Free Hosting, Photoblog හා PixelPost

On 2009 සැප්තැම්බර් 21, in බ්ලොග්කරණය, මගේ වැඩ, මට වෙච්ච දේවල්, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

logo

මම photoblog එකක් පටං ගත්තෙ මාස දෙකකට විතර කලින්. ඒක පටන් ගන්න හිතුනෙ මලින්තගේ පොටෝබ්ලොග් එක දැකල. ඉතින් මම හිතුවා මගේ පැත්තකට දාලා තියෙන .info ඩොමේන් එකෙන් වැඩක් ගන්න, ඒකෙන් පොටෝබ්ලොග් එකක් දාන්න. දැං කැමරාෆෝන් එකකුත් තියෙන නිසා හොඳ ෆොටෝ ටිකක් ගන්න පුලුවන් වෙයි කියලා හිතුනා.

පොටෝ බ්ලොග් එකක් පටං ගන්නව කියන්නෙ bandwidth කන වැඩක්. පොටෝ එකක් 0.4MB වත් වෙනවා. අවුරුද්දක් විතර පොටෝ එකතු කරාම web space එකත් ඉවරවේවි. ඉතිං මේක මගේ මේ බ්ලොග් එක තියෙන හොස්ට් එකේම දාගත්තොත් මාසෙ ඉවරවෙන්නත් කලින් bandwidth පනී කියලා හිතුනා. ඒ නිසා විසඳුම විදියට 000webhost කියන free hosting සර්විස් එකේ මගේ පොටෝ බ්ලොග් එක පටං ගත්තා.

කාලය හොඳින් ගත වී ගියත් ඊයෙ පෙරේදා බලනකොට ftp වලින් ලොග් වෙන්න බෑ. cpanel එකවුන්ට් එකේ පාස්වර්ඩ් එකත් ඒකමයි, cpanel ලොග් වෙන්න පුලුවන්, ftp ලොග් වෙන්න බෑ. පොටෝබ්ලොග් එකට මම පාවිච්චි කරපු Yet Another Photoblog කියන වර්ඩ්ප්‍රෙස් ප්ලගිනයේ අලුත් version එකක් ඇවිත් තියෙන වග දන්වපු නිසා මම ඒක අප්ඩේට් කරන්න ගියා. හුටා ! අප්ඩේට් වෙන අතරෙදි connection එක reset උනා ! ප්ලගිනයත් ඉවරයි. ඉතිං දිගටම ftp වලින් ලොග් වෙන්න උත්සාහ කරන අතරේ මට මේල් එකක් ආවා “account එක misuse කරපු නිසා suspend කලා” කියලා. free usersලාට suspend කරපු account නැවත active කරගන්නත් බැරිලු. :@

ඉතිං ඒපාර shutterchance.com කියන free photoblog සර්විස් එකේ බ්ලොග් එකක් පටං ගත්තා ඊයේ. ඒක එච්චර අල්ලලා ගියේ නෑ, restrictions නිසා. දවසකට එක පොටෝ එකයි publish කරන්න පුලුවන්.

පොටෝබ්ලොග් සිහිනය අතඇරලා දාලා ඉන්නකොට අද උදේ ගයාන් කල්හාර මල්ලි එකඟ උනා තමන්ගෙ සර්වරෙන් ස්පේස් එකක් මට පරිත්‍යාග කරන්න. ඉතිං ගයාන් මල්ලිගේ පිහිටෙන් ආයෙත් මගේ ඩොමේන් එකේම පොටෝබ්ලොග් එක පටන්ගත්තා. ඔන්න විපතේදී අතහිත දීම ගැන ගයාන් කල්හාර මල්ලිට මගේ ස්තූතිය හිමිවෙනවා.

කලින් මම පොටෝබ්ලොග් එක කලේ WordPress මත. WordPress සඳහා Yet Another Photoblog කියන ප්ලගින් එක හෝ PhotoQ ප්ලගින් එක දැම්මාම හොඳ පොටෝබ්ලොග් එකක් හදාගන්න පුලුවන්. නමුත් WordPress වල ප්‍රශ්නේ තමා අධික resource හා bandwidth පරිභෝජනය කිරීම.

ඊයෙ හදිස්සියෙම හර්ෂණ මට එයාගෙ පොටෝබ්ලොග් එක පෙන්නුවා. බැලින්නං ඒක හදලා තියෙන්නෙ WordPress මත නෙමේ. PixelPost කියලා වෙනත් PHP-MySQL  ‍photoblog script එකකින්.

PixelPost බොහොම “බර අඩු” script එකක්. forum එකේ කියවෙන හැටියට අඩු resources හා bandwidth භාවිතයක් තියෙන්නේ. Script එකේ source file පවා ගොඩක් සරලයි.

