
ටෙක්කතා වලත්, SBU ගූග්ල් සමූහයෙත් නිතර ඇසෙන ප්‍රශ්නයක් ගැන කතා කරන්න හිතුනා. ඒ තමා බ්ලොග් එකක් පටං ගන්න වඩාත් සුදුසු blogger ද, නැත්තං wordpress(.com) ද? කියන එක. ඇත්තටම බ්ලොග් එකක් පටංගන්න හදන කෙනෙක්ට මේක මුලින්ම ඇතිවන ලොකු ගැටලුවක්. මට මේ ගැටලුව ආවෙ නැත්තෙ සිංහල බ්ලොග් එකක් පටංගන්නකොටත් මම wordpress කියන්නෙ මොකක්ද කියලා අහල නොතිබ්බ නිසා, කෙලින්ම මම පටංගත්තෙ blogger වලින්. ඒත් පසුකාලීනව blogger මෙන්ම wordpress.com වගේම self hosted WordPress පවා පාවිච්චි කරලා මට අත්දැකීම් තියෙන නිසා මට හිතෙනවා මේවා compare කරලා ලිපියක් ලියන්න. අලුතෙන් බ්ලොග් එකක් පටං ගන්න කෙනෙකුට මේක වැදගත් වෙයි කියලා හිතෙනවා.මේ ක්‍රම දෙකෙන්ම බ්ලොග් හදාගන්න සතපහක්වත් වැය නොවන බවත් මතක් කරන්න ඕනෙ.
මුලින්ම අපි Blogger ගැන කතා කරමු.

මුලින්ම ගත්තොත් ඔබට දැනටමත් gmail ලිපිනයක් තියෙනවනම් වැඩේ සෑහෙන්න දුරට සම්පූර්ණයි. www.blogger.com වෙත ගොස් ඔබේ gmail ලිපිනයෙන් ලොග් වෙලා බ්ලොග් එකක් පටංගන්න පුලුවන්. ඊලඟ ප්‍රධාන දේ තමයි බ්ලොග් එකේ පාලක පැනලය හෙවත් settings page එක ගොඩක් සරල වීම. සැකසුම් හදාගන්න එහෙම ඒක ලොකු පහසුවක්. ඒ නිසා තමයි බ්ලොග්කරණයට සහ අන්තර්ජාලයට නවකයෙක් නම් බ්ලොගර් පාවිච්චි කිරීම සුදුසුයි කියල කියන්නෙ.
තවදුරටත් තියෙන වාසි ගැන කිව්වොත්, බ්ලොගර් හි side-bar එකේ widget සඳහා javascript පාවිච්චි කරන්න පුලුවන්. ඒ කියන්නේ සයිඩ්බාර් එකේ හොඳ හොඳ වැඩකෑලි දාන්න පුලුවන් කියන එක තමා :P බ්ලොගර් හි තීම් එක ඇත්තේ තනි xml file එකක් විදියට, එය අපිට ඕනෙ විදියට වෙනස් කරගන්න ඉඩ දෙනවා. ඒ නිසා බ්ලොග් එකේ පෙනුම අපිට fully customize කරගන්න පුලුවන්. ඒ වගේම ඔබේම ඩොමේනයක් තියෙනවනම්, .blogspot.com ලිපිනය වෙනුවට ඒ ඩොමේනය පාවිච්චි කරන්නත් ඉඩකඩ සලසා දෙනවා. මේක කරගන්න විදිය මගේ මේ ලිපියේ ඇති. ඒ විදියට තමන්ගේ ඩොමේන් එකෙන් blogger බ්ලොග් එකක් රන් කරන එකට උදාහරණයක් තමා ශාකුන්තලගේ බ්ලොග් එක.
blogger වල අවාසි පැත්ත ගැන කතා කලොත් බ්ලොගර් වල මම දකින ප්‍රධාන අවාසිය තමා තීම් එක තනි xml එකක් විදියට තියෙන නිසා තීම් එකේ ලොකු ලොකු වැඩ දාන්න බැරි වීම. මේකෙ දෙපැත්තක් තියෙන බවත් කියන්න ඕනෙ. එනම් wordpress.com වලට සාපේක්ෂව මේ xml ෆයිල් එක නිසා blogger වල තීම් එක අපිට customize කරගන්න පුලුවන්.
