නවක නම්නීකරණය කොතරම් දුරට සාර්ථකද?

අපි විශ්වවිද්‍යාලයට ආපු අවුරුද්දේ orientation වත්, english course වත් තිබුනෙ නෑ මුලින්. සඳුදා දවසක අපි ඇවිත් රෙජිස්ටර් උනා, අඟහරුවාදා ඉඳන් academic පටං ගත්තා. අඩුගානෙ ලෙක්චර් හෝල් තියෙන්නෙ කොහෙද කියලවත් දන්නෙ නැතුව එලෝ පොල් පෙනිල හිටිය අපිට උදව් උනේ ජ්‍යෙෂ්ඨ සිසුන්. ඒ නවක වදය දීලාවත්, “අඩෝ ෆ්‍රෙෂා.. මෙහෙ වරෙං පො***” කියලා කතා කරලාවත්, ඔවුන්ට “ජ්‍යෙෂ්ඨ උත්තමයන්” කියලා ආමන්ත්‍රණය කරවගෙනවත් නෙමෙයි. සුහදව “නංගී මල්ලී” කියලා කතා කරලා. විශ්වවිද්‍යාලයට එන්න කලින් අපේ ගම්පලාත් වල රැස්වීම් පැවැත්වුවා නවකවධ විරෝධී කණ්ඩායමෙන්. (ඒ රැස්වීමට මම ගියේ බයෙන් විතරක් නෙමෙයි එතනදි ඔවුන් නවකවධයට විරුද්ධව කියපු දේවල් වලට මම නිකමටවත් ඔලුව වැනුවෙ වත් නෑ. මොකද ෂුවර් නැති නිසා. මෙතනදි මමත් ඔය කියන ඒවට එකඟවෙලා පස්සෙ කැම්පස් එකේදි අල්ලගෙන රැග ඩබල් දුන්නොත්? :P) පස්සෙ තමා තේරුණේ ඒ ඇත්තම නවකවධ විරෝධීන් කියලා. එවකට ශිෂ්‍ය සංගමයේ සභාපති වුන සමීර අයියා කියපු කතාවක් තමයි “මල්ලී… ජ්‍යෙෂ්ඨයන්ට ගරු කරන සම්ප්‍රදායක් හැම කැම්පස් එකේම තියෙනවනේ. අපිට නං ඔය ජ්‍යෙෂ්ඨ උත්තමයො කියල කියන්න ඕනෙ නෑ. සීනියර් බැච් එකේ අයට අයියේ අක්කේ කියල කතා කරන්න, බැරි නං ඒත් කමක් නෑ අපි තරහ නෑ” කියලා. බලෙන් “උත්තමයන්” කියල කියවගන්නවට වඩා මේ කතාව කොච්චර සුන්දරද? හොඳටම ෆිට් උන ජ්‍යෙෂ්ඨයන් කීපදෙනෙකුට පසුකාලීනව “මචං” කියන්න පටන්ගත්තත් අනිත් අයට තාමත් අපි අයියේ අක්කේ කියලා කතා කරනවා, ඇතැමුන් මගේ වයසෙම උනත්.
ඕනෙම තැනක පොඩි පොඩි සම්ප්‍රදායන් තියෙවනෙ. අපේ ෆැකල්ටිය තුල තියෙන එවැනි සම්ප්‍රදායන් ගැන අපිට කියල දුන්නෙත් ඒ ජ්‍යෙෂ්ඨයන් බොහොම කාරුණික විදියට. අපේ ෆැකල්ටියෙ සම්ප්‍රදායන් ඔය සමාජවාදී පීඨ වල තියෙන ඇතැම් සමයං නං නෙමෙයි. මම මේ ලිපියට අදාල වන උදාහරණ දෙකක් කියන්නම්. සිරිතක් විදියට අපි බැම්මක වාඩි වී සිටියදී එතැනින් ආචාර්යවරයෙක් පයින් ගමන් කලොත් අපි නැගී සිට ආචාර කරනවා. (දැං කෙනෙකුට හිතෙන්න පුලුවන් මේක ඉස්කෝලයක් වගේනේ කියලා :D ඒත් ඉතින් ඔය වැඩේ ඇති වැරැද්දකුත් නෑ නේද?) ඒ වගේම පරිගණක විද්‍යාගාරයේ “Lecture On” පුවරුව නංවා තියෙනවනම් කිසිවෙක් දොර ඇර බලන්න යන්නේ නෑ. රැග් සීසන් එකක් නැතත් මුල් සති දෙක තුන තුල කටින් කට පැතිරෙන විදියට තමා ඔය වගේ පොඩි පොඩි දේවල් කියලා දුන්නේ.