ඉතින් ඔන්න මමත් ආපහු මගේ පොටෝබ්ලොග් එක PixelPost මත මගේම ඩොමේනයේ පටන් ගත්තා. මේක සිංහල බ්ලොග් එකක් නොවන නිසා සින්ඩියේ ඇතුලත් වෙන්නෙ නෑ. ඒ නිසා මගේ photography බලන්න කැමති අය මේක bookmark කරන්න, හෝ RSS feed වලට දායක වෙන්න.

http://indranama.info

Twitter පාවිච්චි කරන අයට @lensework ෆලෝ කිරීම මගින් අලුත් පොටෝ එකක් දැමූ විගස ඒ ගැන දැනගන්න පුලුවන්.

එහෙනම් එන්න, ඇවිත් යන්න එන්න…. පින්තූරෙ හිතට අල්ලල ගියොත් කමෙන්ට් එකක් කාරිය දාන්න අමතක කරන්න එපා.

—-
කියවන අයට තේරුනාද මංදා, මෙතෙක් කල් මේ බ්ලොග් එකේ OpenID මගින් කමෙන්ට් එකක් දැම්මාම නම අසලින් OpenID logo එක පෙන්නුනේ නෑ, parent comment වල. Threaded comment වල child comment වල විතරයි logo එක පෙන්නුවේ. මම තීම් එකේ නිමැවුම්කරු වන Sebastian Schneider ට ප්‍රශ්නය කිව්වාම ඔහු වහාම ඊලඟ අප්ඩේට් එකේදි ප්‍රශ්ණය විසඳුවා විතරක් නෙමෙයි මේ තීම් එක සිංහලට පරිවර්තනය කර දෙනවානම් එය ඊලඟ අප්ඩේට් එකේ සිට බෙදාහරින්නත් එකඟ උනා. අන්න අදහන්න වටින මිනිස්සු !

Tagged with:  

11 Responses to Free Hosting, Photoblog හා PixelPost

  1. බුධාජීව පවසන්නේ:

    ඕං එහෙනං වැඩේ එළට කරන් යමු.

    @ගයාන්:
    උඹ මාර දානපතියෙක් නොවැ! :)

  2. ගයාන් කල්හාර පවසන්නේ:

    එළ!!!

    සයිබර්ශොට් ගත්තනම් පොටෝගහපන් බළලෝ කිව්වලු :)

    හොඳ නිර්මාණ ටිකක් දාමු බලන්න.

    කොහොම හරි මටත් ලෙඩේ බෝකලා නොවෑ… ඉදින් මාත් වැල පික්ස් ටිකක් හරි දාල එකක් අටෝ ගන්න, පේස්බුක් ඇති වෙලා හිටියෙ, ඩයල් අප් එකෙන් ඒකෙ ජාවා අප්ලෝඩරේ පාවිච්චි කරන එක මරනවා වගේ, FTP නම් ගේමක් නෑ.

  3. මනුශාන් පවසන්නේ:

    අයියන්ඩි ෆොටො බ්ලොග් එකට හරියට පින්තූර අප්ලෝර්ඩ් වේලා නෑ :o
    අර අලුත් ස්ක්‍රිප්ට් එක හොදයි වගේ මාත් දාලා බලන්න ඔනේ ස්තුතියි මේ ගැන කිව්වට :)

  4. -බිன்ku- පවසන්නේ:

    ඔත්තුවට ස්තුතියි ස්තුතියි මචං!

    අපිත් පටං ගන්න ඕනේ කාල වෙලාවක! ගයා‍න් මලයාගේ සර්වර් වැඩ කොහොමත් සුපර් නෙව! මෑන් හරි ධානපතියා, වැඩිපුර මොලේට කැල්සීයම් ලැබෙන්න ඕනේ! ඒ එක්කම හොඳවයින් Tweets අපිට අහන්නත් ලැබේවා! සාතු සාතු සාාාාාතු!!!

  5. අරවින්ද පවසන්නේ:

    අම්මෝ මේ කමෙන්ට් එක දාන්න විඳපු වදයක්. Open ID අවුලක් වගේ.

    හොඳ ෆොටෝස් ටිකක් ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා.
    අවාරෙට මොනාද මන්ද වැටෙනවා වගේ ලියන මගේ බ්ලොග් කෙරුවාවත් එක්ක මට නං ෆොටෝ බ්ලොග් වැඩේ හරි යන එකක් නෑ. ඒත් ඉන්දරේගේ සයිට් එක දැක්කහම මටත් ෆොටෝ බ්ලොග් එකක් අටවගන්නම හිතෙනවා.

  6. prabash පවසන්නේ:

    000webhost.com eke FTP pass word eka un auto wenas karanawa.Oka matath una.

  7. ගයාන් පවසන්නේ:

    සහොදරයා (මුලින්ම ඇමතුවෙ අයිය කියලා එත් පස්සෙ දන්නෙ මට වැඩිය මාසයයි බාල)අපිට බැරිද photo blog කළවමේ දාන්න? මගෙ myblog.lk වලට photo upload කරන්න බැරිද?

  8. ශාකුන්තල පවසන්නේ:

    මමත් කලක් 000wehost පාවිච්චි කළා. මළ ඇණයක්… හිටි ගමන් MySQL ඩවුන් වෙනවා… ඉතිං අල්ලලා දැම්මා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>