දැනට සති දෙකකට ඉහතදී සිංහල යුනිකෝඩ් ලෝකයේ අලුත් සිදුවීමක් සිදුවිය. එනම් නව සිංහල යුනිකෝඩ් අක්ෂරයක් නිකුත් වීමයි. පුවත්පත් දැන්වීම් පලකොට, රාජගිරියේ හෝටලයක සාදයක් පවත්වා එලි දක්වනු ලැබූ මෙම අලුත් අක්ෂරය “භාෂිත” නම් වේ. මේ සමගම දැනට භාවිත වන සිංහල යුනිකෝඩ් අකුරු වල රූපසටහනක් පහත දැක්වේ.
සිංහල යුනිකෝඩ් අක්ෂර ක්ෂෙත්‍රය පෙලෙන උග්‍රම අර්බුදය නම් ලස්සන අකුරු නැතිකමයි. මෙය වඩාත් බලපානුයේ බ්ලොග් ලියන අයට නොව යුනිකෝඩ් අකුරු වලින් (විශේෂයෙන් ලිනක්ස් මත දී) ග්‍රැපික් නිර්මාණ වැනි designs කරන අයටය. ලස්සන සිංහල අකුරු නොමැති කමින් ඔවුන්ට තවමත් පැරණි ascii අක්ෂර මත යැපෙන්නට සිදු වී ඇති අතර එම අක්ෂර නිවැරදිව ටයිප් කර ගැනීමට Keyman නම් වාණිජ මෘදුකාංගයේ (හෝ එහි හොර කොපියක) පිහිට පැතීමට ද සිදු වී ඇත.
මට ද මේ අර්බුදය යම්තාක් දුරකට බලපාන නිසාවෙන් අලුත් අක්ෂරයක් පැමිණි බව ඇසූ සැණෙකින් බලාපොරොත්තු දල්වා ගත්තේ එය ලස්සන එකක් වනු ඇතැයි සිතමිනි. එහිදු ඇත් ලස්සනක් නැති බවත්, පැරණි යුනිකෝඩ් අකුරු ගොඩටම දැමිය හැක්කක් බව පෙනුනේ බාගත කරගත් පසුවය.
පුෂ්පානන්ද ඒකනායක යනු සිංහල අකුරු ක්ෂෙත්‍රයේ ප්‍රබලයෙකි. The Fontmaster නම් ඔහුගේ ආයතනය යටතේ නිර්මාණය කෙරුනු FM සිංහල අකුරු එකතුව තවමත් මුද්‍රණ, ග්‍රැපික් ක්ෂෙත්‍රයේ මුල්තැන ගෙන ඇත. FM අකුරු කීපයක පෙනුම පහත දැක්වේ.
කලකට ඉහතදී ICTA මගින් පුෂ්පානන්ද ඒකනායක මහතා සමග ගිවිසුමකට පැමිණ ඔහුගේ fm_malithi නම් ෆොන්ටය යුනිකෝඩ් ෆොන්ටයක් බවට පත්කර ඇති අතර, එය Malithi Web නම් වේ. සිංහල යුනිකෝඩ් වලදී මා දුටු එකම ලස්සන අකුර එයයි. එහි නිවැරදි රවුම් ස්වභාවය හා ඒ නිසා ඊට එක් වී ඇති අලංකාරය වෙනත් කිසිදු යුනිකෝඩ් ෆොන්ටයක දැකිය හැකි නොවේ.
මේ ආකාරයෙන්ම මුද්‍රණ ක්ෂෙත්‍රයේ තවත් බහුලව භාවිතා වන ෆොන්ට වර්ගයක් නම් DL කුලයයි. අවාසනාවකට මෙන් එහි නිර්මාතෘ කවුදැයි මම නොදනිමි. එම අක්ෂර සාම්පලයක් මෙන්න.
මා වචනයෙන් නොකීවත් සිංහල යුනිකෝඩ් ෆොන්ට් වලත්, පැරණි ascii ෆොන්ට් වලත් අතර ලස්සනෙහි වෙනස ඔබට වටහාගත හැකිවනු ඇත. එහෙයින් මුද්‍රණ හා ග්‍රැපික් ක්ෂෙත්‍ර යුනිකෝඩ් භාවිතයෙන් ඈත්වීම වැලැක්විය නොහැකිය.
