Dialog Postpaid Data Package කතා වස්තුව
මාස දෙකක් පුරා ගෙදර ඉන්න හම්බුවෙච්ච චාන්ස් එක අදින් ඉවරයි :( කැම්පස් පටන්ගන්නවා හෙට. එක අතකට හොඳයි කියලා හිතෙනවා දැන් ගෙදර ඉඳලත් එපාවෙලා නිසා. අනිත් අතට කැම්පස් පටන් ගත්තාම ගෙදරදි වගේ නිතරදෙවේලේ අන්තර්-ජංජාලේ එල්ලිලා ඉන්න බැරි වෙන නිසා තව නිවාඩු තිබ්බනම් හොඳයි කියලා හිතෙනවා. කොහොමත් මේ මාස දෙකේ නිවාඩුවෙන් බොහොම අඩු කාලයක් තමා විවේක ගන්න ලැබුනේ. ඒ මොකද කිව්වොත් නිවාඩුවෙන් වැඩි හරියක් කාලා දැම්මා මේ කැම්පස් එකේ aasignment එකකුයි, BIT exam එකයි.
කොහොම කොහොම හරි දැන් ඉතින් ඉස්සරට වඩා වැඩිපුර ඊමේල් එනවා මට. ගොඩක් ඒවා එදාම කියවන්න ඕනේ. ඉතින් මම කල්පනා කලා නුගේගොඩදී ඊමේල් ටික චැක් කොරගන්න හා බ්ලොග් එකට යමක් කමක් ලියන්න ක්‍රමයක් සෙට් කර ගන්න. මම මේ K770i ෆෝන් එක ගත්තෙ ඒකෙන් නෙට් යනවා කියල හිතලා. මෙච්චරකල් කලේ හදිස්සියට මොබිටෙල් සිම් එක දාලා Daily Delight ඇක්ටිවේට් කරගෙන ෆෝන් එක ලැපට ගහගෙන භාවිතා කරන එක. ඒත් ඒකෙන් ප්‍රශ්ණ කීපයක් උද්ගත වෙනවා.
- දිනපතා ෆෝන් එක ගලවමින් ඩයලොග්-මොබිටෙල් සිම් මාරු කිරීමෙන් ෆෝන් එකට අවැඩක් වනු ඇතැයි හැඟී යාම
- රු 32/= දී Daily Delight ඇක්ටිව් කරගත්තද, ලැබෙන මෙගාබයිට් 50න් බාගයක්වත් පාවිච්චි නොකීරීම නිසා මුදල් අපතේ යාම.
- හැමදාම රු 32 ගානේ දාන්න ගියොත් මගේ බත් කාඩ් එක කැපී යෑමට ඇති ඉඩකඩ :D
- ලැපට සවිකරගෙන නෙට් යන විට ෆෝන් එක ගජරාමෙට රත්වීම නිසා වැඩිවේලා online සිටීමට නොහැකි වීම.
- මොබිටෙල් සිම් එකට මාරු වූ විට මල්කැඩීමට නොහැකි බැවින් විධායකයෙන් එන චෝදනා (හා තර්ජන) :D
ඉතිං මම කල්පනා කලා ෆෝන් එකට පොඩි Data Package එකකුත් දාගන්න. ෆෝන් එක රත් වෙන නිසා වැඩි වෙලාවක් online ඉන්න බැරි නිසාත්, ප්‍රධාන පරමාර්ථය මේල් ටික චෙක් කිරීම පමණක් නිසාත් පොඩි ඩේටා පැකේජ් එකක් හොඳටම ඇති. මොකද දවසක මේල් බලන්න මෙගාබයිට් 3ක් වත් යන්නෙ නෑ.
ලාබම වැඩේ විදියට පෙනුනේ මොබිටෙල් 500 පැකේජ් එක ගන්න එක. වොයිස් මි. 500, වීඩියෝ මි.500, ඩේටා මෙගාබයිට් 500 free. (දෙන්නා ලඟම 3G ෆෝන් තියෙන නිසා වැඩෙත් හොඳයි) ඒත් සිම් එකක් 1200/=ක් ලු. මේ වෙලාවෙ එච්චර සල්ලි නෑ. අනික ගෙදරින් බනිනවා මාසෙන් මාසෙට නම්බර් මාරුකරනවා කියලා.
ඒ පාර කල්පනා කලා ඩයලොග් එකෙන් ටික කාලෙකට කලින් පටන් ගත්ත Postpaid Data Package එකක් දාගන්න. දැන්වීමෙ තියෙන විදියට 75MB – Rs 50/=, 350MB – Rs 200/=, 1GB – Rs 500/= හා 2GB – Rs 1000/=. මම මුලින් කල්පනා කලේ 75MB එක ගන්න. ඒ මදැයි මේල් බලන්න. මෙන්න බොලේ කීපදෙනෙක්ම කියනවා ඒ quota එක ගන්නවනම් තව රු 100ට රෙන්ටල් එකකුත් ගෙවන්න ඕනෙලු, 75MB එකට විතරලු ඒක ! එතකොට රු 150ක් ! මේ කවර විවාහයක්ද? ඊට හොඳයි නෙව 350MB එක ගන්න එක. ඒ නිසා මම ඊයෙ ගිහින් ඒක ඇක්ටිව් කරගත්තා.
