සරසවි ජවනිකා

On 2009 නොවැම්බර් 1, in ඇසි-දිසි, විශ්වවිද්‍යාලය, සමාජයීය, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

මගේ සරසවි දිවිය අන් අය දකින ආකාරය හා සම්බන්ධ ජවනිකා හතරක්.

පලමු ජවනිකාව

කලකින් හමු නොමූ පවුලේ හිතවත් වැඩිහිටියෙක් හමු වේ. ඔහු ප්‍රීතියෙන් ඔදවැඩී ගොස් මා අමතයි.
“හලෝ පුතා… කොහොමද ඉතින්? දැං මොනවද කරන්නෙ?”
“දැං කැම්පස් එකේ ඉගෙනගන්නව අංකල්”
ඔහුගේ මුහුණේ තිබූ සිනාව සැලකියයුතු තරම් අඩු වේ.
“ආ.. එහෙමද…. දැං මොන ඉයර් එකේද?”
“දැං ෆයිනල් ඉයර්….”
ඔහුගේ සිනාව තවත් අඩුවේ.
“දැං කැම්පස් වල හරියට ප්‍රශ්න නේද පුතා?”
“ඔවු අංකල්…”
“ඒක තමයි. මේ දැං කාලෙ කොල්ලන්ට ඉගෙනගන්නවට වඩා වෙන වැඩ තියෙනවනෙ. පේන්නැද්ද ඔය ටීවී එකේ හැමදාම පෙන්නන්නෙ. මුංට උගන්නන්න නාස්ති වෙන්නෙ රටේ මිනිස්සුන්ගෙ සල්ලිනෙ..”
(මගේ මූණට කිව නොහැකි දේ ඔහු අහක බලාගෙන එල්ලයක් නොමැතිව දමා ගසයි)

දෙවැනි ජවනිකාව

පාසල් කාලයේ මිතුරෙක් හමුවේ. උසස්පෙල සමත් වුවද සරසවි වරම් නොලැබූ ඔහු දැන් පෞද්ගලික බැංකුවක සේවයේ නිරත වී හොඳ වැටුපක් ලබයි.
“හලෝ මචං.. දැක්ක කල්.. උඹ කැම්පස් ලු නේ…?”
“ඔවු බං.. මේ ෆයිනල් ඉයර් එක”
“මොනවද බං උඹලා කැම්පස් ගිහින් අර කරන පිස්සු විකාර? අර ටීවී එකේ පත්තර වල යන්නෙ?”
“මේ මේ.. අපිව අල්ලගන්න එපා ඕවට.. අපි නෑ ඔය වැඩ වලට..”
“කොහොම උනත් චාටර්නෙ බං. උඹලට උගන්නන්නෙ රටේ දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලි වලින්. තොපි ඒව නාස්ති කරනව”
“…….”
“බලපං, උඹ දැං ඒලෙවල් කරල අවුරුදු 4ක් වෙනව. තවම වියදං කරන්නෙ ගෙදරින්. මම දැං රස්සාවක් කරල මාසෙකට තිස්පහක් හොයනව.”
“හරි ඉතිං…..”
“ඕක තේරුං ගන්න බැරිද බං ඔය කැම්පස් එකේ ඉන්න බූරුවන්ට? තේරුමක් නැතුව නිකං නාස්ති වෙන්නේ?”

තෙවැනි ජවනිකාව

පසුගිය සතියේ විශ්වවිද්‍යාලය වසා දමන ලදින් මම ගෙදර ආවෙමි. සවස තේ බොන අතර තාත්තා මෙසේ කියයි.
“අපරාදෙ නේද පුතේ මේ නාස්ති වෙන කාලය… ඒලෙවල් කරලා ජොබ් එකකට රිංගගත්තනං මෙලහකට හොඳ තැනක ඉන්නත් තිබුනා.”

සිවුවැනි ජවනිකාව

මිතුරෙක් මා හමුවීමට පැමිණියේය. ඔහුද විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකි.
“මාර චාටර් බං. දැං කැම්පස් යනව කියල කිව්වාම මිනිස්සු බලන්නෙ මහා අපරාධකාරයෙක් දිහා බලන විදියට”
“හ්ම්..”
“කතාවක් තියෙනවනෙ එකෙක්ව කැම්පස් අරින්න තව ගාණක් උදැල්ල අරං කුඹුරට බහිනව කියල. අපි නාස්ති කරන්නෙ උං දාඩිය මහන්සියෙන් හම්බුකරන සල්ලි නෙ බං. ඉතිං මිනිස්සු බනින එක සාදාරණයි.”

