සින්ඩිකේටරයේ අලුත් විශේෂාංගය – Categories
ඊයේ සිට අපේ සිංහල බ්ලොග් කියවනයට, හෙවත් සින්ඩිකේටරයට, හෙවත් අප සැම කෙටියෙන් හඳුන්වන පරිදි “සින්ඩි”ට අලුත් අංගයක් එකතු උනා. ඒ තමයි එහි සින්ඩිකේට් වන බ්ලොග් අඩවි වර්ගීකරණය (categorize) කිරීම මගින් පාඨකයන්ට අභිමත වර්ග වලට අයත් බ්ලොග් අඩවි වල ලිපි එකවර තෝරාගෙන කියවීමට පහසුකම් ලැබීම. මේ පිලිබඳව මත විමසුමක් කලින් ගූග්ල් සමූහයේ සිදු කෙරුන අතර මට එහිදී පෙනී ගිය දෙයක් තමයි ගොඩක් දෙනෙකුට මේ අලුත් විශේෂාංගය ගැන හරි වැටහීමක් නැති බව. මේ ලිපිය ලියන්නට අදහස් කලේ ඒ ගැන මගේ අදහස් ටිකක් කියන්න.
ඉතා හදිසියේ මෙය ක්‍රියාත්මක කෙරුනත් මෙවැන්නක අවශ්‍යතාවය කලක පටන්ම දැනුනා. ප්‍රධාන හේතුව තමයි සිංහල බ්ලොග් අඩවි සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වර්ධනය වීම. ජ්‍යෙස්ඨ සාමාජිකයන්ගෙන් ලැබුණු තොරතුරු අනුව සින්ඩිය පටන්ගෙන ඇත්තේ බ්ලොග් 35කින්. මට මතක ආකාරයට මම බ්ලොග් එක පටන් ගන්නකොට මෙහි තිබුනේ බ්ලොග් 150ක පමණ ගණනක්. නමුත් දැන් බ්ලොග් 357ක් තියෙනවා. මේ ගණන ඉතා ශීඝ්‍රයෙන් වැඩි වෙන බවක් පෙනෙන අතර එය ඉතාමත් අගය කල යුතු කාරණාවක්. සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ ප්‍රධාන පරමාර්ථයක් වෙන්නෙත් අන්තර්ජාලයේ සිංහල අන්තර්ගතය වැඩි කිරීමට උරදීම.
මෙසේ සින්ඩිකේටරයේ බ්ලොග් සංඛ්‍යාව වැඩිවීමත් සමගම අපේ පාඨකයන්ට නම් පොඩි ගැටලුවකට මුහුණ දෙන්න සිදුවෙන බව පෙනුනා. සින්ඩිකේටරයේ යාන්ත්‍රණයේදී සිදුවන්නේ නිශ්චිත කාල ප්‍රාන්තරයකදී සියලුම බ්ලොග් අඩවි වල feeds කියවමින් අලුත් ලිපි ඇත්නම් ඒවා සින්ඩිකේටරයේ දර්ශණය කිරීමයි. මේ නිසා තමයි ඔබ ලිපියක් ලිවූ විගස එය සින්ඩියට නොවැටෙන්නේ. ඉතින් සින්ඩිකේටරයේ බ්ලොග් වැඩි වන විට ඒ කාල ප්‍රාන්තරයේදී ලියැවෙන ලිපි සංඛ්‍යාවත් වැඩිවෙනවා. ඒ වගේම පුවත් බ්ලොග් අඩවි වලින් එකවර පෝස්ට් කීපයක් එක් වීමටත් පුලුවන්. එවිට අර refresh වීමකදී සින්ඩියට එකවර විශාල ලිපි සංඛ්‍යාවක් එකතු වෙනවා. තවත් බ්ලොග් අඩවි ගණන ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙද්දී මෙය ඊලඟ පිටුව දක්වාත් වැඩි වෙන්නට පුලුවන්. ඉතින් කියවන අයට මෙය අපහසුවක් ගෙන දෙනවා.
ඇතැම් පාඨකයන් සාහිත්‍යමය ලිපි කියවීමට උනන්දුවක් දැක්වූවත්, තාක්ෂණික ලිපි කියන්න අකමැති වෙන්න පුලුවන්. ඇතැම් පාඨකයන් තාක්ෂණීක ලිපි කියෙව්වත්, දේශපාලනික ලිපි කියවන්න අකමැති වෙන්න පුලුවන්. මෙන්න මේ වගේ පරිසරයක් තුල සින්ඩියේ බ්ලොග් වර්ගීකරණය කිරීම තුලින් පාඨකයන්ට අවස්ථාව සැලසෙනවා තමන්ගේ රුචිකත්වයට අදාල බ්ලොග් තෝරා ඒවා කියවන්නට. එවිට සින්ඩියේ එකවර එක්වන ලිපි සංඛ්‍යාව වැඩි වීමෙන් ඔවුන්ට සිදුවන අපහසුතාවය අඩු කරගන්න පුලුවන්.
