වෙබ් පිටුවල සිංහල අකුරු ලස්සනට බලාගන්නා ආකාරය
අද පෝස්ට් එක වින්ඩෝස් පරිශීලකයන්ට විශේෂයි. විශේෂයෙන්ම Windows XP අයට. ගොඩක් දෙනා දැකලා ඇති පරිගණකයට සිංහල යුනිකෝඩ් දැම්මාම සිංහල අකුරු පේන්නේ බොහොම කැතට, ඇදවෙලා, තැලිච්ච තක්කාලි ගෙඩි වගේ කියලා. අද කතා කරන්න යන්නේ කොහොමද මේ දෝෂය මගහරවා ගෙන ලස්සනට සිංහල අකුරු දර්ශනය කරගන්නේ කියලා.
වින්ඩෝස් XP මත සිංහල යුනිකෝඩ් ස්ථාපනය කලාම ලැබෙන default font එක තමා “ඉස්කොලෙ පොත”. සිංහල වෙබ් අඩවියකට ගිහින් බැලුවාම දැකලා ඇති මෙන්න මේ විදියටයි අකුරු පෙනෙන්නේ.
අපෝ ඇත්ත ඉස්කෝලෙ පොතේ අකුරු නං මීට වඩා ලස්සනයි නේද? :D මේක ලස්සන කරගන්න අපිට පොඩි වැඩක් වින්ඩෝස් වලින්ම කරගන්න පුලුවන්. ඒකට කියනවා ClearType කියලා. (ඒ ගැන වැඩිදුර දැනගන්න පුලුවන් විකිපිඩියාවෙන්). මෙන්න මෙහෙමයි Windows XP වල ClearType ඇක්ටිව් කරගන්නේ.
ඩෙස්ක්ටොප් එක රයිට් ක්ලික් කරලා Properties යන්න. ඒකෙ Appearence ටැබ් එකට ගිහින් එතැන තියෙන Effects.. බට්න් එක ඔබන්න. එතකොට එන වින්ඩෝ එකේ චෙක් බොක්ස් එකක් ඇති Use the following method to smooth edges of screen fonts කියලා. අන්න ඒක චෙක් කරලා එතැනම තියෙන කොම්බෝ බොක්ස් එකේ ClearType තෝරන්න. දැං වින්ඩෝ 2ම ඕකේ කරලා දාන්න. දැන් සිංහල අකුරු පෙනේවි මේ විදියට.
දැන් තත්වේ තරමක් හොඳයි නේද? සිංහල කියන්නේ ලස්සන රවුම් අකුරු තියෙන බාසාවක් නේ. ඉතින් මේ අකුරු දැක්කාම නිකං කිසි ගතියක් නෑ වගේ නේද? ඒකටත් හොඳ උපක්‍රමයක් තියෙනවා. අපි පාවිච්චි කරමු පුෂ්පානන්ද ඒකනායක මහත්මයා හදපු “මලිති වෙබ්” ෆොන්ටය.
දන්නා තරමින් Sinhala Kit එකත් එක්ක මලිති වෙබ් ෆොන්ටයත් එනවා. (නැති නම් මෙතැනින් බාගන්න) මුලින්ම බ්‍රවුසරේ ක්ලෝස් කරලා දාන්න. දැන් Control Panel එකට ගිහින් Fonts ෆෝල්ඩරයට යන්න. ගිහින් “මලිති වෙබ්” අකරු හැර අනිත් සියලු සිංහල යුනිකෝඩ් අකුරු fonts ෆෝල්ඩරෙන් එලියට ගන්න. (වෙනත් තැනකට ඩ්‍රැග් කරන්න) ආපහු බ්‍රවුසරේ ඕපන් කරලා සිංහල අඩවියකට යන්න (මේ බ්ලොග් එකට එන්නකෝ :P) දැන් වින්ඩෝස් මගින් ඉතුරුවෙලා තියෙන එකම සිංහල යුනිකෝඩ් අකුර default එක විදියට රෙජිස්ටර් කරගනී. දැං ඕනෙනං ආපහු අර ෆොන්ට් දාගත්තත් කමක් නෑ.
මලිති කියන්නෙ ලස්සන නමක් වගේම “මලිති වෙබ්” කියන්නෙත් ලස්සන ෆොන්ට් එකක්. ඒ තරම් ලස්සනට රවුම් වෙච්ච සිංහල ෆොන්ට් එකක් මම වෙන දැකලා නෑ. දැන් මේ රූප බලන්න. මුලින්ම මේ ClearType ඇක්ටිව් කරන්න කලින් මලිති ෆොන්ටය දිස්වන ආකාරය.
