මගේ ගී අනුවාදන ටිකක්

On 2009 අගෝස්තු 20, in මගේ වැඩ, සංගීතය, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

මේ සිංදු ටික මට අහම්බෙන් ආයෙ ලැබුනෙ ගෙදර මැෂිමෙ හාඩ් ඩිස්ක් එක අවුස්සනකොට. ඒ නිසයි ලියන්න හිතුනේ.

මේවා මම උසස්පෙල කරන කාලෙ Yamaha PSR-320 හා Yamaha PSR-510 වර්ගයේ කීබෝඩ් දෙකකින් පර්යේෂණ මට්ටමෙන් කරපු අනුවාදන ටිකක්. කීබෝඩ් දෙකත් මගේ නෙමේ. මිතුරියන් දෙදෙනෙක්ගෙන් පොඩ්ඩකට කියලා ඉල්ලාගෙන මාස දෙකතුනක් තියාගත්ත ඒවා. රෙකෝඩ් කලේ හරිම අමාරුවෙන්. ඒ කාලෙ මට මැෂිමක් තිබුනෙ නෑ. ගෙදරදි ප්‍රැක්ටිස් වෙලා කීබෝඩ් දෙකම උස්සගෙන යනවා අතිජාත මිත්‍රයා යොහාන්ලැයි ගෙදරට. එහේ ඉඳන් ප්ලේ කර කර රෙකෝඩ් කරනවා කීබෝඩ් එකේම තියෙන ට්‍රැක් වලට. (මොකද පරිගණකයේම මල්ටි-ට්‍රැක් රෙකෝඩිං සොෆ්ට්වෙයා එකකින් වැඩ කරන්න තරම් මිත්‍රයගෙ මැෂිමෙ මෙමරි මදි) ඊටපස්සෙ මැෂිමට ඉන්පුට් දීලා අර ට්‍රැක් ප්ලේ කරන ගමන් ඉතිරි කොටස් ඒ වෙලාවෙම ලයිව් ගහලා තමයි රෙකෝඩ් කලේ. රෙකෝඩ් කරන්න පාවිච්චි කලේ Creative Soundblaster කාඩ් එකත් එක්ක ආපු මොකක්ද පොඩි ටූල් එකක්.

මේවයෙ සෑහෙන්න අඩුපාඩු තියෙනවා. අදටත් මට හොඳ කීබෝඩ් එකක් නෑ. ප්‍රැක්ටිස් එක මලකඩ නොකා පරිස්සම් කරගන්නෙ කැම්පස් එකේ තියෙන පියානෝ එක ගහල. කැමති නම් අහලා බලල, කැමති නම් බාගන්න. කැමතිනම් අදහස් කියන්නකෝ.
(ඩවුන්ලෝඩ් කරගැනීමට නමි right click කර Save Link As… කරන්න)

ගමට කලින් හිරු – කරුණාරත්න දිවුල්ගනේ

අන්දර යායේ – කරුණාරත්න දිවුල්ගනේ

වලා තීරයෙන් එහා – ටී. එම්. ජයරත්න

නුඹේ කඳුලට – 6th Lane

සුපෙම් හැඟුම් – ප්‍රදීපා ධර්මදාස/ලක්ෂ්මන් විජේසේකර

මල් මල් හිනා – ෂර්ලි වෛජයන්ත

කීබෝඩ් දෙක ලබාදී උදව් කරපු චතුරිකා හා මිහිරි සොයුරියන් දෙදෙනාත් මේ වෙලාවේ මතක් නොකර බැහැ.

Tagged with:  

26 Responses to මගේ ගී අනුවාදන ටිකක්

  1. අරවින්ද පවසන්නේ:

    මරුනේ. ඉන්දරේ music කරනවා කියලා දන්නේ දැන්නේ. තව ටිකක් දාපන්. බ්ලොග් එකේ සංගීතය ගැනත් ලියන්න

  2. Maleesha පවසන්නේ:

    mehema karana ekath ratata sewayak…………mata godak sathutui…………..subapathum…….udawuak thiyanawanam

    email karanna

    Maleesha

  3. ගයන්ත පවසන්නේ:

    අප්පට සිරි.. ඉන්දරේ වැඩකරු නේ.. :)

    එළ එළ..

  4. EXPRESS පවසන්නේ:

    “ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත” කතාව බොරුවක් කරපු තවත් එක රිච්මන්ඩ් කොල්ලෙක්.රිච්මන්ඩ් නමට තවත් අභිමානයක්.

  5. තමීර පවසන්නේ:

    ෂහ්.. සිරානෙ. පළවෙනි සින්දුව ඇහුවට පස්සෙ ඉතුරු ටිකත් බාගත්තා.
    ඉන්දරේ වැඩකරු නේන්නම්!

  6. රවිමල් පවසන්නේ:

    ඔය තියෙන්නේ වැඩ…. සැඟවුන දක්ෂතාවයන් නම් තව කොච්චර තියනවද, නැද්ද බං…. ඉතිං ආයේ කීබෝඩ් එකක් ලැබුනොත් අනුවාදනේ විතරක් නෙවෙයි කටහඬත් එක්කම රෙකෝඩ් කරන්න….

