මෙහෙම පින්කම් වලින් පින් ලැබෙයිද?

On 2009 ඔක්තෝබර් 18, in ඇසි-දිසි, සමාජයීය, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

උදේ හතරහමාරට විතර පාරේ ලොකු ගෝසාවක් ඇහිල ඇහැරුනා. බැලින්නං කඨින පෙරහැරක්. අපේ ගෙදර වටේට පන්සල් 4ක් තියෙන නිසා මොන පංසලේද කියන්න නම් දන්නෙ නෑ. මම මේ කියන්න යන්නෙ වෙනත් කතාවක්.

පාරට බැහැල බැලුවෙ නැතත් මම ඇඳේ ඉඳගෙනම හොඳට පෙරහැර අහගෙනයි හිටියෙ. මුලි හරියෙ නම් වෘත්තීය හේවිසිකරුවන්ගේ වාදනය සමග කඨින චීවරය ගෙන ගියා. මොකද මිනිස්සු සාදුකාර දුන්නා ඇහුන නිසා එහෙම වෙන්නැති. ඒ හොඳ හරිය. ඊට පස්සෙ තමයි ප්‍රේතයන්ගේ පෙරහැර ගියේ. ආයෙ දෙකක් නෑ දහම් පාසලේ කොල්ලො ටික වෙන්න ඇති.

ට්‍රිප් ගෙනියන ජාතියේ ඩ්‍රම් කීපයකට තලමින් නලා වගයක් පිඹිමින් කෑකෝ ගසමින් උන් ටික ගමන් කලේ බේබද්දන් රැලක් වගේ. උංගෙ සද්දෙ කොච්චරද කියනවනම් අහලගම් හතක මිනිස්සු ඇහැරෙන්න ඇති. මේ සද්දේ ඇහුනාම මට ඇතිවුනේ මහත් කෝපයක්. අපි උදේ පාන්දර ඇහැරිලා මෙවැනි විගඩම් වලට සවන් දිය යුතුද? අපේ නින්දට බාධා කරලා මෙවැනි තුච්ඡ ආතල් එකක් ගන්න උන් අවසර ලබා ගන්නේ ආගමේ නාමයෙන්ද? රතිඤ්ඤා පත්තු කරමින් ආ පිරිසක් අපේ ගේට්ටුව ඉස්සරහම රතිඤ්ඤාවක් පත්තු කලේ පෙරහැර බලන්න අපේ ගෙදරින් කවුරුවත් එලියට නොබැස්ස නිසා වෙන්න ඇති. මට තේරුණ විදියට උන් රතිඤ්ඤා පත්තු කලේ එහෙම තැන්වල තමා. මොකද ඉඳහිට තමා රතිඤ්ඤා සද්දෙ ඇහුනේ.

ඒහා ගෙදර සිටින මාස හය හතක් වන අතදරුවා ඇහැරී අඬන සද්දේ ඇහුනා ඉන්පස් පැයක් පමණ. ඒ ගෙදර අයට ඒක කොච්චර කරදරයක් වෙන්න ඇතිද? අතදරුවෙක්නින්දෙන් ඇහැරිලා, විශේෂයෙන්ම බයවෙලා, අඬන්න ගත්තාම නලවගන්න කොච්චර අමාරුද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේ.

මට හැමදෙනාගෙන්ම අහන්න තියෙන්නේ එක ප්‍රශ්නයයි. ඒ තමයි මිනිස්සුන්ට වෛර සිතුවිලි ඇති කරමින්, තරහ ගස්සවමින්, සිදුකරන පෙරහැරකින් පලක් තියේද? කියලයි.

මේ කියන්නේ කඨින පෙරහැර තියන්න එපා කියල නෙමෙයි. මම කියන්නේ පෙරහැර තුල තියෙන වෙනත් විගඩම් නවත්වන්න කියලයි. ශබ්ද පූජා තියන්න අවශ්‍ය නෑ නේ මහපාරේ. අනික කෑකෝ ගහන එක ශබ්ද පූජාවක් නෙමෙයිනේ. කඨින පෙරහැරට එකත් වෙලා කොල්ලො කුරුට්ටො ආතල් ගන්න එක නැවැත්තුවොත් පෙරහැර සංවිධානය කරන අයටත් මීට වඩා පිං ලැබෙයි.

