වින්ඩෝස්/ලිනක්ස් සැමට Youtube HD වීඩියෝ
මගේ twitter මිතුරන් පසුගිය ටිකේ දකින්න ඇති මම Youtube HD ගැන දොඩවනවා. ඇත්තටම මොනවද මේ HD කියන්නෙ? HD – High Definion, සරලව කිව්වොත් DVD quality එකේ වීඩියෝ (මේ ඩීවීඩී කොලිටි කියන්නේ එක dvd එකේ චිත්‍රපටි 4ක් දැම්මාම තියෙන කොලිටි එක නෙමෙයි. සම්මත DVD-9 එකක තනි චිත්‍රපටයක් දැම්මාම තියෙන කොලිටි එක). ප්‍රමාණාත්මකව කිව්වොත් 1280×720 pixels (720p) හෝ 1920×1080 pixels (1080i/1080p). Youtube කලින් ජනප්‍රිය වී සිටියේ වීඩියෝ කාටත් බැලිය හැකි පරිදි තරමක් අඩු කොලිටි එකකින් (.flv ෆයිල් ලෙස) බෙදාහදා ගන්නා අඩවියක් ලෙස. ඒත් තාක්ෂණයේ දියුණුවත් සමගම පුලුල් පරාස අන්තර්ජාල සම්බන්ධතා ඇතිවීමත්, Blu-Ray වැනි තාක්ෂණ පැමිණි පසු වැඩි ඩිමාන්ඩ් එක ඇත්තේ high definition වීඩියෝ වලටත් නිසා Youtube එක කලකට පෙර තම අඩවියට මෙම high quality high definition වීඩියෝ ද අප්ලෝඩ් කිරීමට අවස්ථාව ලබා දුන්නා.

මම හින්දි ගීත ප්‍රිය කරන්නෙක්. ඒ වගේම බලන්නටත් ලස්සන වීඩියෝ එකක් තියෙන ගීතයක් නම් (ආචාර්ය ෂාරුක් ඛාන් සිටින එකක් නං විශේෂයි) අනිවාර්යයෙන්ම වීඩියෝ එකත් හොයාගන්නවා. නමුත් කණගාටුවට කරුණක් තමා මියුසික් වීඩියෝ හැම තැනම තියෙන ඒවා කොලිටි අන්තිමයි. බොහෝ විට vcd quality. දැං කෙනෙකුට හිතෙන්න පුලුවන් එහෙනං ඉතිං DVD එක හොයාගෙන රිප් කරගන්න බැරියැ කියල. ඔව්.. ඒක ඇත්ත. ඒත් ඉතිං ඒකට DVD එක හොයාගන්නත් එපායැ.
කියන්න ලැජ්ජ වෙන්න ඕනෙ නෑ, Youtube HD ගැන මම දැනගත්තෙ මේ ලඟදි. පොඩ්ඩක් HD වීඩියෝ සර්ච් කරල බලනකොට හින්දි අලුත් වීඩියෝ එහෙමත් සෑහෙන්න තියෙනවා. ඒවා Youtube එකෙන්ම බලන වැඩේ නං හරිගියේ නෑ. මේ 512kbps එක්ක මොන HD video streaming ද? ඉතිං මම කල්පනා කලා මේවා බාන විදියක්. මේ වෙනකොට මම මුලු දවස පුරාම පාහේ පාවිච්චි කරමින් සිටියේ Ubuntu.
මුලින්ම ගියේ හොඳට දන්න කියන තැන, Keepvid අඩවියට. ම්හු.. ඒකෙ HD ඩවුන්ලෝඩ් කරන්න පහසුකමක් නෑ. ඊලඟට ගියේ Savevid අඩවියට. ඒකෙ වර්ග 4න් ඩවුන්ලෝඩ් කරන්න පහසුකම් තිබුනා. ඒත් HD version එක ඩවුන්ලෝඩ් කරාම (කොලිටි එක අනුව මෙන්න පිලිවෙල Normal flv < MP4 < High Quality flv < High Definition MP4) ප්‍රශ්ණ ගොඩක් ආවා. එකක් හිතපු තරම් කොලිටි නෑ. අනික soundtrack එකේ විවිධ ආබාධ තියෙනවා. මේ වැඩේ හරියන්නෙ නෑ වගේ පෙනුන නිසා උබුන්ටු වලින් ඉවත්වෙලා Windows 7 වලට ගියා. දන්නවනෙ IDM (Internet Download Manager) එක ගැන. ඒකෙන් බාගත්තා එලකිරි වගේ. සාමාන්‍ය හින්දි වීඩියෝ එකක් 70 ~ 100 MB ආසන්න වෙනවා. කොලිටි නං නිකං වතුර වගේ !