දැන් කතා කරමු wordpress(.com) ගැන.

වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකක් ලබාගන්න www.wordpress.com හි රෙජිස්ටර් වෙන්න ඕනේ. මේක පහසුවෙන් කරගන්න පුලුවන්. වර්ඩ්ප්‍රෙස් වල පෝස්ට් එකක් ලියන තැන, හෙවත් editor එකේ බ්ලොගර් වලට වඩා ගොඩක් tools තියෙනවා. කැමති නම් full screen editor එකක් ගන්නත් පුලුවන්. images අප්ලෝඩ් කරන්න 3GB ඉඩක් ලබාදෙනවා, මෙය බ්ලොගර් හි (Picasa Web) 1GB ඉඩක් පමණයි. බ්ලොගර්වල නැති, වර්ඩ්ප්‍රෙස් වල තියෙන තවත් පහසුකමක් තමා අවශ්‍ය පෝස්ට් සඳහා පාස්වර්ඩ් එකක් දීමේ හැකියාව.ඒ වගේම මත විමසුමක්, කෙටියෙන් කිව්වොත් poll එකක් සාදාගන්නත් පහසුකම් ලබාදීලා තියෙනවා.
බ්ලොගර් හි ඇත්තේ Categories විතරයි. ඒවා හඳුන්වන්නේ Label වශයෙන්. නමුත් වර්ඩ්ප්‍රෙස් වලදී Categories මෙන්ම Tags පහසුකම ද තියෙනවා. (Categories කියන්නේ පෝස්ට් වර්ගීකරණය කිරීම, Tags කියන්නේ පෝස්ට් එකේ තියෙන විශේෂික keywords ටිකක්. tag කිරීමෙන් search engine වලට පහසුවෙනවා පෝස්ට් එකේ කරුනු එකත් කරගන්න)
වර්ඩ්ප්‍රෙස් වල අවාසි ගැන කිව්වොත්, ප්‍රධාන අවාසිය dashboard එකේ settings ඕනෑවටත් වඩා වැඩිවෙලා සංකීර්ණ වීම. ටිකක් පුරුදු කෙනෙකුට නම් මේක ප්‍රශ්නයක් නෙමෙයි. අලුත් කෙනෙකුට නම් ටිකක් අමාරු ගතියක් දැනේවි. ඊලඟ අවාසිය side-bar එකට Javascript දාන්න බැරිවීම. මේ නිසා javascript නැති hit counter හොයන්න වෙනවා හිට් කවුන්ටරයක් දාන්න ගියාම. මේකෙන් වෙන ප්‍රධාන අවාසිය තමා Google Friend Connect දාගන්න බැරි වීම. (GFC කියන්නේ මේ බ්ලොග් එකේ පැත්තක තියෙන්නේ රූප ගොඩක් එක්ක Follow this Site කියලා කොටුවක්. අන්න ඒක)
තීම්ස් ගැන කතාකලොත් වර්ඩ්ප්‍රෙස් වල වැඩි තීම් ප්‍රමාණයක් එනවා අපිට තෝරගන්න. (බ්ලොගර් වල පෙරනිමියෙන් එන්නේ මෙලෝ රහක් නැති තීම් කීපයක් විතරයි.) නමුත් අවාසි පැත්ත තමයි තීම් එක edit කරන්න ඉඩ නොදීම. Stylesheet එකේ වෙනස්කම් කීපයක් කරන්න විතරයි ඉඩ දෙන්නේ.
මෙන්න හොඳම හරිය. හෙවත් කමෙන්ට් ගැන. වර්ඩ්ප්‍රෙස් වලදි බ්ලොග් එකේ අයිතිකරුට කමෙන්ට් edit කරන්න පුලුවනි. ඒ වගේම වැදගත්ම දේ තමා කමෙන්ට් එකක් දම්මාම ඒ කමෙන්ට් එක දාපු කොම්පියුටරේ IP address එක බ්ලොග් අයිතිකරුට බලාගන්න පුලුවන්. keywords ටිකක් දීලා ඒවා අඩංගු කමෙන්ට් බ්ලොක් කරන්න පුලුවනි. යම් email address හෝ IP වලින් දාන කමෙන්ට් බ්ලොක් කරන්න පුලුවනි. මේ වගේ comments සම්බන්ධව ගොඩක් බලතල බ්ලොගර් වලට සාපේක්ෂව වර්ඩ්ප්‍රෙස් වලදි ලැබෙනවා. හැබැයි ඉතින් මේ පහසුකම් ඉතිං සාධාරණ විදියට පාවිච්චි කරන එක තමන්ගේ යුතුකමක්.