ගාල්ලෙ ඩයලොග් එකේ එකාගෙන් මම ඇහුවාම data usage එක චෙක් කරගන්නෙ කොහොමද කියලා, මෑන්ස් කියනවා මොකක්ද පොඩි ප්‍රෝග්‍රෑම් එකකින් කරගන්න පුලුවන්ලු. මම කිව්වා මම මේක USB Modem එකක නෙමෙයි පාවිච්චි කරන්නේ, ෆෝන් එකේ කියලා. ඒ පාර මෑන්ස් කියාපි “එහෙනම් සර් එක්කෝ guess කරන්න වෙනවා, නැත්තම් බිල් එක ආවාම තමයි බලාගන්න වෙන්නේ” කියල ! #%$*&%$^& ඕක ඉතිං කියන්නත් ඕනෙයැ !
දැං ඩයලොග් එකෙන් එක මාසෙකට 3 පාරකට වඩා Customer Care කතා කරොත් ගාණක් කපනවලුනේ. ඒ නිසා මම පාවිච්චි කරන්නෙ Online Chat එක. ඒකත් විකාර ලෝකයක්. මම හිතන්නේ උන්ගේ preset messages තියෙනවා. ගොඩක් වෙලාවට දාන්නෙ ඒවා. ඒ නිසා එකම ප්‍රශ්නෙ ආයෙ ආයෙ අහනවා. චැට් එකට සෙට්වෙච්ච බුවා කිව්වා “site එකේ My Dialog වලින් usage බලාගන්න පුලුවන්” කියලා. මෙන්න ඊට පස්සෙ සංවාදෙ..
Agent Nifraz says: You have used 1014MB up to now
Customer Pravin says: what???
Agent Nifraz says: I’m sorry
Agent Nifraz says: It’s 0.1014MB
පිස්සු හැදෙයි සඳ බැබලෙයි කිව්වලු ! ඉතිං බුවා කිව්වා පැය 4ට වරක් data usage update වෙනවා කියලා. ඒත් මගේ account එකේ නම් පෙන්නන්නෙ තවම දවස් දෙකකට කලින් usage එක !
ඔන්න ඩයලොග් Postpaid Data Package කතා වස්තුව අහවරයි. දන්න කෙනෙක් ඉන්නවනං කියන්ඩකො ආයුබොවන් මේ data usage එක බලාගන්න ක්‍රමයක්.

සැලකිය යුතුයි

මාත් ඕක හොය හොය තමයි ඉන්නේ. සමහර වෙලාවට acct එකේ පෙන්නන්නෙ දවස් තුන හතරකට කලින් usage එක.
Usage එක අප්ඩේට් වෙන්නෙ හරියටම 15 රෑ 12ටද කියලත් හොයාගන්න ඕන.
අපොයි ඔව් ඔය වදේ මටත් තියනවා. acct එක බලලා download කරන්න ගියොත් ඉවරයි. පොඩි software එකක් තියනවා DU meter කියල. එකෙන් පුලුවන් අපිට ඔනේ connection එක විතරක් monitor කරන්න.
Bitmeter කියල software එකක් තියෙනව, ඒක දාගන්න.. කොම්පියුටරෙයි ෆෝන් එකයි 2ම නෙට් යන්න පාවිච්චි කරනව නම් හරියටම billing date එක දවසට phone එකේ data counter එක reset කරන්න. phone එකෙන් නෙට් යන්නෙ නැත්තම් හොදම බිට් මීටර් එක තමයි.. dialog site එක ගැන එච්චර සුවර් එකක් තියාගන්න එපා.
මටත් ඔය ප්‍රශ්ණ වලින් 1,4,5 කියන එව්ව තියෙනවා. මම නම් කැම්පස් එකේ ඉන්නකොට Dialog Pre Paid තමයි පාවිච්චි කරන්නෙ. ඔය කියන Data පැකේජ් එක තියෙන sim එකටම active කරන්න පුළුවන්ද?නැත්නම් වෙනින් sim එකක් ගන්න ඕනෙද?
මාසෙකට වතාවක් phone එකේ data counters clear කරල usage බලාගන්න බැරිද? හැබැයි ඒ උපදෙස SE වලට වලංගුද දන්නෙ නෑ.
දැනට තියෙන සිම් එකටම පුලුවන්. මට තියෙන්නෙ Prepaid එකක් නෙමේ. Blaster Campus (මල්) පැකේජ් එක.
