Sony Ericsson ෆෝන් එකෙන් ඊමේල් යවමු

On 2009 නොවැම්බර් 21, in අන්තර්ජාලය, තාක්ෂණික, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

Sony Ericsson දුරකථන බොහෝමයක ඊමේල් යැවීමේ පහසුකම තිබුනත් එය පාවිච්චි කරන්නේ බොහොම සීමිත පිරිසක්. ඇත්තෙන්ම මේක SMS එකක් යවනවට වඩා ලාබයි. කිලෝබයිට් 2ක 3ක පමණ ඊමේල් එකක් යැවීමට වැය වෙන්නේ කිලෝබයිට් 12ක පමණ දත්ත ප්‍රමාණයක්. කිලෝබයිට් එකට සත 2 ගණනේ වැයවෙන්නේ සත 24යි ! ඒ නැතත් හදිසියේ ඊමේල් එකක් යැවීමටම අවශ්‍ය වූ විට ලඟපාත අන්තර්ජාලය ඇති මැෂිමක් නැත්නම් මේක හොඳ alternative එකක්.

ආ… මේ කියන්න හදන්නේ ෆෝන් එකේ බ්‍රවුසර් එකෙන් ඊමේල් එකට ලොග් වෙලා මේල් යවන විදියවත්, Gmail J2ME app එක මගින් ඊමේල් යවන විදිවත්  නෙමෙයි. Sony Ericsson ෆෝන් වල in-built mail client එක පාවිච්චි කරන විදිය ගැනයි. මෙන්න වැඩේට step-by-step guide එකක් !





Share




මම නම් මුලින්ම මේ වැඩේට වෙනම ඊමේල් එකවුන්ට් එකක් හදාගත්තා. හේතුව අපේ දැනට තියෙන ඊමේල් එකවුන්ට් එකට අනවශ්‍ය ඊමේල් තොග ගණනින් එන නිසා ඒවා සියල්ල ෆෝන් එකට එන්න ගත්තොත් කරදරයක් වීම (ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ තියෙන සුලු ඉඩකඩේ එච්චර මේල් ගොඩක් handle කරන්න ලේසි නෑ නේ) හා වැඩි ඩේටා ප්‍රමාණයක් වැය වීම. මේ ප්‍රශ්න දෙක නැති කෙනෙකුට හා දැනට පාවිච්චි කරන default ඊමේල් ඇඩ්‍රස් එකම ෆෝන් එකෙනුත් පාවිච්චි කරන්න  විශේෂ අවශ්‍යතාවක් තියෙන කෙනෙකුට ඒ ලිපිනය පාවිච්චි කරන්න පුලුවන්.

මම අලුත් ලිපිනය හදාගත්තේ gmail මගින්. හේතුව gmail හි නොමිලේ POP/IMAP සේවාව ලබා දීම හා configuration පහසුවෙන් ලබාගත හැකි වීම. ඔබ Google Apps පාවිච්චි කරන්නෙක් නම්, Apps Email ලිපිනයක් උනත් මේ වැඩේට පාවිච්චි කරන්න පුලුවන්.

ඔන්න මේ උදාහරණෙට ලේසි වෙන්න මම හදාගත්ත ඊමේල් එක මෙහෙමයි කියලා උපකල්පනය කරනවා.

  • Email: indare@gmail.com
  • Password: myemailpassword

මුලින්ම කරන්න ඕනේ එකවුන්ට් එක POP/IMAP ඇක්ටිවේට් කරන්න ඕනෙ. ඒකට Gmail/Google Apps Mail එකවුන්ට් එකට ලොග් වෙන්න. ඊලඟට දකුණු පැත්තේ ඉහල කෙලවරේ තියෙන ලින්ක් වලින් Settings වලට යන්න. ඒකේ Forwarding and POP/IMAP කියන ටැබ් එකට යන්න. දැන් මේ විදියට කරන්න.

  1. POP Download කියන තැන Enable POP for mail that arrives from now on සිලෙක්ට් කරන්න
  2. IMAP Access කියන තැන Enable IMAP සිලෙක්ට් කරන්න.
  3. දැන් Save Changes කරන්න.

හරි. දැන් ඔබේ ඊමේල් එකවුන්ට් එක බාහිර ඇප්ලිකේෂන් මගින් ඊමේල් යැවීමට/ලබාගැනීමට සූදානම්.