ඔන්න ඉතිං විශ්වවිද්‍යාල පරිපාලනය ඊලඟ අවුරුද්දේ ඉඳං පටං ගත්තා අලුත් වැඩක්. නවකයන්ට මුල් සති දෙක තුල academic නැතුව Orientation Program එකක් පටන් ගත්තා. මේකේ සාධනීය ලක්ෂණ තියෙනවා. physical science batch එකට අයිති අපි biological departments ගැනවත් ඒවයෙ lecturersලා ගැනවත් දන්නෙ නෑ. නමුත් මේ orientation එකේදි ෆැකල්ටියේ සියලුම ඩිපාට්මන්ට් වලට සිසුන් එක්කගෙන ගිහින් ඒ ඒ ඩිපාට්මන්ට් ගැන කියල දුන්නා. ඒක බොහොම වටිනා දෙයක්.
ඒ වගේම මේ orientation එක තුලදි ඒ සිසුන්ට ඉගැන්නුවා ජ්‍යෙෂ්ඨ සිසුන් හා කතා කිරීම පවා මහා පාපයක් විදියට. :D මේකෙන් බලාපොරොත්තු උනේ දැනට ජ්‍යෙෂ්ඨ සිසුන් අතර තියෙන බෙදීම් අලුත් බැච් එකට යන්නට නොදී ඔවුන් එක බැච් එකක් විදියට අර දෙපැත්තටම නැතුව එකමුතු කිරීමලු. (ඕවා අහලා අපිට පණ යනකං හිනා ! ඔය වැඩේ කරන්න නං වෙනම හොස්ටල් එකකුත් හදන්න ඕනෙ. දැං තියෙන හොස්ටල් වලට යන එවුං ජෙප්පො වෙන එක නවත්තන්න බෑ නේ :D) ඉතිං මේ තත්වෙ උඩ ජූනියර් බැච් අපිත් එක්ක කතා කිරීම සීමා උනා. එයින් වුන ලොකුම පාඩුව තමා අර පෙර කියපු සම්ප්‍රදායන් ගැන ජූනියර් බැච් එක දැනුවත් නොවීම. අපි හිතුවේ විශ්වවිද්‍යාල පරිපාලනය හා ආචාර්ය මණ්ඩලය එකතුවෙලා කරපු oriemtation එකේදි එව්වා කියල දෙන්න ඇති කියලා. නමුත් අනිත් මොනවා කියල දුන්නත් ජූනියර් බැච් වල එවුන්ට කැම්පස් එක තුල හැසිරෙන හැටි නම් කියල දීලා නැති බවයි අපිට පෙනී යන්නේ.