බ්ලොගර් වලදි කමෙන්ට් එකක් දැමූ කෙනොගෙ රූපයක් වැටෙන්නෙ එයා blogger profile එකකින් කමෙන්ට් කලොත් විතරයි. නමුත් වර්ඩ්ප්‍රෙස් වල gravatar පහසුකම නිසා gravatar හි තම රූපය දාලා තියෙන අයගෙ ඊමේල් ලිපිනයෙන් ඔහුගෙ avatar එක ලබාගන්නවා.
තමන්ගේ ඩොමේන් එකක් බ්ලොග් එක සඳහා පාවිච්චි කරන්න wordpress.com වල ඉඩදෙන්නේ නෑ. දෙනවා, ඒ සඳහා මුදල් ගෙවන්න ඕනෙ.
මං කලිනුත් කිව්වා වගේ වර්ඩ්ප්‍රෙස් වල සෙටිංස් ගොඩාක් තියෙන නිසා තවත් advanced settings රාශියක් තියෙනවා ඒකේ. උත්සාහ කරලා බලන්න පුලුවන්.
මං හිතනවා ප්‍රමාණවත් දෙයක් කියවුනා කියල. මට කියන්න අමතක වෙච්ච දේවල් කමෙන්ට් වලදි කියවේවි. ඒ නිසා මේක කියවලා blogger හා wordpress සසඳන අය කමෙන්ට් බලන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මට කියන්න අමතක වෙච්ච වැදගත් කරුණු කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.
තමන්ට webhosting එකකුත් තියේනං wordpress තමන්ගේ වෙබ්ස්පේස් එකේ ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්. මේකෙන් අපිට අපේ බ්ලොග් එක අපිට ඕනෙ හැටියට customize කරගන්න අවස්ථාව ලැබෙනවා. වැඩි විස්තර සඳහා www.wordpress.org වෙන යන්න. මලින්තගේ මූලිකත්වයෙන් හා තවචත් ගොඩක් දෙනෙකුගේ සහයෝගයෙන් wordpress සිංහලට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ සඳහා si.wordpress.org වෙත යන්න. මේ බ්ලොග් එක දුවන්නේ එසේ si.wordpress.org මගින් වර්ඩ්ප්‍රෙස් ලබාගෙන එය මගේ වෙබ් ස්පේස් එකක ඉන්ස්ටෝල් කිරීමෙන්.
අවසන් වශයෙන් මගේ මතය කියන්නම්.
- ඔබ බ්ලොග්කරණයට හා අන්තර්ජාලයට අලුත් කෙනෙක් නම්, මුලින් Blogger වලින් පටන් ගන්න. ට්‍රැක් එකට වැඩිලා සෙල්ලං ටික ඉගෙන ගත්තට පස්සේ වර්ඩ්ප්‍රෙස් වලට යන්න, කැමතිනම්.
- අතරමැදි අවස්ථාවලට තමා wordpress.com හොඳ. උදාහරණෙකට ඔබට comment වල බලතල අවශ්‍ය නම්, යම් හේතුවක් නිසා.
- ඔබ බ්ලොග්කරණය ගැන දැනුමක් තියෙන කෙනෙක් නම්, වැඩකිඩ දාන්න කැමති නම් වර්ඩ්ප්‍රෙස්, වඩාත් නිවැරදිව කිව්වොත් තමන්ගේම වෙබ්ස්පේස් එකක වර්ඩ්ප්‍රෙස් පිහිටුවා ගැනීම තමයි හොඳ.
වැඩිදුර විස්තර සඳහා මේ ආටිකල් ටිකත් බලන්න. බ්ලොග්කරණය ගැන උදව්වක් ඕනෙ නම් යන්න ඕනෙ හොඳම තැන තමා සිංහල බ්ලොග්කරුවන්ගේ ගූග්ල් සමූහය. නැත්තම් මට ඊමේල් එකක් දැම්මොත් පුලුවන් උදව්වක් නං කරන්නම්.
