පසුගිය පෙබරවාරි මාසයේ අපේ විශ්වවිද්‍යාලයේ පැවැත්වුන “විදුජය” ප්‍රදර්ශනය ගොඩක් අයට මතක ඇති කියලා හිතෙනවා. එහි ව්‍යවහාරික විද්‍යා පීඨයේ ප්‍රදර්ශන භූමිය වෙත ආපු අයට සුවිසල් පිරමිඩය අසල තිබුනු මේ අයිෆල් කුලුණ මතක ඇති.

ගණිත අධ්‍යයනාංශයේ ප්‍රදර්ශනය වෙනුවෙන් මේ අයිෆල් කුලුණේ ආකෘතිය හැදුවේ අපේ බැච් එකේ සොයුරියන් කණ්ඩායමක් විසින්. සැබෑ අයිෆල් කුලුනේ යකඩ බාල්ක මගින් එහි බල සංතුලනය වී ඇති අයුරු විදහා දැක්වීමට මෙය සාදනු ලැබුවේ සැබෑ කුලුනේ ආකාරයටම බාල්ක ලී කැබලි වලින් සකස් කරමින්. මේ නිර්මාණය සඳහා අමුද්‍රව්‍ය ගෙන ඒමේ සිට ලී නියමිත ගණන් මිමි කෝණ වලට අනුව කපා මැලියම් වර්ගයකින් අලවා මේ දැවැන්ත කුලුණ සෑදීමේ සියලු කටයුතු වලට එක පිරිමි පරාණයක් වත් සහභාගී උනේ නැහැ. තනිකරම සොයුරියන් පිරිසකගේ දවස් ගණනක දාඩිය මහන්සියෙන් තමා මෙය නිමැවුනේ.

ප්‍රදර්ශනය ඉවර වූ පසුත් මෙය ඒ ආකාරයෙන්ම එතැන තියෙන්නට හැරියේ මේ නිර්මාණය අගය කිරීමක් ලෙසයි.
පසුගිය දිනෙක අපි උදෑසන විශ්වවිද්‍යාලයට එන විට දුටු දර්ශනය මෙන්න.
කවුරුන් හෝ පාහරයන් පිරිසක් මෙය කඩා බිඳ දමලා. මෙහි බාල්ක සඳහා යොදා තිබූ ලී ලැටිස් පටි කුඩුපට්ටම් කර මාර්ගයේත් විසුරුවා දමා තිබුනා.
බොහෝ දිනවල අපි උදෑසන එනවිට අපේ ගොඩනැගිලි වල කොරිඩෝර වල අරක්කු පාටි වල සලකුණු (හිස් බෝතල්, සිගරැට් කොට, ෆ්‍රයිඩ් රයිස් පාර්සල් වල ඉතිරි කොටස්, වමනය දැමූ දේ) දකින්න පුලුවන්. ගොඩක් වෙලාවට බෝතල් බිම ගසා කුඩුකර දමා තියෙනවා. රෑට විශ්වවිද්‍යාලය තුලට එන්නේ නේවාසිකාගාරයේ සිසුන් පමණයි. එහි වැඩි වශයෙන් ඉන්නේ වෙනත් පීඨ වල සිසුන්. මොවුන් තම පීඨ වල ගොඩනැගිලි හොඳින් තබා ගැනීම සඳහා අපේ පීඨය වෙත පැමිණ මේ මළ ප්‍රේත රංගන සිදුකරන බවයි පේන්නේ. (කොහොමත් අපේ පීඨය සමග තරහකුත් තියෙනවනේ)
රාත්‍රියේ විශ්වවිද්‍යාලය බලාගන්න ඉන්නේ නිල විනයාරක්ෂක නිලධාරීන් හෝ මාර්ෂල්වරුන් නෙමෙයි. ගේට්ටු මුරකරන මුරකරුවන් විතරයි රෑට ඉන්නේ. සිසුන් රෑට මෙහි පැමිණ බෝතල් පාටි දමන බවත් බොහෝවිට තමන්ටත් වීදුරුවක් එහෙම ලැබෙන බවත් එක් මුරකරුවෙකු මේ ලේඛකයා හා කියා තියෙනවා. මේ අල්ලස නිසා ඔවුන් ඒ සිසුන් ගැන හොඳ ආකල්පයකින් කතා කරන්නේ. ඒ නැතත් සිසුන්ගේ කිසියම් විනය විරෝධී ක්‍රියාවකට විරුද්ධ වීමේ නෛතික බලයක් මේ මුරකරුවන්ට නැහැ. මා විශ්වවිද්‍යාලයේ සිටි අවුරුදු දෙක පුරාවටම (ඊටත් පෙර සිටම) මෙවැනි දේ සිදු වුනත් තවමත් ඊට නිසි පිලියම් ගෙන නැහැ.
