ඩිජිටල් කැමරා අද කොයි තරම් ජන සමාජය සමග බද්ධ වෙලාද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ නේ. අද එන සෑම ජංගම දුරකථනයක් එක්කම පාහේ කැමරාවකුත් එනවා නේ. ඒ නිසා ඡායාරූප ගැනීම ලොකු පොඩි හැමෝගෙම විනෝදාංශයක් වෙලා. ඩිජිටල් කැමරාවක්, එහෙමත් නැත්තං ඡායාරූප ගන්නත් එක්ක ජංගම දුරකථනයක් මිලට ගන්න හදන අයට වැලඳෙන රෝගයක් තියෙනවා. ඒ තමයි මෙගාපික්සල සින්ඩ්‍රෝමය ! ඒ කිව්වේ හැමෝම බලන්නේ තමන්ට හැකි උපරිම මුදල යට කරලා වැඩිම මෙගාපික්සල් ගාණක් ඇති කැමරාවක්, එහෙමත් නැත්තං ජංගම දුරකථනයක් ගන්න. එහෙමත් නැත්තං ලොකු මුදලක් යට කරලා DSLR එක්ක ගන්න. ඒත් ඇත්තටම හොඳ ඡායාරූප ටිකක් ගන්න ලොකු මෙගාපික්සල් ගණනක් අවශ්‍යද? නැත්තං මිල අධික කැමරාවක් අවශ්‍යද?

ලාල් හෑගොඩ මහතා පිලිබඳ සාමාන්‍යයෙන් බොහෝ දෙනා දන්නවා කියලා හිතෙනවා. එතුමා ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙක් විතරක් නෙමෙයි ඡායාරූප ක්ෂේත්‍රය පිලිබඳ විද්වතෙක්. මම ඉහත කියපු කරුණු ගැන එතුමා ඔක්තෝබර් 11 ඉරිදා ලක්බිම පුවත්පතට ලියපු ලිපියක කරුණු ටිකක් තමයි මේ උපුටා දක්වන්න හදන්නේ. ඒකෙදි එතුමා ඩිජිටල් ඡායාරූපකරණයට එලඹෙමින් සිටින තරුණ පරපුරට අවවාද 10ක් දීලා තියෙනවා. ඒවා හොඳින් කියවලා බලන්න.

  • ඡායාරූපයක ඉතාම වැදගත් එහි සියුම් විස්තර දැක්වීම නොවේ. එය එක් කාරණාවක් පමණි. ඡායාරූපයක සාර්ථකත්වයට බලපාන තවත් කාරණා බොහෝය.
  • (මගේ පෞද්ගලික අත්දැකීමක් ලියන්නට ඉඩ දෙන්න) මහා බ්‍රිතාන්‍යයේ රාජකීය ඡායාරූප සංගමයේ ප්‍රදර්ශණයක් පවත්වන්නට මට ආරාධනයක් ලැබිණ. මා එහිදී ඉදිරිපත් කල ඡායාරූප 30න් විසිහයක්ම 6.1 මෙගාපික්සල් කැමරාවකින් ගත් ඒවාය. ඉතිරි ඒවා පටල කැමරාවකින් ගත් ඒවාය. ඒවා නැරඹුවේ ඡායාරූප ලෝකයේ විද්වතුන්ය. කිසිවෙකු “ෂාප්නස්ට්” ගැන ප්‍රශ්ණ කලේ නැත.
  • ඔබට ඉතිරෙන්නට සල්ලි තිබෙනවානම් මේ ලිපිය කියවීම මෙතැනින් නවතා මිල ඉහලම කැමරාව ගන්න. එසේ නැති නම් කියවාගෙන යන්න.
  • ඔබේ අඩු මෙගාපික්සල් කැමරාවෙන් RAW ගොනු වලින් ඡායාරූප ගන්න. ඒවා 20×24 ප්‍රමාණයට පහසුවෙන් මුද්‍රණය කරගත හැකිය. ජනප්‍රිය මංගල ඡායාරූප මුද්‍රණය කරන්නේ උපරිම 10×15 ප්‍රමාණයට නිසා එයට වුවද මේ තියුණුකම හොඳටම සෑහේ.
  • RAW රූප කැමරාවේ LCD එකෙන් බලන්නට වැඩි වෙලාවක් ගතවිය හැක. දැන් දැන් RAW ගන්නා විට JPEG වලින්ද සටහන් වන අඩු මෙගාපික්සල් කැමරා වෙලඳපොලට පැමිණෙමින් තිබේ.
  • කාච මාරුකිරීමට හැකි DSLR කැමරා අවශ්‍යම නොවන්නේ ZOOM කාච ඇති  බැවිනි. කාච මාරු කිරීමට නොහැකි DSLR මිලෙන් අඩුය. ඒවායේ ZOOM කාච ඔබේ අවශ්‍යතාවය ඉටු කරනු ඇත.
  • කැමරාවට ලක්ෂයක් දෙකක් වැඩිපුර වියදම් කරනු වෙනුවට පාවිච්චි කල කොම්පියුටරයක් රුපියල් 20,000ක් වැනි මුදලකට මිලදීගත හැකිය. Photoshop මෘදුකාංගය ඉතා අඩු මිලට ලංකාවේදී අලෙවි වේ !
  • වෙන කෙනෙකුට දී ඡායාරූප සාදා නොගෙන ඔබම ඡායාරූප Photoshop වලින් සාදාගන්න. එය වටිනා ආයෝජනයකි.
  • කුඩා මෙගාපික්සල් කැමරාවෙන් ඔබ ආදායමක් ලබාගන්නා අතරේ අවුරුද්දක් දෙකක් යනවිට වැඩි පික්සල් කැමරා පේමන්ට් එකට වැටී තිබෙනවා දකින්නට පුලුවන් වනු ඇත. දැන් ඔබට ලොකු මෙගා පික්සල් කැමරාවකට ඉව අල්ලන්නට පුලුවන.
  • කෙසේ වෙතත් ඔබ කැමරාවෙන් මුදල් හම්බකරගෙන ඔබේ කීර්තිනාමය පැතිරී යන විට ඉහල කැමරාවකට යන්න. කැමරාවේ සෙන්සරය ලොකුවත්ම පික්සලයේ ප්‍රමාණයත් ලොකු වන අතර, එක පික්සලයක බිට් ප්‍රමාණයද වැඩි වේ. ඒවායේ වෙනත් දියුණු කිරීම්ද තිබෙනු ඇත.