Tagged with:  

28 Responses to මෙහෙම පින්කම් වලින් පින් ලැබෙයිද?

  1. ගයන්ත පවසන්නේ:

    සංවිධානය කිරීමෙ වැරැද්දක්..
    අපේ පංසලේ හාමුදුරුවො නම් ඔය සෙල්ලම් දාන්න දෙන්නෙ නෑ.. ;)

  2. දර්ශන4it පවසන්නේ:

    අද කාලෙ කඨින ඔහොම තමයි. රෑට හොද අඩියක් දෙකක් ගහල, ගිය අවුරුද්දෙ කඨිනෙ වලියෙන් (කඨිනයට සමගාමීව බොහෝ ප්‍රදේශවල වාර්ශිකව පැවැත්වෙන වලියකි, විහිලුවට කියූවක් නොවේ. මා මෙවන් වලි පිළිබදව ඕනෑ තරම් අසා/දැක තිබේ.) ගුටි කාපු පාර්ශවය ගහපු උන්ට ගහන්න යනව. පෙරහැර යන්නත් කලියෙන් දෙතුන් දෙනෙක් පොලිසියෙන් අල්ලන් යනව.
    අන්තිමට කොහොමෙන් කොහොම හරි කඨිනෙ පටන් ගන්නව. එක විදියක කොල්ලො පොරකන්නෙ කොහොමහරි ඔලුබක්කො වෙස්මූණක් දාගන්න. ඇයි පාරෙ දෙපැත්තෙ ඉන්න කෙල්ලන්ට බය නැතුව කුණුහරුපයක් දෙකක් කියාගෙන නට නටා යන්න පුලුවන්නෙ.
    පෙරහැර බලන්න නොඑන මිනිස්සුන්ගෙ ගෙවල් ඉස්සරහ කිව්වත් වගේ රතිඤ්ඤා පත්තු කරන එකත් උන්ගෙ ** ආතල් එකක්.
    තව තව මේවගේ කතා කල යුතු දේවල් ගොඩක් කඨිනෙදි සිද්ධ වෙනව…..

    පන්සලේ හාමුදුරුවොත් මේවට මොනවත් නොකියන්නෙ ‘ලබන කඨිනෙට සෙනග (විශේශයෙන්ම වැඩක් කරවගන්න පුලුවන් කොල්ලො ටික ) අඩුවේය’ කියල.

  3. තමීර පවසන්නේ:

    ඇත්ත කතාව. ඊයෙ රෑ මෙහෙත් (කටුබැද්දෙ) කඨිනයක් ගිහිල්ල රෑ නින්ද ගියෙ නෑ. ඔය එළියට බහින්නෙ නැති ගෙවල් ළඟ රතිඤ්ඤ පත්තු කරන්නෙ ඇරියස් එකටම තමයි :)

    • අකිල පවසන්නේ:

      අපෝ බං අපේ ගෙවල් ගාවත් පන්සලක් තියනවනේ. ඔකෙත් ඔහොම තමා. ඔය කියන තරම් නම් වදයක් නෑ, දෙයියනේ කියල. ඒත් මට තියන ප්‍රශ්නේ මේ පැත්තේ මිනිස්සු උදේ හවස පන්සල් ගියත් රෑට බැනගන්නේ ඇයි කියල. මම නම් හිතන්නේ පන්සල් නොගියත් කමක් නෑ අනුන්ට කරදරයක් නොවි හරියට ජීවත් වෙනව නම්. මම පන්සල් යනවට වැරද්දක් කියන්නේ නෑ. ඒත් ප්‍රමානයට වඩා තත්වය තමා වැදගත් වෙන්නේ (Quality is more important than quantity )

  4. උෂාන් පවසන්නේ:

    අපේ ගේ ඉස්සරහත් ඔය වගේ කටින යනව( මර සද්ධ දාගෙන ) මම නෙවෙයි තඔ සතයකයට ගනන් ගන්නේ අපායෙන් ඇවිත් මල්ටි බැරල් ගැහුවත් නැගිටින්නෑ මං නං
    කටිනයක් යනකොට සාන්ත දාන්තව… ඕනම නං ලාවට සද්දයක් දාගෙන ගියනං කොච්චර ලස්සනද. කොච්චර වටිනවද?