මෙහිදි ගොඩක් දෙනෙකුට පැනනැගී තිබුණු ප්‍රශ්ණයක් තමයි මෙහෙම categorize කරාම තමන්ගෙ බ්ලොග් එක අවධානයෙන් ගිලිහෙයි නේද කියන එක. එහෙම වෙන්නෙ නෑ.. සුපුරුදු විදියට http://blogs.sinhalabloggers.com ලිපිනයට ගියාම ඔබ පිවිසෙන්නේ පරණ පුරුදු විදියටම සියලුම පෝස්ට් පෙන්වන පිටුවට. කැමති නම් පමණක් උඩ තීරයේ ඇති යොමු භාවිතයෙන් අදාල වර්ගීකරණ ආකාරයට ලිපි පෙරහන් (filter) කල හැකියි. ඒ නිසා කිසිසේත්ම බ්ලොග් ලිපි කොන්වීමක්, මග හැරීමක් සිදුනොවෙන බව කියන්නට පුලුවන්. ඇත්තෙන්ම කිව්වොත් මෙහිදි සිදුවී ඇත්තේ පාඨකයන්ට ලේසියෙන් කියැවිය හැකි ආකාරයකට බ්ලොග් අඩවි වර්ගීකරණය කර දීමක් පමණයි, ලේබල් කර වෙන්කිරීමක් නොවෙයි.
ඒ වගේම අන්තර්ජාල භාවිතයට, කිලෝබයිට් ගණනට මුදල් ගෙවන පාඨකයන්ට මේ වැඩේ ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා.
දැනට ඇති වර්ගීකරණ මේවා වන අතර එක් බ්ලොග් එකක් උපරිම වශයෙන් වර්ගීකරණ 2කට පමණක් අයත් විය හැකියි.
- පුද්ගලික – මිශ්‍ර අන්තර්ගතයක් සහිත එදිනෙදා අත්දැකීම් ලියැවෙන බ්ලොග්
- දේශපාලනික/සමාජයීය – දේශපාලනික හා කාලීන සමාජයීය විචාර ලියැවෙන බ්ලොග්
- පුවත් – පුවත් බ්ලොග් අඩවි (මේවා ඉතා ශීඝ්‍රයෙන් අප්ඩේට් වේ)
- ආගමික – ආගමික දර්ශණ ලියැවෙන බ්ලොග් අඩවි (කණගාටුවකට මෙන් අපේ සිංහල බ්ලොග් අවකාශයේ ඇත්තේ බුද්ධ දර්මය ගැන ලියැවෙන අඩවි පමණයි. )
- විද්‍යා/තාක්ෂණ – පරිගණක ගැන, සහ වෙනත් සියලුම විද්‍යාවන් හා තාක්ෂණික දේවල් වගේම, How-To දේවල් පවා
- විනෝදාස්වාද – චිත්‍රපටි, ක්‍රීඩා, විහිලු-තහලු ආදිය ලියැවෙන බ්ලොග්
- සාහිත්‍ය/කලා – කවි, නිසඳැස්, ගීත, සාහිත්‍ය විචාර ආදිය ලියැවෙන බ්ලොග්
- පොඩ්කාස්ට් – පොඩ්කාස්ට් ඔබවෙත ගෙන එන බ්ලොග් අඩවි
වැඩිවන බ්ලොග් සංඛ්‍යාව හමුවේ පාඨකයන්ට අපහසුවක් නොවෙන අන්දමිනුත්, ලියන්නන්ට අපහසුවක් නොවෙන අන්දමිනුත්, දෙපැත්තම සමබර කල හැකි එකම විසඳුම ලෙස දැනට දකින්නේ මෙයයි. අඩුපාඩු තියෙන්න පුලුවන්. ගූග්ල් සමූහය හරහා ඒවා සාකච්ඡාවට බඳුන් කිරීමෙන් ඒ ගැටලු නිරාකරණය කරගෙන වඩාත් උසස් තත්වයකට යන්න පුලුවන් වේවි. ඒ වගේම දැනට තමන් අයත්වී තිබෙන category එක වෙනස් කරගන්න අවශ්‍ය නම් ඇඩ්මින් වෙත ඊමේල් කිරීමෙන් එය සිදුකරගන්න පුලුවන් වේවි.

සැලකිය යුතුයි

මේ ගැන ලිපියක් ලියපු එක හොදයි මම දැක්කා මත විමසුමෙදි කීප දෙනෙකුගෙ අදහස් වලින් මේ පිලිබදව නිවැරදි වැටහීමක් නැතිබව
ඇත්තටම මේ වගේ වර්ගීකරනයක් සින්ඩිට අත්‍යවශ්‍යයි
mmm, ela ela….
oonema wedak patan gaththa aluthama oya wage therum ganna amaru scene wenna puluwan.. tika dawasak yaddi hari yai… (at least me… ;) )
ගොඩක් හොද නවීකරණයක්.. හැමෝටම පහසුවක් දැනේවි මේකෙන්…
පොඩ්ඩක් විතර වැරදියට මේ ගැන වටහගෙන තිබෙන අයට මේක කියවන එක ප්‍රයෝජනවත් වේවි.