මට ඇති ප්‍රශ්ණය නම්, සිංහල යුනිකෝඩ් වලට වගකිව යුතු කවර හෝ ආයතනයක් මෙම දැනට පවතින ascii ෆොන්ට් යුනිකෝඩ් බවට පත්කිරීමට උනන්දු නොවන්නේ මන්ද යන්නයි. Malithi Web අකුර සැකසුවාක් මෙන්ම ඒකනායක මහතා සමග ගිවිසුමකට පැමිණ ඔහුගේ කර්තෘ භාගය ගෙවා ඔහුගේ FM අකුරු කුලකය යුනිකෝඩ් බවට පත්කලා නම් ඉන් විශාල ප්‍රතිඵලයක් අත්කර ගන්නට තිබිණ.
මේ අදහස අපිට අපේ විශ්වවිද්‍යාලයේ ප්‍රදර්ශණය අවස්ථාවේ ඇතිවූ අතර, ඒකනායක මහතාගේ ෆොන්ට් නොමිලයේ දෙන ඒවා නොවන බවත් proprietary ඒවා බවත් දැනගත් විට අපි ඒ අදහස අත්හැරියෙමු. (මෙම අකුරු හැම තැනම ප්‍රචලිත වී ඇති ආකාරයට මම ද එතෙක් සිතා සිටියේ මේවා free බව ය :P )
මගේ අදහස අනුව, ICTA හෝ මේ සම්බන්ධව වගකිවයුතු කවර හෝ ආයතනයක් දැන් කල යුත්තේ අලුත් ෆොන්ට් හැදීමට කලින් මෙම දැනට පවතින, වැඩි දෙනෙක් පාවිච්චි කර පුරුදු, ලස්සන ascii ෆොන්ට් වලට අදාල නිර්මාපකයන් හා එක්වී යුනිකෝඩ් මුහුණුවරක් දීමයි. එය තරමක් වියදම් විය හැකි වුවත් ඵලදායී ක්‍රියාවකි. අනිත් අතට කෙටි කාලයකදී විශාල යුනිකෝඩ් අකුරු සංඛ්‍යාවක් මුදාහැරිය හැකිවනු ඇත. නැතහොත් සිදුවන්නේ මේ ආකාරයට අවුරුද්දක් පමණ කල් ගෙන අවසානයේ එතරම් ලස්සන නැති යුනිකෝඩ් අකුරක් මුදා හැරීම පමණකි.
නැතහොත් කල යුත්තේ අලුත් යුනිකෝඩ් අකුරු සැදීමට නව නිර්මාපකයන් දිරිගැන්වීමය. මේ සඳහා ෆොන්ට් සැකසීම පිලිබඳව හොඳ දැනුවත් කිරීමක් කිරීම වුවද ප්‍රමාණවත්ය. සිංහල යුනිකෝඩ් සම්බන්ධ ප්‍රවීණයෙකු වන දසුන් සමීර වීරසිංහ මා සමග පැවසුවේ හොඳ අකුරු ඩිසයින් තිබේ නම් ඒවා ෆොන්ට් බවට පත් කිරීමට තමා සූදානම් බවය. වගකිවයුත්තන් කල යුත්තේ එබඳු ස්වේච්ඡා නිර්මාපකයන්ට අතහිත දී ඔවුන්ගෙන් ප්‍රයෝජන ගැනීමය.
ස්වේච්ඡාවෙන් සිංහල යුනිකෝඩ් සංවර්ධනයට බර අදින දසුන්, මලින්ත, ඩනිෂ්ක වැන්නවුන්ට අනුග්‍රහය ලබාදී ඔවුන්ගෙන් නිසි ප්‍රයෝජන ගත්තේ නම් සිංහල යුනිකෝඩ් ක්ෂෙත්‍රය අද මීට වඩා දියුණුවක් අත්කරගන්නට තිබිණි.



සැලකිය යුතුයි

සහතික ඇත්ත කතාව , හොද ලිපියක් :-D
සිරාවට මචං, යුනිකෝඩ්වලට වැඩිදෙනෙක් යොමු නොවෙන්න එක හේතුවක් තමයි ඕක. කීමෑන් තියෙනකං හොඳයි
ලිනක්ස් වල ගොඩක්ම ජනප්‍රිය lklug font එක නේද ? අනිත අනිත් දේ තමයි මේ බොහෝ සිංහල font වල ඉංග්‍රීසි අකුරු නෑ, මේ නිසා අපට පොදුවේ භාවිතා කිරීමේ ගැටළුවක් පවතිනව.
සිංහල කොච්චර ලස්සන භාෂාවක් උනත් වැඩක් නෑ යුනිකෝඩ හරියට නැත්නම්
ඔය භාෂිත ඩවුන්ලෝඩ් කරන්න තැනක් තියද?
