මම වෙන වැඩක් නැති වෙලාවට හිතෙන හිතෙන google search කරලා බලනවා. මේ ලඟදි මම ආපහුපාරක් “indranama” කියලා සර්ච් එකක් දාලා බලනකොට දෙවැනි හෝ තුන්වැනි පිටුවේ තිබිලා හම්බුනා සයිට් එකක්.
ඒකෙ නම Tweeple of India (tweeple.in), ඉන්දියානු අඩවියක්.
බැලූ බැල්මට අපේ tweets නැවත විසුරුවාහරින අඩවියක්. වැඩේ කියන්නෙ ඒකෙ අපිට ප්‍රොෆයිල් හිටං හැදිලා. අපි twitter.com එකේදි කරපු tweets මෙන්න මේකෙත් අපේ ප්‍රොෆයිල් එකේ තියෙනවා ! මගේ twitter statistics සියල්ලමත් මේකෙ තියෙනවා. මෙන්න බලන්න ඒකෙ මගේ පිටුව http://tweeple.in/user/indranama/ මෙතන indranama කියන එක වෙනුවට ඔබේ twitter username එක ගහලා බලන්න, අනිවාර්යයෙන් ඔබේ ප්‍රොෆයිල් එකකුත් තියෙනවා, ඔබ ඔබේ tweets protect කරලා නැත්නම්.
පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ මෙම අඩවියේ ප්‍රොෆයිල් එක ඉවත් කරගන්න පහසුකමක් ලබා දීලත් නෑ. Powered by Twitter කියලා අඩවියේ පහලින් සඳහන් උනත් Twitter අඩවිය මෙබඳු වෙනත් සේවා පවත්වාගෙන යන බව අපි කලින් නම් අහලා නෑ.
මේක වැරදි වැඩක් බව අමුතුවෙන් කියන්න ඕනේ නෑ නෙ. අපි twitter.com අඩවියේ ලියාපදිංචි වෙලා එහි tweet කරන්නේ එම අඩවියේ භාවිතයට පමණයි. වෙනත් අඩවිවලට ඒවා ලබාගෙන පලකරන්න නෙමෙයි. අනිත් අතට අපේ අනුදැනුමකින් තොරව අපේ ප්‍රොෆයිල් එකක් හදන්න වෙන කාටවත් අවසර තියෙන්න බෑ නෙ.
මේ වගේ දේවල්වලින් බේරෙන්න තියෙන එකම විදිය නම් තමන්ගේ tweets protect කිරීම. මම පෞද්ගලිකව එහෙම නොකරන්නෙ මම Selective Twitter Status (#fb ටැග් එක) මගින් ඇතැම් tweet ෆේස්බුක් status විදියටත් යොදන නිසා. tweet protect කලොත් මේ වැඩේ කරන්න බෑ. ඒ වගේම tweet protect කලොත් තමන්ගෙ බ්ලොග් එකේ twitter widget එකක් තියේනම් ඒවා ද අක්‍රිය වීමට ඉඩ තියෙනවා, බොහෝ දුරට.
මම හිතන්නේ අනිත් අඩවි වලට වඩා twitter එකේ මේ වගේ දේවල් වෙන්න හේතුව Twitter API එක අනවශ්‍ය ලෙස විවෘත වීම. මම ගොඩක් අත්දකින දෙයක් තමයි මොකක්හරි ඉංග්‍රීසියෙන් tweet කලොත් අනිවාර්යයෙන්ම එහි තියෙන ඇතැම් keyword වලට අදාලව වෙලඳ දැන්වීම් reply tweets ලැබෙනවා. ඒ වගේම අලුත් ඉංග්‍රීසි tweet එකක් කල සැනින් තව නාඳුනන විදේශිකයන් කීපදෙනෙක් මාව follow කරන්න පටන් ගන්නවා. අපි tweet එකක් කල විට එක twitter හි ප්‍රධාන tweets ධාරාව, හෙවත් public timeline එකට එකතු වෙනවා. මේ public timeline එක ඕනෑම කෙනෙකුට විවෘතයි. පොඩි වැඩකෑල්ලක් දාලා අපිට public timeline එකේ keyword filter එකක් දාලා අවශ්‍ය tweets අල්ලගන්න පුලුවන්, ඒවා tweet කල විගසම. ඒ වගේම එක user කෙනෙක්ගේ tweets අල්ලගන්නත් පුලුවන් බාහිර පුද්ගලයෙකුට.මෙන්න මේ වගේ හේතු නිසා තමයි අනිකුත් social network වලට වඩා twitter දී අපිට ටිකක් වැඩිපුර බාහිර කරදර එන්නේ.
තමන්ගේ twitter username එක google search කරලා බැලුවොත් අපේ අනුදැනුමින් තොරව අපේ twitter stats, tweets, username එක යොදාගෙන අපිව කඩේ යවන සයිට් ඕනෙ තරම් හොයාගන්න පුලුවන්.
විශේෂයෙන් මතක තබාගත යුතු දෙයක් තමයි එම අඩවිවලදී හැර වෙනත් කිසිදු නොදන්නා අඩවි වලට Twitter, Facebook පාස්වර්ඩ් ලබානොදෙන්න වගබලාගන්න. ඇතැම් අඩවි වල තියෙනවා Login with Twitter, Connect with Facebook වගේ options. ඒවා ප්‍රවේශමෙන් භාවිත කරන්න. පසුගිය දිනවල twitter භාවිත කරන බ්ලොග්කරුවන් රැසක් එබඳු fraud එකකට අහු උනා. (ඒ ගැන පහන්ගේ ලිපිය කියවන්න)
Twitter පාවිච්චි කිරීමේදී මේවාත් මතක තබා ගන්න.