ජී. එස්. මාකලන්ද මෙනවිය අපේ පරිගණක විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු අධ්‍යයනාංශ ප්‍රධානතුමිය. එතුමියට පරිගණක ක්ෂෙත්‍රයේ කොතරම් දීර්ඝ ඉතිහාසයක් තියෙනවද කිව්වොත් ඇය COBOL භාෂාවෙන් Punch Card යන්ත්‍ර වල (එකල එකම යන්ත්‍රය තිබී ඇත්තේ මොරටුව විශ්වවිද්‍යාලයේ පමණයි) ප්‍රෝග්‍රෑමිං කරපු කෙනෙක්. අපේ විශ්වවිද්‍යාලයේ පරිගණක යන්ත්‍ර මුලින්ම ස්ථාපිත කරපු අවධියේ මුල්ම පරිගණක මධ්‍යස්ථාව ප්‍රධානී වී ඇත්තේ ඇයයි. උනන්දුවෙන් ඉගෙනගන්න අයට ඇය ඉතාම කරුනාවන්ත වුනත්, ලෙක්චර්ස් එන්නෙ නැති, වැඩ ටික හරියට කරන්නෙ නැති අයට නම් ඇය සමග වැඩ කිරීම එච්චර ලේසි උනේ නෑ. දේශණයට පරක්කු වී පැමිණීම ඇය තරයේ හෙලාදුටු දෙයක්. ඇගේ මේ ගතිගුණ අපිට කියා දුන්නේ අපේ ජ්‍යෙෂ්ඨයන්. “මල්ලී මැඩම් මෙහෙමයි.. ඒ නිසා මැඩම් එක්ක සෙල්ලං දාන්න යන්න එපා.. වැඩ ටික කරගෙන ඉන්න..” කියලා. නමුත් අපේ ජූනියර් බැච් එකට ඕවා කියලා දෙන්න කෙනෙක් හිටියේ නෑ නේ :P උන් ලෙක්චර්ස් කට් කරලා, පරක්කු වෙලා ලෙක්ඡර්ස් ගිහින්, ටියුට් කොපි කරලා මාට්ටු වෙලා ඇති තරම් මැඩම් සමග යකා නටා තිබුනා. අලුත් බැච් එක පිලිබඳව ඇය බොහෝ කණස්සල්ලෙන් හිටි බවකුයි අහන්න ලැබුනේ.
තවත් දෙයක් සිදුවුනේ ගිය සතියේ පරිගණක විද්‍යාගාරයේදී. ඒ වෙලාවේ ලෙක්චරර්ලා දෙන්නෙක් ලැබ් එකේ හිටියා, Lecture On පුවරුව දාලා තිබුනේ. අලුත් 1st Year බැච් එකේ (මේ කියන්නේ ඊයෙ පෙරේදා ආපු අපිට වඩා බැච් 2ක් පහල කට්ටිය) ලමයෙක් අර පුවරුව දැක දැකත් ලැබ් එකේ දොරට තට්ටු කරමින්, ඇතුලට එන්න උත්සාහ කරමින් සෑහෙන්න සෙල්ලමක් දැම්මා. මීට අර ආචාර්යවරුන් දෙදෙනාට සෑහෙන්න තරහ ගිය බවයි පෙනුනේ. “මේ ෆර්ස්ට් ඉයර් එවුංගෙ නම් කිසිම චාරයක් නෑ” කියල එක් ආචාර්යතුමෙකුගේ කටින් කියවුනේ ඒ තත්වය ඔවුන්ටත් දැනී ඇත් නිසා වෙන්න ඇති.
ලිපිය අනවශ්‍ය විදියට දීර්ඝ උනා. මම මේකෙන් කියන්න උත්සාහ කලා කාරණා කීපයක්.
- විශ්වවිද්‍යාල පද්ධතියට නවකයන් අනුගත කරන්නත් සම්ප්‍රදායන් කියාදෙන්නත් නවක වධයක් අවශ්‍ය නෑ. ඒක බොහොම සුහදව කරන්න පුලුවන් දෙයක්.
- නවක සිසුන් විශ්වවිද්‍යාල පද්ධතියට අනුගත කිරීම තනිකර පරිපාලනයට විතරක් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඒ සඳහා සිසුන්ගේ සහය අවශ්‍යයි.
- නමුත් මේ දෙවැනි කාරණයේදී ඇතැම් මානසික ලෙඩුන් මගින් නවක වධය මතුවෙන්න පුලුවන් නිසා ඒ වැඩේ අධීක්ෂණය කිරීමත් සිදුවෙන්න ඕනේ.

visit Facebook fan page here
සැලකිය යුතුයි

[said]
ඇය COBOL භාෂාවෙන් Punch Card යන්ත්‍ර වල ප්‍රෝග්‍රෑමිං කරපු කෙනෙක්.