වසර ගණනාවකට කලින් විශ්වවිද්‍යාලයට සමත් වීම යනු වැදගත් දෙයක් විය. එය අද මේ තත්වයට පත් වූයේ මන්ද?

Tagged with:  

26 Responses to සරසවි ජවනිකා

  1. කණිෂ්ක පවසන්නේ:

    කියල වැ‍ඩක් නෑ බන්.. අපි මෙහෙම හරි ඉන්නෙ අපේ එකේ ඕව ටිකක් අඩු නිසා…

  2. සුපුන් සුදාරක පවසන්නේ:

    පළවෙනි ජවනිකාව:
    හත්වලාමයි. මං නං කැම්පස් පැත්ත පළාතක එන්නෑ!

    මොනව කරන්නද බං. ලංකාවෙ ඔක්කොම යන්නෙ අනිත් පැත්තට…

  3. ~බිன்ku~ පවසන්නේ:

    මේ තත්වය ගැන මම චමිතගේ ලිපියෙන් කියෙව්වා. ඇත්තටම කණගාටුයි මේ කෙටිකාලයක් ඇතුලත ඇති වෙලා තත්වය ගැන. මීට අවුරුදු දෙතුනකට පෙර විශ්ව විද්‍යාල්‍යීය සිසුවන් හා සිසුවිය ගැන අපේ සමාජය තුල එක්තරා පිළිගැනීමක් තිබූණ අතර විටෙක මේ තත්වය දෝලන වෙමින් තිබුණත් මෙවැනි ඒකදිගටම එපාවෙන්නට තරම් දෙයක් මා ජිවත් වූ මතක ඇති කාලයක වුණේ නෑ..

    පොදුවේ විශ්ව විද්‍යාලය තුල කේන්ද්‍ය ගතවූ ක්‍රියාකරකම් හා සංවිධාන / දේශපාලනයේ වැරද්දක් වුණත් අපේ රටේ ඇතැම් අංශවල ඇතැම් වේලාවක සිදු වන්නාක්සේම මෙහිදී දේශපාලන අවශ්‍ය පදනමට වඩා පැතීර ගොස් ඇති අතරම ඒකී පක්ෂයේ මුලික අරමුණ පවා සිද්ධාන්තිය (මාක්ස්වාදය/ලිබරල්වාදය හෝ කොම්යුනිට් වාදය වේවා) ගැන දැනුමක්ද නැතිව එයින් බැහැරව ඒකී පක්ෂයේ අතකොලුවෙක් ලෙස කටයුතු කරමින් විටෙක සීමාවෙන් පැන යයි. විශ්ව විද්‍යාලීය ශිෂ්‍යයන් හා සිසුවන් ගැන සමාජයේ තබා සිටිනා ආකල්පයන් හා ගෞරවයන් එක්ක ගැනටෙන කල මෙසේ පිළිකුලක්ද ඇති වීම පුදුමයක් නෙවේ. නමුත් මේ හේතුවම මේ තත්වයට හේතුවක් නෙමේ, අද විශ්ව විද්‍යාලයෙන් පිට වෙන උපාධිකාරයන්ගෙන් බහුතරයක් වාගේ දෙනා තාත්වික බුද්ධියෙන් පුරවා ගත්තතද අධ්‍යාත්මික, මානසික හා කායික ශක්තියෙන් යුක්ත වෙන්නෙත් එසේමත් දෙනෙකුටයි.

  4. Supun Chathuranga පවසන්නේ:

    ගොන් හරක් ටික දෙනෙක් නිසා හෙමොටම බෑනුම් අහන්න වෙනව…මටනම් හිතෙන්නෙ එහෙමය්….

  5. උදාර පවසන්නේ:

    මේ කියපු කරුණු කාරණා වලට තවත් දේවල් කීපයක් එකතු කරන්න කැමතියි… මුලින්ම මං කියන්නම් පාසල් ශිෂ්‍යයෙක් විශ්ව විද්‍යාලය කරා යන ගමනේදී පසු කරන්න වෙන ජීවිතයේ කටුකතම බාධක කීපය ගැන..

