ඊයේ රාවය පුවත්පතේ පාඨක ලියුම් තීරුවේ තිබූ ලිපියක් දැක මේ සටහන දමන්නට සිතුනි.
සක්විති රණසිංහ නොහොත් රණසිංහ ආරච්චිලාගේ දොන් චන්දන වීරකුමාර නැමැත්තෙක් සිරිලංකාවේ සිටි බව හෝ මේ කියවන අයට මතක් වන්නේ මෙම ලිපියේ මෙඩිම දුටුවිට වුවහොත් එය පුදුමයක් නොවේ. (හැමදාම උදේහවස නුගේගොඩ ඔහුගේ කාර්යාලය දකින මට නම් දවසට දෙවතාවක් මෑන් සිහිවේ) ඒ අපේ හැටි ය. මහජන මුදල් කෝටි ගණනින් වංචා කොට සක්විති රට පැන්න කාලයේ අපි අම්මාමෝ නැතුව ඌට දෙස්දෙවොල් තැබීමු. රජය හා මහබැංකුව වහ වහා නීති රෙගුලාසි පැනවූහ. එසේම ජාත්‍යන්තර පොලීසියේ සහය ඇතිව ඒකා අල්ලා කුදලාගෙන එන බව වාර්තා විය. එබස් දැක අප මෙන්ම සක්විති සමග ගණුදෙනු කල මිනිස්සුද සැනසුනහ. සාමාන්‍යයෙන් සිදුවන්නාක් මෙන් සක්විති විසින් රවටනු ලැබූවන්ගේ සංගමයක් ද බිහිවිය.
ටික කාලයකින් මිනිසුන්ටද, බලධාරීන්ටද, ජනමාධ්‍යයටද සක්විති අමතක වී ගියේය. සක්විති උගේ පාඩුවේ කොහේ හෝ රටකට වී දිවිගෙවනු ඇත. මුදල් අහිමි කරගත් අයගෙන් අඩක් අමාරුවෙන්ද, අඩක් සුපුරුදු පරිදි ද දිවිගෙවනු ඇත. බලධාරීන් වෙනත් රාජකාරි වල නිරත වනු ඇත. එනම් සියල්ලෝ සතුටෙන් ජීවත් වෙති.
රාවය පුවත්පතට පෙරකී ලිපිය ලියා තිබුනේ සක්විති විසින් රවටනු ලැබූවන්ගේ සංගමයේ සාමාජික මහතෙකි. ඔහු ලිපිය ලියා තිබුනේ ඔහුගේ මුදල් ආපසු දෙන මෙන් රජයට බල කිරීමට නොවේ. අදාල සංගමයේ සිදුවන අමුතුම සෙල්ලමක් රටට හෙලි කිරීමටය. එනම් අර සංගමයේ සාමාජික මුදල් ලෙස සාමාජිකයන්ගෙන් එකතු කරගත් රුපියල් 77,000ට ආසන්න මුදලක්, සභාපති හා ලේකම් යන දෙදෙනා විසින් තමන්ගේ පෞද්ගලික ස්ථීර තැන්පතුවකට බැර කොට ඇති බව ය. මේ සංගමය නමින් බැංකු ගිණුමක් පවතිද්දීත් ය.
සක්විති සමග ගණුදෙනුවෙන් ගහෙන් වැටුනු මිනිසුන්ට සාමාජික මුදල් මගින් ගොනා ද අනී දැයි සිතේ. නැතහොත් වංචාවට ලක්වූ අය ද ක්‍රම ක්‍රමයෙන් සක්විති මෙතඩ් ම අනුගමනය කරන්නට පටන් ගෙන විය යුතුය. එහෙත් අවාසනාවකට මෙන් මේවා ගැන සොයන්නට කිසිවෙක් නැත. හේතුව කියන්නට අවශය යැයි සිතෙන්නේ ද නැත.
සක්විති අංකල් ගාව සල්ලි ආයෝජනය කල අයගෙන් වැඩි දෙනෙක් සක්විති පැටවුන් වෙති. ඔය වගේ පොඩි සම්තිං එකක් (77000) ගැහුවට නිකං කෑගහන එක වැරදියිනේ.. කව්ද දන්නේ හවසට ප්ලේටියක් ගහන්න තියාගත්තද කියලා… :P
අඩේ ඒකත් ඇත්ත නේන්නං… :D
සහතික ඇත්ත!
ෂෝක් ලිපිය…. නියමියි…
එල කතාව
ලංකාව කියන්නේ හැමවෙලේම ගහෙන් වැටුනු මිනිහට ගොනා පස්සෙන් පන්නලා ඇවිත් අනින රටක්නේ…. ඕක නොවුනානම් ඉතින් මේක ලංකාව නෙවී. අනේ අපිට මේවා වෙනස් කරන්න පුලුවනි නම්….
ශ්‍රී ලංකාව මෝඩයින්ට පින්බිමකි, හොරුන්ට සුරපුරකි..!!
සහෝදරයා අපි හැමෝම හොදයි ඒවගේම නරකයි ඒත් හැම මගුලකටම තමන්ගෙ රටටම බණින්න එපා.ශ්‍රී ලංකාව මෝඩයින්ට පින්බිමක්, හොරුන්ට සුරපුරක් නම් අපි හැමෝම හොරු අපි හැමෝම මෝඩයො
ඔබතුමා හිතන්නේ ලංකාව පින්බිමක් කියලද? සුරපුරක් කියලද? දෙකමද?
ඒ කතාවෙ වැරද්දකත් නැහැ
මොකද එක පත්තරයක් බැලුව නම් මේක තේරැම් ගන්න පුළුවන්….
ඒත හැමදාම මෙහෙම වෙන්න දෙන්න බැහැ. අපිට රටට යන කලදසාවක් තියෙනවනෙ
සක්විතිත් අමතකයි…අලුත් ගේමක් දෙන්න දැන්තමා කාටහරි වෙලාව!
සිරාවට උන්ගෙ ප්ලේන්ටිය 77000 ක් වෙන්න පුළුවන්
සල්ලි සල්ලි සල්ලි, දැන් ලෝකෙ හැම දේකටම සල්ලි මුල්වීම තමයි මේකටත් මුල. මම අකමැතිව දේවල් කීපයෙන් මුලටම තියෙන්නේ මේ සල්ලි.
තමන් ට අවශ්‍ය ප්‍රමාණයට හම්බ කරගෙන වියදම් කලානම් මේ කිසිදෙයක් නැහැ නේ. ඔය ඉන්න. හැම එකෙකුටම තිබුන උණ තමයි ලේසියෙන් පුලුවන් තරම් තමන්ගේ ගොඩ වැඩි කර ගන්න එක. ඉතින් ඒකට තමන් වගේ ම අනාථ වෙලා ඉන්න එකෙක්ගේ වුනත් බෙල්ල කපන්න උන් ලැජ්ජා නැහැ.