චයිනීස් ෆෝන් ගැන කතා ටිකක්

On 2009 නොවැම්බර් 7, in ඇසි-දිසි, කාලීන, තාක්ෂණික, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

ගිය සිකුරාදා පිටකොටුවේ ෆෝන් කඩවල රවුමක් ගැහුවා, බස් රියේදී තම දුරකථනය දන් දීපු අපේ මිතුරියකට අලුත් දුරකථනයක් ගන්න බලන්න. ඒ tour එකේදී දැකපු දේවල් ටිකක් තමයි මේ. කාලෙකට ඉහතදී මේ ෆෝන් කඩවල ෂෝකේස් එක සම්පූර්ණයෙන්ම chinese phone වලින් පිරී තිබුනත් දැන් දැන් branded phone ත් නැවත ෂෝකේස් වෙත පැමිණ ඇති බවයි පෙනෙන්න තිබුනේ. ඒ පාරිභෝගිකයන් චීන දුරකථන වල බාල තත්වය වටහාගෙන නැවත branded දුරකථන වලට ඉල්ලුම වැඩි වීම නිසා වෙන්න ඇති.

Nokia 1661

ඒ වගේම Nokia, Sony Ericsson හා LG වැනි සමාගම් චීන දුරකථන හා තරඟ කිරීමට මෙන් අඩු මිල-වැඩි පහසුකම් සහිත දුරකථන හඳුන්වාදී තිබෙනවා. අපි මිලදී ගත්තේ Nokia 1661 නම් දුරකථනය රුපියල් 4000ක් වුනා. එහි color display මෙන්ම Stereo FM radio එකක්ද තිබෙනවා. රුපියල් 8000ක් පමණ දී චීන දුරකථනයක් ගෙන අවුරුද්දකටත් අඩු කාලයකදී කඩාගන්නවාට වඩා රුපියල් 4000කට නොකියා දුරකථනයක් ගෙන දිගුකල් පාවිච්චි කරන්නට (අප මෙන්ම) බොහෝ දෙනා සිතනවාට සැක නැහැ.

interestingම දේ තමයි දැන් දැන් ජනප්‍රිය branded phone විදියට 100%ක්ම බාහිරින් සමානව හදපු චීන දුරකථන වෙලඳපොලට පැමිණ තිබීම. ඉස්සර නම් මේවයේ අදාල ප්‍රසිද්ධ සමාගමේ (Nokia, Sony Ericsson) නම වෙනුවට ඒ ලඟික් යන (අකුරක් දෙකක් වෙනස්) නමක් මුද්‍රණය කර තිබුනත්, දැන් නම් කිසිදු ලැජ්ජාවකින් තොරව ඒ සමාගමේ නමම මුද්‍රණය කර එවන්නට තරම් චීන නිෂ්පාදකයෝ නිර්භීත වී තිබෙනවා. Nokia 5800 Express Music දුරකථනයක් තිබෙනු දැක මා එහි මිල විමසූ විට කඩ හිමියා පැවසුවේ එය රුපියල් 9000ක් බවයි! එය චීන අනුකාරකයක් බව මට තේරුනේ එවිටයි. එය 100%ක්ම ඔරිජිනල් 5800 දුරකථනයට සමානයි. මේ හැරෙන්නට N95 8GB, N73 Music Edition, Samsung Omnia, iPhone වැනි ජනප්‍රිය දුරකථන වල චීන අනුකාරක වෙලඳපොලේ තියෙනවා රුපියල් 15000ටත් අඩු මුදලට. ගාල්ලේ පරිගණක අලෙවිසැලක තිබුණා iPhone clone එකක්, රුපියල් 30,000කට. එතරම් මිලක් වීම ගැන මා විමසූ විට දැනගන්න ලැබුනේ එහි WiFi ද තිබෙන බවයි.