වින්ඩෝස් සඳහා:
http://siyabas.lk/files/BhashithaForWindows.zip
ලිනක්ස් සඳහා:
http://siyabas.lk/files/BhashithaForLinux.zip
පුෂ්පානන්ද ඒකනායක කියන්නේ වෘතීයමය ෆොන්ට් නිෂ්පාදකයෙක්. එෆ් එම්, ඉසිවර ෆොන්‍ට් පැකේජ වගේම අබා වැනි චිත්‍රපට කිහිපයක නාමාවලි ෆොන්ටුත් ඔහු නිපදවා තිබෙනවා. බොහෝ විට ඔහු ලවා ෆොන්ට් නිපදවා ගන්න නම් ආයතනයක් මාර්ගයෙන් මුදල් ගෙවීමක් කර නිෂ්පාදනය කර ගන්න සිදු වේවි.
තව කෙනෙක් හිටිය අනුරාධපුර හරියෙ; දැනට අවුරුදු කිහිපයකට උඩ දී ඔහු විසින් අනුරාධපුර සෙල්ලිපි ආශ්‍රිත අකුරු වලින් සිංහල ෆොන්ට් පැකේජයක් නිර්මාණය කර තිබුන.
මේ වගේ එකිනෙකට වෙනස්, ලස්සන ෆොන්ට් වර්ග කිහිපයක් යුනිකෝඩ් වලට එකතු කර ගන්න තිබුනොත්, යුනිකෝඩ් සහ වත්මන් සිංහල ලාංකික පරිගණක සමාජය අතර පවතින පරස්පරය ඉතාමත් සාර්ථකව අඩු කරගන්න පුළුවන්.
අපි අතරෙත් ෆොන්ට් නිපදවන්න දන්න අය ඉන්නව ඇති, අනාගත දක්ෂ ෆොන්ට් නිපදවන්නෝ ඉන්නත් පුළුවන් නේ…. ඒ අයටත් මේ වෙලාවේ ආරාධනයක් කරමු අළුත් අකුරු රටාවකින් යුනිකේත හැඩකරන්න දායක වෙන්න කියල…..
මේක කථා කල යුතු, ඉතාමත් වැදගත් මාතෘකාවක් මචෝ….. ස්තූතියි ලිපියට…..
ජය වේවා!!!!
සෙල්ලිපි ෆොන්ට් සෙට් එක හැදුවෙ පොළොන්නරුවෙ කෙනෙක් නෙමෙයිද? o.O
ඒ ෆොන්ට් සෙට් එක එළියට ලීක් උනේ නෑ..
ආ… තව පුෂ්පානන්ද මහත්තයගෙ ඉසිවර ෆොන්ට් සෙට් එකේ දෙවෙනි කොටසත් (http://tr.im/yAbE) ලීක් උනේ නෑ.. :)
මෙන්න බලන්න මම Digsby වල භාෂිත අකුර පාවිච්චි කරන්න ගියාම වෙන දේ. පහලින් තියෙන්නෙ සාමාන්‍ය ඉස්කෝල පොත අකුරෙන් ඒ text එකම

මම අද පළමු වතාවට ෆොටෝෂොප්හි මලිති වෙබ් ෆොන්ට් එක පාවිච්චි කරන්න උත්සාහ කළා. අසාර්ථකයි. එන්නේ කොටු හෝ ප්‍රශ්නාර්ථ. මේ ගැන සොයා බලන්න. යුනිකෝඩ් ලේඛයක් මුද්‍රණය කිරීමේදී පවා අකුරුවල ගැටළු මතු වෙනවා නේද? යුනිකෝඩ් ෆොන්ට් ටයිප් කිරීම ලේසියි. එය විධිමත්. ඒත් ග්‍රැෆික් සඳහා එය පරිවර්තනය කර ගන්න වෙනවා. මේ දිනවල මම නවකතාවක් යුනිකෝඩ්වලින් ලියලා එය පේජ්මේකර්හි පාවිච්චි කිරීම සඳහා පර්වර්තනය කරගැනීම සඳහා කට්ටක් කනවා. යුනිකෝඩ් ෆෝන්ටවල මේ ගැටළු ගැන ඔබට අදහසක් තිබෙනවාද?
අජිත් මහත්මයා,
Adobe සමාගමේ මෘදුකාංග සියල්ලම පාහේ යුනිකෝඩ් සඳහා සහය දක්වන්නේ නෑ. මේක ලොකු අඩුවක් තමයි. ඒත් Adobe කියන්නේ විශාල වාණිජ සමාගමක් නිසා මෙම දෝෂය ඔවුන් නිවැරදි කරන තෙක් අපිට බලා සිටින්නට සිදුවෙනවා. (Community Developped FOSS එකක් උනානම් මෙලහකටත් මේක නිවැරදි වෙලා)
ග්‍රැපික් හා මුද්‍රණ ක්ෂෙත්‍ර සිංහල යුනිකෝඩ් වලින් දුරස්වීමට මේකත් ප්‍රධාන හේතුවක්.