දැන් තියෙන්නේ ඔබේ Sony Ericsson ෆෝන් එක අතට ගන්න. ඒකේ Menu එකට ගිහින් Messaging වලට යන්න. මේ ඔබ SMS එකක් යවන්න යන තැන. ඔබේ ෆෝන් එකෙන් ඊමේල් යවන්න පුලුවන් නම් එහි Email යනුවෙන් option එකක් තියේවි. මේ තියෙන්නේ දුරකථන කීපයක ඒ මෙනු එක.

K510i K530i

K750i K770i

ඕකේ තියෙනවා Settings කියලා තැනක්. ඒකට යන්න. ඒකේ ඇති New Account කියලා තැනක්. ඊලඟට ඒකට යන්න.

ඔන්න දැං තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ. විවිධ ෆෝන් වල මේ Settings ටික විවිධ පිලිවෙලට තියෙන්නේ. ඒ නිසා මම මගේ ෆෝන් එකේ තියෙන පිලිවෙලට දානවා. ඔබේ ෆෝන් එකේ අදාල heading යටතේ ඒ ඒ දත්ත ඇතුලත් කරන්න. ඇතැම් ෆෝන් වල ඒ මෙනුවේ Advanced Settings යටතේ තවත්

සැ.යු: මෙහි indare@gmail.com/myemailpassword වෙනුවට ඔබේ Gmail ලිපිනය හෝ Google Apps email ලිපිනයත්, පාස්වර්ඩ් එකත් යොදන්න අමතක කරන්න එපා. :D

  • Account Name: මේකට කැමති නමක් දාගන්න
  • Connect Using: මේ සඳහා ඔබේ වැඩකරන GPRS setting account එක ලබාදෙන්න
  • Email Address: indare@gmail.com (මෙහි @gmail.com/@domain.com අනිවාර්යයි)
  • Connection Type: POP3
  • Incoming Server: pop.gmail.com
  • Username: indare@gmail.com (මෙහි @gmail.com/@domain.com අනිවාර්යයි)
  • Password: myemailpassword
  • Outgoing Server: smtp.gmail.com
  • Download S&R: Subjects Only (මෙහෙම නොදැම්මොත් එකපාරට මුලු මේල් එකම ඩවුන්ලෝඩ් වෙයි)
  • Encryption:
    • Incoming Server: SSL
    • Outgoing Server: TLS
  • Outgoing Username: indare@gmail.com (මෙහි @gmail.com/@domain.com අනිවාර්යයි)
  • Outgoing Password: myemailpassword
  • Incoming Port: 995 (මෙය ක්‍රියානොකලොත් 993 ලබා දී බලන්න)
  • Outgoing Port: 587
  • Check Interval: මෙන්න මේකෙදි ටිකක් කල්පනා කරන්න වෙනවා. check interval එක OFF කලොත් ඔබට manually email receive කරන්න වෙනවා. එක්වරක් ඊමේල් චෙක් කිරීමේදී චෙක් කරන වැඩේට විතරක් 10kb විතර යනවා. අලුත් මේල් ඇවිත් තිබුනොත් ඒවායේ Subject එක වගේ විස්තර ඩවුන්ලෝඩ් වෙන්න වෙනම ඩේටා ටිකක් යනවා. මේ නිසා මේවා ගැන හිතලා සුදුසු වෙලාවක් දාන්න.

මේ අත්‍යාවශ්‍ය settings ටික පමණයි. මේ හැරෙන්නට ඊමේල් එකේ signature එක ආදිය සකසන්නත් පුලුවන්. ඒවා හොයලා බලලා හදාගන්න :P

මෙහෙම ෆෝන් එකේ ඊමේල් එකවුන්ට් එකක් හදාගෙන මට ලැබෙන ප්‍රයෝජන ටික කියන්නම් අදහසක් ගන්න,

  • මගේ බොහෝ මිතුරන් ඒ වෙලාවෙම ඊමේල් බලන අය නිසා කෝල් එකක් මැසේජ් එකක් ගහනවට වඩා ඊමේල් එකක් ගැසීම ලාබදායක වීම
  • Facebook, Twitpic, Tumblr වැනි සේවා වලට ෆොටෝ ඊමේල් මගින් අප්ලෝඩ් කිරීම (බ්‍රවුසරයෙන් ඊමේල් එකවුන්ට් එකට ලොග් වී ඊමේල් කිරීමට වඩා කෙලින්ම ෆෝන් එකෙන් මේල් කිරීම වාසිදායකය)
  • Microblog එකට, Tumblr එකට ඊමේල් මගින් පෝස්ට් කිරීමට හැකි වීම
  • ඊමේල් මගින් Ping.fm හරහා Facebook, Twitter, Identica status අප්ඩේට් කිරීම (බ්‍රවුසරයෙන් ඒ වෙබ් අඩවි වලට ගොස් මෙය සිදුකිරීමට වඩා කෙලින්ම ෆෝන් එකෙන් මේල් කිරීම වාසිදායකය)

මෙන්න මේ වගේ ප්‍රයෝජන තමා මම දැනට ගන්නේ.