ඇත්තෙන්ම සිසුන්ට රාත්‍රියේ විශ්වවිද්‍යාල භූමියට එන්නට ඉඩ දෙන්නේ කුමටද? එය අනවශ්‍ය දෙයක් නේද? අධිආරක්ෂිත කලාපයක ඇති කොළඹ විශ්වවිද්‍යාලයේ නම් රාත්‍රී 8න් පසු සිටීම තහනම්. අපේ විශ්වවිද්‍යාල වල පවතින මේ අසීමිත නිදහස නිසා සවස 6 සිට 8 දක්වා රමණය කිරීමට තැනක් ලෙසත් (8න් පසු ශිෂ්‍යාවන්ට රැඳී සිටීම තහනම්), 8න් පසු තැබෑරුමක් ලෙසත් විශ්වවිද්‍යාල භූමිය පාවිච්චි කිරීමේ අයිතිය සිසුන්ට ලැබී තිබෙනවා. මේ තමන් අධ්‍යාපනය ලබන තැන කෙරෙහි ඇති ගෞරවයද?
ඉතින් අපේ අයිෆල් කුලුනේ ආකෘතිය කඩාබිඳ දැමුවේ කවුරුන්ද යන්න ඉන් පැහැදිලි වුනා. රාත්‍රියේ පීඨය තුලට වෙනත් කිසිවෙකු එන්නේ නෑ නේ. හොඳට ඩෝප් වූ පරයන් පිරිසක් තුච්ඡ ආතල් එකක් ගන්නත් එක්ක මේ නිර්මාණය කඩාබිඳ දමන්න ඇති.
මෙයින් හෙලිවන්නේ රටේ උසස් අධ්‍යාපනයේ එක් පැතිකඩක් පමණයි. අවාසනාවකට මෙන් රටේ වැරදි පවා නිවැරදි කිරීමට උත්සාහ දරණ අන්තරේ, විශ්වවිද්‍යාලය තුලදීම තම සාමාජිකයන්ගෙන් සිදුවන මෙවන් වැරදි හදාගැනීමට උත්සාහ දරන්නේ නැහැ.

සැලකිය යුතුයි

මේකනම් මහ කැත වැඩක්
ඔය මහා ශිෂ්‍ය සංගම් වල වුන් ඉන්නෙ දේෂපාලුවන්ට කඩේ යන්න විතරයි.රටට වැඩක් වෙන කිසිම දෙයක් නෑ.අපරාදෙ උන්ට වියදම් කරන සල්ලි.
තව එකක්. ෆැකල්ටි කැන්ටින් එක සෑම සති 2කට වරක්ම හොරු කඩනවා.. සමහර වෙලාවට සතියකට දෙවතාවක් විතර හොරු කඩනවා. මේ දේවල් කරන්නත් එලියෙන් කවුරුවත් එන්නේ නෑ. ආරක්ෂක නිලධාරීන් අකුරටම ඒ හොරු ටික ආරක්ෂා කරනවා.
මේක නම් හරිම නරක වැඩක්… ඇයි මේ අයට තවත් කට්ටියකගේ මහන්සිය ගැන කිසිම තැකීමක් නැත්තේ?
ලෝකයේ උතුම්ම රටයැයි කියා ගත්තට අපේ රටේ මිනිස්සුගේ ගතියක් නිසා.