සමාවෙන්න, යුනිකෝඩ් අකුරු මුද්‍රණය ගැන නම් මම දන්නෙ නෑ. මම සිංහල යුනිකෝඩ් අකුරු මුද්‍රණය කරල බලලම නෑ. ඒත් තිරයේ නිවැරදිව පෙනෙයි නම් මුද්‍රණයේදී අවුලක් සිදුවෙයි කියල හිතන්නත් අමාරු වගේම, මුද්‍රණයේදී අවුලක් ඇතැයි කිසිවෙක් කියනවා මම අහලත් නෑ. (හේතුව සිංහලු දෙනා මුද්‍රණ වැඩ වලට තවමත් පාවිච්චි කරන්නේ FM අකුරු වීම වෙන්නත් ඇති)
Adobe CS4 Unicode සහය දක්වනව කියල දැනගන්න ලැබුන. නමුත් සිංහල රෙන්ඩරින් නම් අවුල්.
කාලීන වැදගත් කමක් තියන ලිපියක්. කවුරුහරි, දන්න කෙනෙක්, එකක් ගෑන ලිපියක් කරනවා නම් ඒක උදව්වක් වේවි.
කාලීන වැදගත් කමක් තියන ලිපියක්. කවුරුහරි, දන්න කෙනෙක්, Font maker software එකක් ගෑන ලිපියක් කරනවා නම් ඒක උදව්වක් වේවි.
වෙනදා වගේම අදත් අපි හැමෝටම වැදගත් වෙන ලිපියක් දාල! එළ එළ!
Dear Readers
Please visit the SLSI1134 and the sinhala characters registered in the UNICODE DATA BASE. You will see only a limited number od sinhala characters are registered in the SLSI or in this data base. “KU” is not a registered character in the SLSI or Unicode Data base but it is kept in the private area. Therefore without knowing the correct addresspoint of “KU” no one will be able to develop a compatible font set. We got to list all the characters with its values in the SLSI. Therefore the local software developers will be able to make own software for the betteremnt of the public.
If UNICODE CONSORTIUM is unable to give us code points for our CORRECTED SLSI we have to breake away from this and create a new codes for All “INDIC LANGUAGES”
Donald Gaminitillake
Let us change the Standard
Quote
Adobe සමාගමේ මෘදුකාංග සියල්ලම පාහේ යුනිකෝඩ් සඳහා සහය දක්වන්නේ නෑ.
Unquote
Adobe will not support private area All character has to be registered in the unicode data base or in the SLSI
This is what I was addressing for the past decade
Donald Gaminitillake
Let us change the standard
ICTA කියන්නේ ආණ්ඩුවෙන් ප්‍රතිපාදන දෙන්නෙ නැති ආයතනයක් නෙවේ නේ? කරන අනිත් වියදං ඔක්කොම එහෙමම කරන ගමං, අඩුගානේ මේ ගේ වැදගත් දෙයක් කළා නං මොකද වෙන්නේ?
එතකොට අඩුගානේ අපිට කවදහරි කියන්න පුළුවන් ICTA කියල එකක් තිබුනය, උන් සල්ලි වලට ASCII ෆොන්ට්ස් අරගෙන යුනිකෝඩ් කරල හුදී ජන පාං සංවේගෙට බෙදල දුන්නය කියලා.
හොඳ ලිපියක් ප්‍රවීන් . . . ගොඩක් තොරතුරු දැන ගත්තා . . . ස්තූතියි . . .
Photoshop වල මලිති පාවිච්කරන්න පුලුවන්. කෙලින්ම ටයිප් කරන්න බැහැ .unicode වලින් type කරලා මලිති වලට මාරු කරන්න.
http://lh4.ggpht.com/_g45rJ21BxNc/Sqz2JyhMVeI/AAAAAAAAA6o/BLpplL8mIpg/malithi.jpg
මේක කාටත් හොද ලිපියක් එළ එළ තව සැරයක් බල බල
මේක තාක්ෂණයෙන් පමණක් විසඳිය හැකි කටයුත්තක් නොවේ. හොඳ ලස්සන සිංහල font සුලභ් කිරීමට, අපේ කලාත්මක හැකියාව ඇති කොල්ලන්ට, අවශ්‍ය තාක්ශණය ලබාදිය යුතුයි. කලාවයි, තාක්ශණයයි බොහෝ විට එකට යන්නේ නෑති දෙකක්.