ඒ වගේද, මෙන්න ClearType ඇක්ටිව් කලාම මලිතිගේ ලස්සන ! (මේ බොඳවුනු ගතිය ගණං ගන්න එපා. ඒ මේක ගත්තේ උබුන්ටු වල ඉඳං නිසා)
මොකද හිතන්නේ? හොඳයි නේද?
අකුරු තව ටිකක් ලස්සන කරගන්න කැමති අයට පොඩි හැක් එකක් තමා මේ කියන්න යන්නේ. මේක gdi++ කියලා පොඩි ටූල් එකක්. මේක වින්ඩෝස් වල පෙරනිමියෙන් එන අකුරු සුමටකරනයට (font smooting) ආදේශකයක්. මෙමගින් Mac OS වගේ (එතරම් ම නොවුනත්) ලස්සන සුමටනයක් දැකගන්න පුලුවන්. (මැක් වල සිංහල අකුරු ගැන මලින්තගේ මේ ඡායාරූපය බලන්න)
gdi++ දාගන්නෙ මෙහෙමයි. මුලින්ම ඒ ටූල් එක ඩවුන්ලෝඩ් කරගන්න මෙතැනින් (500kB). දැන් zip file එක C:\ වගේ රූට් එකකට extract කරගන්න. ඊලඟට ඒ ෆෝල්ඩරේ ඇතුලේ තියෙන gditray.exe කියන එක රන් කරන්න. දැන් සිස්ටම් ට්‍රේ එකට එයි gdi++ අයිකනය. මේක මුලින්ම එන්නේ disabled වෙලා. ඒක එනැබල් කරගන්න නම් ඒ අයිකනය රයිට් ක්ලික් කරලා Enable තෝරන්න.
දැන් පෙනෙයි අකුරු තරමක් වෙනස් වෙලා දිස් වෙන බව. විවිධ සැකසුම් ගොඩක් එහි තියෙනවා. ඒවා එකින් එක මාරු කරලා බලන්න පුලුවන් අර ට්‍රේ එකේ අයිකන් එක රයිට් ක්ලික් කරලා User Preferences යටතේ තියෙන ඒවා තේරීමෙන්.
මෙන්න “ඉස්කෝලෙ පොත” ෆොන්ට් එක gdi++ සමග දිස්වෙන අයුරු.
මෙන්න “මලිති වෙබ්” ෆොන්ටය gdi++ සමග දිස්වන අයුරු. (මේ බොඳවුනු ගතිය ගණං ගන්න එපා. ඒ මේක ගත්තේ උබුන්ටු වල ඉඳං නිසා)
වැදගත් :
1. gdi++ හි විවිධ අනුවාද තියෙනවා. ඒවා කීපයක් උත්සාහ කර බැලීමෙන් තමන්ට වඩාත් ගැලපෙන එක තෝරාගන්න පුලුවන්. මෙන්න මෙතැනින් වගේම මෙතැනිනුත් අනුවාද රැසක් ලබාගන්න පුලුවන්.
2. ඇතැම් සැකසුම් දෙස බලාගෙන ඉන්නකොට ඔලුව රිදෙන, කැරකැවිල්ල වගේ ගතියක් ඇති වෙනවනම් එවැනි සැකසුම් පාවිච්චි කරන්න එපා.
3. අත්හදාබලන ටූල් එකක් නිසා ඇතැම් සොෆ්ට්වෙයා සමග නොගැලපීම් තියෙනවා. උදාහරනෙකට Firefox සමග ඉතා හොඳින් වැඩ කලත් Thunderbird සමග ඇතැම් user preferences අල වගේ
වින්ඩෝස් Vista විතරක් නෙමෙයි Seven වලටත් මේ gdi++ දාගන්න පුලුවන්. gdi++ මගින් යුනිකෝඩ් විතරක් නෙමෙයි Office හි fm-abhaya වගේ ෆොන්ට පවා සුමට කර පෙන්වීම ප්‍රධාන වාසියක්.
මුලින්ම ආපු ප්‍රතිචාර එච්චර හොඳ නැති නිසා මේක ලියන්න හිතුනා. gdi++ වල ඇතැම් preferences මගින් කියවන්නත් බැරිතරම් අකුරු බොඳ වෙනවා. මීට ඔබේ මොනිටරයේ වර්ගයත් බලපානවා. ඒ නිසා මම කලින් කිව්ව විදියට අනුවාද කීපයක් ටෙස්ට් කරලා හොඳ එකක් දාගන්න වෙනවා. මම මේ වර්ෂනය XP මතත් Seven මතත් වැඩ කරලා බැලුවා. මගේ තිරයේ නම් අවුලක් උනේ නෑ. කොයි එකටත් gdi++ චාටර් වගේ හිතෙනවනම් පාවිච්චි කරන්න එපා.