5800 හි clone එකක්

මේ හැරෙන්නට ඉතා ලස්සන චීන දුරකථන මොඩල් වෙලඳපොලේ තිබෙනවා. ඇතැම් ඒවා දැක්කාම මට මගේ Sony Ericsson දුරකථනයත් පැත්තක දාලා ඒ එකක් ගන්න හිතෙනවා :D

කොහොම උනත් මා දන්නා චීන දුරකථන මිලදී ගත් සියලුදෙනාටම පාහේ තම දුරකථන පාවිච්චි කරන්න ලැබුනේ වසරකටත් අඩු කාලයක්. මේවායේ බැටරිය ඉතා ඉක්මනින් “ගර්භනී භාවයට” (පරණ වෙනකොට බැටරිය පිම්බෙන්නේ) පත්වන අතර අමතර බැටරි වෙලඳපොලේ හොයන්නත් නෑ. Keypad එකේ, touch screen එකේ දෝෂ ඉතා ඉක්මනින් ඇතිවෙනවා. ඒ වගේම branded phone එකක් තරම් මේවා දාඩියට ඔරොත්තු දෙන්නේ නෑ. එමගිනුත් ඉක්මනින් දුරකථනය සවුත්තු වෙනවා. චීන දුරකථන වල තියෙන භාවිතයේ ලොකුම අවුල තමා GPRS වැඩ නොකිරීම හා Java application වැඩ නොකිරීම. මේ හැරෙන්නට ඇතැම් ෆෝන් වල # code වැඩ කරන්නෙත් නෑ. (ඒ කියන්නේ දුරකථනයේ අයිතිකරු හඳුනාගන්න ගහන්න කියන #132# කියන කේතය ගැහුවට වැඩක් නෑ.)

මෙන්න මෙහෙමයි මොබයිල් ෆෝන් වෙලඳපොල. ආරංචියක් තියෙනවානෙ ඊලඟට එන නෙට්වර්ක් එක වන Reliance Mobile හි නෙට්වර්ක් එක 4Gද මොකක්ද කියලා. ඒ කියන්නේ VoIP හා GSM එකට එක්කරපු ක්‍රමයක්ලු. කොහොම උනත් මේ කතාව ඇත්ත නං ඒ නෙට්වර්ක් එකට පාවිච්චි කරන්න බැරිවෙයි දැන් තියෙන ෆෝන්. අලුතෙන් 4G ෆෝන් ගන්න වෙයි. රුපියල් කීයක් උනත් ආපු පරක්කුවට අපේ මිනිස්සු ඒ ෆෝන් ගනී. මොකද ලංකාවෙ මිනිස්සුන්ට බඩට කන්න නැතත් අතට ඔබන්න ෆෝන් එකක් නැතුව බෑ නෙ. :D ඔවු.. මේ හිනාවෙන්නෙ මටත් එක්ක තමා ! :D :D

චීන දුරකථන ව්‍යාප්තිය පටන් ගත්ත කාලේ, (ඒ වගේම මම බ්ලොග්කරණය පටන්ගත්ත කාලේ) චීන දුරකථන ගැන මම ලියපු ලිපියක් තියෙනවා. කැමති නම් කියවන්න, මෙතනට ගිහින්.

Tagged with:  

36 Responses to චයිනීස් ෆෝන් ගැන කතා ටිකක්

  1. තිලංක පවසන්නේ:

    Chinese phone වල අඩු මිලට පහසුකම් ගොඩක් තියෙන එක අත්ත. ඒත් ඉක්මනටම කැඩිල යනවනන් ඒකෙන් ඇති වඩේ මොකද්ද?

    මේකෙන් තවත් දෙයක් තේරුම්ගන්න පුලුවන්. ඒතම්ය් ලංකාවෙ මිනිස්සු බඩුවක් ගන්න ගියාම බාහිර ඔපේට විතරක් මොනතරම් මුල්තැන දෙනවද කියන එක.

    බඩුවක් ගේන්න ගියාම ඒකෙ කල්පැවැත්ම ගැනත් හොදට හිතන්න ඕනෙ. හරියට ගෑනියෙක් ගේන්න ගියාම වගේ.

  2. සහන් පවසන්නේ:

    ලිපිය නම් එල…
    “අලුතෙන් 4G ෆෝන් ගන්න වෙයි. රුපියල් කීයක් උනත් ආපු පරක්කුවට අපේ මිනිස්සු ඒ ෆෝන් ගනී. මොකද ලංකාවෙ මිනිස්සුන්ට බඩට කන්න නැතත් අතට ඔබන්න ෆෝන් එකක් නැතුව බෑ නෙ.”
    රනිල් මහත්තය දින්න ගමන් අපිට රිඟින් ටෝන් වෙනුවට එස් එම් එස් හම්බවෙනවනේ :P ඒ නිසා වැඩේ ත්වත් ලේසී :D