මම දන්න තරමින් ASCII ෆොන්ට් අතරින් කපුටා, නිදහස සහ තවත් එවැනි කිහිපයක් හැරෙන්න අනිත් ෆොන්ට්ස් නොමිලේ නිකුත් කරපුවා නෙමෙයි.. ඒත් දැන් ඕනෙම තැනක බැලුවොත් DL සහ FM(ඉසිවර) ෆොන්ට් තියෙනවා.. මේ අතරින් කීයෙන් කී දෙනෙක් සල්ලි දීලා මේවා ගත්තද කියන ප්‍රශ්නෙ ඉතුරු වෙලා තියෙනවා..
එහෙම තත්වයක් උඩ අකුරු නිෂ්පාදකයින් තව දුරටත් නිර්මාණ කරන්න හො අඩුම තරමේ තියෙන ටික වත් Unicode වලින් එළිදක්වන්න කටයුතු කරන්න පෙළඹෙයිද?
තව, ලංකාවෙ බොහොමයක් අකුරු නිෂ්පාදකයො අකුරු වෙළඳපොලට ඉදිරිපත් කරන්නෙ තමන්ගෙම යතුරු පුවරුව සඳහා වූ මෘදුකාංගයක් එක්ක (එම මෘදුකාංගය සඳහා Serial, Dongle අවශ්‍ය වීම තුලින් පාරිභෝගිකය ඇද බැඳ තබාගැනීමට) මන්ද යත් කොහොම කලත් ෆොන්ට් Copy කරන බව ඔවුන් දන්න නිසා.. ;)
නමුත් Unicode තුල ඔවුන්ට එවන් අවස්ථාවක් ලැබෙන්නෙ නෑ.. Font Pack එකක් release කරපු ගමන් එක්කෙනෙක් ඒක අරං Fonts ටික බෙදාහැරිය ගමන් එතනින්ම Business එක ඉවරයි.. :D
ෆ්ලෑෂ් සඳහා ද යුනිකොඩ් ක්‍රියා කරන්නේ නෑ. ඇත්තටම මේක හරි ප්‍රශ්නයක් කවුරුහරි ෆොන්ට් හදන හැටි කියලා දෙනවා නම් අපිට සුළුවෙන් හරි මේ වැඩේ ආරම්භ කරන්න පුළුවන් වෙයි. !
ඔබගේ උනන්දුව මම අගේ කරනවා.Fontographer තමයි හොදම,font editor. එක commercial editor එකක්. මෙන්න මේ ලින්ක් ටික බලන්න, පොඩි අදහසක් ගන්න.
දෑනට තියන සිංහල එකක් load කරලා, බලන්න ඒක හදලා තියන විදිහ.font එකේ position එක හරි වෑදගත්. නෑත්නම් ඉස්පිලි පාපිලි හරියට එන්නේ නෑහෑ.
fontCreator : http://www.high-logic.com/download.html
http://en.wikipedia.org/wiki/Type_faces
http://en.wikipedia.org/wiki/Font_editor
http://en.wikipedia.org/wiki/Type_faces
මම හිතන්නෙ uni-code වලදි, ඉස්පිලි පාපිලි ගෑන කරදර වෙන්න ඔනෙ නෑහෑ. අපි “ව” සහ “ඉස්පිල්ල” ගෑහුවාම,sinhala unicode pakage software එකෙන් ඒ අකුර දෙකම , එක අකුරකින් “වි” කරනවා කියලයි. ගෑන පර්යේශන කරන අය, මේ ගෑන වෑඩි විස්තර සපයාවි, කියලා හිතනවා.
අකුරු රවුමට ලස්සනට තිබියයුතු වගේම, අකුරු සහ ඒවා අතර පරතරය සමානුපාතික වෙන්න ඕනා.පුංචියට අකුරු හෑදුවොත් මේක කරන්න අමාරුයි. සමහරවිට, මේඅය Illutrator වගේ ඒවා වල කරලා editor එකට ගේනවා ඈති. මොකද මේවා ඔක්කොම vector graphics .මේ වෑඩේට හොද ඉවසීමක් සහ කලාත්මක ඈහෑක් අවශ්‍යයි.
බොහෝම ස්තූතියි ! ඉඩ ලැබෙන විදියට අධ්‍යනය කරන්නම් !
