මේ ඡායාරූපයෙ ඇති විශේෂයක් නැති වුනත් මේක පිටුපස අතීත කතාවක් තියෙනවා. ඒ ගැන කියන්නයි මේ ලෑස්ති වෙන්නේ.
මේ ඡායාරූපයේ තියෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුස්තකාලයෙන් මම බැහැර ගෙනගිය ඩබ්. ඒ. සිල්වා ශූරීන්ගේ “රිදී හවඩිය” කියන නවකතා පොතේ ඇතුලු පිටුවක්. මේක ඒ කාලයේ ලියැවුන රහස් පරීක්ෂක කතාවක්. කීදෙනෙක් මේක කියවලා තියෙනවද දන්නෙ නෑ. මේ වගේම එතුමාගෙ තවත් රහස් පරීක්ෂක කතාවක් තමයි “ජූලි හත“. පුලුවන් නම් හොයාගෙන කියවන්න.
අපේ විශ්වවිද්‍යාලය කලින් පිරිවෙණක් බව (විද්‍යොදය පිරිවෙණ) හැමෝම වගේ දන්නවා ඇතිනේ. 1958 අංක 15 දරණ විද්‍යොදය හා විද්‍යාලංකාර විශ්වවිද්‍යාල පනත යටතේ විශ්වවිද්‍යාලයක තත්වයට උසස් කරන ලද එය 1959 පෙබරවාරි 18 වෙනි දින සිට “ශ්‍රී ලංකා විද්‍යොදය විශ්වවිද්‍යාලය” යන නමින් හැඳින්වුනා. එහි මුල්ම විශ්වවිද්‍යාලාධිපතිවරයා වුනේ වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමිපාණන් වහන්සේ.
ඔහොම කාලයක් ගියාට පස්සේ 1972 දී පාර්ලිමේන්තුවෙන් සම්මත උනා අංක 1 දරණ ලංකා විශ්වවිද්‍යාල පනත. මේ මගින් එතෙක් ලංකාවේ තිබූ සියලුම විශ්වවිද්‍යාල එක් විශ්වවිද්‍යාලයක හෙවත් ලංකා විශ්වවිද්‍යාලයේ (University of Ceylon) කොටස් බවට පත්කෙරුනා, 1972 පෙබරවාරි 15 වෙනිදා සිට. ඒ අනුව අපේ විශ්වවිද්‍යාලය “ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යොදය මණ්ඩපය” (University of Ceylon – Vidyodaya Campus) වශයෙන් හැඳින්වෙන්න ගත්තා. අද අපි පොදුවේ විශ්වවිද්‍යාල හඳුන්වන්න පාවිච්චි කරන “කැම්පස්” කියන වචනය භාවිතයට ආවෙ මෙන්න මේකෙන්.
මෙන්න මේ සමයෙදි අපේ පුස්තකාලයට එක්වුනු පොතක සටහන් වූ මුද්‍රාවක් තමයි මේ. අපේ විශ්වවිද්‍යාලයේ පුස්තකාලය ගොඩක් පැරණි එකක් වගේම විශාල පොත්පත් සම්භාරයක් සහිත එකක් බව දැකල තියෙන අය දන්නව ඇති. එහි ඇතැම් කොටස් මම දැකලවත් නැහැ. පිරිවෙන් සමයේ සිට එක්රැස්වූ පොත්පත් මෙන්ම පුස්කොල පොත් එකතුවක්ද මෙහි අන්තර්ගතයි. (නූතන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙ මුල්ම සේවා ස්ථානය වුනෙත් විද්‍යොදය පුස්තකාලය බව අහලා ඇති.)
පසුව 1978 දී නැවතත් මේ ලංකා විශ්වවිද්‍යාලය කොටස් 6කට වෙන් කෙරුනා. ඒ අනුව ලංකා විශ්වවිද්‍යාලයේ තිබුණු මණ්ඩප 6 ස්වාධීන විශ්වවිද්‍යාල 6ක් බවට වෙන් කෙරුනා. ඒවා තමයි,
වශයෙන් මේ දක්වා හැඳින්වෙන්නේ.
මගේ විශ්වවිද්‍යාලය ගැන සිංහල විකිපිඩියාවට මම ලියූ ලිපිය මෙතැනින් කියවන්න. නම නොදන්නා සහෘදයෙක් විසින් එහි වැදගත් දින වකවානු ආදිය සටහන් කරලා ලොකු සහයෝගයක් දුන්නා. ඔහුටත් ස්තූතිවන්ත වෙනවා.
මේ කතාව (විද්‍යෝදය පස්සෙ ජපුර වෙච්ච බව) අපේ ආච්චි අම්මගෙන් මම දැනගෙන හිටියා. :)
රිදී හවඩිය නම් කියෙව්වෙ නෑ. ජූලි හත නම් සිරා පොත.