[/said]
අප්පටසිරි! :O
ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ කියන එක මෙතනටත් අදාළයි. නවක වධය වගේ මානසික රෝගීන්ගේ ක්‍රියාකාරකම් මතුවීම වැලැක්වීම මෙන්ම අළුත් අයගෙයි පරණ අයගෙයි සුහදත්වයක් ගොඩනැගීමත් බලය තියන අයගේ වගකීම. පරණ අය එක්ක කතා කරන්නවත් එපා කියල අළුත් අයට කියනවනං ඉතිං, එහෙම කියන එවුංට පිස්සුම වෙන්න ඕන.
එළ! :)
Pravinge kathava sampoorna eththa.apita hema deyakma kiyadunne ape ayyala,akkala.Balen nemei.karunikava.Sameera ayya kiyapu e katava matath hemadamat mataka tiyena deyak.senior kenek vidiyata,jounier batch1 nangila,mallila ekka katakaranna lebunanam,mamat oya de kiyanava.Avasanavakata orientation1 parahakata hitiya.jouniersla ape muna diha balala hinavena avasthavak tiyenne itama kalathurakin.Ape kale api issarahata muna gahena ona kenekge muna diha balanava.mokada api minissu aduragena hitiya.adunanne nethat muna diha balapu kenek ekka hinavena1 manussakama kiyalai mama hitanne.japura science faculty1 hitiye nidahas minissu.nidahas minissunta ara kiyana manussakam ibema ethi venava.atikehel gilapu uguduvo vage inna one na.kageda varada, kothanada varada kiyala agilla dikkarala pennanna apita puluvan.eth adala ayata eka terenne nethi vei.minissunta hemadema ibe pahala venne na.nodanna deval danna kenekgen ahaganna venava.ape acharya mandalayath terum ganna one apei,aluth batches valai venasak ethi kala ekama deya orientation kiyala.ape hesireema me vidiyata venna ape sineor ayyala,akkala pradana hethuvak.aluth aya ehema novenna hethuva apith ekka nositeema bava aduruthumanlata pasak vu dinayaka,orientaion vedasatahana godaak sarthaka vevi.
මේව කවදාවත් අර මැටි මෝල් ජෙප්පොන්‍ට තේරෙන්නෙ නැති එකයි මට තියෙන පුරස්නෙ..
අපෙත් තියෙන එකම ප්‍රශ්නෙ රැග තමයි.. හැබැයි මේ පාර නම් ලේසි වෙන එකක් නෑ..
කතාව සහතික ඇත්ත. අලුත් බැච් එකේ කීයෙන් කීදෙනාද අපි අඳුනන්නේ… සමහර විට අපේ තියන සංස්කෘතිය ගැන නවක නම්නීකරණ වැඩසටහනේදී අචාර්යවරු සිසුන්ව දැණුවත් කරනවා වෙන්නත් පුලුවන් (මොකද කිව්වොත් ඒ සංස්කෘතිය අපි පොඩිකාලේ ඉඳන් වැඩිහිටියන්ගෙන් ඉගෙන ගත්තු ඒත් අඩුවෙන් ක්‍රියාවට නංවපු දේම නිසා). ඒත් ප්‍රෂ්නේ කියන්නේ දෙයක් කියපු පමණින් ඒවා සිදු වෙන්නේ නැති එකයි… ඒ සඳහා එම සංස්කෘතිය පිළිපදින සමාජයක ජීවත්විය යුතුයි. අචාර්යවරු කරන්නේ අලුත් සංස්කෘතියක් කියාදීලා ඒවා අකුරට පිලිපදින සමාජයකින් නවකයා ඉවත්කිරීමයි.