මචන් මේක වටින කතාව. Adobe වල ඔය අඩුව නිසා සිංහල වලදි ලොකු පාඩුවක් දැනෙනවා. මම ලොකු බලාපොරොත්තුවකින් හිටියා භාෂිත ෆොන්ට් එක ලස්සන වෙයි කියලා… මොන……..
කවුරුවත් භාෂිත ලිනක්ස් වල ස්ථාපනය කළාද? Rendering අල පාත්තියක් :D
ඇත්ත තමයි අපරාදේ මගේ කාලය. මේක අල උපත වෙන්න ඕන.
DL හැදුවෙ දුමින්ද ලැනරෝල්. ඉස්සර නං හිටියෙ කොට්ටාව පැත්තෙ.
අපේ යුනිකෝඩ් ෆොන්ට් වල ලොකු අඩුවක් නම් තියනව තමා. හරි නං ඕව හදන්න ඕනි ICTA එකෙන් නේද?
ෆොන්ට් හදන්න නිකං දෙන මෘදුකාග එහෙම නැද්ද?
fontCreator : Shareware
FontForge : Originally for Linux, Windows emulation is available.
Quote
Adobe වල ඔය අඩුව නිසා
unqoute
Quoote
ෆ්ලෑෂ් සඳහා ද යුනිකොඩ් ක්‍රියා කරන්නේ නෑ.
Unquote
Adobe wala aduwak natha.
There is no problem with Adobe
Adobe will not accept any private areas in unicodedata base
ෆ්ලෑෂ් සඳහා ද යුනිකොඩ් ක්‍රියා කරන්නේ නෑ. this is lie. You can use latin script CJK Arabic in flash without any problem
BUT NOT SINHALA REGISTERED IN THE UNICODE DATABASE Sinhala is not unicode. nither Unicode is not sinhala
Adobe and Flash does not recognize incorrect sinhala registration
Waradhi sinhala liya padinchiya aluthin sakskarannawe!!!
Donald Gaminitillake
Lets us change the standrad
ඔයා කියන කතාවෙ පොඩි ඇත්තකුත් තියනව. සිංහල යුනිකේතය ඇත්තටම යුනිකේත නෙමේ කියල මටත් කලින් හිතුනා. වෙනිං භාෂා වල යුනිකේත පාවිච්චි කරන විදියට අපේ සිංහල යුනිකේත පාවිච්චි කරන්න ටිකක් අමාරුයි.
resource file එකකින් ෆ්ලෑෂ් වල සිංහල යුනිකේත පාවිච්ච කරන්න පුලුවං, ඒත් ගැටලු එනවා.
හැබැයි කරන්න ඕනි කාටවත් බැන බැන ඉන්න එක නෙමේ. පුලුවං නං අලුත් යුනිකේතයක් හදන්න.
මම නං හිතන්නේ ඕකට හේතුව සිංහලල අකුරු අනික් භාෂා වල අකුරු වලට වඩා සංකීර්ණ වීම.
‘කො’ භාෂාවෙදි තනි අකුරක් උනාට යුනිකෝඩ් වලදී එය implement කරන්න ටිකක් අමාරුයිනේ. (විශේෂයෙන්ම Type-As-You-Write ක්‍රමයට)
සිංහල අකුරු අනීක් ඒවාට වඩා සංකීර්ණයි කියන එක, නොහැකියාව වහා ගන්න කියන එකක්.. chineese traditonal verison එකේ අකුරු 11,000 තියෙනවා, simplified එකේ 3000 තියෙනවා.. එත් translators හිටන් වැඩ, අකුරු 60 සහ රිති 14 පමණ තියෙන සිංහල සංකීර්ණයිලු…:P
ෆොන්ට් හදන්න කැමති අය ඉන්නව නම් පුහුණුවක් සූදානම් කරන්න පුළුවන්. මට නම් එවන්න දින දෙකක් ඇතුලත.
treveenkavith@gmail.com
ඇත්තටම කවුරැ හරි යුනිකේත ෆොන්ට් හදන්න දන්නවනම් හැමෝටම කියා දෙන එක සිංහල යුනිකේත කළාවේ ඉදිරියට මහත් රැකුලක් වේවි නේද? ඇත්තටම සිංහල බ්ලොග්කරැවන් කවුරැවත් මේ ගැන දන්නෙ නැද්ද?
අපේ කශ්ටියගෙ ගුරුමුට්ටියයි. සිංහල පමණයි ප්රතිපත්තියයි තියනතාක් කල් ඕකට පිලිතුරක් හොයන්න ටිකාක් අමාරුයි.