(ඒ ගති නැති කරනතුරා උතුම් වෙන්නේ නෑ).
අපි නම් 8න් පස්සෙ කැම්පස් එකේ ඉන්න නොලැබෙන එක ගැන කනගාටු වෙනව. 5න් පසු ලෙක්චර්ස් නැති උනත් කැම්පස් එක පාලු කිරීමට කැමති නැති නිසා අපි බොහෝ වෙලාවට 8 වන තුරු බවන(කැන්ටිම)ට වෙලා වැඩක් කරන්නෙ. මැච් එකක් තියන දවසට 10 පමණ වෙනකනු මැච් එක බැලුවත් විනයාරක්ෂක නිළධාරීන් මුකුත් නොකියන්නෙ අපි කවදාවක් ප්‍රශ්න ඇති කරල නැති නිසා.
විශ්ව වද්‍යාලය තුළ සිදුවන මෙවන් අකටයුතුකම් වැලැක්වීමට නොහැකි නම් ළුවන් ආරක්ෂක නිළධාරීන් හට රජයේ(අපගේම) මුදළින් ඹවුන්ගේ බඩ වඩාගැනීමට අප තවදුරටත් ඉඩ ලබාදී බලාසිටිය යුතුද? මෙපිළිබදව අපි විසින් පුළුල් කථිකාවක් ඇතිකළ යුතු වෙමු. ළුය අන්තර්ජාලයටම පමණක් සීමා නොවී සියළුම ජනමාද්‍ය වෙතද පුළුල්ව යා යුතුය. එමගින් විශ්ව වද්‍යාල පාලක පිරිසද සිසුන්ගේ අදහස් දැනගත යුතුය එලෙසම මෙම අකටයුතුකම් හදුනාගත් පසු ඒවා නැවත සිදු නොවන අයුරින් ඒවාට පිළියම් යෙදීමටද ඔවුන් වගබලා ගත යුතුය.
වැඩේ නම් නින්දිත වැඩක් කියන එක පැහැදිලියි. නමුත් යෝජනා කරලා තියෙන්නේ අතීසාරෙට අමුඩේ ටයිප් එකේ විසඳුමක්.
රෑට විශ්ව විද්‍යාලයට එන්න තහනම් කිරීම ඔබ කලින් විරුද්ධ වුන පාසැල් තුල ජංගම දුරකථන තහනමටම සමාන එකක්. විශ්ව විද්‍යාලය නිදහසේ වැඩ කටයුතු කරන තැනක් මිසක් නීති වලින් දුවන්න අවශ්‍ය තැනක් නෙමෙයි.
අපි ඇන්ටි රැග් කිය කිය ඉන්නවට වැඩිය සංවිධානය වෙලා සිසුන්ගේ අවබෝධය වැඩිකරන ක්‍රියාවලියක් පටන් ගන්නවානම් රෑට ගේට්ටු වහන එකට වඩා ප්‍රථිපල ලැබෙයි.
ඔව් දැං නිදහසේ වැඩ කරන්න දීලා, නීති නැතුව දුවලා මෙච්චර කල් හොඳ ප්‍රතිඵල ලැබුනනේ.
අපිට බලය පතුරවන්න පුලුවන් අපේ පීඨය ඇතුලේ සිසුන්ගේ අවබෝධය වැඩිකරන ක්‍රියාවලියක් තියෙනවා වගේම ඊට හොඳ ප්‍රතිඵල තියෙනවා.
හ්ම්.. මේක හදන්න ගොඩක් මහන්සි වෙලා තියන බව පේනව. ෂුවර් එකටම තවත් ජෙප්පංගෙ වැඩක් වෙන්නැති.
නින්දිත පාහර වෑඩක්… ඔය නේවාසිකගාර විශ්වවිද්යාලයෙන් පිටත තිබ්බා නම් හොද නෙද්ද?
පිරිමි නේවාසිකාගාර තියෙන්නෙ විශ්වවිද්යාලයෙන් පිටත තමා මචං. අර ගේට්ටුව ඉස්සරහ පාරෙන් අනිත් පැත්තෙ තියෙන්නෙ ලොකුම එක.