මගේ බ්ලොග් එක සින්ඩියට දාන්න දෙපාරක් ඉල්ලුව කිසිම උත්තරයක් නැහනේ මේ ගැනැත් සලකල බලයි කියල මගේ බලාපොරොත්තුව බ්ලොග් එකේ වරදක් තියනවනම් දැන්නුවොත් වරද නිවැරිදි කරන්න පුලුවන් මේ ගැන සලකල බැලුවොත් නේද හොද මගේ අදහස ඔබේ අහස් දක්වන්න ස්තුති.
ඔබේ ඉල්ලීම මේ වන විට New Blog Addition ලයිස්තුවට ඇතුලත් වී ඇති. නැවතත් ඉල්ලීම අවශ්‍ය නෑ. ඉක්මනින් එය සින්ඩියට ඇතුලත් කර ඔබට ඊමේල් එකක් ලැබේවි. මේ වැඩේට දින 14ක් දක්වා කල් ගතවෙන්නට පුලුවන් බවයි අඩවියේ සඳහන් වෙන්නේ. දවස් 14 පහුඋනොත් ඇඩ්මින් වෙන ඊමේල් එකක් යවා දන්වන්න.
වැඩෙ හොදයි. පොඩි ප්‍රශ්න තියනව. මමත් හිටපු ගමන් ඔෆ් රොඩ් ලිපි ලියනව ඒත් මුල් පිටුවේ තියෙන නිසා ප්‍රශ්නයක් නැ
මම අලුතින් ලිපියක් දැම්මා ඉරිදා ඒ කියන්නේ 23 ඒත් තාමත් ඒක සින්ඩියට ඇඩ් වෙලා නෑ
ඇයි දන්නෑ
http://www.amisblog.co.cc
ප.ලි කරදරයක් නං සමාවෙන්න ඕනි
23 වෙනිදා ලයපු ලිපියක් ඔබේ බ්ලොගයේවත් ෆීඩ් එකේ වත් නැහැ. ඉතිං සින්ඩිකේටරයේ දිස්වීමට හැකියාවක් නැහැ. ඔබ එය පල කර ඇත්දැයි නැවතත් පරීක්ෂා කරන්න. ඔබේ ෆීඩයේ දිස්වනවා නම් සින්ඩියේ අනිවාර්යයෙන් පල වනු ඇති. http://www.amisblog.co.cc/feeds/posts/default
බොහෝම ස්තූතියි. වැරැද්ද මගේ මම සින්ඩියේ ක්රියාකාරීත්වය දැනගත්තේ මේ ලිපිය කියෙව්වට පස්සේ.
ලිපිය ඇඩ් වෙලා තියනවා.
නැවත වතාවක් මගේ කණගාටුව පල කරනවා සිදුවූ අත්වැරැද්ද ගැන
සියලු දෙනාටම බොහෝම ස්තූතියි.
ප.ලි සින්ඩිය කියන්නේ ඉතා වැදගත් දෙයක් එය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් හැම දෙනාටම මාගේ ගෞරවය!
නියමයි.. මඩ දේශපාලනය අනිත් ඒවයින් වෙන් කල එක නම් එල. සමහර විට මඩ ගොඩ නිසා සිංඩිය බලන්නේ නැති උනුත් ආයෙත් ඒවි. නියමයි Admins.
Off topic; sorry about that, but I have a suggestion for you. Everybody admire beauty. When it comes to Sinhala blogs, yours is one of the best. There is much more to consider when selecting a good blog interface than just making another pretty face. Usability, loading time and use of color are a just a few. By looking at your blog, I can see all of above and it loads like a flash. When I checked, I saw it even uses CSS Sprites. Why not write a couple of posts about blogging, Interfaces and customization. Just a thought, worth to consider, if your time permits.
හ්ම්ම්… මට නම් පෙනුන විදිහට සින්ඩිය වර්ගීකරණයෙන් ලොකු වෙනසක් වෙලා නෑ හිතපු තරම්… පුවත් බ්ලොග් ටික විතරක් වෙනම වර්ගීකරණය වුන එක විතරයි වගේ වුනේ… අනික් ඒවා ඔක්කොම පුද්ගලික එකේ හිරවෙලා… මං නම් මීට වඩා ලොකු වෙනසක් බලාපොරොත්තු වුනා.. හ්ම්ම්… බලමු බලමු ඉස්සරහට…
එහෙම්ම කියන්නත් බෑ. ඔය වෙනසක් නෑ වගේ තේරෙන්නෙ මුල් පිටුවෙදි වෙනදා වගේම සියලුම පෝස්ට් පෙන්වන නිසා.
දේශපාලනික/සමාජයීය බ්ලොග් අඩවි වෙන්ව වර්ගීකරණය කර තියෙනවා, තාක්ෂණික අඩවිත් සාර්ථකව වෙන්ව වර්ගීකරණය කර තියෙනවා.
පුද්ගලික එකේ ගොඩක් තියෙන්න හේතුව ඉතින් ගොඩක් බ්ලොග් අඩවි පුද්ගලික ඒවා වීම :D ඒකට ඉතිං මක් කොරන්නෙයි? :D