හැබැයි ඉතිං තව දෙයක් තියනවා. අන්තිමට චාරයක් නැතුව ආචාර්ය වරුන්ගේ උදහසට ලක්වෙලා නවකයන්ව හක්කේ තියලා සෙම අරින්න ගත්තම තමයි ඒගෙල්ලෝ, ඒගොල්ලෝ විසින්ම අතහැරපු ජේෂ්ඨයන්ව හොයාගෙන එන්නේ. එතොකොටනම් ඉතිං අහවල් අවුරුද්දේ පාස් පේපර්ස් තියද, අහවල් විශයේ අහවල් කෑල්ල බෑ … කුප්පියක් දානවද, අරක කරන්නේ කොහොමද .. මේක කරන්නේ කොහොමද.. , මේ සර් හොඳද අර මැඩම් හොඳද.. එයාලා ලකුණු දෙනවද… ගියපාර results කොහොමද, special degree එකට තෝරන්නේ කොහොමද.. , අර ෆෝම් එක මොකක්ද, අහවල් එකට register වෙන්නේ කොහොමද …කියලා නානාප්‍රකාර දෙවල් අහගෙන එනවා…. :)
ඔන්න ඕක තමයි නමනීකරණයේ සාර්ථකත්වය… මේ කියන්නේ 100% නරකයි කියන එක නෙවෙයි.. 1% ක් නිසා අනිත් ඔක්කොම නරක්වෙන එක ගැනයි.
හිහී…
මසුරං වටින කතාව මචං !
මෙහෙම එකක් මුලින්ම පටන් ගත්තෙ 1994 දී පේරාදෙනිය වෛද්‍ය පීඨයේන්. “නවක සතුට” කියල තමයි ඒකට කිවුවේ. ඒ වුනාට ජෙප්පෝ ඒක කඩා කප්පල් කලා.
පුද්ගලිකව මම ලංකාවේ විශ්ව විද්‍යාල ගැන කිසිම පැහැදීමක් නැහැ. විශ්ව විද්‍යාලයේ ඉන්න ඔබ ඒක වඩාත් යහපත් තැනක් කරන්න අත්සහා කරන්න.
නවක වදය කියන්නෙ ලංකාව ඉන්දියාව වගේ නූගත් නොදියුණු රටවල පවතින දෙයක්. ඒ තත්ත්වයෙන් මිදුන දාට රටම හොද තැනකට යයි.
හරි වැඩ පිළිවෙලක් ආරම්භ කරන්න.
විශ්ව විද්‍යලයකින් දැනුම විතරක් නෙවෙයි හොද පුරවැසියන් සමාජයට පහල කරන කප්රැකක් වෙන්න ඉඩ හදන්න.
සුභ පැත-මි
අපිත් අපේ පොඩි එවුන්ට කියල දෙන්නෙ ඔය ටිකම තමයි. වෙනස මුලින් ටිකක් සැරට ඉන්නවා. මොකද අපිට ඕන උන්ගෙන් ඕන එවුන් ටික හදන්න නෙමෙයි. බහුතරයක් හදන්න. ඒ නිසා ටිකක් නාහෙට නාහන එවුන් හදන්න ටිකක් සැරට ඉන්න වෙනවා. මේ වෙනකොට උන් අපිත් එක්ක බොහොම හොඳට අයියේ අක්කේ කියල සුහදව ඉන්නවා. උන් දැන් කියනවා අයියේ ඕයගොල්ලො ඒ දවස් වල බැනපු එක හරි නැත්තම් අපි මේ විදිහට අද ඉන්නෙ නෑ කියල. ඒක හරි මොකද අපිටත් අපේ අයියල ගැන හිතුනෙ ඒ විදිහටම නිසා.
“හොඳටම ෆිට් උන ජ්‍යෙෂ්ඨයන් කීපදෙනෙකුට පසුකාලීනව “මචං” කියන්න පටන්ගත්තත් අනිත් අයට තාමත් අපි අයියේ අක්කේ කියලා කතා කරනවා, ඇතැමුන් මගේ වයසෙම උනත්.”
ඇත්ත. ශාකුන්තල අයියා වගේම අපේ ගොඩක් අයියලා අපිට කතා කරන්නේ මචං කියල. ඒත් අපි ඒ අයට අයිය කියල කතා කරනවා මොකද ඒ අය ගැන තියන ගෞරවය නිසා.