ලිනක්ස් මත C++ සඳහා Code::Blocks

On 2009 නොවැම්බර් 30, in තාක්ෂණික, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

ලිනක්ස් මතදී C++ development කරන්න යොදාගන්න පුලුවන් පහසු IDE එකක් තමයි Code::Blocks කියන්නේ. මෙහි වින්ඩෝස් වර්ෂනයකුත් තියෙනවා. භාවිතය විතරක් නෙමෙයි මූලික සැකසුම් පවා පහසුයි. Ubuntu හා Fedora හි මෙය Package Manager එක මගින්ම පිහිටුවන්න පුලුවන්. මම හිතන්නේ Suse, Debian වැනි වෙනත් ප්‍රධාන distro වලත් එසේම වෙන්නැති. මම මේ වන විට Code::Blocks පාවිච්චි කර තියෙනවා Ubuntu, Fedora, Mandriva හා CentOS මත. අත්දුටුවයි, සත්තයි ! :D

Code::Blocks පාවිච්චි කරන්න අදහස් කරනවානම් එය පිහිටුවන්න කලින් C++ compiler එක පිහිටුවාගැනීම ලේසියි. මොකද එවිට Code::Blocks මගින් C++ compiler එක ඉබේම හඳුනා ගන්නවා. GNU Compiler Collection (GCC) යටතේ එන g++ කියන්නේ ලිනක්ස් වලට හොඳ C++ compiler එකක්.

උබුන්ටු වලදී මෙය පිහිටුවා ගැනීමට

sudo apt-get install gcc g++

යනුවෙන් විධාන කරන්න. Fedora දී නම්

sudo yum install gcc g++

(බොහෝ දුරට g++ නැතත් gcc (C compiler) නම් මේ ලිනක්ස් සමග පෙරනිමියෙන් එනවා. ඒත් සූදානං සරීරෙ කියලා ඒකත් ගහන්න. නොතිබුනොත් install වෙයිනේ.) දැන් පුලුවන් Code::Blocks පිහිටුවාගන්න. මේ සඳහා

sudo apt-get install codeblocks (Ubuntu)

sudo yum install codeblocks (Fedora)

යන විධාන වලින් අදාල එක දෙන්න.  වෙනත් distro සඳහා Code::Blocks ලබාගැනීමට http://www.codeblocks.org/downloads වෙත යන්න පුලුවන්.

මීලඟට Code::Blocks ආරම්භ කිරීමේදී එය පරිගණකයේ පිහිටුවා ඇති C++ compilers හඳුනාගනු ඇති. මින් එකක් තෝරා Set Default කරගන්න පුලුවන්. (පසුව අවශ්‍ය විදියට වෙනස් කරගන්නත් පුලුවන්)

Code::Blocks භාවිතයේදී පැනනගින ගැටලුවක් ගැනයි මේ කියන්න යන්නේ. Code::Blocks පිහිටුවපු ගමන් පුතය වගේ code එකක් ලියල compile කරල run කරපු ගමන් ඒක run වෙනව වෙනුවට error එකක් දෙනවා ! මීට හේතුව Code::Blocks හි අපි ලියන console application run වීම සඳහා terminal emulator එක විදියට එන්නේ xterm. Ubuntu හා Fedora හි පෙරනිමියෙන් xterm පැමිනෙන්නේ නෑ. ඉතින් error එකක් දෙනවා. කැමති නම් xterm පිහිටුවාගන්න පුලුවන්. එතකොට මේ ප්‍රශ්නය විසඳෙනවා. හැබැයි xterm කියන්නේ මෙලෝ රහක් නැති terminal එකක්. ඒ නිසා අපිට පුලුවන් Code::Blocks හි අපි ලියන program අපේ default terminal එක මගින් run කරගන්න.

මේ සඳහා Code::Blocks ඇරගෙන Settings මෙනුවේ Environment.. වෙත යන්න. එහි වම් අත පැත්තේ තීරුවෙන් General Settings තෝරාගන්න. එතකොට වින්ඩෝවේ පහලම ඇති Terminal to launch console programs: කියලා ටෙක්ස්ට් බොක්ස් එකක්. එහි දැනට ඇත්තේ මෙහෙම,

xterm -T $TITLE -e

එය ඉවත් කරලා ඒ වෙනුවට මෙහෙම දාන්න,

gnome-terminal -t $TITLE -x

දැන් වැඩේ ගොඩ.

ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා. Kubuntu හෝ Fedora KDE පාවිච්චි කරන අයගේ default terminal එක Konsole නේ. ඒ අය කරන්න ඕනේ

Konsole -T $TITLE -e

කියලා දෙන එක.

ලිනක්ස් මත C++ develop කරන්න තවත් හොඳ alternatives තමා Geany, Eclipse හා Netbeans. ඒ හැර source code එක gedit වල ලියලා (ඒකේ Syntax highlight වීමේ පහසුකමත් තියෙනවානේ) terminal එකේ compile කරන්නත් පුලුවන්. මම නම් පෞද්ගලිකව පාවිච්චි කරන්නේ Code::Blocks හා Eclipse තමයි.

Tagged with:  

7 Responses to ලිනක්ස් මත C++ සඳහා Code::Blocks

  1. -බිன்ku- පවසන්නේ:

    අපේ අයියාට අවශ්‍ය වෙලා තිබ්බා මේක, අපරාදේ පරක්කු වැඩියි වගේ. :(

  2. තිලංක පවසන්නේ:

    මමත් ලගදි දාගත්තා. ඒත් තාම ලොකු වැඩක් නම් කරන්න බැරි උනා. මතක් කරාට ස්තුති. කරල බලල හොඳ නරක කියන්ම්කො

  3. තමීර පවසන්නේ:

    මම මෙච්චර කල් පාවිච්චි කරේ emacs. ඒක gedit වගේම තමයි, ඒත් autoindenting වගේ පහසුකම් වගේම ඒකෙම ඉඳන් compile කරන්න run කරන්න එහෙමත් පුළුවන්. හැබැයි IDE එකක වගේ පහසුකම් නම් නෑ.
    code blocks පාවිච්චි කරල බලන්න ඕන. ස්තුතියි.

  4. ශාකුන්තල පවසන්නේ:

    ඉන්දරේගෙ අළුත් වැඩේට සුභ පැතුම්! බොහොම වටිනවා C++ ගැන පාඩම. :)

  5. anthr6x පවසන්නේ:

    එල වැඩක්.සුබපැතුම්.

  6. Dayan Senavirathan පවසන්නේ:

    ඇත්තේන්ම ගොඩක් වැදගත් ලිපියක්
    දිගටම ලියන්න

  7. රුසිරු මලික් පවසන්නේ:

    ලිනක්ස් මතදී C++ development කරන්න යොදාගන්න පුලුවන් පහසු IDE එකක් තමයි එත් එට වඩා වැඩ ගොඩක් කරන්න පුළුවන් එකක් තියනවා MonoDevelopr, එකේ c ++ විතරක් නේමේ
    vb.net , C# , asp .net වගේ .net වල කරන්න පුළුවන් හැමදේම linux වල කරන්න පුළුවන් ..චුට්ටක් ඒ ගැනත් හොයල කට්ටියට කිව්වොත් හොදයි නේද ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>