  3. ඔන්න ඉන්දරේ චයිනිස් ගැන කියන කථා ඔක්කොම හරි.මම චිනේ එපා උනේ මම මුලින්ම ගත්ත චයිනිස් බයික් එක නිසා.එදා ඉදන් මම හිතා ගත්තා චිනේ දිහා බලන් නිදාගන් නැහැ කියලා.එත් දැන් තත්වේ වෙනස් වෙලා.ඒ අයත් හොද නිපැයුම් දෙනවා ගාන පොඩ්ඩක් වැඩි.
    හැබැයි ඔය මොනවා ඇත්ත උනත් මෙන්න මේ කථාවට නම් මම විරුද්ධයි “ලංකාවෙ මිනිස්සුන්ට බඩට කන්න නැතත් අතට ඔබන්න ෆෝන් එකක් නැතුව බෑ නෙ” ලංකාවේ අපි එච්චරම ගොන් නැහැ මල්ලි.හිතන්න එපා අපි උසස් අධ්‍යපනය නොලැබුවාට පොන් එකක් අරං කියැවුවාට එච්චර ගොන් කියලා.(අඩුගානේ ඔය කැම්පස් වලින් එලියට ඇවිත් ජෝබ් නැතුව පාරේ ඡොබ් ඉල්ලන කට්ටියට වඩා මොලේ තියෙන බහුතරයක් ජංගම දුරකතන පාවිච්චි කරණ බව හිතන්න.ඒ කරන්නේ අපේ වියදමෙන් හරිද,,,?

    • මා අසා ඇති ආකාරයට Hutch වැනි සමාගම් ලංකාව භාවිත කරන්නේ Testing space එකක් විදියට. අන් ආසියානු රටවලට සාපේක්ෂව ලංකාවේ ජංගම දුරකථන භාවිතයේ ප්‍රතිශතය වැඩි බවයි කියවෙන්නේ.

      මම දන්න ඕනෙතරම් අය ඉන්නවා හරිහැටි ආදායමකුත් නැතුව, අවශ්‍යතාවයකුත් නැතුව නිකං වටිනා ජංගම දුරකථන අරගෙන පාවිච්චි කරන.

  4. sedar පවසන්නේ:

    මට නම් නිකන් දුන්නත් china phone එපා.

  5. මනුශාන් පවසන්නේ:

    හික් හී
    එළ ලිපිය
    අනෙ මන්දා මත් මේ ලගකදි නුවර ෆෝන් කඩේකට ගොඩ උනාම රුපියල් 9500 ට Sony Ericsson C 905 ෆෝන් එකක් තියෙනවා දැක්කා ටිකක් වෙල බලද්දි තමා තෙරුනෙ චයිනීස් කියලා
    මුදලාලියගෙන් ඒ ගැන අහපුවාම කිව්වේ “මේකනෙ මල්ලි දැන් ඔය ෆෝන් හදන්නෙ ඒ රටවල මිනිස්සුන්ගෙ පාවිච්චියට හොද විදිහට ඉතින් ඔවා මෙහෙ කියලා වෙනසක් නෑ හොද ඔරිජිනල් ඒවා වගෙ තමා” ළු

  6. එච්. මාධව රංග පවසන්නේ:

    කතා නම් ඈත්ත, සමහර Chinese ෆෝන් තියෙනව දැක්කම පිස්සු හැදෙනව, මාර ලස්සනයි, නමුත් මට නම් ෆෝන් එකේ අත්‍යවශ්‍යම දෙයක් තමයි java, high quality sounds හා GPRS, ඒව නැති නම් වැඩක් නෑ. ඔරොත්තු දීම අතින නම් ගන්නම දෙයක් නෑ.
    නමුත් තව දෙයක් කියන්න ඕනෙ, චීන බඩු ඔක්කොම සවුත්තුයි කියන්න හොඳ නෑ, ආසියානු කලාපයට චීනයෙන් එවන උපකරණ අඩු මිලට ගන්න පුළුවන් වෙන්න හදන ඒව, ඒකයි ඒව සවුත්තු. එම උපකරණම යුරෝපීය කලාපයට යවන්නෙ මීට වඩා සිය ගුනයක් හොඳ quality එකකින්. හැබැයි ඒව මිල අධිකයි. ඔවුන් උපකරණ සකසන්නෙ අදාල වෙළඳපළට ගැලපෙන ආකරයට.