නොමිලේ දෙන wordpress.com බ්ලොග් එකකත්, තම වෙබ් ස්පේස් එකක wordpress ඉන්ස්ටෝල් කරගැනීමේත් අතර සැසඳීමක් ඊලඟට ලියන්න බලාපොරොත්තු වෙනවා.

visit Facebook fan page here
සැලකිය යුතුයි

ඔන්න මම හෙව්ව එක. වර්ඩ්ප්‍රෙස් වල අවතාරේ වෙනස් කරගන්න ඔනේ වෙලා තිබ්බා
“බ්ලොගර් වලදි කමෙන්ට් එකක් දැමූ කෙනොගෙ රූපයක් වැටෙන්නෙ එයා blogger profile එකකින් කමෙන්ට් කලොත් විතරයි. ”
ඒත් දැන් රූපය Upload කරලා දාන්න පුළුවන්, ඒත් මේ Avatar ඇතැම් වෙලාවට දර්ශන වෙන්නේ නෑ බාහිරව Theme එකක් දමා ඒ Theme ඒක සහය දක්වන්නේ නැත්නම්.
බිලොගග්ර් ඒත් නරකම නෑ නිර්මාණශිලිත්මය උපයෝගී කරගෙන දියුණු කරොත්, බිලොගග්ර් වල පෙර නිම්නයෙන් ක්මෙන්ට් දැමීමේ පහසුකම කෙසේවෙනත් තුන්වන පාර්ශ්වයෙන් ක්මෙන්ට් සේවා ලබා ගන්න පුළුවන්.
ඔව් ඒ කතාව ඇත්ත. මම කලින් කිව්වා වගේ blogger හි xml file එක අපිට ඕනෙ හැටියට වෙනස් කරන්න පුලුවන් නිසා වැඩ කිඩ දාලා මදලා ගන්න පුලුවන්.
මොකද wordpress.com වල ඒ file අපිට එඩිට් කරන්න දෙන්නේ නෑ.
ඔව් මචං, http://www.bloggerbuster.com/ වගේ අඩවි ඊට අත්වැලක්.
මටනම් හිතෙන්නේ Blogger භාවිතය පහසුයි කියලා.
word press ලිපියක් දාන්න ගියම තියෙන මුහුනත ටිකක් සංකීරණ වැඩී වගේ.
මටත් දැන් හිතෙනවා word press හොදයි කියලා.මොකද මමත් මෙච්චර කල් හිතන් හිටියෙ Blogger හොදයි කියලා.
එතකොට මේ wordpress නෙවෙයිද? ඔයා GFC එක දාල තියෙන්නෙ?
සිංහල බ්ලොග් කරැවන්ගේ සංගමයෙන් ලබාදෙන myblog.lk සේවාව භාවිතයෙන් wordpress බ්ලොග් එකක් හදා ගන්න පුළුවන්.. මම හිතන විදියට නම් wordpress එච්චර සංක්‍රීර්ණ නැ… ටිකක් localhost එකේ දාගෙන බැලුම් නම් වැඩේ අල්ල ගන්න තිබුන.. කාට හරි උදවුවක් ඕන උනොත් අපිත් මේ පැත්තෙ ඉන්නවා :P
අයියෝ…. මෙයා අනාගෙනනෙ :P
මම මේ පෝස්ට් එකේ කියන්නෙ wordpress.com වලින් ලබාදෙන free blogs ගැන.
මගේ එක self hosted WordPress එකක් නේ, ඔයාගෙ එක වගේම. ඒවයෙ javascript පුලුවන්නේ.
අයියෝ.. කලින් සිද්දිය කියන්ඩ එපැ.. මම wordpress.com වලින් බ්ලොග් එකක් හදල නැ.. ඒකයි දන්නැත්තෙ… එළ එළ දැන් හරි :P පුළුවන් නම් මාව gtalk එකට එකතු කරගන්න.. :) ( id එක kanirockz )
මරේ මරු. ඊලඟ ලිපිය ඉක්මනට ලියන්න.මම මේ බලන් ඉන්නෙ, කොහොමද WP theme එක වෙනස් කරන්නෙ කියලා.
අය්යො ඒක සිම්පල්නේ ඒත් ටිකක් විතර හොයලා බලලා කරන්න ඔනේ.
