Transloader එකක් හා Click Counter එකක්
වෙබ් ස්පේස් එකක් තියෙන අයට (මිලදී ගත් හෝ free hosting එකක්) වැදගත් වෙයි කියලා හිතෙන php script 2ක් ගැන තමයි මේ ලියන්න හදන්නේ. සරල Transloader එකක් හා සරල Click Counter එකක්, php භාවිතයෙන් නිර්මාණය වුන.
1. සරල Transloader එකක්
Transload කරනවා කියන්නේ එක් වෙබ් සර්වරයක සිට තවත් වෙබ් සර්වරයකට ෆයිල් හුවමාරු කිරීම. සාමාන්‍ය විදියට කොහේහරි වෙබ් ස්පේස් එකක තියෙන ෆයිල් එකක් අපේ ස්පේස් එකට ගන්න ඕනෙ උනාම කරන්නේ ඒක අපේ මැෂිමට බාගෙන නැවත අපේ ස්පේස් එකට අප්ලෝඩ් කරන එක නේ. දන්නවනේ ඉතින් අපේ අප්ලෝඩ් වේගය ! ඒ නිසා මේ වැඩේ හැමතිස්සෙම කරන්න වෙන්නෙ නෑ. ඒ නිසා වඩා පහසුයි transloader script එකක් භාවිත කරලා කෙලින්ම ඒ සර්වරයේ සිට අපේ සර්වරයට ෆයිල් එක ඇදීම.
මේ වැඩේට භාවිත කරන්න පුලුවන් සරල php script එකක් තමයි මේ. සරල කියන එකෙන් අදහස් කලේ server එකේ resources බොහොම අඩු ප්‍රමාණයක් තමයි මීට වැයවෙන්නේ.
මේ වැඩේ කරගන්න පුලුවන් Rapidleech කියලා script එකක් ගැන කවුරුත් වගේ අහල ඇති. නමුත් rapidleech නීතිවිරෝධී script එකක් කියලා බොහෝ web hosting service වලින් අඳුරගන්නවා. ඒ නිසා අපේ ස්පේස් එකේ rapidleech script එකක් තිබිලා මාට්ටු උනොත් account එක suspend වෙන්නත් ඉඩ තියෙනවා. මම මේ කියන්න යන script එක එහෙම නීති විරෝධී එකක් නෙමෙයි. (හැබැයි මම මෙය පාවිච්චි කරන්නේ කලාතුරකින් මගේ බ්ලොග් එකට අවශ්‍යවන දෙයක් සර්වරයට ඇදගැනීමට නිසා මම සේවාදායකයාට මේ බව දන්වලා අවසර අරගෙනයි තියෙන්නේ)
ඔබටත් පුලුවන් වෙබ් ස්පේස් එක ෆයිල් ගබඩාවක් කරගන්න, මේ script එක භාවිතා කිරීමෙන්. (free host එකකට මේක දාගෙන :P ). හැබැයි වැඩි වැඩ දාන්න ගිහින් account එක suspend කරගත්තොත් ඒ ගැන වග කියනු නොලැබේ. fair usage එක ඔබට බාරයි.
මෙන්න මෙතනින් script එක බාගන්න. වැඩකරන හැටි readme file එකේ ඇති. වැදගත් දෙයක් තමයි මේ script එකෙන් transload කරන්න පුලුවන් direct link තියෙන ෆයිල් විතරයි. ../dl.php?id=25 වගේ redirection links බාන්න බෑ මේ script එකෙන්.
ඉතාම වැදගත් දේ: තමන්ගේ සර්වරේ ඔය script එකේ ඇඩ්‍රස් එක කාටවත් නොකියන තරමට තමා හොඳ :D නැත්තං අනිත් කට්ටිය ඔබේ සර්වරයට ඇති පදම් ෆයිල් බාලා bandwidth/space limit පන්නලා තියාවි ලස්සනට :D
නිර්මාපකයාගේ අඩවිය – Somik.orgThe creator of this script has updated it into version 2.0 and he was kind enough to let me know about it. Thanks Somik. I have updated the download link. Now it gives you the version 2 of the script.