  5. මුචලින්ද පවසන්නේ:

    ඒකනං මහාම මහා නසරාණි වැඩක්.උන් පිනක් සිද්ධ කරගන්නේ නැත්තං අඩුම තරමේ පිං සිතුවිල්ලෙන් නිදාගන්න අපිටවත් නිදාගන්න දෙන්න ඕනේ

  6. අද දවසේ ඇතැමුන් ආගම පාවිච්චි කරන්නේ ආක්‍රමණික අරමුණුවලින්. සෙසු ආගමිකයන් පමණක් නොවෙයි, බුදුන්ගේ බුදු දහම අදහන සැබෑ බෞද්ධයන්ටත් මෙය වධයක්. මේ බුදුන්ගේ බුදු දහම නොවෙයි.

  7. ඉන්දික පවසන්නේ:

    හ්ම් අපේ පන්සලෙත් ඔහොම විගඩම් නටන්න නම් දෙන්නෙ නෑ..ඕව කොලොත් හාමුදුරුවො කඨිනෙ පැත්තකින් තියල කනට ගහයි..!

  8. බුධාජීව පවසන්නේ:

    හාමුදුරුවරුන්ට කෙසේ වෙතත් පංසල් වල පදිංචි වෙලා ඉන්න සමහර එවුංගේ වැඩ ගැන නං කතා කරලා වැඩක් නැ. අපේ ගෙවල් ළඟ සිට 2-3km දුරින් තියන පංසලක හැමදාම උදේ පහ හමාරට දාන කන්දොස්කිරියාව ගැන මම එකපාරක් ලියලා ඒකෙ tone එක චාටර් හින්දා මැකුව මතක නේ?

    මේ කාලකණ්නි හිතං ඉන්නෙ ලෝකෙට පේන්න ෂෝ එක දැම්මම, සද්දෙ දැම්මම, උසම පිළිමෙ ගැහුවම, වැඩිම පහං ගණනක් පත්තු කළාම, ජාතක කතා 550ම ඇඳපු තඩි ශාලාවක් හැදුවම, දායකයොන්ගෙ හත්මුතු පරම්පරාවම මතක් කරලා ගමටම ඇහෙන්න පිං දුන්නම නිවන් visit කරන්න free offers දෙන්නන agencies රෙඩි වෙලා ඉන්නවය කියලා.

    ඉස්ලාම් දේවස්ථානත් එහෙමයි. මට හින්‍දු කෝවිල් වලිනුයි, ක්‍රිස්තියානි – කතෝලික පල්ලි දේවස්ථාන වලිනුයි විතරයි ඔය කන්දොස්කිරායාව නිකුත් වෙනවා ඇහිල නැත්තෙ. මේ ආගම් නිර්මාණය කරපු අය/දෙවියන් වහන්සේ(ලා) මේවා දැක්කොත් තමං ගැනම කණගාටු හිතාවි.

    • chamara පවසන්නේ:

      කතාව සහතික ඇත්ත. ඒත් කියන්න දෙයක් තියෙනවා. අනිත් පල්ලි කෝවිල් වලත් ඔහොමම තමයි. කෝවිල් වල මංගලය කාලෙට පන්සලේ පිරිත මොදයි කියලා හිතෙනවා. හැම එකක්ම එහෙමයි. කවුරු උනත් තමන්ගේ පාඩුවේ අදහන ආගමක් අදහන එකයි කරන්න තියෙන්නේ.