මේ කතාව (විද්‍යෝදය පස්සෙ ජපුර වෙච්ච බව) අපේ ආච්චි අම්මගෙන් මම දැනගෙන හිටියා. :)
රිදී හවඩිය නම් කියවලා නැහැ. ජූලි හත නම් සිරා පොත. ෂර්ලොක් හෝම්ස් පරාදයි.
මම “රිදී හවඩිය” වගේම “ජූලි හත” පොතත් කියවලා තියෙනවා. ඒ පොත් දෙකම එක හුස්මට කියවන්න පුලුවන් අති විශිෂ්ට පොත් දෙකක්…… ඇත්තෙන්ම ඒ වගේ පොත් අද කාලේ ලියවෙනවද මන්දා….
ඒ වගේම රිදී හවඩිය මමත් කියෙව්වේ පහුගිය නිවාඩු කාලේ අපේ ජපුර පුස්තකාලෙන් අරගෙන තමයි
ස්තූතියි දේශිකා,
එහෙනම් අපි දෙන්නම අරං කියවලා තියෙන්නෙ එකම පොත ! :)
පියදාස සිරිසේනයන් නම් රහස් පරීක්ෂක කථා ලිවීමෙන් අසාර්ථක වුනා කියන්න පුලුවන්. මොකද කෝන්ගොඩ වික්‍රමපාල රහස්පරීක්ෂකයෙකුට වඩා ධර්මය දේශනාකරන්නෙකුට තමයි සුදුසු. නමුත් සාර්ජන්ට් රණතුංග ප්‍රායෝගික මිනිසෙක් වීම නිසා මේ කථා සාර්ථකයි.
ඇත්තෙන්ම ඔව්… එකම පොත තමයි ප්‍රවීන්
මමත් ඔය seal එක ගෙදර අයට පෙන්නුවා මට මතකයි අපේ පුස්තකාලේ antique පොතක් කියලා…
” විශ්වවිද්‍යාලයක තත්වයට උසස් කරන ලද එය ”
අයියේ,
මෙහෙම කියන එක අසාධාරණයි නේද ? අපේ සංස්කෘතියේ තිබුණේ පිරිවෙන් අධ්‍යාපනය ලැබීමේ සම්ප්‍රදායක්. ඉන්දියාවේ නාලන්දා වැනි විශ්වවිද්‍යාල (පිරිවෙන්) වල, වත්මන් විශ්වවිද්‍යාලවල වගේ එක් දෙයක් පිළිබදව පමණක් නොවී, සමස්ථය පිළිබදව කෙරෙන අධ්‍යනයක් තමයි පැවතුනේ. වත්මන් විශ්වවිද්‍යාලවල කෙරෙන අධ්‍යාපනය හරියට පංචේන්ද්‍රියන් තියෙද්දී එක් ඉන්ද්‍රියක් පමණක් පාවිච්චිකරනවා වගේ. 1959 දී වුනේ අපේ පිරිවෙන් සම්ප්‍රදාය මරා දමා. බටහිර අච්චුවකට මේ විශ්වවිද්‍යාල දෙක පත්කිරීම නේද ?
මල්ලී මම මේක හිතලා කියපු දෙයක් නෙමෙයි. මම අදහස් කරන්න හැදුවේ පිරිවෙන් තත්වයෙන් ජාත්‍යන්තර තත්වයේ විශ්වවිද්‍යාලයක් බවට පත්කලා කියන එක.
මල්ලිගේ අදහසත් හරි. මම ඊට එකඟයි. නමුත් එක දෙයක් හැර. පිරිවෙන් අධයාපනය තුල විශ්ව දැනුම අඩුවෙන් තමයි රට තුලට ගලා ආවේ. විශ්වවිද්‍යාල මගින් ඒ දැනුම ගලා ආවා.
දැන් සිද්ධ වෙන සිද්ධි වල හැටියට හිතෙනවා නේද පිරිවෙණක් විධියටම තිබුණනං හොඳයි කියලා? :(
එකේ දෙපැත්තක් තියෙනවා සහෝ.
කොහොම වුණත් ලෝකයේ වෙනස් වීමට සාපේක්ෂව මෙවැන්නක් වු ඒක නරකයි කියාම කියන්න බෑ.
පිරිවෙණක් වෙලාම තිබ්බා නම් ඒකටත් මේ අද තියෙන දේශපාලන පලහිලව්වත් ආවා නම් පිරිවෙණත් පන්සලත් ඉවරයි. අදටත් ඇතැම් පැවිදි කොටසත් මේ තත්වයට දායක වෙලා තියෙනවා නෙව.
අද තත්වයට වග කිව යුත්තේ මේ වෙනසමයැයි මම හිතන්නේ නෑ, ඊට හේතු වුණේ කවදත් අපේ රටට විණ කරන අක්‍රමවත් දේශපාලනය තමා.