2. සරල click / download counter එකක්
ඔබේ බ්ලොග් එකේ ලින්ක් එකක් කී දෙනෙක් ක්ලික් කලාද, නැත්තම් ඔබ ඩවුන්ලෝඩ් කිරීමට ලබාදෙන ෆයිල් එකක් කීදෙනෙක් ඩවුන්ලෝඩ් කලාද වගේ විස්තර දැනගන්න වැඩිදෙනෙක් කැමතියි නේ. අවශ්‍ය නම් මේ වැඩේට tr.im, cli.gs වගේ URL shortening service එකක් පාවිච්චි කරන්නත් පුලුවන්. හැබැයි හිටපුගමන් මේ සේවා අක්‍රිය වෙනවා. එතකොට අර ඔබේ ලින්ක් වැඩ කරන්නෙත් නෑ.
මේ වගේ click counter එකක් ඔබේ සර්වරයේම පවත්වාගන්න පුලුවන් නම් ලේසියි නේද? මේ script එක අන්න ඒ වගේ එකක්. සරල php script එකක්, database එකක් පාවිච්චි කරන්නේ නැති නිසා (තොරතුරු ගබඩා වෙන්නේ text file එකක) resources භාවිතය දැනෙන්නෙත් නැති තරමි. ඒ වගේම මේ script එක ගොඩක් වේගවත්.
script එකේ ඇඩ්මින් පැනලයේදී ඔබට අවශ්‍ය ලින්ක් එක ඇතුලත් කර ඒ සඳහා id එකක් ලබාගත හැකියි. ඉන්පසුව ඔබට තියෙන්නේ ලින්ක් එක යෙදීමට අවශ්‍ය තැනදී ../click.php?id=1 වගේ ලබාදීමයි. මෙවිට ඒ ලින්ක් එක ක්ලික් කිරීමේදී අදාල stats සටහන් වී ස්වයංක්‍රීයවම ලින්ක් එක වෙත යොමු කෙරෙනවා.
මෙන්න මෙතනින් script එක බාගන්න. වැඩකරන හැටි සවිස්තරව readme file එකේ ඇති. මේක නීතිවිරෝධී එකක් නෙමේ. භාවිත කලාට කිසි ප්‍රශ්නයක් නෑ.
ඉඟියක්: ඔබ මෙය පාවිච්චි කරන්නේ download counter එකක් විදියට නම්, click.php ෆයිල් එක download.php කියල වෙනස් කරගන්න. එවිට ලින්ක් එක ../download.php?id=1 වගේලැබුනාම ගතියක් තියෙනවනේ :)
නිර්මාපකයාගේ අඩවිය



සැලකිය යුතුයි

ස්තුතියි දැනුවත් කළාට..!
තැංකූ වේවා!
එළ එළ ;)
හොය හොය හිටියේ අර නීතී විරෝදී එක :P
බොහෝම ස්තුතියි දැනුවත් කලාට :D
හරි දැං උඹේ server එකේ transloader php script එක තියෙන තැන කියමුකෝ :D
අපෝ… ඒක රහසක් ! :D
(නෑ බං.. මම script එක zip කරලා තියාගෙන ඉන්නේ. අදින්න ඕනෙ වෙලාවට දිගඇරලා බඩු ටික ඇදලා ආයෙ script එක මකනවා. නැත්තං අපේ අයියල මට ගේම දෙයි ටික දවසකින් :P )
The transloader script was updated to v2.0
The link is still the same. Here is a link to the forum post: http://forums.digitalpoint.com/showthread.php?t=1895396
Thank you VERY much for sharing the script :)
Thanks Somik for updating us. I have updated my link to the new version.