    1. උසස් පෙළ ඉහළින් සමත් වී දිස්ත්‍රික් ශ්‍රේණිය හා z ලකුණ ඉහල දමා ගැනීම
    2. අනතුරුව විශ්ව විද්‍යාලයට ඇතුළු වී පළමු මාස කීපය තුල විඳීමට සිදුවන අපා දුක් කන්ද කෙසේ හෝ හැකි නම් විඳ දරා ගෙන සිටීම
    3. අවුරුදු කීපයක් පුරාවට දෙමා‍පියන්ගේ වියදමින් යැපීමට සිදු වීම
    4. විශ්ව විද්‍යාලය තුල ඇති පුහු විප්ලවකාරී රැඩිකල් දේශපාලන ප්‍රවාහයට අවනත වීමට සිදුවීම
    5. විශ්ව විද්‍යාලයෙන් පිට වීමෙන් පසු සුදුසු රැකියාවක් සොයාගැනීමේ යුද්ධය
    6. රැකියාවක් සොයා ගත් පසු විවාහයක් කර ගැනීමේදී මතුවන ගැටළු (වයස 35+ වීම, දෑවැදි වැනි දෑ)

    ඉහත සියළු කරුණු කාරණා සියළුම විශ්ව විද්‍යාල සිසුවන්ට අදාල නොවන නමුත් මගේ අත්දැකීම අනුව බහුතරයක් මුහුණදෙනු ගැටළු වේ. ඉහත ගැටළු වලින් එකකට වැඩි ගණනකට ඕනෑම සිසුවෙක් අනිවාර්යයෙන්ම මුහුණ පා ඇත. ඉහත ගැටළු වලින් පළමු දෙකට පමණක් මුහුණ දී මානසික රෝගියෙක් බවට පත්වූ සිසුවන් දෙදෙනෙකු මට මුණ ගැසී ඇත. එක් අයෙක් මාගේ දුර ඥාතියෙකි. ඉහත ගැටළු වලින් 3,4,5 ගැටළු වලට මුහුණ දෙන ආසන්නතම විශ්ව විද්‍යාල සිසුවා මගේ අක්කා වේ..

    ඉතින් මේ සියළු හේතු නිසා අවසානයට විශ්ව විද්‍යාල සිසුවෙකු එළියට එන්නේ උගත් බුද්ධිමත් පුද්ගලයෙකු ආකාරයෙන් පමණක් නොව මානසික පීඩනයට ලක්වූ යම් මට්ටමක මානසික රෝගියෙකු ලෙසයි…

  6. දුකා පවසන්නේ:

    නියම ලිපියක් ඉන්දරේ මල්ලී . . .

    මට මතකයි මමත් පුංචි කාලේ නුවර යන හැමදාකම පේරාදෙනියෙදි සිහින මැව්වා මාත් කවදා හරි මෙතනට එනවා කියලා . . . ඒත් අවාසනාවට ඒ සිහිනය හැබෑ කර ගන්න බැරි වුනා . . . ඒ බොඳවූ සිහිනය ගැන මම හැමදාම කම්පා වුනා නමුත් මෑතකදී . . . විශ්වාස කරන්න . . . පසුගිය කාල වල සිදුවීම් දැක්කාම . . . නොගිය එක හොඳයි කියලා හීන් සතුටක් ආවා . . (මම ඒ සතුටට වෛර කරන්න කැමතියි . . ) නමුත් ඒක තියෙන්නේ විශ්වවිද්‍යාල වල ඉගෙනුම ලබන අය අතේ . .

    තාමත් පරක්කු නෑ . . . . ! ! !

  7. Deshika Kariyakarawana පවසන්නේ:

    නියම ලිපිය ප්‍රවීන්…. මේ තත්වයට දැන් විද්‍යා පීඨය වහපු නිසා ගෙදරට වෙලා ඉන්න අපි හැමෝම මුහුණ දෙනවා. කැම්පස් ගිය/නොගිය හැටියට පුද්ගලයෙකුගේ වැදගත්කම මැනපු කාලෙකුත් මේ රටේ තිබුනා. දැන් දැන් ඒක උපාධිය art නම් වැඩක් නෑ කියන තත්වෙටත් පත් වෙලා. පොඩි කාලේ ඉස්කෝලේ යන්නේ, ඉගෙනගන්නේ කවදාහරි කැම්පස් යන්න හීන මවාගෙනනේ ඉතිං….