අවසානයට වැදගත් දෙයක් කියන්න තියෙනවා. ෆෝන් එක සඳහා පාවිච්චි කරන ඊමේල් ලිපිනයට forward email එවන්න එපා කියලා යාලුවන්ට කියන්න, නැත්නම් ඒවා inbox එකෙන් බැහැර වන ලෙස filter එකක් හදාගන්න. නැත්තං හොඳ ඩේටා ප්‍රමාණයක් කපාගන්න පුලුවන් ! :D

Update:

K510, K750 වගේ පැරණි දුරකථන මොඩල භාවිතා කරන අය මේ විදියට ඊමේල් යවන්න නම් Security Certificate දෙකක් ඉන්ස්ටෝල් කරන්න ඕනේ. මේ ලින්ක් දෙකෙන් ඒවා ඩවුන්ලෝඩ් කරගෙන ෆෝන් එකට bluetooth හරහා යැවීමෙන් ඉන්ස්ටෝල් කල හැකියි.

Certificate 1

Certificate 2

Tagged with:  

41 Responses to Sony Ericsson ෆෝන් එකෙන් ඊමේල් යවමු

  1. KaniRockz පවසන්නේ:

    අයයේ ගොඩක් ස්තූති.. මමත් ඕකට ටික කාලෙකට කලින් ට්‍රයි කලා ඒත හරි ‍ගියේ නැහැනෙව.. ඔන්න මේ පාරත් අළුත් email එකක් හදලම වැඩේ කලා.. ඒත් පොඩි අවුලක්… මම මේල් එකක් යවද්දි මෙන්න මෙහෙම කියනව..

  2. Saman Rathnayake පවසන්නේ:

    Outgoing Server එක imap නෙවෙයි නේද…smtp නේද…
    http://mail.google.com/support/bin/answer.py?answer=13287
    මේකෙන් connect වෙලා ඉද්දී අළුත් ඊමේල් ඒකක් ආවම “ටිං…” ගලා සද්දෙකුත් එන නිසා වාසියක් තියනවා….බලපු ඊමේල් server එකෙනුත් delete කරන්න ඕනේ නම් exit කරන්නේ නැතුව disconnect කරන්නම ඕනේ….නැත්නම් ෆෝන් එකෙන් විතරයි වෙන්නේ phone & server ගත්තත්….
    Gmail වලට වගේම yahoo වලටත් මේ විදිහටම කරගන්න පුළුවන්….
    හැබැයි yahoo.co.uk වලින් එකක් address එකක් හදාගත්තොත්…..

  3. KaniRockz පවසන්නේ:

    වැඩේ හරි.. ඔන්න මගෙත් දැන් වැඩ.. ගොඩක් ස්තූතී!

  4. LishWish පවසන්නේ:

    වැඩේ නම් කලා මලේ ඒත් මේ අර උඩින් තියෙන කොමෙන්ට් එක දාලා තියෙන මල්ලීට වෙලා තියෙන අකරතැබ්බෙ මටත් උනා නෙව.
    SSL TLS හරියට දැම්මා..! ඒත් sending අල වෙනවා…! :(

    [මොනවා උනත් SE දුරකතනයක් තියෙන හැම කෙනෙකුම දැනගත යුතු දෙයක් මේ විදියට කියාදීම ගැන ඔබට ස්තූතියි..]

  5. Thilina පවසන්නේ:

    Nokia වලත් ඔය settings ටිකම වගේ තියෙනවා. මමත් මමත් settings දැම්මා. වැඩ කරනවද කියලා බලන්න හුලං ටෙල් සිග්නල් නෑ. පෙනෙන විදියට නං වැඩ කරන්න ඕනේ…

  6. chrishi පවසන්නේ:

    තැන්කූ වේවා !! මගෙත් වැඩේ හ‍රි ගියා.

  7. බුධාජීව පවසන්නේ:

    ටැස් කොරන්න නං වෙන්නෙ නෑ. බට් ප්‍රයෝජනවත් ලිපිය!

  8. ~බිன்ku~ පවසන්නේ:

    සරල ඒත් ඉතාමත්ම වැදගත් ලිපියක් නෙව!
    ටේසට් කරන්න වෙන්නේ නෑ මට නම්, මගේ සම්බන්ධතාවේ ජංජාල දාලා නැති නිසා.