    • Thushar පවසන්නේ:

      අප්පා හින්දු කෝවිල්….. වේල් කරත්තේ ගෙනියනකොටයි ඒ තාලයේ කෝවිලේ දාන සද්දෙයි අහන්න මේ පැත්තතට එන්න

  9. malee_msg පවසන්නේ:

    අනේ ඉතිං අපේ පැති වල කියලත් වැඩි වෙනසක් නෑ.. මහ පාන්දරට ඔය වගේ උඩ ගිහිං ඇහැරුණාම පිං නෙවෙයි මෛත්‍රිය පැත්තකින් වෙන වෙන දේවල් වඩන්න හිතෙන්නේ. මං හිතන්නේ ඔය වගේ දේවල් ගැන ඕවා සංවිදානය කරන අය ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනි. නැත්තං ආගමමයි හෑල්ලුවට ලක් වෙන්නේ.

  10. සිරාජ් පවසන්නේ:

    මචන් islam palli wala ema keganawada? ema koe hari wenawa nam mata kiyanna puluwan man danna taramin ema keganene ne

    pray karanna witarak azan nam baanku kiyanawa ettarai :)

  11. සිරාජ් පවසන්නේ:

    මචන් e kiyanne kattiyawa gennanawa pray karanna enna kiyala nettam kattiyata danne ne ne machan ekai :)

  12. සිරාජ් පවසන්නේ:

    ow machan e welawata tamai azan kiyanne samahara katiya business karagena innay so amataka wenawane ekai
    azan kiyala eyalawa gennane :)

  13. සන්ජය චරිත් පවසන්නේ:

    පන්සලක මේ වගේ කඨිනයක් එහෙම තියෙන්නේ අවුරුද්දකට වතාවයිනේ. පෙරහැර උනත් විනාඩි දෙකකින් විතර ගේ පහුකරගෙන යනවා. පෙරහැරක ලමයි දහම්පාසලක උනත් උන් ලමයි එහෙම ඉතින් උන් එකතු උනාම ඕහොම කරන්නැත්තන් උං ලමයිද? කුනුහරුප කියනෑව පිස්සු කෙලින ඒවා නවත්වන්න වැඩිහිටියෝ දැනගන්න ඕන. අනික මුස්ලිම් පල්ලි හදාගෙන මරල‍තෝනි දෙන්නෙ අවුරුද්දකට සැරයක් නෙමෙයිනේ. ඒ අය ඔක්කොම පල්ලි යනවනම් ලවුඩ්ස්පීකර්ස් දාගෙන අනිත් අයට වදදෙන්නෙ මොකද? ඒ වෙලාවට ගම වටේ ඉන්න බල්ලෝ උඩුබුරන එක ඊටත් වඩා හිසරදයක්.

  14. rasika පවසන්නේ:

    සිඩ්නි නුවර ලංකාරාමයේ කටින පෙරහැර පැවැත්වුනේ උදේ 9ඃ00 ට ය.
    තැනේ හිටියට ඇණේ.
    මෙහේ පසලොස්වක සිල් හැම මාසයේ ම තියෙන්නේ ඉරිදා දවසකය.

  15. සෙනෙවි පවසන්නේ:

    කඨින පෙරහැර පැවැත්වීම බුදු දහම නොවෙයි. බෞද්ධයන්ගේ එක් වතාවතක් පමණකි.
    දහම අදහන සැබෑ බෞද්ධයන්ට නම් කඨින පෙරහැර පැවැත්වීම සාමාන්‍ය ජන ජීවිතයට කරදරයක් වන ආකාරයේ සිදුවීමක් නොවිය යුතුය.
    මට හිතෙන්නෙ සාමාන්‍ය ජන ජීවිතයට කරදරයක් වන ආකාරයේ සියලූම සිදුවීම් වලදී අදාල සියලූම පාර්ශ්වයන් සහභාගි කරගෙන සාධාරණ සාකච්ඡා පැවැත්වීම සමාජයේ යහ පැවැත්ම කෙරෙහි අත්‍යවශ්‍ය කාරණයක් බවයි.
    සිදුවීම ආගමික කෘත්‍යයකට සම්බන්ධ නම් එම සංවිධායකයන් හට මේ ගැන දැනුම් දී ඔවුන් ද සාකච්ඡාවට සහභාගි කර ගැනීම සාකච්ඡාව සඵල කරගැනීමට ඉවහල් වනු ඇත.
    මෙහිදී ආගමික මූල ධර්ම වාදීන් ලෙස නොව සාධාරණ මිණිසුන් ලෙස කටයුතු කිරීමද අත්‍යවශ්‍ය බවත් මට සිතේ.