    ඔය ලිපියේ සදහන් නොවුන ඒත් මිනිස්සු කියන තවත් කතාවක් තියෙනවා,
    “ඔය science, art, management කට්ටිය ඉතිං ගිය වෙලේ පටන් ඉල්ලීම් ඉල්ලනවා, දේශපාලනේට ක‍ඩේ යනවා, ගහගන්නවා, හිරේ යනවා විතරයි… ඒත් බලන්නකෝ medical faculty ළමයි, වැදගත් විදියට ඉගෙනගන්නවා මුකුත් ප්‍රශ්න නෑ… අන්න හැදෙන ළමයි ”
    ඔය කතාව මම මගේ ගෙදරිනුත් අහගන්නවා.. පිට මිනිස්සුන්ගෙනුත් අහගන්නවා…. medical යන්න ලකුණු මදි උන නිසා bio science ආපු මට දැන් ඔය කතා සේරමත් අහගෙන ඉන්න වෙලා….. :-(

  8. පවසන්නේ:

    කැම්පස් ගියා නොගියා කියලම නැහැ එක එක පුදගලයන්ගේ හැටි කියලා මට හිතෙන්නේ

  9. භාණු වටවන පවසන්නේ:

    නියම ලිපියක් ! වැරැද්ද කොතනද?
    මේ හැමදේම වරද්දගත්තෙ අපිම නේද?
    මුල්ම වැරැද්ද යූනියන්. දෙක Batch Fit එක.කොල්ලො එකතු වෙන එක හොදයි, ඒත් එකතූ වෙන්න ඕන හොද දේට. දේශපාලනේ ඇතූලට ගේන්න එකතූ වෙනවනම් අන්තිමයි. අපි මෙතනට ආවෙ ඉගෙන ගන්න, රට වෙනස් කරන්න නෙවෙයි කියන දේ හිතට වදිනකම් ‍ඕව ඔහොමම තියෙයි. මෙතනින් එලියට ගියාම රට හදන්න පුළුවන්, ඒත් ඇතුලෙදි නෙවෙයි. මේක ඇතුලෙ ඉන්න අහින්‍සක දුක් විදල ආපු කොල්ලො කෙල්ලොන්ගෙ ජීවිත අපායක් කරන්නෙ නැතුව, තමුන් කරන්න ආපු දේ කරගෙන යනව මිසක් අනුන්ව හදන්නවත් ර‍ට හදන්නවත් තමුන්ට අයිතියක් නෑ කියන එක ඔය රැග් කරන, දේශපාලනේ ඇතුලට ගේන කාලකන්නින්ට තේරැම් යන්න වැඩි කල් යන එක්ක නෑ.
    ගෙදර මිනිස්සු හම්බ කරන ‍දේ නැති නාස්ති කර කර අන්තිමේ කරන්න ආපු දේ පැත්තකින් තියල එක එකා කියන දේ පස්සෙ දුව දුව ඉදපු විදිය වෙනස්කරන්න දැන් කාලෙ හරි.
    මේ දේවල් වෙනස් කරන්න බැරිද?
    පුළුවන් ! අපි කරල පෙන්නනව.
    මම මගේ විශ්ව විද්‍යාලය ගැන ආඩම්බරයි. ලංකාවෙ ලාබාලම එක තමයි, ඒත් අනිත් හැම එකකටම ආදර්ශයක්.
    මම කියන දේ නිසා සෑහෙන්න අයට රිදෙයි, ඒත් ඇත්ත මේකයි !

  10. බුධාජීව පවසන්නේ:

    සම්පූර්ණ වැරැද්ද විශ්ව විද්‍යාලවල පාලක මණ්ඩලයේ.

    පද්ධතිය අවුල් කරන එවුං ටික තෝරල අරගෙන සදහටම දොට්ට දැම්මනං ඔය ප්‍රශ්න නෑ!

  11. pathfinder පවසන්නේ:

    මටත් කියන්න තියෙන්නේ දේශපාලන අවශ්‍යතා වලට batch fit එකත් එකතු කරගත්තම විනාසයක් වෙන බව තමයි. අර දෙවන ජවනිකාවෙ යාළුව එක්ක සම්පූර්ණයෙන් එකඟයි. මේ අවුරුදු 3/4 පාවිච්චි කරන්න ඕනෙ තමන්ගේ qualification වැඩි කරගන්න. එතකොට job පිළිබඳ බිය සෑහෙන්න අඩු වෙනවා. අනිත් එක මෙච්චර දේවල් නිකන් දෙනකොට තවත් දේවල් ඉල්ලන එක හරිද මං අහන්නේ?
    (හැබැයි මේ සැරේ ජ’පුර වැහැව්වේ rag/anti-rag scene හින්ද නේද?)