මේ තියෙන විදියට මැෂින් එක ඔන් කරන හැම වේලාවෙම gdi++ රන් කරන්න ඕනේ අපි manually. මේක startup එකේදී autorun කරගන්න ඕනෙ නම් ෂෝට්කට් එකක් හදන්න ටාගට් එක විදියට C:\gdi0870\gditray.exe “-on” දීලා. (මේ ෆයිල් නේම් එක ඔබේ gditray .exe තියෙන තැන වෙන්න ඕනේ) දැන් මේ ෂෝට්කට් එක කොපිකරන්න Start මෙනු එකේ Startup ෆෝල්ඩරේට. දැං වැඩේ හරියන්න ඕනේ. මේ ගැන වැඩි විස්තර මෙතැනින් දැනගන්න පුලුවන්.
මෙන්න මෙහෙමයි අපේ ලස්සන සිංහල අකුරු අන්තර්ජාලයෙත් ලස්සනට බලාගන්නේ.







සැලකිය යුතුයි

[said:author]
(මේ බොඳවුනු ගතිය ගණං ගන්න එපා. ඒ මේක ගත්තේ උබුන්ටු වල ඉඳං නිසා)
[/said]
ඒ මොකක්ද ඒ සීන් එක ?
Virtual Box එකේ XP දාලයි මේවා ගත්තේ.
බොහොම ස්තුතියි විස්තරයට.
මේ gdi++ දැම්මම ඉංග්‍රීසි අකුරු බොඳ වෙන්න ගත්තා. user preferences මාරු කළත් වැඩක් වුණේ නැහැ. මේක මට විතරක් වෙන ප්‍රශ්නයක්ද? (පාවිච්චි කරන්නෙ විස්ටා)
අප්පා gdi++ දැම්ම විතරයි tweetdeck වල සිංහල අකුරුවලට හෙණ ගැහුව වගේ වුණානෙ! disable කළාම හරි ගියා
ඉහත වැදගත් හි 3. මම කියන්න උත්සාහ කලේ ඒකයි. මේක තවමත් පරීක්ෂණ මට්ටමේ තියෙන ටූල් එකක්. පොඩි පොඩි අල එනවා. ගණං ගන්න එපා :D
අනේ අපුච්චියේ… අපේ ඉන්දරේ මහත්තයා ලොකු පිනක් ඕං කරගත්තේ… මං මේක නිසා සෑහෙන්න දුක් වින්දා.. දැන්නම් ලස්සනේ බෑ… සිංහල අකුරු වගේමයි…
Thanකු දැන් නියමයි
එළ එළ. නියම වැඩක්. දැන් කස්ටියට වැඩි වැඩියෙන් බ්ලොග් කියවන්න ආස හිතෙයි.
හු හු හු එඵළ යකෝ මම ඔය හින්දාම XP අතඇරලා VISTA වලට අවා දැන් XP අයමත් වලට ගොඩ උනැකි
In Firefox–> preferences–> Content can change Default Font. Change the default font to Malathi Web. It will work.
ඒ ක්‍රමෙත් හරි.. ඒත් සම්පූර්ණයෙන්ම මලිති වෙබ් වෙන්නෙ නෑ. සමහර සයිට් iskole potha එකෙන් පෙන්නනවා.
මම දැනුත් ඔය ක්‍රමයට හදාගෙන ඉන්නෙ. ඒත් වර්ඩ්ප්‍රෙස් ඩෑෂ්බෝඩ් එක එහෙම තවම පෙනෙන්නෙ lklug font එකෙන්.
හොදම හොද post එකක් මචෝ මේක…..!! සිංහල හොදට rendering වෙනවා Safari use කරනවා නම්, ඔහොම Clear Type active නොකරත්…..!! නමුත් ඉතින් Safari වල ගිනි නරියාගේ තරම් වැඩ කෑලි නැති එක තමා අවුල……..!!
ආහ්.. Safari ඉතිං Apple නෙ. Apple කොතැනද, එතැන සිංහල එල ! :D
අඩෙ අප්පා ගුගල් කෝම්ගෙ වැඩ නැතෝ.clear type සීන් එක නම් එල
Ela indare. Good post.