SLSI will have to publish all characters
Unless they give the locations no one can make a font set
Using my list and buying asian font studio you can make the fonts for sinhala
BUT the application is expensive
Donald
Let us change the standard
I have published the list of all sinhala characters
The SLSI will have to accept this and change the SLSI STANDARD
Once this is done the problem is automatically solved
Like pushpakumaera there will be many others who will make fonts and other software
We all have to voice the errors to the higher authorities and change Standard of SLSI for SINHALA
Donald Gaminitillake
Let us change the standard
Those who want a copy of the Sinhala characters
Donald Gaminitillake on ISBN 955-98975-0-0.
Please send me an e-mail with your postal address
I will post you
lankaprinteratgmaildotcom
Donald Gaminitillake
Let us change the standard
Thank you, for doing something positive; rather than just complaining
Do not get scared of Badhi Akuru or “NO” or ANY SINHALA AKURA
See the latin script,Arabic
Æ, Ħ
ش -arabic letter
ضك – arabic letter
Once the character is registered as a one character and it will be given a UTF value
You can use several keys to get at the character – this is called the IME system or Front end processing
First step is the correct registration and we can add more characters later to improve
Donald Gaminitillake
Let us change the standard
ගොඩක් වටින දෙයක්.
මෙක ඇත්ත සිඃහල යුනිකොඩ් වල ප්ර්ශ්න තියෙනවා කියලා මටත් හිතිලා හුගක් කල්.. දැනට මේවා යන්තම් සන්තම් ඇණ ගහලා වහලා දැම්මට.. අනාගතේ .. text to speech, voice recognition වගේ artificial intelligence, neural networks වල සංකීර්ණ වැඩ කරන්න උනොත් sorry.com වෙයි…
/ඒක අකුරකට එක value එක ගනේ තියෙනවනම් වැඩ හුගක් ලෙසියි.. ZWJ නැතිව.. මම දන්නෑ ඇයි මෙක මෙච්ච්ර සංකිර්න කලේ පන්ඩිතකම පෙන්නන්ද කියලා
Quote from Sundaytimes
http://www.sundaytimes.lk/090920/FinancialTimes/ft43.html
text
Sinhala fonts not widely available
While there are many English fonts compliant with Unicode, the universal standard which provides unique numbers for each character of every language, there are ‘not many’ such Sinhala fonts currently available, a fact that restricts ‘local language support’ for ICT in Sinhala, according to a statement by Sri Lanka’s Information and Communication Technology Agency (ICTA). As such, a new Sinhala font called “Bhashita” has been made freely available by the agency to enable ICT in the Sinhala language, reportedly “a priority area in the e-Sri Lanka initiative.”
Allowing users to “create Sinhala language content correctly with the full use of Unicode features, and for the interchange of correct Sinhala characters in the communication media”, ICTA’s “Bhashita” Sinhala font also comes with a licence indicating that it “cannot be changed”.
Unquote
He has got a very good point and had the courage to say “provides unique numbers for each character of every language”
“”‘not many’ such Sinhala fonts “” This is the [lace he had gone wrong.
WE DO NOT HAVE A Single font with all code points published in UNICODE DATA BASE.
Only few have been registered balance hidden in the private area.
Donald Gaminitillake
Lets us change the standard
හැම තාලයේ අයකුටම වැදගත් වන ලිපියක්
අදයි මේක කියෙව්වෙ. ඉන්‍දරේගෙ කතාවනං සහතික ඇත්ත. හැමෝම වගේ මාත් පත්තරෙන් දැකලා, දඩිබිඩි ගාලා බලුවා යාන්තං එළ ෆොන්ට් එකක් දාන්න ඇති කියලා. පවසල වැඩක් නෑ ඉතිං…
මුල් කාලයෙ යුනිකෝඩ් අකුරු හදපු අයට කිසිම වැරැද්දක් කියන්න හොඳ නෑ. මොකද එහෙම හරි ෆොන්ටයක් තිබුනු නිසා නෙ සිංහල යුනිකෝඩ් මේ තරං දුර ඇවිත් තියෙන්නෙ. හැබැයි දැං කාලෙ හදන එව්වත් අර පරණ ගොඩේ ලස්සනමනං ඉතිං කතා කරල අහවරයි. ;)
‘මලිතිවෙබ්’ ගැන කියපු කතාවට සම්පූර්ණයෙන්ම එකඟයි. ඒක විතරයි දැනට තියන එකම ලස්සන යුනිකෝඩ් ෆොන්ට් එක.
පොඩි දෙයක්… අර DL කුලකයෙ ‘මලිති’ කියල තියෙන්නෙ මට හිතෙන හැටියට ‘සරළ’ ෆොන්ටය වෙන්න ඕනෙ. මං වැරදිද දන්නෑ.