මමත් මගේ සයිට් එකට තීම් එක දා ගන්න කොට ඒක හොදට බැලුවා
WordPress වල මම දකින තවත් අඩුපාඩුවක් තමයි ගොඩක් මන්දගාමී වීම. Google Gears පාවිච්චි කරලා පොඩි සහනයක් ලබා ගන්න පුළුවන්ලු.. හැබැයි මට නම් දැනිලා නෑ. හොඳම විසඳුම wordpress වලට Scribefire configure කරගන්න එක.
තමන්ගෙ අනන්‍යතාව සඟවාගෙන ලියනවනම් WordPress නියමයි. ;)
WordPress ස්ථාපනය කරන්න ගිහින් කට්ටිය අනාගන්නේ MySQL collation එක හදන තැන.. ඒ ගැන විශේෂිතව ඊළඟ පෝස්ට් එකේ දාන්න.
ඔව්. හේතුව plugins. අදාල පිටුවට අනවශ්‍ය එකක් උනත්, සෑම පිටුවක් පූරණය වීමේදීම සියලුම ප්ලගින් execute කරනවා.
ඔව්, ඒ විතරක් නෙමෙයි, ඇනෝනිමස් කමෙන්ට් දාන අය ගැන විස්තර හොයන්නත්, කමෙන්ට් වල තියෙන “හොඳ වචන” edit කරන්නත් wordpress නියමයි ! :D
WordPress වල මම දකින තවත් අඩුපාඩුවක් තමයි ගොඩක් මන්දගාමී වීම.
ඒක Blogger වලත් තියෙනවා වැඩියෙන් Widgets, Javascripts හා වැඩකෑලි පින්තුර තියෙන බිලෝග් වල. මට එපා කරපු ඇතැම් Blogs වලින් (මන්දගාමී නිසා) වැඩි හරියක්ම Blogger එව්වා. ඒවායිනුත් වැඩි හරියක් පල්ලෙහාම Flash Counter එකක් තියෙන එව්වා.
වෙබ් හොස්ට් කරන්න අවරුද්දකට ගානක් වියදං කරන්න පුලුවන් නං ඉතිං වර්ඩ්ප්‍රෙස් වලට යන එක හොඳයි. නැත්තං බ්ලොගර් සරණං ගච්ඡාමි. හැබැයි කියන්න ඕනි තමන්ගෙ කියල වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකක් තියන එකේ ආතල් එක වෙන කොහෙවත් නෑ.
මල කෙලියයි මහරජ, තමයි. ඒ කියන්නෙ නොමිලේ කරන්න දෙන අය ඈත්තෙම නෑද්ද?
ඔන්න ඉතිං පටලව ගත්තනෙ. මං කිව්වෙ නොමිලේ දෙන වර්ඩ්ප්‍රෙස් වලට වඩා තමන්ගෙම තැනක තියන වර්ඩ්ප්‍රෙස් හොඳා කියල.
ඔය නොමිලේ දෙන wordpress.com බ්ලොග් වල සමහර දේවල් කරන්න බෑනෙ.
ගොඩ ඉදන් පීනන්න බෑහෑනෙ, ඕන කෙංගෙඩියක් වෙන්න කියලා කෙලින්ම මාරුවුනා WP වලට. හෑබෑයි, ටිකක් වෙන්න අල වෙලා ඉන්නෙ. ප්‍රශ්ණයක් නෑ, හාරලම බලමු.
එච්චරම නරක පාටක් නෑ.CSS edit කරන්නත් දෙනවානෙ.අර ඉස්සෙල්ලා comment වල තිවුන සේරම නොකලයුතු දේවල් blogger එකේදි කලා.ඉගෙන ගන්නනං එහෙම නොකර අමාරුයි, මට හිතෙන්නෙ.අනික, දෑන් ඔරුවෙ පෙරලිච්ච පිට කොහොමත් හොදයි.
මම WordPress .. … පොඩි අවුලකට තියෙන්නේ ෆොන්ට් සයිස් එක වෙනස් කරගන්න අමාරුයි… WordPress වලින් , “තම වෙබ් ස්පේස් එකක wordpress ඉන්ස්ටෝල් කරගැනීම” ඉක්මනටම කියන්න
මෙන්න මේ කට්ටිය, නොමිලේ web hosting දෙනවා.
http://www.000webhost.com/order.php
මමත් එකක් දා ගත්තා.
http://lazyowl.netai.net/
කට්ටියට විස්තරේ කියලා,external hosting කරන හෑටි ලිපියක් ලිව්වොත්, තව දාහක් වටිනවා.
