සුද්දො ආවෙ රට කරන්ඩ

On 2009 අගෝස්තු 13, in සංගීතය, by ප්‍රවීන් ඉන්ද්‍රනාම
British_Ceylon_flag

බ්‍රිතාන්‍ය-සිලෝනයේ ධජය

අපේ සිරිලංකාව වගේ රටකට තව කාලාන්තරයක් යනතෙක් කාලීන වැදගත්කමක් තියේවි කියලා හිතෙන ගීතයක් තමා මේ. බලන්න අහල තියෙනවාද කියලා.

සිංදුව අහන්න මේකෙන්:

හත් මුහුදින් එපිට ගුගුරුවා බතරොයි උගුරුදණ්ඩ
හත්දෙයියන් බලා ඉද්දි සුද්දො ආවෙ රට කරන්ඩ
මහත්වරුනි දන්නවාද සුද්දො ආවෙ රට කරන්ඩ

ඇත්දත් ගම්මිරිස් කුරුඳු මැණික් අරං එතෙර යන්ඩ
ලක් මවුනගෙ දරු පැටවුන් වහල් කමේ තියාගන්ඩ
වැව් බිඳ රන් කොත බිම ලා දාගැබ පිට කොඩි දමන්ඩ
මහත්වරුනි දන්නවාද සුද්දො ආවෙ රට කරන්ඩ

යෝද කඳු වලලු වටලා වනහිස මුඩු බිම් කරන්ඩ
කෝපි තේ රබර් වවලා එතෙර එදේසෙට යවන්ඩ
ඉර නොබහින පොලොව වටේ කතිර කොඩිය ලෙල දෙවන්ඩ
මහත්වරුනි දන්නවාද සුද්දො ආවෙ රට කරන්ඩ

සත්තු වගේ මඩ කාගෙන දිව කාගෙන බර අදින්ඩ
උත්තම අධිරාජ්ජෙකට ජීවිත පූජා කරන්ඩ
අනේ අපොයි අපිත් ගියා පය පාමුල වාල් වෙන්ඩ
මහත්වරුනි දන්නවාද සුද්දො ආවෙ රට කරන්ඩ

හත් මුහුදින් එපිට ගුගුරුවා බතරොයි උගුරුදණ්ඩ
හත්දෙයියන් බලා ඉද්දි සුද්දො ආවෙ රට කරන්ඩ
මහත්වරුනි පේනවාද අදත් එනව රට කරන්ඩ

ලිව්වේ: රත්න ශ්‍රී විජේසිංහ
සංගීතවත් කලේ: රෝහණ වීරසිංහ
ගයන්නේ: සුනිල් එදිරිසිංහ
ඇල්බමය: “අලුත් වැස්සක්”

කැමති අය මෙතැනින් සිංදුව බාගන්න.

සිංදුව ගැන ඔබේ අදහස් මෙතන සටහන් කරල ගියාට කිසිම පාඩුවක් වෙන්නෙ නෑ :)

Tagged with:  

16 Responses to සුද්දො ආවෙ රට කරන්ඩ

  1. gayan පවසන්නේ:

    හිත හොඳ මිනිස්සු වැඩක් කලහම තියෙන අපූරුව මෙකෙන් පේනව.

    අද කට්ටිය වලි කන්නෙ මාර්කට් එක අල්ලන්නනෙ, දාන්නෙ ප්‍රොඩක්ට් නෙ. (අපි ප්‍රොඩක්ට්ස් කරන්න ඔනෙ ඉන්ටර්නැෂනල් මාර්කට් එක ටාගට් කරගෙන කියල කියන්ව මම අහගෙන දවසක්)

  2. දිසා පවසන්නේ:

    හත්දෙයියන් බලා ඉද්දි සුද්දො ආවෙ රට කන්ඩ
    මහත්වරුනි පේනවාද අදත් එනව රට කන්ඩ

  3. පොතේ ගුරා පවසන්නේ:

    ෂා..නියමයි බන්..බොහොම ස්තූතියි.. :)

  4. අනූ පවසන්නේ:

    මචං උඹ ළඟ අලුත් වැස්සක් ඇල්බම් එක තියනවනං කොහාටහරි දාල මට කියපංකො. ඔය ඇල්බම් එක මගෙ ළඟ තිබිල ‍කවුරුහරි උස්සල බං. අලුත් වැස්සක් සිංදුව සිරා බං.

