කෙළලා දැම්මොත් ඔය වගේ බ්ලොග් බිහි වෙයි.
http://gayangarusinghe.wordpress.com/2008/09/27/samuganima/
මේ ඇස්කි සිංහල ෆොන්ට් වලින් ලිව්ව බ්ලොග් සටහනක්. නමුත් ලේඛකයාගේ පසු කාලීන ලිපි දිහා බලනකොට පේනවා ඇති යුනිකෝඩ් පහසුව හා අපූරුව අත්විඳින ආකාරය.
@ඉන්ද්‍රනාම,
හපොයි නෑ… තියෙනවා. ඒව SBU එකේ අනුමත වෙන්නෙ නෑ. නමුත් කොත්තුවෙ තියෙනවා.
මේ එකක් (මම කියවන්නෙ නම් නෑ – අහම්බෙන් දැක්කේ) http://gossiplanka.blogspot.com/
අපට වෙන වැඩ නෑනෙ ඉතිං කියන කියන ෆොන්ට් එක ඉන්ස්ටෝල් කර කර ඉන්නවට වඩා! :D
මට පේන්නෙ ඉන්දරේ කියන්න හදන දේ වැඩි දෙනෙක්ට තේරිලා නෑ වගේ.
සිංහල යුනිකෝඩ් බිහිවෙන්න කලින් සිංහල සිංඩියක් තිබුණනම් ඇතිවෙන තත්ත්වය වගෙයි මේ කියලා තියෙන්නෙ.
ව්‍යංගයෙන් හඟවලා තියෙන්නෙ මෙවැනි තත්ත්වයක් යලි උදා කර නොගනිමු කියලා වගේ.
මට නම් මේ පද වැල කියවද්දි හැඟුනෙ අන්න ඒ වගේ අදහසක්.
ඉන්ද්‍රනාම කලාවගේ
bkaøkduf.a ihsn¾ is;=ú,s (ඉන්ද්‍රනාමගේ සයිබර් සිතුවිලි)කියලා
photoshop වල ලියලා
දැමුවා එය image එකක් ලෙසින්. වැඩේ නම් ලස්සනයි
කියනකොට එහෙමයි කරන කොට මෙහෙමයි. :D :D
උඹත් මාර පොරක් බං ! google group එකේ අඛිල දාපු අදහස හරිද වැරදිද කියල බලන්නෙත් නැතුව උස්සං ඇවිත් මෙතන අතෑරියා නේ? :D
බ්ලොග් එකේ හෙඩර් එකත්, සයිඩ්බාර් එකත්, content ගොඩට අයිති නෑ නේ බං? ඒවා feeds එක්ක වත් යන්නෙ නෑ නේ?? ඉතිං ඒවා ඉමේජ් වල බැරිනං දෙමලෙන් ගහගත්තාම මොකෝ?
ඔය “කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයි” කතාව ඒ නිසා ගැලපෙන්නෙ නෑ මෙතනට. මොකද මම එක පෝස්ට් එකක්වත් යුනිකෝඩ් නැතුව ලියලත් නෑ එහෙම ලියන්න බලාපොරොත්තුවකුත් නෑ.
එහෙනං ඉතිං මේ යුනිකෝඩ් වලින් බ්ලොග් ලිව්වට මම report ටයිප් කරන්නෙත් යුනිකෝඩ් නොවන ෆොන්ට් වලින් බං. :D
මම අැහුෙව අැයි ෙමෙහම image ඒකක් පාවිච්චි කෙල් කියල ඒ්කත් යුනිෙකා්ඩ් වලින්ම ගහන්ෙන නැතුව. :D . ඒකට උත්තර දීගන්න බැරි නං කමක් නෑ.:D
මම ඇහුවෙ මෙහෙම image ඒකක් පාවිච්චි කලේ කියල. :D ඒකට උත්තර උත්තර දීගන්න බැරි නං කමක් නෑ. :D.
උත්තර දෙන්න පුලුවන්.
මම පාවිච්චි කරන්නෙ Eos කියන තීම් එක. ඒකෙ header එකේ title එක වදින ෆොන්ට් එක අනවශ්‍ය විදියට විශාල වැඩියි. මගේ බ්ලොග් එකේ ටයිටල් එක දීර්ඝ නිසා ඒකෙන් දැම්මාම පේලි 3ට විතර එනවා. ඒ නිසා මම මේක header image එකේම ගැහුවා.