අර ෆොන්ට් එක Word වලදි පෙන්නුවෙ “මලිති” කියල තමයි. මමත් බැලුවා FM වල ෆොන්ට් එකක නමක්ම මේකටත් ආවෙ කොහොමද කියල.. O_o
මම නම් පාවිච්චි කරන්නේ මලිති.
thanks for blog.indranama.com/2009/09/sinhala-unicode-fonts. this is the useful item to us.
අපි දන්න ඩොනල්ඩ් කියන්නේ ටිකක් ක්‍රැක් පොරක්. පිස්සු . වැඩ කරන්න ගියාම අල ගොඩක්. ඒක පැත්තකින් තියමු. මේ මනුස්සයා ඔය කියන ක්‍රමය Unicode consortium එක පිලිගන්නේ නෑ. මේ කරල තියෙන් එක තමයි. කවුරුත් පිළිගත්තේ.මේක හදල තියෙන්නේ කෙළඹ මොරටුව කැළනිය විශ්ව විද්‍යාල වල ගුරුවරු 20 ක් විතර එකතුවෙලා ICTA එක කලේ ඒ අයට එක තැනක ඉඳගෙන වැඩ කරන්න පහසුකම් සලසපු එකයි. පුද්ගලික ආයතන වල වැදගත් මිනිස්සු නොමිලේ උපදෙස් දුන්නා. ත්තර ටීවී ආදි ආයතන මහා ගොඩක් ආවා මේ වැඩේට. ඩොනල්ඩ් පොරත් ආවා. ගොංපාට් ගොඩක් දාල මග හැරියා. ආවෙ නෑ. උදව් කලේ නෑ. රටක අනාගතයට පවා වගකිව යුතු වැඩක දී එක පුද්ගලයෙක් මත යැපෙන්න ආයතන ඉඩ දෙන්නේ නෑ. ඒක ආයතනික විය යුතුයි. මේ කරල තියෙන වැඩේ අඩුපාඩු හදන්න ඕන අය ඉන්නවනම් ICTA එකට ගිහින් කතා කරන්න. නැත්තම් විනි හෙට්ටිගොඩ හමු වෙන්න. රටක් මුදලාලි කෙනෙකුට යට වෙන්න දෙන්න එපා. මිනිහට කියල කරානම් හැමෝම පොරගෙන් තමයි උදව් ඉල්ලන්න ඕන.. දැන් අඩුගානේ බනින්න හරි ආයතනයක් තියෙනවා. මේ බූතයාගේ එක ගත්තනම් ඒක ගත්ත කියල කී දෙනෙක් බනීද ? අනික මේ මිනිහට වඩා වැඩ කාරයෝ බොලොග් ලියන් අය අතරත් ඉන්නවා. ඒකේ තියෙන් අඩුපාඩු හදන්න මිනිහගාවට යන්න ඕන. අනික කවුරුවත් කාගෙවත් අටමගලයක් හරිගස්සන්න උදව් කරන්නේ නෑ. මේ තියෙන්නේ කවුරුත් උදව් කල පොදු වැඩක්. එක පිස්සෙක් ගේ මඤඤමක් නොවේ.
Who wants Unicode consortium to accept my proposal. First SLSI has to accept it. Sinhala is used in Sri Lanka. The solution has be within lanka. Not Americans who has a 220 years of history.
I have given my advice to SLSI , ICTA and all knows that they are wrong.
Come for a public debate, meet me if you want to know the errors of SLSI 1134
Donald Gaminitillake
Let us change the standard
Donald,
If Unicord Consortium doesn’t accept your proposal, how come it be an international standard? And without being recognized it as an international standard, how do you plan to achieve these goals you stated in “Pitakotuwa” blog?
If Unicode Consortium (as you said, “Americans”) reject it, again we are going to be isolated with your system. Isn’t it?
Please explain.
You have not understood the concepts of UNICODE CONSORTIUM
UNICODE CONSORTIUM accepts only National Standard of Countries
Our National standard is SLSI
We have to correct the SLSI 1134 then unicode automatically accept all national standards
Donald Gaminitillake
Let us change the standard
More about Unicode consortium
http://unicode.org/history/
Quote
The Unicode Consortium was incorporated in January, 1991 in the state of California, four years after the concept of a new character encoding, to be called “Unicode”, was broached in discussions started by engineers from Xerox (Joe Becker) and Apple (Lee Collins and Mark Davis).
Unquote
Unicode was made by people and people too can change and go beyond unicode.
We got to go beyond Unicode with a new Indic encoding system
Donald Gaminitillake
Let us change the standard