හොඳ ඡායාරූප ගන්න මෙගාපික්සල් ගණන බලපාන්නෙ නෑ කියන එකට හොඳ උදාහරණයක් අපේ සහෝදර බ්ලොග්කරුවෙක් වන අරවින්ද චන්ද්‍රපද්ම විසින් ගන්නා ඡායාරූප. ඔහු ඡායාරූප ගන්නේ Nokia 3120c දුරකථනයකින්. බලන්න ඔහුගේ ඡායාරූප දෙස.

visit Facebook fan page here

Tagged with:  

17 Responses to ඔබත් මෙගාපික්සල් සින්ඩ්‍රෝමයෙන් පෙලෙනවාද?

  1. patha777 පවසන්නේ:

    @indranama නැතුව නැතුව

  2. පහන් පවසන්නේ:

    ම‍ටත් කාලයක් තිබ්බා ඔය උණ. mercury camera එකකයි cybershot camera එකකයි පින්තූර සංසන්දනය කලාම තේරුණා.

  3. ගයන්ත පවසන්නේ:

    :)

    ෂෝක් ඔත්තු ටික.. (re-ඔත්තු කලාට ස්තූතියි) :D

    ඔබට ඉතිරෙන්නට සල්ලි තිබෙනවානම් මේ ලිපිය කියවීම මෙතැනින් නවතා මිල ඉහලම කැමරාව ගන්න. එසේ නැති නම් කියවාගෙන යන්න.
    ‍මේක 1ටම දාන්න.. ;)

  4. gayantha පවසන්නේ:

    @indranama මේ… OpenID Plugin එක (wordpress එක) දැම්ම නම් මොකෝ…? ;)

  5. “කැමරාවකට ලක්ශයක් දෙකක් වියදම් කරනු වෙනුවට සයිබර්ශොට් ඇති SE දුරකථනයක් ගන්න. ඉන් ඔබේ සියලු අවශ්‍යතා ඉටු වනු ඇත” :D :P

    ගයාන් කල්හාර

  6. තමීර පවසන්නේ:

    සහතික ඇත්ත, මං ගාව තියෙන්නෙ 7.2MP එකක්. ඒත් ඒකෙ උපරිම විභේදනය පාවිච්චි කරන්නෙ බොහොම කලාතුරකින්.
    මොකක්ද ඔය RAW කියන්නෙ?

  7. Saman Rathnayake පවසන්නේ:

    කැමරාවක කියන “Super steady shot” කියන එක මට නම් වැදගත්…වාහනේක 80Kmp/h විතර යද්දි වුනත් Full clear image එකක් ඒකෙන් ගන්න පුළුවන් එතකොට ….ජංගම දුරකථන කැමරා වලින් foot bicycle එකකින් යද්දි ගැගුවත් photo එක ඇදෙනවා….