  7. Malinthe පවසන්නේ:

    මාත් දැන් මාස දෙක තුනකට කලින් නාගය එක්ක රවුමක් ගැහුව නිකං ෆෝන් හොය හොය. එතකොට චයිනිස් ඒව වැඩියි. ඒව ඔන් කරනකොට එහෙම ඇහෙන සද්දෙ ඇහුණම (බෙලෙක් සද්දයක් වගේ) එතනින්ම එපාවෙනව :D එක කඩේක මනුස්සයෙක් ඒ ෆෝන් එකක accelerometer එකක් තියෙනව කියල ඒකෙන් වෝල්පේපර් මාරු කරන්න පුළුවන් කිය කිය ඒක රට වටේට හොලව හොලව හිටිය හැටි දැනුත් මතකයි. මටයි නාගයටයි බඩ පැලෙන්න හිනා!

  8. Chathura W පවසන්නේ:

    මටත් එපා ඕව නම් නිකම් දුන්නත්…. ඔය 5800 clone එක මම දවසක් දැක්කා කෝච්චියේ යනකොට ගෑනු ළමයෙක් ළඟ තියෙනවා. ඇන්ටනාව ඇදල ටීවී බලන්න පටන්ගන්නකම් මමත් හිතුවේ 5800 එකම තමයි කියලා :D

  9. දේශිකා කාරියකරවන පවසන්නේ:

    අපොයි…. ෆෝන් ගැන කතා කරද්දී මටත් කියන්න තියෙන්නේ චීන ඇස්බැන්දුම් වලට අහු වෙන්න එපා කියලා තමයි. අපේ මිනිස්සුන්ට භාණ්ඩේ උසස් තත්ත්වයට වඩා ලාබෙ තමයි වැදගත්. හැබැයි… යුරෝපීය රටවල පාවිච්චි කරන හොද phone brands ලංකාවේ ඒතරම් ජනප්‍රිය නෑ…. උදාහරණයක් විදියට motorola brands. ෆෝන් විතරක් නෙවී චීන්නු තවත් සෑහෙන electronic gadgets අණුකරණය කරනවා….. ඒ විතරක්ද? මේ ලගදි තාත්තා ‍පිටකොටුවෙන් රු.20 ට ගෙනාවා ඉදිකටුවට නුල දාන්න පුංචි චීන gadget එකක්… ඒකේ තාක්ෂණය නම් හරිම සිම්පල් ඒ උනා‍ට අපේ මිනිස්සුන්ට ඕවා හදලා බලන්න හිතෙන්නේ නෑනේ.

  10. නිර්ණාමික පවසන්නේ:

    නරකද ලංකාවෙත් චීනෙ වගේ අණුකාරක නිශ්පාදන ව්‍යාපාරයක් වගේ එකක් පටන් ගත්තොත්? අපේ අයියලා කොපි කරන්න උපන් හපන්නුනෙ නැද්ද මම අහන්නෙ?

  11. අරුණ පවසන්නේ:

    Reliance Mobile ඉන්දියාවෙ…. ලගදිම මෙ පැත්තටත් එයි…. හොදම වැඩේ දන්නවද?… අපේ අය අයකරන්නේ තප්පරේට…. විනාඩියට… නමුත් මම දන්න විදිහට මේ අය ලඟ කෝල් එකකට අය කරණ පැකේජ් එකක් ගැන හිතනවා… කොහොමද එහෙම එකක් ආවොත්… මල් කඩයි ගස් පිටින්….

  12. සුපුන් පවසන්නේ:

    chainese ෆොන් වල තියෙන්නෙ පිට ඔපෙ විතරයි.ඈතුලෙ මෙලො රහක් නෑ.ඊට හපන් java application මුකුත් වෑඩ කරන්නෙ නෑ.ඒත් ගාන් අඩු නිසා,පිට ඔපෙ වෑඩි නිස මිනිස්සු රෑවටිල ඒව ගන්නවා.ටික කාලයක් පාවිච්ච් කරන කොට තමි වෑඩෙ තේරෙන්නෙ.ඉතින් දෑන් ආයි සුපුරුදු branded ෆොන් අරන් පාවිචිචි කරන්න මිනිස්සු පෙළඹිලා ඉන්නවා.