මෙහෙමයි IDM මගින් බානවා නම් කරන්න ඕනේ. මුලින්ම Youtube එකට ගිහින් වීඩියෝ එක search කරන්න. එවිට ප්‍රතිපල ලයිස්තුවක් ඒවි. මේකේ Filter යටතේ ඇත්තේ All. ඒ මෙනුවෙන් HD යන්න තෝරන්න. එවිට ලයිස්තුවේ HD video පමණක් පෙන්නාවි. දැන් අදාල වීඩියෝ එක මත ක්ලික් කර ප්ලේ වෙන්නට සැලැස්වූ විට IDM භූතයා මතුවේවි. බූතයා කිව්වට මේක වීඩියෝ එක අසලින් එන කුබා බට්න් එකක්. අන්න ඒක ක්ලික් කිරීමෙන් වීඩියෝ එක බෑවෙන්න පටන් ගනීවි. මතක ඇතුව වීඩියෝ එක බෑවෙන විට අර වීඩියෝ එක ප්ලේ වෙන ටැබ් එක ක්ලෝස් කරන්න.
දැං ඉතිං වින්ඩෝස් වලට විතරක් මේක කරන්න පුලුවන් වෙලා වැඩක් තියේයැ. open source ලෝකෙටත් විසඳුමක් තියෙන්න එපායැ. (නැත්තං කොහොමද බුධාජීව, ශාකුන්තල මේ වැඩේ කරන්නේ) මම මේ වීඩියෝ බාන එක තවත් හින්දි රසිකයෙක් වන සුදාරක මලයට කිව්වාම උන්නැහේ මට දුන්නා javascript සීන් එකක් මේ වැඩේ කරගන්න පුලුවන්. මම ආයෙත් Ubuntu වලට ඇවිත් උත්සාහ කරල බැලුවට හරිගියේ නං නෑ. ඒ පාර ඒ පෝස්ට් එකේ තවත් කෙනෙක් දාලා තිබුනු කමෙන්ට් එකකින් මම වටිනා කියන Firefox ඇඩෝනයක් හොයාගත්තා.
මේ ඇඩෝනය ඉන්ස්ටෝල් කලාම වීඩියෝ එකේ පැත්තකින් ඩවුන්ලෝඩ් ලින්ක් ටික පෙන්නන්න ගන්නවා බබාලා වගේ. අපිට තියෙන්නෙ කැමති එක ක්ලික් කරන්න විතරයි. HD ඕනෙ නම් HD මත ක්ලික් කරන්න (හැබැයි කලින් HD වීඩියෝ පිටුවට ගිහින් ඉන්න ඕනේ).
ඇඩෝනය බාගන්න මෙතැනින්. (Firefox 3.5 සඳහාද උචිතයි)
වැදගත්:-
1. හැම වීඩියෝවක්ම HD නෑ. වීඩියෝ එකක් HD වෙන්න නම් අප්ලෝඩ් කරපු කෙනා HD එකක් අප්ලෝඩ් කරලා තියෙන්න ඕනේ. හැබැයි HD වීඩියෝ එකකින් low quality එක ගන්න නම් පුලුවන් Youtube එකෙන්. HD වීඩියෝ එකක HD, HQ, High-MP4, Low-FLV කියන ජාති 4ම වගේ තියෙනවා. තවත් ඒවා HD නෑ, HQ සිට පහලට තියෙනවා. සාමාන්‍යයෙන් ඕනෑම වීඩියෝ එකක High-MP4 හා Low-FLV තියෙනවා.