සැලකිය යුතුයි

හැබැයි ට්විටර් එකේ පරමාර්ථයත් එකම තමයි නේද ? මම දන්න විදියට ට්විටර් එකෙන් කරන්නේ යම් මොහොතක යම් දෙයක් කරන මිනිසුන් ප්‍රමානය පිලිබඳ තොරතුරු ලබාගෙන වෙලඳ ප්‍රචාරණය සඳහා එම තොරතුරු විශ්ලේශණත්මකව භාවිතා කිරීම. (Data Mining)
ඔව්, ඔය වගේ සයිට් බර ගාණක අපේ ට්වීට් තියෙනවනෙ. හැබැයි ඔය වැඩේ නවත්තන්න නම් බැරිවෙයි. මොකද ට්විටරෙ මූලික අරමුණත් අපේ ට්වීට් ඕනෙම කෙනෙකුට බලාගන්න පුළුවන් වෙන එකනෙ. (protected accounts ඇර)
twitter වල ප්‍රධාන පරමාර්ථය අපේ tweet ඕනෑ කෙනෙකුට දැනගන්න පෙනෙන්න සැලැස්වීම තමයි. නමුත් ඒ සඳහා ඒවා twitter.com පමණක් තිබුනාම මදෑ. අපි අපේ බ්ලොග් පෝස්ට් ලියන්නෙ හැමෝටම පේන්න උනාට ඒවායේ content තවත් අඩවි වල තියෙන්න අවශ්‍ය නෑ නේද?
twitter jල පරමාර්ථය “යම් මොහොතක යම් දෙයක් කරන මිනිසුන් ප්‍රමානය පිලිබඳ තොරතුරු ලබාගෙන වෙලඳ ප්‍රචාරණය සඳහා එම තොරතුරු විශ්ලේශණත්මකව භාවිතා කිරීම. (Data Mining)” නම්, ඊට microblogging service එකක් කියල කියන එක වැරදියි නෙ.
එක නම් ඉතින් ඇත්ත තමා.
මගේ tweets තියන site 10 ක් විතර හොයාගත්තා. :D තමීර කියන විදියට twitter වල අරමුණ ගැන පැහැදිලියි එත් අපේtweet twitter එකේ තිබුනම ඇති කියලයි මාත් හිතන්නේ. ඒත් protect කරන්නත් බෑ ඉන්දරේ කියපු හෙතුව නිසා
මම නම් හිතන් හිටියෙ ඔය වගේ දේවල් Twitter එකෙන් සාමාන්යයෙන් වෙනව කියල….. ඒ වගේ දෙයක් මම account එක හදද්දි දැක්ක වගේ… මතක නෑ…. ෂුවර් නෑ…….
YouTube එකෙත් අපේ videos list කරල වෙනත් සිටෙස් User Videos/Profiles හදල තියනවනෙ….
Original
http://www.youtube.com/AkilaDJ
Clones
http://apnaview.com/yuser/AkilaDJ
http://www.tubeq.com/user/AkilaDJ
http://www.youtubelanka.com/AkilaDJ/
http://videoz.fdbox.com/profile/AkilaDJ/
http://newswrecker.com/news-bloopers/profile/AkilaDJ/
http://superbikemoto.com/vbulletin/vBTube.php?do=user&uname=AkilaDJ
http://www.experiencefestival.com/forum/vBTube.php?do=user&uname=AkilaDJ
:)
Protect කරලා නැති tweets, Twitter team එකට ඕනෑ විදියකට – වෙනස් කිරීමෙන් තොරව – Twitter අඩවිය තුළ භාවිතා කළාට අපිට කමක්නෑ. නමුත් අපේ tweets වෙනත් අඩවි විසින් එකතු කිරීම, තමන්ගේ අඩවියේ ලියාපදිංචිවී නොමැති අය සඳහා profiles සැකසීම බරපතළ වැරදි.
මොකද මේකට කරන්න පුළුවන් ?
අපි නඩු දාමු :D
@කණිෂ්ක:
සිරාවට. තහනං නියෝගයක් ගන්න බැරිවේද ? Twitter ලියාපදිංචි කරල තියෙන්නෙ – එහෙම මොකක්හරි කරල තියනවනං, – ඇමරිකාවෙ නිසා, එහේටම යන්න වෙයිද ?
//අලුත් ඉංග්‍රීසි tweet එකක් කල සැනින් තව නාඳුනන විදේශිකයන් කීපදෙනෙක් මාව follow කරන්න පටන් ගන්නවා.
මේක මමත් ගොඩක් වෙලාවට දැකපු දෙයක්. මොකක්ද දන්නේ නෑ හේතුව.
Spamers?
හ්ම්. ඒත් මාව follow කරපු වැඩි දෙනෙක් එහෙම ලාබ ප්‍රයෝජන ගන්න ට්විටරෙට එකතු වුනු බවක් පෙනුනෙ නෑ. ඒත් ඇයි ඉංග්‍රීසි Tweet එකක් දාපු ගමන් ඔහොම සෙට් වෙන්නෙ? Bots ලා වත් ද?
ප්‍රතිචාරයට ස්තූතියි.
මම Updates Protect කරල තියෙන්නෙ.. ඒත් මටත් Profile එකක් හැදිලා… :O
@gayantha updates ඔක්කොමත් පෙන්නනවා.. :@
Twitter එකට report කරන්න වෙයි වගේ..
මම නං twitter පාවිච්චි කරන්නෙ නෑ.හරිම සිම්පල් ප්ලෑන් එකක්. :P