අනික header එක ලස්සන ඉමේජ් එකක් විදියට තිබ්බාම ලස්සනයිනෙ :D
හරිද? සෑහීමකට පත් උනාද? සතුටුයිද? :D :D
ගනං ගන්න එපා බං. ඔය අලුගුත්තේරුවට ඕන එකටයි එපා එකටයි හැම මගුලටම හොට දාල මඩක් ගහන්න පුලුවන් නම් ඊට වඩා ආසාවක් නෑ.
:D
අපි කතාකලේ මේක ගැන නෙමෙයිනෙ ඉන්දරේ ඕකට දැම්මනම් හරි මම ඩයල් අප් කනෙක්ෂන් එකක් යූස් කරනවා මුන් පින්තූර වල කව්වි ලියලා ලෝඩ් වෙන්නෙත් නෑ කියලා…
අපි කතාකරපු දෙයින් ඇතිවන අනිසි පලවිපාකයක් තමා මේක. යුනිකෝඩ් නොවන සිංහල ගොඩට ඉමේජ උඩ ලියපු අකුරු වගේම යුනිකෝඩ් නොවන ෆෝන්ට් වලින් ලියපු දේවලුත් ඇතුලත්. ඒ නිසා දොර අරිනවනම් ඒ හැමෝටම.
මම ෆොන්ට් හදන්න ඉගෙනගන්නවනම් මම කරන්නෙ මගේ අත්අකුරින්, අභිමත ෆොන්ට් මැප් එකකින් ෆොන්ට් එකක් හදාගෙන ඒකෙන් බ්ලොග් එක ලියන එක. කොහොමද හැමෝම මේ වැඩේ කරන්න ගත්තාම?? :D
මෙන්න මේ වගේ තත්ව මගඅරින්න තමා යුනිකෝඩ් පාවිච්චි කරන්න පටං ගත්තේ.
(ඔය කිසි කරදරයක් නෑ ඉමේජ් එක උඩ ලියපු කවියම ඊට යටින් යුනිකෝඩ් වලිනුත් ගහල දැම්මනං :D)
ඉමේජ මත ලියපුවා සහ ascii හෝ වෙනත් ෆොන්ටයක් භාවිත කර ලියපු බ්ලොග් හෝ වෙබ් අන්තර්ගතයන් කියන්නේ පැහැදිලිවම එකක් නොවේ දෙකක්.
ඒ දෙකම එක ගොඩකට දාන්න එපා.
ඉන්දරේ දාලා තියෙන screen shot එකේ තියෙන විදියට character blog කවද හරි සින්ඩියට එකතු උනොත් එතැන අවුලක් තියෙනවා. (කවදාවත් එහෙම නොවන බව සැකයක් නෑ :) ) ඒත්, අනික් කාරණය වෙනස්.
තාක්ෂණය ආපස්සට යන්නේ නෑ. ඔය කියන වෙනත් ෆොන්ට් භාවිතා කරන වෙබ් අඩවි ඉක්මනට යුනිකේතයට හැරේවි. හැබැයි කාගේ හෝ නිර්මාණයක් හෝ කියන්න ඕන යම් දෙයක් ඉමේජ මත ලියන එක නතර වෙන්නේ නෑ.
හැංගි හොරා නැතිව මේ කාරණේට අදාලව කතා කෙරුණු බ්ලොග් අඩවිය සහ ඔයා ඔය දාලා තියෙන screen shot එකින් දැක්වෙන දේත් සංසන්දනය කරන්න. එතකොට මේ කියන්නේ මොකද්ද කියල තේරේවි.
තව එකක්, කවුරු හරි කෙනෙක් අර විදියේ character blog එකක් කලත් ඒට විරුද්ද වෙන්න අපට බැහැ. හැබැයි ඒක සින්ඩියට දානවද නැත්ද කියන එක වෙනම කතාවක්.
සම්මතය කියන දේ වැදගත්, ඒත් ඒක වැරදියට අර්ථ දක්වා ගන්න අවශ්‍ය නෑ.
ඉංග්‍රීසි භාෂාව පරිගණක භාවිතයේදී character විදියට වගේම images විදියටත් යම් යම් අවස්ථා වලදි භාවිතා කරනවා. අවශ්‍යය නිර්මාණාත්මක වැඩ වලදි ඒකෙන් ඉංග්‍රීසි භාෂාවේ සම්මතයට බලපෑමක් වෙනවද?