  5. änthräX පවසන්නේ:

    මරු පදවැල. සින්දුව නම් අහලා නෑ. කොහෙට හරි දැම්මොත් මටත් කියනවද?

  6. පැතා පවසන්නේ:

    සුද්දා ආවෙ අපිට කෙලවල යන්න තමයි බං, උන් අපේ රට කෑවා. ඒ කරැමෙ අපි හැමෝම ගෙවන්නෙ බන්. බොරැද මම කියන්නෙ

  7. කුමාර පවසන්නේ:

    මේ ගීය ගුවන් විදුලි නාලිකාවකින් කිහිපසැරයක් ඇහුනා. මේක මගෙත් සිත්ගත් ගීතයක් උනා. බොහොම ස්තූතියි.

  8. ගවීන් පවසන්නේ:

    අලුත් වැස්සක් ගීත එකතුවේ තිබුනු තදින් හිතට වැදෙන ගීතයක්. රත්න ශ්‍රී මහත්තයා ලියපු නිසා ආයිත් අහන්න දෙයක් නෑ. ඒ කියන්නේ මේ ලියැවෙන්නේ “බිම්බරක් සෙනඟ” ලියපු අතෙන්මයි. අනික සුනිල් එදිරිසිංහ කියන්නෙ අහකට දාන්න පුලුවන් ගීත ගායනා කල කෙනෙකුත් නෙවෙයි.

    මේ ගීතය දේශාභිමානී ගීයක් නෙවෙයි. යටත්විජිතවාදය ගැන කල අඳෝනාවක්ද නෙවෙයි. එක්තරා විදියක අඬහැරයක්. අවුරුදු දහස් ගනණක් රට ආරක්‍ෂා කරල, වෙල්ලස්සෙ මාතලේ කැරලි ගහල ආක්‍රමණිකයන් පන්නපු අපේකමේ හයිය හිතට අරගෙන කරන ප්‍රකාශනයක්. ගීතයේ බර මුලුමනින්ම එන්නේ අවසාන පේලියටයි; “මහත්වරුනි පේනවාද අදත් එනව රට කරන්ඩ”. එය විග්‍රහ කරගැනීම රත්න ශ්‍රී අපට බාර කරන්නෙ එහෙමයි.

    ප්‍රේම ගීත නරකක් නෑ (මමත් බොහොම කැමතියි). හැබැයි දැන් දැන් ප්‍රේම ගීත විතරක්ම ඇහෙනකොට සුනිල් එදිරිසිංහලගේ, කපුගේලගේ අගය තව තව වැඩි වෙනවා. මොකද මේ අය ආදරය ගැන විතරක් නෙවෙයි මිනිස්සු ගැන, මනුස්සකම ගැන, මිනිස්සුන්ගෙ ප්‍රශ්න ගැන, රට ගැන, ගහ කොළ සතා සීපාවා ගැන ගායනා කල නිසා. අපි ලියන්න කියවන්න පුරුදුවුනේ මේ වගේ කලාකරුවන්ගෙ නිර්මාණ විඳල. අපට අවුරුදු කීපයකට පස්සෙ පරපුර දෙවැනි මතෘකාවලින් තරමක් බැහැරව සිටියත්, හොඳ නව නිර්මාණ ගැන බලාපොරොත්තු නැතිකරගන්න අවශ්‍ය නැහැ. හොඳ නිර්මාණ යම් තරමක් හරි අපේ දරුවන්ගේ කාලයටත් ඉතිරි වේ යැයි බලාපොරොත්තුව ඇතුව, මේක පල කලාට ඉන්ද්‍රනාමටත් ස්තුති කරල ඔන්න මගේ අදහස නවත්වනවා.

  9. Akila DJ පවසන්නේ:

    සිංදුව play වෙන්නෙ නෑ නෙ!
    “මගේ ගී අනුවාදන ටිකක්” ලිපියෙ ඒවත් play නොවේ. බාන්නත් බෑ… :(

  10. Budddika පවසන්නේ:

    danena sinduwak.nanda malanige Ratakarawannam sinduwath ahala balanna.illimak pamani

  11. Maleesha පවසන්නේ:

    මළ හත්තිලව්වයි මේක ඩවුන්ලෝඩ් වුනාට ප්ලේ වෙන්නේ නැහැනෙ………..

    උදව්වක් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>