  16. හර්ෂණ පවසන්නේ:

    ආගම විකුනන් සල්ලි හම්බ කරන යුගයක අපි මේ ඉන්නෙ සහෝදරයා, මම අනන්තවත් දැකල තියෙනව හාමුදු‍රුවො බණට වැඩම කරල කියන බණ රෙකෝඩ් කර ගන්න නොදී අනිතාමේට මේසයක් දාල පිට වෙන තැන CD, කැසට් පීස් විකුණනව. මේ එක් නිදසුපනක් විතරයි. එහෙම රටක මේව හදන්න ඉතින් ලේසි නෑ, ඒ නිසා අපි හැදෙන එක තමා කරන්න පුළුවන් හොඳම දේ.

  17. සෙනෙවි පවසන්නේ:

    හර්ෂණ මහත්මයා “නිමොලර්” ට මූණ දෙන්න උන තත්වය ගැන කතාව අහල ඇති නේද?

  18. පවසන්නේ:

    කඨිනේ කියලා ගොඩක් පන්සල් වල කරන්නේ පොඩි ආතල් එකක් ගන්න උත්සවයක්. ඒකට යන අයත් යන්නේ ඒකට.
    පෙරහැර තියන්නේ තරඟෙට අනික් කෙනා කලාට වඩ අපි කරන්න ඕනේ කියල සෝබන වැඩ ටිකක් කොහොම හරි දානවා

  19. තිළිණ සම්පත් පවසන්නේ:

    බොහොම වටිනා කාලෝචිත ලිපියකි.

    කඨින පෙරහැර කඨින චීවර පූජාවේ එක් අංගයක් පමණි. කඨින චීවර පූජාවේ, පෙරහැර ට වඩා අතිශයින් වැදගත් අංග රාශියකින් යුක්ත ය. එ සේ ම මෙය විනය කර්මයකි.
    http://buddharashmi.blogspot.com/2011/10/01_4519.html

    අද පවතින කඨින පෙරහැරවල් බොහෝමයක නො වුවත් සුළු ප්‍රමාණයක හෝ ඉහත ලිපියේ සඳහන් කරුණු කීපයක් ම දක්නට ලැබීම මහත් ඛේදවාචකයකි. මේ සඳහා ගිහියන් මෙන් ම පැවිද්දන් ද, වගකිව යුතු ය. බොහෝ ගිහියන් පිළිබඳ කතාකළ යුත්තක් ම නැති නිසා එය පසෙකින් තබමු. නමුත් ගිහියන් යම් සුළු හෝ වරදක් කරන විට භික්ෂූන් වහන්සේලා විසින් එය පෙන්වා දී ගිහියා යහපතෙහි පිහිටුවිය යුතු ය. මෙ හි තව ත් පැත්තක් තිබේ. භික්ෂූන් වහන්සේලා එ සේ ප්‍රකාශ කළහොත් අද නම් සිදුවන්නේ දායකයන් එක් ව එ ම භික්ෂුව ගේ සිවුරු හැරවීම ය.

    මේ සියල්ල ට ම හේතුව බොදු ජනයා ධර්මයෙන් ඈත් වී අධර්මය ම ළං කර ගන්නා නිසා ය.

    අප ට කළ හැක්කේ “සියල්ලන් ම ධර්මය දකී වා!” කියා ප්‍රාර්ථනය කිරීම පමණි. මේ ඒ වෙනුවෙන් පැළ කළ පුංචි පැළයකි.
    http://www.buddharashmi.blogspot.com/

    මෙය ද, නුදුරේ දී ම සැම ට බුදු දහම විකෘතියකින් තොර ව ඉදිරිපත් කරන මහා රුකක් වනු ඇත.

    තෙරුවන් සරණ යි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>