2. මේ IDM වල වගේම වීඩියෝ ඩවුන්ලෝඩ් කරන බට්න් එකක් අලුත් Real Player එකත් එක්ක එන බව ආරංචි උනා. ඒකෙන් මේ වැඩේ කරගන්න පුලුවන් නම් IDM හොර කොපිය පාවිච්චි කරනවට වඩා නම්බුයි. මතක ඇතුව HD වීඩියෝ එකක් ප්ලේ වෙන අතරෙදියි ඒ බට්න් එක ඔබන්න ඕනේ.
3. IDM ඉන්ස්ටෝල් කරන්න ඇඩ්මින් බලතල නැති තැනකදි Youtube වීඩියෝ බාගන්නත් අපි මේ ක්‍රම භාවිතා කරමු නේද? කරන්න තියෙන්නේ Portable Firefox එකක් (http://www.portableapps.com) බාගෙන ගෙරදි ඒකට මේ ඇඩොන් එක දාලා පෙන් එකේ යන යන තැන ගෙනියන්න.
4. ඇඩෝනය දාගත් විට IDM අවශ්‍ය නැත. ඕනෑම ඩවුන්ලෝඩ් මැනේජරයකින් බාගත හැක.
Youtube එකෙන් ගත්ත HD වීඩියෝ එකක quality ගැන අදහසක් ගන්න ඕනෙ නං මේ දීපිකා පදුකෝන් දිහා බලන්න :) (ඔරිජිනල් සයිස් එකේ පින්තූරයක්. 1280×544 pixels, 500 kB)


සැලකිය යුතුයි

බොහොම ස්තුතියි!!
වැදගත් ලිපියක්!!
මේ වැඩේ ලේසියෙන් කරගන්න පුලුවන් තව විදිහක් තමයි VideoDownloadHelper firefox addon භාවිතා කරන එක. ඔනෑම විභේදනයකින් flv ගොනු ලබ ගත හැකියි. ලිනක්ස් භාවිතා කරනවනම් ffmpeg මගින් වෙනත් codec ව්ලට හැර්වීමටත් හැකියි.
පොඩි අවුලක් තියෙනවා. මේ HD වීඩියෝ Youtube සර්වර් වල තියෙන්නේ mp4 විදියට. VideoDownloadHelper මගින් ඒවා නැවත flv බවට හරවන විට quality loss එකක් වේවි නේද? HD නැතුව සාමාන්‍ය වීඩියෝ එකක් බාගන්න නම් VideoDownloadHelper සිරා.
VideoDownloadHelper indeed downloads HD video as MP4. And you don’t have to click the HD button in youtube. When you are wathing a video when you click the VideoDownloadHelper icon in main toolbar you have the option of downloading the video in all available resolutions. If you have ffmpeg you can convert it to most of other media formats as well.
ඔන්න මමත් Video Download Helper භාවිතා කරලා බැලුවා. ඇත්තටම හොඳයි ඒක. එකම අවුලකට තියෙන්නෙ මෙච්චර වීඩියෝ ගණනං තියෙනවා කියල පෙන්නනවා මිසක් ඒවා මොන මොන කොලිටියෙ ඒවද කියල පෙන්නන්නෙ (අඩු ගානෙ සයිස් එක වත්) පෙන්නන්නෙ නැතිකම.
මේක කියවන හැමදෙනාටම වැදගත් පරීක්ෂණයක් මම දැං ටිකකට කලින් කලා. ඒ තමා වින්ඩෝස් වලදී IDM මගින් බාන වීඩියෝ එකත් ලිනක්ස් වලදී ඇඩොන් එකෙන් බාන වීඩියෝ එකත් අතර quality වෙනසක් තියේද කියලා බලන්න එකම වීඩියෝ එක OS දෙකේදීම බාලා බලන එක.
ඔබේ, මගේ, අප සැමගේ, ප්‍රීතියට හේතු වෙන පරිදි එබඳු වෙනසක් නෑ. 100%ක් සර්වසමයි.
එහෙනම් තවත් මොකටද proprietary IDM එකට වඳින්නේ? :D
තැන්කූ, තැන්කූ. Free download manager වලින් නම් බාන්න බෑ වගේ. හැබැයි IDM පාවිච්චිය අතෑරල ගොඩක් කල්.