    • deeps පවසන්නේ:

      ජාවා තියා ඒවාගේ නිකන් .txt ටෙක්ස්ට් ෆයිල් එකක්වත් ඕපන් කරගන්න බෑ. මේ ලඟදී මම යාලුවෙක්ගේ චීන ෆෝන් එකකට .txt ෆයිල් එකක් බ්ලූටූත් කලා. ෆයිල් එක රිසීව් කරන්න කලින් කියනවා “This is an e-book. Saving the file in E-Bokks folder” කියලා. මම හිතුව ඉතින් මේක ෆට්ටනේ කියලා..එත් අන්තිමට ෆයිල් එක ඕපන් කරන්න ගියාම පෙන්නුවේ මොනවද කුනුහරප චීන අකුරු ටිකක් විතරයි :P

  13. උෂාන් කෝදාගොඩ පවසන්නේ:

    චයිනීස් ෆෝන් ගොඩක් ප්‍රසිද්ධ වෙලද නාම හරහා තමයි විකුනන්නේ (**,*******,****)
    ඉතින් වැඩිය හොයන්නේ බලන්නේ නැතුව ගත්තොත් ලාබෙට කුණක් කරගහනව
    හරි නම් හොද නීතියක් තියෙන්න ඕන පාරිහොගිකයන් නොමග යවන කලුකඩකාරයන්ට විරුද්ධව!!!(ඒකියන්නේ ප්‍රසිද්ධ වෙලද නාම දාල කුණූ ගොඩවල් විකුනන උන්ට)

  14. දිලංක මාධව පවසන්නේ:

    සිරාවට වැඩේනම් ඇත්ත.ඔය මහා ලොකුවට කට්ටිය චයිනීස් ගත්තට කට්ටියට වැඩේ තේරෙන්නේ පස්සේ.හැබැයි මෙහෙම එකක් තියෙනවා.ලංකාවට එන නොකියා ෆෝන් දැන් දැන් “මේඩ් ඉන් චයිනා”වෙලා.ඒත් කමක් නෑ.බ්‍රෑන්ඩ් එක හොඳයි නේ.

    මමනම් එදා ඉඳල කියන්නේ චයිනීස් කොම්පැනි වලට ඔච්චර ලාබෙට දෙන්න පුලුවන්නම් නොකියා එහෙම බලාගෙන ඉඳියිද?කියන එක.මොකද චයිනා කාරයොන්ට වගේ බෑනේ උන්ට.උන් තමන්ගේ “නම”ගැනත් හිතන්න ඕනනේ.

    “දැන් නම් කිසිදු ලැජ්ජාවකින් තොරව ඒ සමාගමේ නමම මුද්‍රණය කර එවන්නට” කියන එකනම් ගැටලුවක්.මොකද ඔය චයිනා මගුල් අඳුරගන්න තවත් අමාරු වෙනවා.

  15. Prabath පවසන්නේ:

    මගේ යාලුවෙක් චීනේ ගියා සවාරියක්. එන්න ලං වෙලා සෙල්ලම්බඩු කඩේකට ගිහින්. එතනදී රිමෝට් කන්ට්රෝුල් සෙල්ලම් බඩුවක ගණන් අහලා. (ඩොලර් වලින් තමා ගනුදෙනුව වෙලා තියෙන්නේ)

    මුලින්ම ඩොලර් 50යි කිව්වලු. හෙට්ටු කරද්දී 30යි කිව්වලු අන්තිමේදී 10ට අරන්.
    (හැබැයි ගණන් තුනේදී එකම සෙල්ලම් බඩුවේ සාම්පල් 3ක් ලු)

    මගේ යාලුවා වෙලද සහයකයට කිට්ටුවෙලා ඇහුවලු ඇත්තම ගාණ කියද කියලා.
    ඒ මනුස්සයා කියලා මහත්තයට ගෙවන්න පුලුවන් කීයද, ඒ ගාණට අපි හදල දෙන්නම් කියලා.

    මේක තමා චීනගෙ තියරිය. පාරිභෝගිකයා අපහසුවට ලක් නොකර තමන් හදන භාන්ඩකයේ ගුණාත්මක බව අඩු කරනවා.