  8. උෂාන් පවසන්නේ:

    මටත් ඔය උණ තියනව හොද කරන්න නම් අමාරුයි :P හොදවෙන්නේ හොද එකක් ලැබුනම එතකම් උණ :D

  9. රවි පවසන්නේ:

    මටනම් ඕනේ සාමාන්‍ය පික්සල් ගානක් තියන, shutter speed එක වැඩි, setup time එක අඩු කැමරාවක්. එහෙම නැත්නම් කැමරාව ඇදලා ඒක on කරගෙන focus කරලා scene එක දිහා බලනකොට අස්සයා ගිහිං ඉවර වෙලා තියෙයි. shutter speed එකනම් වැඩි වෙන්නම ඕනේ.. මොකද මට අහුවෙන හොඳ scenes හැම එකක්ම වගේ පොරකන ගමන් තමයි ගන්න වෙන්නේ…
    ඔය ඔක්කොමත් හරි, විශ්වාසවන්ත සහ වැඩි ඉඩක් සහිත memory එකක් නැත්නම් මට ඔය එකක්වත් වැඩක් නෑ. (ඡායාරූපකරණයට අදාලදැයි නොදනිමි)


    • මේ ඡායාරූපය දැකලා ඇති නේද? මේක සේන විදානගම නම් ඡායාරූප ශිල්පියා විසින් ගත්තේ සාමාන්‍ය focus කරන පටල කැමරාවකින්. කොයි තරම් වේගවත්ද ! ඒ නිසා “සිරා පොරක්” නම් අස්සයා යන්න කලින් පොටෝ එක ගන්නත් පුලුවන් !

      එක අතකට මේක ඇනලොග් කැමරාවක එක් වාසියක්. initialization time එක අඩුයි.

  10. අරවින්ද පවසන්නේ:

    වටිනා ලිපියක්

    ලාල් හෑගොඩ මහත්තයාගෙන් ඡායාරූප ශිල්පීන්ට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා. බොහොමයක් ඡායාරූප ශිල්පීන්ගේ මුල් පොත ඔහුගේ “ඡායාරූප ශිල්පය හා කලාව” කියන පොත. අද උනත් අලුතින් ඡායාරූප ශිල්පයට බහින කෙනෙක් ඉන්නවා නම් ඒ පොත අනිවාර්යයෙන් කියවන්න.

    මෙගා පික්සල් අමාරුව හා ලොකු ගණං කැමරාවක් ම උවමනා වීම ඇත්තටම ගොඩක් අයට තියන ලෙඩක්. මම මගේ බ්ලොග් එකේ කිව්වා වගේම ඡායාරූපයක ගුණාත්මක බවට බලපාන පළවෙනි කාරණය මෙගා පික්සල් ගණනවත් කැමරාවේ වටිනාකමවත් නෙමෙයි. කැමරාවට පිටිපස්සෙන් තියන ඇහැයි ඊටත් පිටිපස්සෙන් තියන මොළෙත් පාවිච්චි කරන හැටි අනුව යි. වෙන ඕනෙම කාරණයක් තියෙන්නේ ඊට පස්සෙයි.

    මේ ළඟදී මගේ යාළුවෙක් ඡායාරූප ප්‍රදර්ශනයක් පවා පැවැත්වූවා ඔහුගේ Nikon D40 කැමරාවෙන් ගත් ‍ඡායාරූපවලින්. Nikon D40 තමා දැනට තියන මිල අඩුම DSLR එක. මෙගා පික්සල් 6 යි !!. බලන්න ඔහුගේ ඡායාරූප http://www.flickr.com/photos/nadishka/

  11. namal wickramasinghe පවසන්නේ:

    කැමරාව කෙසේ වෙතත් අපේ ඇහ නිර්මාණශිලි විදිහට පරිසරයට යොමු කරොත් හොද ඡායාරූපයක් ගන්න පුලුවන් …. :)

  12. ඉන්දික පවසන්නේ:

    වැදගත් ලිපියක්..ස්තුතියි.
    මටත් ටිකක් විතර කැමරා උණක් නම් තියනව. ඒත් ඉතින් ආර්ථිකේ ඒකට පොඩ්ඩක් හරස් වෙලානේ.. :)

  13. herath පවසන්නේ:

    Canon කැමරා එකක් තියනවා නම්,RAW සපෝර්ට් මේකෙන් අර ගන්න පුලුවන් වෙයි.
    Canon Hack Development Kit

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>