JScript, CSS ඔක්කොම නිකංනෙ. තව ඉතිං, ඔය extended themes එහෙමත් ඔබාගන්න, පුලුවන්නෙව.
000webhost ගැන නම් එච්චරම බලාපොරොත්තු තියාගන්න එපා.
මෙන්න මට වෙච්ච දෙයක්
http://blog.indranama.com/2009/09/free-hosting-photoblog-and-pixelpost/
ස්තුතියි, කලින්ම අනතුරු ඈගවීමට. ලාබ බඩුවල හිල් තියනවා කියලත් තියනවානෙ.
මචා මට පොඩි help එකක් ඕන. මගේ බ්ලොග් එකට පොඩි වැඩක් දාන්න ගිහින් අප්සෙට් ගියා. ඒකේ දැන් හැම post එකක්ම උඩින් නමත් එක්ක undefined කියලා 03 පාරක් වැටෙනවා. මම හිතුවේ ටැග් හරි category හරි නැති නිසා කියලා. ඒත් ඒක නෙවෙයි හේතුව. මට මේක හදා ගන්න help එකක් දෙනවද?
http://lankanthoughts.blogspot.com
what about MYBLOG.LK ????
myblog.lk කියන්නෙත් WordPressම යි. මම මෙතන පොදුවේ wordpress කිව්වාම ඒකත් අයිතියි. :)
oba athulu kihipa denek ekathu vela MYBLOG.LK patan gaththa kiyala danagaththa internate ekan.eka hoda uthsahayak. eka nisa mamath MYBLOG.LK patan gaththa.
evunath MYBLOG.LK valadi penuma(themes)venas karanna bahane. (themes)6k,7k vtharai thiyenne.
mama aluthen BLOG ekak karanna ave.
ස්තුතියි,
:) myblog.lk එක ඇරඹීමට නම් මගේ සම්බන්ධයක් නම් නැහැ. එය ආරම්භ කලේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය වෙනුවෙන් කාලිංග අයියා. එය පවත්වාගෙන යන්නේ ඔහුගේ පූර්ණ සම්පත් දායකත්වයෙන් බව මතක් නොකර බැහැ.
ඔබට අලුත් තීම් එකක් දාගන්න අවශ්‍ය නම් ඒ තීම් එක කාලිංග අයියාට දෙන්න. ඔහු ඒක ඔබේ බ්ලොග් එකට ඇඩ් කර දෙයි.
මන් නම් බොල්ග් වලට අලුත්… එක නිස blogger එක්ක ඉන්න එක හොඩය් කියල හිතෙනව.
worldpress් වලට මරු වෙනවනම් import කරන්න පුලුවන්ඩ බ්ලොග් එක ?
මටත් ගැටලුවක් තිබේ,worldpress වලින් මමත් බ්ලොග් එකක් හැදුව නමුත් මට අවශය තීම් එකක් ඩවුන්ලොඅඩ් කර එයට එක්කර ගන්න හැදුව.නමුත් බැහැ.මට උදවු කරන්න.
wordpress.com මගින් නොමිලේ ලබාගත් බ්ලොග් අඩවි සඳහා ඔවුන් ලබාදී ඇත් තීම් වලට අමතරව වෙනත් ඒවා පිහිටුවීම කරන්න බෑ
ඔය ඔක්කොගෙම එකතුවක් සහ තවත් අමුතු වැඩ කෑලි ගොඩාක් එක්ක තියන මේ සයිට් එකනම් ඔය ඔක්කොටම වැඩිය මැක්සා !!
ට්‍රයි කරලම බලන්නකෝ ..
මම නම් බ්ලොග් ඔක්කොම ලියන්නේ මේකෙන් …
http://www.blog.com
මා හිතන පරිදි වර්ඩ්ප්‍රෙස් භාවිතය පහසුයි. මෙය මා මුල සිටම හුරු වු නිසා විය හැක. නමුත් තමාගේ අන්‍යතාවය රැක ගැනීමට බ්ලෝගර් තාක්ෂණයට වඩා වර්ඩ්ප්‍රෙස් තාක්ශනය ඉහ්ල බව මගේ පිළිගැනීම.