    ඔය හොදම Quality බඩු එන්නෙත් චීනෙන් තමා

  16. patha පවසන්නේ:

    චීන ෆෝන් නම් අල තමා, ඒත් අපි හිතුවෙ නෑ ඉන්දරේ කෙල්ලොන්ට කඩේ යනව කියල!

  17. namal wickramasinghe පවසන්නේ:

    චින්නු හරිම දක්ෂයිනේ කොපි කරන්න…ඇමෙරිකාවෙ ගහන සමහර දේවල් වල ඩුප්ලිකේට් බඩු ගහල ආපහු ඇමෙරිකාවටම යවන කට්ටියක්නේ ඒ අය… :D

  18. Sahan පවසන්නේ:

    ඩුවල් සිම් තියෙන්නෙ චීන ෆෝන්වල විතරයිනේ…….ඒකනෙ කේස් එක……..

  19. sanath පවසන්නේ:

    ඇත්ත තමා. කොච්චර චයිනීස් පෝන් ආවත් ඔරිජිනල් පෝන් ලගින් වත් තියන්න බැහැ. පිට ඔපේට රැවටිලා ඒවා ගත්තා වගේ නෙවෙයි. අපේ සල්ලි නිකන් විනාස කරගන්නේ මොකටද. මම නම් මැරුනත් Sony Ericsson තමා.

  20. ජනුක පවසන්නේ:

    ඕවයින් වෙන්නෙ අපිට ඔරිජිනල් පෝන් එකක්වත් අතේ ගෙනියන්න බැරිවෙන එක.. ඇයි මුලින්ම අහන ප්‍රශ්නෙ ඕක chines පෝන් එකක්ද කියලනේ.. මල පනිනවා ඉතින් ඒ වෙලාවට..

  21. coolcartoon පවසන්නේ:

    chinese ජරාවල් නෙ. මන් හිතන්නෙ දන් නම් කට්ටිය එව ගන්නව අඩුය් නොදන්න කෙනෙක් අහු උනොත් මිසක්

  22. tbgayan පවසන්නේ:

    issellama samawenna one mage adaraneeya lankawen pitaman una nisa thama unicode na. mage phone ekath chines thamai oya kiyapu hama ledakma thiyanawa tika tika eth polowe gagaha pawichchi karanna puluwan.bima watunata aulak na.

  23. මම මචන් පවසන්නේ:

    ඔය චයිනීස් ෆෝන් ගැන කියනකොට මට පොඩි සිද්දියක් මතක් වුනා. දැනට මාසෙකට විතර කලින් වාවු ක්ලැසිෆයිඩ් එකේ ඇඩ් එකක් දාලා තිබුණා N97 බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් ෆෝන් එකක් රු 25000 කට දෙනවය කියලා. නොට් චයිනීස් කියලත් දාලා තිබුණා. මම දැකපු ගමන්ම කෝල් එකක් ගත්තා ඒ නම්බර් එකට. පොඩි කොල්ලෙක් කතා කරේ. එයාගෙ ඩැඩා රට ඉඳන් එව්වලු. අදලු බොක්ස් එක කැඩුවෙත් කියලා මිනිහා කියනවා. එයා ඉන්නෙත් මම ඉන්න තැනට කි.මී 10 ක් විතර දුරින්. මම ටක් ගාලා කෑම ටයිම් එකේ බයික් එක අරන් එතනට ගියා. ‍ෆෝන් එක ඔන් කරනකන් සක්කරයටවත් කියන්න බෑ ඒක ඔරිජිනල් නොකියා N97 නෙවෙයි කියලා. ඩිස්ප්ලේ එක දැකපු ගමන් මම නම් අඳුන ගත්තා භාණ්ඩෙ මො‍කක්ද කියාලා.

  24. indika පවසන්නේ:

    මෙහෙමයි, ලොකයේ ප්‍රසිද්ද කොම්පෑනි වලින් චිනෙදි හදන ෆොන් හොදයි. ඒවගේ කොලිටිය හොදට තියාගන්න ඒ කොම්පෑනි කටයුතු කරනව. අනෙක්වා ගෑනනම් කියලා වෑඩක් නෑ.

  25. සන්ජීව පවසන්නේ:

    මමනම් හිතනෙන් චින පඔන් එකක් අරන් අවුරුද්දක් පාවිචී කරල විසිකරල ආයම චින එකක් ගත්තත් ලාබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>