අනිත් කතාව, ඉමේජය උඩ ලියල තියෙන දෙය ආපිට යටින් යුනිකේතයෙනුත් ගහන එක බොළඳ වැඩක් විතරයි. ඇයි ඒ තරම් යාන්ත්‍රික වෙන්න ඕන. එඑහෙම දෙයක් කරනවද නැත්ද කියල තීරණය කරන්නේ නිර්මාණකරුවා. ඒහෙම කලා හෝ නොකලා සම්මතයට බලපෑම් වෙනවාය කියල කියන්නේ කොහොමද? (මේ මම කතා කලේ ඉමේජ මත ලිවීම ගැන)
මම කියන්න යන දේ ඔයා තේරුම් අරන් නෑ කසුන්,
යුනිකෝඩ්-නොවන බ්ලොග් කිව්වොත් ඉමේජ මත ලියන ඒවති අයිතියි, ascii ෆොන්ට් වලින් ලියන ඒවත් අයිතියි.
කොහොමද එක ජාතියකට විතරක් දොර අරින්නේ? අනිත් පාර්ශ්වය එලවන්නේ මොන හේතුවක් පිටද?
මම මේ ලිව්වේ සින්ඩිය යුනිකෝඩ්-නොවන බ්ලොග් වලට විවර කිරීමෙන් සිදුවෙන්න පුලුවන් අනිසි පල විපාකයක් ගැන මිසක් කොහෙන්වත් ඉවත් කරපු බ්ලොග් එකක් හෝ සාකච්ඡාවක් ගැන නෙමේ.
නෑ ඔයා කියන දේ ගැන අපහැදිලි නැහැ. ඒත් ඔයා මම කී දේ තේරුම් අරගෙන නෑ කියලයි හිතෙන්නේ.
ඉවත් කරපු බ්ලොග් එකේ කතාව පැත්තක තියමු.
ඔයා ලියල තියෙන පොස්ටයෙන් (සහ එයට අදාල කරගෙන තියෙන screen shot එකෙනුත්) පැහැදිලි වෙනවා ඔයා කියන ගැටළුව. සින්ඩියෙ එවැනි බ්ලොග් අඩවි පෙන්න ගන්න එක විකාරයක් වෙනවා කියන එක පැහැදිලිය. ඒ අකුරු පෙනෙන ආකාරය පිළිබඳ කාරණය නිසා.
ඒත් ඉමේජ මත ලියපු content එකක් තියෙන බ්ලොග් අඩවියක කියවීම සම්බන්ධ මේ ගැටළුව එනවද? එතකොට ඒ දෙක ආකාර දෙකක් බව පැහැදිලි නැතිද?
mata nam sindiye blog balanna gihin ohoma wela naha taama . .. mama okkoma balane natuwa wathda???
singlish walin liwwaat taraha wenna epa indare . . wada karana asse mewa balanne . .
කන්ටෙන්ට් එක වැදගත් නම් ෆොන්ට් එක ඉන්ස්ටෝල් කරලා බලන්න පුළුවන් වෙන ලැප්ටොප් එකේ මූන ඔබාගෙන වෙන මොනවාහරි බලන්න ඕනිනම් ඒක කරන්න පුළුවන්. ඉන්දරේ ඇයි තේරුම් ගන්නෙ නැත්තෙ ඒවා හොඳ නැත්නම් ඉබේම ඒවා ප්‍රතික්ෂේප වෙලා යයි..
ඇයි පහනො මේ වෙන නමකින්? :-P
මෙන්න මේ වගේ ඒවනෙ සින්ඩියෙන් අයින් කරන්න් ඕනෙ!… :)
සිංහලෙන් ලියපු picture තියන එකක නම් image එකේ “Alt Text” පේන විදිහට සෙට් වෙනව ඇති නෙ.
(නැත්නම් ඒක ලේසියෙන් එහෙම හදන්න පුලුවන් නෙ)
බ්ලොග් කරුවත් Alt Text එක සිංහල යුනිකේත වලින් තේරෙන් විදිහට දාන්න ඕනෙ.
එතකොට කට්ටිය මෝල් නොවී ලින්ක් එක ඔස්සේ යයි :)