  9. Akila DJ පවසන්නේ:

    Phone එකෙන් ඉස්ස‍ර මම/අපි email යවන්න උත්සාහ කළා, හ‍රි ගියෙම නෑ.
    SE k750i එකකයි මගේ Pantech PG8000 එකෙයි!…
    තවත් යාලුවෙක් PHP වලින් යවන්න හැදුව gmail හ‍රහා…. ඒත් බැරි උනා
    Outlook Express, Thunderbird එක්ක නම් නිකම්ම වැඩ කළා නෙ!
    GMX, Bluebottle, SLT, sltMobitel ඒවගෙ නම් Phone එකෙනුයි, PHP වලිනුයි දෙකෙන්ම වැඩ කළා!
    ආය පාරක් try ක‍රල බලන්න ඕනෙ!
    phone එකක් තමයි නැත්තෙ
    ඒ try ක‍රපු K750i එකයි PG8000 එකයි දෙකම නැතිවුනා නෙ…. උස්සල :(

  10. බුද්ධික පවසන්නේ:

    name@gmail.com දුන්නම automatically settings download කර ගන්නද අහයි,advance settings මුකුත් දෙන්න ඕනි නෑ. username password විතරක් ඇති

  11. ~බිன்ku~ පවසන්නේ:

    නෑහ් නෑහ්, Nokia 3110c එකක් තියෙන්නේ, එයාලා එතැනිං ඉදං සොනීයේ ඔය විශේෂාශය දාන්න ගත්තේ (කොපි කරලා තිව්වොත් හරි, අපරාදේ කියන්න බෑ ඒක වගේමයි).

    පොඩ්ඩක් ඔය මේල් ලිපිනයට සිංහල පණිවිඩයක් යවලා බලන්නකෝ සිංහල දැම්ම සෝනීයකට.

  12. naliya පවසන්නේ:

    මමත් හදා ගත්තා,බොහොම ස්තුතී ඉන්ද‍්රේ,ෆොන් නම් ඉතින් Sony Ericsson තමා

  13. දර්ශන පවසන්නේ:

    තාත්ත ගාව තියෙන්නේ 750i එකක්. බලන්ට ඕනෑ මේල් එකක් යවල තාත්තගෙ ෆෝන් එකෙන්….. :D

  14. ජනුක පවසන්නේ:

    මටනම් තියෙන්නෙ නොකියා පෝන් එකක්.. ඒකෙ ඔය විදියට සේවාව ලබාගන්න එක ලේසි නෑ මම හිතන්නෙ.. කොහොම උනත් එල වැඩක්

  15. Kawshala පවසන්නේ:

    I am also using this option with my Sony Ericsson W910i phone. I have tried to put sinhala language so many times and could not. Then actually I forget about sinhala and use my mobile for internet applications and emails……

  16. මාලින්ද පවසන්නේ:

    නොකියා වල අවුලක් නෑ. මමක් මේක භාවිතා කරල තියනව. Attachmant යවන්න ලේසි හා ලාබදායක ක්‍රමයක්. 750 එකේ නම් හරිගියෙ නෑ. සමහර දුරකථන වල කෙලින්ම සෙන්ඩ් කරන්නත් බැයිද කොහෙද. අවුට්බොක්ස් එකේ තැන්පත් කරල inbox එකෙන් send and receive කරන්න වෙන්ව

  17. Nipuna පවසන්නේ:

    Im alrdy usinghotmail accnt… mata eeekatama settingss venas karanna beida ? gmail ekak onada? In ha Out Gng serversvalata mnavada daaanne if hotmailnam> ???

  18. Nipuna පවසන්නේ:

    Hotmail vaalta settings hadanna beida.. gmail accnt ekak onada?

  19. Bhagya රාජපක්ෂ පවසන්නේ:

    මාර සීන් එක…
    මම මගෙ පරණ SE K510i එකට මේක කරල බැලුවා…
    වැඩේ හරියන පාටක් නම් නෑ…

  20. gayan පවසන්නේ:

    I have SE W700i phone, even though I did everything, it says “TSL/SSL server certificate not authorizedby known authority. contact your email provider” what can I do?

  21. gayan පවසන්නේ:

    I have SE W700i Phone, Even though I did every thing it says “TSL/SSL server certificate not authorized by known authority”. what can I do for this?

    note: your certificate1 & certificate 2 links are not working.

  22. රාLa පවසන්නේ:

    කාලෙයක් තිස්සෙ හොය හොය හිටපු එකක්.
    බොහෝම ඉස්තුතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>