ඒත් ඉතිං රෑට ආතල් එකක් දාන්න, අඩියක් ගහන්න, සූස්තියක් අදින්න ඇතුලට එනවනේ.
මවිසින් භාවිතා කරන ප්ලගිනයක් malfunction වීම නිසා මගේ tweets ටිකක් මෙහි comment වශයෙන් පල විය.
Comments සඳහා subscribe වී සිටි ඔබට ඉන් සිදුවූ අපහසුතාවය පිලිබඳව දහස් වාරයක් සමාව අයදිමි.
වැඩි ප්ලගින වේලාවක කොඩිවින වගේ තමා! :P
:)
අපරාදෙ ලස්සන අයිපල් කුළුණ… :(
Holy crap machan. I can remember me Such and Seejay took a pic infront of it when we leave the premises after the event :’( .
Fuck those morons.
yeah Chanux,
no words to tell about their behaviour. Universities will be a peaceful place without them !
අයියෝ !
අපරාදෙ. මහ පල් වැඩක්.
අසීමිත නිදහසක් බුක්ති විදින විශ්වවිද්යාල ‘රෑවුල් වවාගත්තු’ අමනයන්ගෙ තුන්වෙනි පන්තියේ වෑඩ
වැඩේ නං චා….. බට් මේකේ තව පැත්තක් දැක්ක.. කැම්පස් එකේ උදේ ඉඳන් හවස් වෙනකං ඉගනගෙන හවස 06 සිට 08 වෙනකං බඩුවක් ගහල 08න් පස්සේ ෂොට් එකක් දාන එකේ තියන ආතල් එක නං එල……. කොරල තියෙන වැඩේ නං කැතයි
ඔය පසුව කියපු වැඩ දෙක කරන්න ඉතිං විශ්වවිද්යාල භුමියම ඕනෙ නෑ නේ?
කන බත් පතේ රෙන්න යන්නේ නෑ නේද අපි??
විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්නෝ රටේ හෙට දවස භර ගැනීමට සිටින කොටස හෙවත් රටේ ජීවනාලිය . . . ඉතිං ඔවුන් මේ ත්තවයට පත් වීම නම් කොහොමත් සාධාරනීය කරන්න බෑ . . . ! !
තව දෙයක් අපි සමහර වෙලාවල් වලට කරන දේවල් වල හරි වැරද්ද අපිට ම පේන්නේ නෑ . . උඹ මේක ලියපු එකෙන් දැන් මේක කරපු එවුන් මේ ලිපිය දැක්ක නම් කනගාටු වෙනවාට සැකයක් නෑ තමන් කරපු දේ ගැන . .
මෙවැනි ක්‍රියාවක් කල අයගේ මනස කොතරම් විකුර්තිදැය් මෙම ලිපිය කියවන ඕනෑම කෙනෙකුට පැහැදිලි වනු අත. අධ්‍යාපනය පසෙක තබා රටේ ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්න කරගෙන රටපුරා උද්ගෝෂන පවත්වන්නේද මෙම පිරිස බව අපි දනිමු.(සිසුන්ගෙ ගැටලු සම්බන්දව කතා කිරීම මීට අදාල නොවේ) මෙවැනි පිරිසකට රටේ අනාගතය බාරකිරීම කොතරම් භයානකද…?
අයියෝ අපරාදෙනේ හදපු හැටි කියනකොට දුකයි “පිරිමි පරාණයක් වත් සහභාගී උනේ නැහැ. තනිකරම සොයුරියන්” කොච්චර කැතද මේවගේ වැඩ ඇත්තටම නින්දිතයි
diwesi lowa dakina ape science eke kastiya
balla gena essay 1k liyanna dunnama mekka gena leewet me kastiyama wenna ona.
ගොං කතා කියන්න එපා ඕයි !
හරක් උනාට කමක් නෑ, ඒ බව පෙන්නන්න තප්පුලන්න එපා.