ඩයලොග් එකට ගිහින් කිව්ව ගමන් ඇක්ටිව් කරගන්න පුලුවන්.
මේ ෆෝන් එකේ Data Counter තියේද කියලවත් තවම දන්නෙ නෑ. බලන්න ඕනෙ පොඩ්ඩක්..
මටත් මල් පැකේජ් එකම තමා තියෙන්නේ :) prepaid පාවිච්චි කරන්නේ net යන්න විතරයි.
ආ එහෙනං කිසිම ආබාධයක් නෑ.. කෙලින්ම ඕකේ බිලට එකතු වෙන්න සෙට් කරගන්න පුලුවන්.
ඕකෙත් තියනවා data counter එකක්.
දවස් දෙකකට සැරයක්වත් අප්ඩේට් වෙනව නං ලොකු දෙයක් ඕය ක්‍රමේ පටන් ගත්ත දවස්වල සති දෙකකට සැරයක්වත් update උනේ නෑ. :D. ලැපට data counter එකක් දාපං. mydialog වල එකපාරටම අසාමාන්‍ය usages පෙන්නනවා. උදාහරණයක් විදියට මම net පාවිච්චි නොකරපුම සතියකදී මම FUB limit පැනල වේගය 64Kbps වලටම අඩුවෙලා තියෙද්දිම මම 1.4GB පාවිච්චි කරලා. ඒක කොහොමටවත් වෙන්න බැරි වැඩක්නෙව. customer care එකට 8 සැරයක් කතාකලා ඒ හැමසැරේම උත්තර නොදී call එක cut කලා. ඩයලොග් මට එපාම එපා උනේ ඔන්න ඔය නිසයි. ඒ නිසා කණීෂ්ක කිව්වා වගේ පරිස්සමෙන් :D.
Bitmeter කියල software එකක් තියෙනව, ඒක දාගන්න.. කොම්පියුටරෙයි ෆෝන් එකයි 2ම නෙට් යන්න පාවිච්චි කරනව නම් හරියටම billing date එක දවසට phone එකේ data counter එක reset කරන්න. phone එකෙන් නෙට් යන්නෙ නැත්තම් හොදම බිට් මීටර් එක තමයි.. dialog site එක ගැන එච්චර සුවර් එකක් තියාගන්න එපා.;. All the best!!
එළ එළ මටත් මේ විස්තර ටික ප්‍රයෝජනවත් වෙයි ඉස්සරහට. 2nd year එකේ ඇක පටන් ගත්තම ආයේ බොඩිං ජීවිතේකට යන්න වෙන්නයි හිතං ඉන්නෙ. ලැපක් ගන්නත් පොඩි අදහසක් තියෙනවා. තියෙන්නෙ Dialog මල් package එකක් නිසා මේ ක්‍රමේම තමයි මටත් යොදාගන්න වෙන්නෙ. SE වල Data Counters එකක් තියෙනවා මචං.
Settings -> Calls -> Time & Cost -> Data Counters ගිහින් බලපං. Reset කරන්නත් පුළුවන්කම තියෙනවා.
use sonyericsson pc suite version 4.0 connect via it
it has a excellent data counter wich shows u including login times
මගේ ADSL BroadBand එකත් සවුත්තුයි
Router-internet බල්බ් එක පත්තු වෙනව නිවෙනව.ඉස්සර නම් හොදයි.
දැන්නම් අන්තිම සවුත්තුයි.වෙබ් පේජ් එකක් download වෙන්න ගොඩාක් වෙලා යනවා.
අන්තිමට කතා කලාම,ඇවිල්ල හදල දෙන්නම් ලු,රු 500 අය කරනවලු.
කොහොමත් මට internet වැදගත් නිසා එවන්න කිව්ව.
අවිල්ල වයර් ටික මාරු කරල ගියා.
ආපහු ලෙඩේ.එනව යනව.එනව යනව.සැරින් සැරේ කැඩෙනව.
අම්බානට මල… හතර පාරක් කතා කරා.හරියන්නෙ නැ.ගිය මාසෙ හය පාරක් අවිත් හැදුව.
අපරාදේ මගෙ සල්ලි.. රු 3500 වියදම් වුනා.තාමත් ලෙඩේ එහෙම්මයි.
අන්තිමට කතා කරලා කිව්ව,
මට මේක එපා.කැන්සල් කරන්න කියල.
කැන්සල් කරන්න 6000 ගෙවන්නලු.
කැනසල් කරන්නත් බැ.පාවිච්චි කරන්නත් බැ.
Dialog හරි Airtell වලට හරි මාරු වෙන්නයි මම හිතාගෙන ඉන්නෙ
මගේ NOKIA 6220c එකේ තියෙන sent data and received data counter වල එකතුවෙන් ගාන හදා ගන්නවා