තෑන්ක්ස් අයියා………… නියමෙට තියෙනවා………………………
thanks indare meka sahana kalayak tissa mata tibuna
prashnayak dan nam elata penawa bohoma pin :)
අම්මප දොරේ, නියමෙට වෑඩ මගෙ XP sp3 වල. ඉස්සර, ඔලුව ජපන් කද ජර්මන් පුර්ස්නයක් තිබ්බා, සිoහල pack, sp3 beta දෑවාම හරි ගියා.
බෝල අකුරු ටික, සෑර්. බෑදල කන්න හිතෙනවා.
එල!
මම WinXP ම පාවිච්චි කලත් බොඳ වෙලානෙ පේන්නෙ!
මට නම් ඔය Clear Type එක දිරවන්නෙත් නෑ වගේ!
ඊට වඩා Standard Font Smoothing හොඳයි වගේ. මට වෙනත් අකුරුත් කැත වෙනව smooth උනාම!
gdi++ එක try කරන්න ඕනෙ!
:D
සහෝ , මම නම් කැමති පරන ටෙම්පලෙට් එකටයි , ඔබ එය පාවිච්චි නොකරන්නේ නම් එය ගත්ත තැන මට දෙන්න , මම එයට කැමතියි
ඔබේ බ්ලොග් එක Blogger නේද? අර ටෙම්ප්ලේට් එක WordPress එකක්. දෙන එක නං කිසි අවුලක් නෑ. මොකද ඒක මම හදපු එකක් නෙමෙයි නේ :)
naa sahoe , ara ada ude hadapu site ekata
ඉතාම වෑදගත්.මමත් මෙය අත් හදා බලන්නම්.
නියම පෝස්ට් එක.. නියමෙට වැඩ…
මැක් වල බ්‍රවුසර් එකේ පේන විදියම තමයි…
කොහොමත් මැක් වලට සිංහල යුනිකෝඩ් ඉන්ස්ටෝල් කරනවා කියලා කරන්නෙ මලිති වෙබ් ෆොන්ට් එක ඉන්ස්-ටෝල් කරන එක තමයි..
හැබැයි ඒකෙ සමහර ඉස්පිලි පාපිලි රෙන්ඩරින් අවුල්…
මම කිවුවෙ මැක් වලදි අවුල්.. ඒත් වින්ඩෝස් වලදි එහෙම නැහැ.. ;)
නියමයි.. ඒක නෙවෙ.. ඔයා කියපු විදියට මම ඔයගෙ බ්ලොග් එකම ඔපන් කරා, එකෙ අකුරු පෙනුනෙ නැහැනෙ.. කොහොම උනත් ගොඩා……….ක් ස්තූතියි….
අයියේ වැඩේනම් එළ.
GDI++ enable කරන්න ගියාම Could not load gdi++.dll කියල message එකක් එනවනෙ ?
ඔයා ගත්ත අනුවාදයේ gdi++.dll ෆයිල් එක තියෙනවද බලන්න. අදාල ෆෝල්ඩරය ඇතුලේ..
gdi++.dll ෆයිල් එක තියෙනවා.
පොඩි අවුලක් තියෙනවා..
ඉස්කෝල පොත ෆොන්ට් එක අයින් කලාම, සිංහල යුනිකෝඩ් වලින් ටයිටල් එක පෙන්නන වෙබ් පිටු බලද්දි බ්‍රව්සර් එකේ ටයිටල් බාර් එකේ ඒක පෙන්නන්නෙ කොටු කොටු විදියට. අනිත් අවුල ගූගල් ටෝක් වල සිංහල යුනිකෝඩ් වලින් තියෙන ස්ටේටස් පෙන්නන්නෙ කොටු කොටු විදියට.
ඔහ් ! එහෙමත් සීන් එකක්ද? බ්‍රවුසරේ ටයිටල් බාර් අවුලනං මම දැක්කා.. මම හිතුවෙ නෑ gtalk වල අවුලක් යයි කියලා.
හැබැයි ඒක එච්චර ගණන් ගත යුතු නෑ වගේ.. චැට් කරන ඒවා පේනවා
අඩෝ මචං නියමයි එළම එළ… GDI එක ගැන දැනගෙන හිටියෙ නෑ… අම්මපා මේක නම් එළ භාණ්ඩයක්… ස්තුතියි උඹට!
බොහොම ස්තූතියි. දැන් අකුරු එළට පේනවා!
මේ අයියෙ මම ඔක බාල ස්ථාපිත කරන්න හැදුවා වැඩේ අවුල් සිප් ගොනුවෙ සෙටප් file 2ක් විතර තියනවා run කලත් මොකුත් වෙන්නෙ නෑ.මම තාම මේවට අලුත් පොඩිඑකාට සමාවෙන්න ඔනෙ අහන ප්‍රශ්න බොලද නම්.