  12. අරුණ පවසන්නේ:

    ### පස්වෙනි ජවනිකාව ###

    මෙහෙම කැම්පස් යන එවුන්ට අන්තිමේ ජොබ් නැති වීම… පවු ඉතින් මොනා කරන්නද? හැම දේම වෙන්නේ හොඳටනේ… කැම්පස් තේරෙන්නේ අන්තිමෙ ජොබ් ලස් වීමටද..? පාරවල් ගානේ ඇවිදින්නද?…
    ආන් කැම්පස් අවුට් වෙලා ‍ජොබ් නැති පොරක් බාන් බඩී ගහනව.. පොර ලෙවල් 53… මොනා උනත් ‍මනුස්සය ශුර ගොවියා….

  13. ගයන්ත පවසන්නේ:

    හික්.. Uni ගිය/යන අය හොඳ කියනවා. යන්න බැරි වෙච්ච අය යන්න බැරි උන එකේ හොඳ කියනවා.. ඔක්කොම හොඳටයි කියල හිත හදාගන්න තියෙන්නෙ.. ;)

  14. ශාකුන්තල පවසන්නේ:

    අනර්ඝයි. මේක ඔය කඩේ යන අයට හොඳ කම්මුල් පහරක්. ඒ ගැන චමිතගෙ ලිපියත් (http://chamithar.blogspot.com/2009/11/blog-post.html) කියවන්නම ඕනේ.

    දැන් මුන්ගෙ අළුත්ම ජෝක් එක වෙලා තියෙන්නෙ පාසල් සිසුන් පාරට බැස්සවීම. හැබැයි ඉතිං…. හීනෙං තමයි. :D

  15. කසුන් පවසන්නේ:

    මේ වන විට විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් බරපතල අර්බුධයක් තියෙනවා. ඒ ගැන තර්කයක් නැහැ. එහෙත් මේ සම්බන්ධයෙන් සමාජය තුල හෝ වඩාත් අවාසනාවන්ත විදියම විශ්විවිද්‍යාල ශිෂ්‍යයන් තුල පවා වන කියැවීම නිවැරදි ද?

    එමෙන්ම මේ කාරණා ගැන වගකිය යුතු යැයි අත දිගුවන පාර්ශ්වයන් පිළිබඳව ගොඩනැගී ඇති කතා බහ කෙතරම් ආන්තික පටු තැනක සිරවී ඇත්දැයි කිවහොත් එය පාර්ශ්වික සංවාදයක් ලෙස ගොඩනැගෙනු විනා සංවාදයක් බවට පත්වීමක් සිදුවන්නේ ද නැත.

    විශ්වවිද්‍යාල යනු භාහිර සංස්කෘතියෙන් හුදකලා වුනු ස්වාධින තැනැක් නෙ‍ාවේ. විශ්වවිදයාල වල ඉගෙනුම ලබන සියල්ලන්ම මහා සංස්කෘතිය තුල වල සංස්කෘතික ලක්ෂණයන් තුලින් හැඩගැසුනකි.එබැවින් විශ්වවිද්‍යාල තුල පවත්නා තත්වය හුදකලා කොට කතා කිරීම එක්කෝ ගැටළුව හරි හැටි වටහා ගත නොහැකි වීම හෝ වෙනත් යම් නරුම දේශපාලනික න්‍යාය පත්‍රයක කියැවීම සමඟ සමාන්තර වීමකි. සරසවි තුලින් මතුවෙන ප්‍රචන්ඩත්වය වූ කලී සමාජ තුල පවත්නා ප්‍රචන්ඩ මානසිකත්වයේම පරාවර්තනයකි. නවක අනුරෑපීතාව කෙලවර ‘නවකවදයක’ බවට පත්වීම වූ කලී සමාජ ජීවිතයේ හීනමානය හා නෙඑක් මනෝ දුබලතා වල සමීප නිදසුනකි. මේ සියලු කාරණා කෙරෙහි පාර්ශ්වික කියැවීම යනු මුළු මහත් සමාජ දේහය පුරාම විහිදී ඇති සංයුක්ත ගැටළුවක් කුඩා කොටස් වලට වෙන් කර ඒවාට වියුක්ත පිළිතුරු සෙවීමේ, නැතිනම් අර්බුධයට වෙනුවට අර්බුධයෙන් ප්‍රකාශමාන ඵලයට පමණක් පිළිතුරු දීමේ දුබලතාව පිළිබඳ තවත් පැහැදිලි නිදර්ශනයකි.