  7. ධනික පවසන්නේ:

    ෂහ්! මරුනේ! සිරාම සිරා….. උඹත් music කරනවා කියලා අදනෙ දන්නෙ…. ඔය දක්‍ෂතාත් යටයන්න දෙන්න එපා මචං…. පුළුවන් නම් අලුතෙන් උඹේම melody ටිකක් හදපං….. උඹට නියමෙටම key-board ගහන්න පුළුවන් ආහ්! එළම කිරි!

  8. dasun sameera පවසන්නේ:

    ෂා මරුනේ. දැන්නේ දන්නේ කොල්ලා music කරන බව. :) නියමයි.

  9. Prabath පවසන්නේ:

    උඹ නම් මාරයි. වැ‍ෙඩ් දිගටම කරන්න. මගේ සුභ පැතුම්

  10. LishWish පවසන්නේ:

    හරිම ලස්සනයි මචන්.. මගෙන් සුභ පැතුම්

  11. කුමාර පවසන්නේ:

    පර්යේෂණ මට්ටමෙන් කරපු එක මෙහෙමනම්, නියම විදියට කලොත් කොහොම තියෙයිද.
    මමත් පර්යේෂණ මට්ටමෙන් එකක් බාලා ඇහුවා. ඊට පස්සෙ ඔක්කොම බාගත්තා.
    මගේ ස්තූතිය සහ සුභ පැතුම්.

  12. namal wickramasinghe පවසන්නේ:

    එලනේ….ලස්සන සිංදු ටිකක්….

  13. අනූ පවසන්නේ:

    මාත් ඔය ඉන්න ගමන් අලුත් මියුසික් ට්‍රැක්ස් හදන්න ට්‍රයි කරනව.

  14. Sidath පවසන්නේ:

    නියමයි අයියේ !
    Yජයන්තගෙ සින්දුව ගොඩක් ලස්සනයි.

  15. Akila DJ පවසන්නේ:

    පට්ට ඩයල් එකක් නෙ! .. :D
    ඒ කියන්නෙ උඹ තමයි ලෝකෙ 3වෙනියට හොඳම keyboard වාදකයා!.. ;p
    1,2ත් ලංකාවෙ කොල්ලො තමයි

    Wave record හැර, උඹ වයපු වෙන MIDI ෆයිල් නැද්ද?

    “දීප්තිමත් ගාන්ධර්වයෝ” band එකේ ආරාධිත වාදකයෙක් විදිහට එන්න උඹ කැමති ද?

    • පිස්සුද බං? මම එච්චර හොඳ වාදකයෙක් නම් නෙමෙයි..
      මම දැකලා තියෙන හොඳම කීබෝඩ් වාදකයා මින්ග් ෆ්‍රීමන් (අර Yanni ගේ කොන්සර්ට් වල කීබෝඩ් ගහන්නේ..)

      midi නෑ මචෝ.. ඒ කාලේ ඕවා කරන හැටි දන්නෙත් නෑ.. දැනගන්නකොට කීබෝඩ් එකක් නෑ :P

      මොකක්ද ඒ “දීප්තිමත් ගාන්ධර්වයෝ” කියන්නේ? සෙට් වෙන්නනං අපි කැමතියි. ඒත් මේ කීබෝඩ් කාරයෝ ඕනේ තරං ඉන්නවනේ.. අපෙන් වැඩක් වෙයිද?

      • Akila DJ පවසන්නේ:

        එච්ච‍ර ගනං ගන්න එපා! :D
        “දීප්තිමත් ගාන්ධර්වයෝ” කියන්නෙ unOfficial, offLine band එකක්. Funtasy Virtualization තාක්ෂණය මත තමයි පදනම් වෙලා තියෙන්නෙ.
        දීප්තිමත් ගාන්ධර්වයෝ “Anti FullStop” කියල album එකක් කරල තියනව. “Deken Obbata” කියල album එකක් ඉස්සරහට release ක‍රයි. ඒ උනාට කවුරුත් ඒව ගැන දන්නෙ නෑ!
        කනෙක්ෂන් තිබ්බට, මමවත් අහල නෑ!!

  16. athula ranasinghe පවසන්නේ:

    Indere, I really have no idea how to comment in sinhala uni cord. I have thoroughly enjoyed your compositions and it was really something for the so called lethargic creative society of SL. Even you have reproduce what you heard and enjoyed. it was something. Why don’t you something original and release a CD.If you need any help just contact me.
    Deveniya

  17. lol පවසන්නේ:

    lol……….

    Ubala ge lipi tika wena ekek coppy kaloth thama ne mala??? thoo wena un ge sindu tika ussaddi saneepada??? thopi thama wadi bana kiyana niyama

  18. තුෂාරි නංගි පවසන්නේ:

    ෂා හරිම ෂෝක්…!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>