ඇත්තටම සිංහල බ්ලොග් ඔලුවට වැටුනෙ ඊයෙ තමයි ආසාවෙ බෑ.
මල්ලී,
ඒ folder එක ඇතුලෙ තියෙන gdtray.exe ෆයිල් එක රන් කරන්න.
එතකොට system tray එකේ icon එකක් ඒවි “G” අකුරක.
ඒක right click කරල Enable සිලෙක්ට් කරන්න.
එතකොට හරි.
දැනට තියෙන preset එක හරි නැත්තං right click කරල එන මෙනු එකෙන් User Preferences යටතෙ තියෙන වෙනත් preset එකක් තෝරල බලන්න.
ගොඩාක් ස්තුතියි අයියෙ වැඩේ හරි.
අයියෙ ගූගල් ක්‍රෝම් වල වැඩ කරන්නෙ නෑ නේද?
මේ කරගත්තා වූ කුසලකර්මයට කොහොම පින් දෙන්නද මන්දා….
හෙහෙ… පින් එපා,
මේ ප්‍රශ්ණයෙන්ම පෙලෙන අනිත් අයටත් මේ විසඳුම කියලා දෙන්න, ඒ හොඳටම ඇති. :)
අන්තර්ජාලයේ සිංහල පාවිච්චි කරන පිරිස වැඩි කරන එක තමා මගෙත් එකම සිහිනය.
බිය නොවන්න… ඔබගේ පෑතුම බොහොම ඉක්මනින් ඉටුවේවි..
ඉන්ද්‍රනාම අයියේ වැඩේ නම් එලකිරි. කියලා වැඩක් නැ. දැන් සිංහල අකුරු නියමෙට පේනවා. අයියට ගොඩක් ස්තුතියි.
එල මල්ලි එල !
බොහොමත්ම ස්තූතියි.
ela machan mama adath evidin mage xp eka hadagaththa mata karana vidiya amathaka wela thibune
මම පළවෙනි පියවර නම් ගත්හ, ඒක නම් සාර්ථකයි, දෙවෙනි පියවර නම් ටිකක් පැටලිලි සහගතයි, කොහොමද unicode ෆොන්ට්ස් වෙන් කරල හඳුන ගන්නෙ?
සිංහල යුනිකෝඩ් ෆොන්ට් ගොඩක් නෑ නෙ. මම දන්න තරමින් මේ ටික විතරයි තියෙන්නෙ. http://blog.indranama.com/2009/09/sinhala-unicode-fonts/
හැබැයි ඉස්සරහට නම් මේ තත්වය වෙනස්වෙලා මේ විදියට කරන්න බැරි වේවි. මොකද දැන් ටික ටික අලුත් යුනිකෝඩ් ෆොන්ට් නිර්මාණය වෙන කලාවක් තියෙන නිසා.
ස්තුතියි,
ගොඩක් ප්‍රයොජනවත්.
දැන් xp වලත් vista,windows 7 වල වගෙ හොදට සිංහල පෙනවා.
font එකත් මරු.
බොහොම ස්තූතියි අයියා මේ ලිපිය දැම්මට….. ගොඩක් ස්තූතියි. මම මේකෙ තියන දික කලා දැන් වැඩේ හරි…. :)
අයියා මේ වැඩේ කරයින් පස්සේ අප අනතර්ජාලයේ ලියන සෑම ලිපියක්ම මේ වගේ අකුරින් ලියවෙනවද?
මල්ලි ඔතැනදී වෙන්නෙ ලියවෙන එකේ වෙනසක් නෙමේ, අපිට පෙනෙන විදියයි වෙනස් වෙන්නේ. ලියන අකුරු කොහොමත් එකයි.
තව කෙනෙකුට මේක මේ විදියට ලස්සනට බලාගන්න ඕනෙ නම් මේ විදියට ClearType දාගන්න ඕනේ.
අයියා කොහොමද දැන ගත්තේ මගේ පරිගණකයේ Clear Type Active කරගෙන නෑ පියල
මට දිවැස් තියෙනවනේ මල්ලී :P
@ප්‍රවීන් ඉන්ද්‍රනාම: මොකෝ මේ පොඩියෙකාට බොරු කියන්නේ? :D
@ප්‍රවීන් ඉන්ද්‍රනාම: හෙ හෙ :D
@බුධාජීව: ඒක තමයි
බොහෝමත්ම ස්තූතියි!
අලුත් වැඩක්
නියමයි!!!!!!!!