    අවසන් වශයෙන් කිව යුත්තේ, සරසවි තුලින් දේශපාලනය විරේක කර හැරීමට කතා කිරීමේ දේශපාලනය කිසිසෙත් ශිෂ්‍යයන්ගේ සුභසිද්දිය වෙනුවෙන් නොවන බවයි. එහෙත් ඉන් කියැවෙන්නේ සරසවි දේශපාලනය යනු පක්ෂ දේශපාලනයේ රූකඩ වීම හෝ සීමාන්තික මතවාද තුල කොටුවීම නොවේ.


    @ඉන්දරේ,
    විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් වන විවිධ කියැවීම් එකට ‍ගොනුකර සටහනක් තැබීම ගැන ස්තූතියි ! :)

    • Chathura පවසන්නේ:

      @ඉන්දරේ

      ඉතාම හොද ඉදිරිපත් කිරීමක්.

      @කසුන්

      විශ්වවිද්යාල තුල ගැටලුව සමස්ත ස්මාජීය ගැටලුවක ඵලයක් බැවින් පලමුව සමාජීය ගැටලුව විසදීමෙන් විශ්වවිද්යාල තුල ගැටලුව විසදෙන බවද ඔබ කියන්නේ? මගේ මතය නම් වර්තමාන විශ්වවිද්යාල සමස්ත සමාජයේ පරාවර්තනයක් වුවත් එය එසේ නොවිය යුතු බවයි. විශ්වවිද්යාල සිසුවා ගේ කාර්යභාරය වියයුත්තේ පලමුව අනාගත සමාජ ක්‍රියාවලියක තම වගකීම තේරුම්ගැනීමත් විශ්වවිද්යාලයේ පවතින සම්පත් උපයොගී කොටගෙන තව වසර 3/4 කින් ඒසදහා අවස්තවක් ලබාගැනීමට අවශ්ය සුදුසුකම් සහ ආකල්ප සපුරාගැනීමත්ය (කියන දෙයක් අසාසිට විභාගය ලිවීම පමනක් අදහස් නොවේ). එවිට ඔහුට හො ඇයට ලබෙන අනාගත අවස්තා වැඩිවන අතරම සමාජයෙ පරාවර්තනයක් වී සමාජයේම ගැරහුමට ලක් වෙනවා වෙනුවට තම දැනුම හා යහපත් ආකල්ප භාවිතා කොට සමාජ පරිවර්තනයකට පුද්ගලිකව දායක විය හැක. වසරකට විශ්වවිද්යාල වලින් පිටවන 20000 පමන පිරිස මේ ආකාරයට දායක වුවහොත් අප බලාපොරොත්තුවන සමාජ පරිනාමය / පරිවර්තනය ඉතා පහසු වනු ඇත. පලමුව තේරුම් ගතයුත්තේ විශ්වවිද්යාලයට ඇතුලුවූ වහාම යම්කල්ලියක රූකඩයක් වීමෙන් සමාජ පරිවර්තනයක් කල නොහැකි බවයි. ඒ සදහා සුදුසු කාලය එනතෙක් තමාට මේ අවස්තාවේ පැවරී ඇති කාර්යය කිරීම වඩා වැදගත් වනුඇත

  16. අ .c . ත පවසන්නේ:

    කොහොම කිව්වත් මෙහෙම වෙන්නෙ අය් කියල කවුරුත් දන්නව

    ===> “දැං කැම්පස් එකේ ඉගෙනගන්නව අංකල්”
    ඔහුගේ මුහුණේ තිබූ සිනාව සැලකියයුතු තරම් අඩු වේ.<====

  17. wath පවසන්නේ:

    මොනව කරත් තව ටික දවසකින් ඕව ඔක්කොම කාටත් අමතක වෙනවා… අපි ඉන්නේ ශ්‍රී ලංකාවේ

  18. Pasan පවසන්නේ:

    Mae siri lankawe thiyenne maha kalakanni adyapana kramayak…!! Meka hadapu ewuntaa……….! A/L karala campus yanna beri una ekekuta elagata monawa karannada kiyala hitha ganna behe….. wena ratawala ehemada??? un O/L karapu gaman thaman karanna kemathi job ekata adalawa igena ganna facilities hadala denawa…. un awurudu 18 wenakota hoda job ekakuth hoyagena iwarai…. mama nam hithanne me rata mae tharam duppath wenna hethuwa mae rate thiyena me KALAKANNI ADYAPANA KRAMAYA thamai….. Oyagollo mokada hithanne????

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>