කමක් නෑ කොහොමත් HD videos තිත්තයි නෙ :D
IDM ඕනෙ නෑ බං. මේ ඇඩොන් එක දාගත්තාම ඕනෙ ඩවුන්ලෝඩ් මැනේජරයකින් බාගන්න පුලුවන්.
(සිතමින්… මේ පෝස්ට් එකෙන් මම අදහස් කරන දේ නෙමේද කියවන අයට තේරුම් යන්නෙ??? O_o )
සොරි සොරි, ඇඩෝන් එකේ කතාව මීටර් වුණේ නෑ :)
මොන HD ද, SD එකක් බලන්නෙත් මරන්න වගේ..
Bandwidth මාමා මට Youtube බලන්න එපා කියල තියෙන්නෙ… ;)
හ්ම්ම්… මම නම් මෙච්චර කල් පාවිච්චි කළෙ FlashGot Add-On එක. Video එක load වෙනකොට status bar එකෙ flashing button එකක් වැටෙනවා. ඒ උනාට මේක නම් ඒකට වඩා හොඳයි වගේ… ට්‍රයි කරලා බලමු… පිං අත්වෙන්න ඕනා :D
ඕං ඕං.. ළමයා අපිව නරක් කොරන්නයි හදන්නෙ ! අහුවෙනවාකො !! :-D
තැංකූ ආ ! බලමු බලමු හොඳවයින් ටිකක් බාලා !
මේ addon එක නම් නියමයි. මෙච්චර දවස් you tube video බෑවේ mp4 විදියට විතරයි. විස්තරේට ටෑන්ක්ස් හොඳේ.
ස්තූති ලිපියට… අර වදුරට කැමති වෙච්චි එකනෙ වැඩේ.. උඹ ඔය වගේ කියල මම හිතුවෙ නෑ
:D නූතන හින්දි සිනමාවේ හොඳ නලුවෙකුට ඉන්නේ ඌ විතරයි මචං. කැමතියි කියන්නෙ, මට උගේ පින්තූර කාමරේ ගහගන්න තරම් පිස්සුවක් නෑ. උගේ රංගනයට මම කැමතියි.
හනේ ඉතිං අපි කවදා HD බාන්නද?
flv එකත් බලන්නෙයි බාන්නෙයි බොහොම බයෙන් බයෙන් මේ Entree එකේ බිල රතු පාට වෙයි කියලා…
HD බෑවොත් හොඳට තියෙයි…. :
(සිරා ලිපියක් මචං)
මරු..
මෙච්චරක් කල් මම භාවිතා කරේ Videoget එකේ Pirated එකක්, තාමත් ඒක තියං ඉන්න වෙනවා කොකත් වෙනත් එව්වායේ videos බාගත කරන්න. ඒත් මේක එළ ප්‍රයෝජනවත් එකක් වෙවි අනිවා!
බොහොමත් ස්තුතියි මිත්‍රයා!
මට වැඩිය මේක මාෂිට කියාපු ලිපියක්!
එයා youtube ප්රේමීයෙක්, මටත් එකෙන්ම සින්දු අහන්න පුරුදු කරේ එයා තමා! Hard එකේ සින්දුවක් තිබ්බත් අහන්න යන්නේ youtube එකෙන්!
හොඳයි, දැං කවුද ඔය කියන “මාෂි” ?? :P
රුසියන් පොතක එන මනඃකල්පිත චරිතයක් කියලා කියමුකෝ!
අඩෝ.. නිකං පානිය දාන්න එපා :D රුසියන් පොත් වල ඉන්න මනඃකල්පිත චරිත වලට මොකටද Youtube ?? :D
අපිට කොයින්ද HD වීඩියෝ බලන්න වාසනාවක්??????????:(
HDද? පට්ට ඈ… මමත් බාන්නේ HD තමයි youtube එකෙන්. හැබැයි HD කියලා තියෙන හැම එකක්ම HD නෙමෙයි. බොරු ඒවත් තියෙනවා… Secret බෑවද? උන්ගේ ඒවා හෙන ආර්ටිස්ටික්…
මෙන්න ටිකක් වැදගත් දෙයක්!
උඹල අහල ඇති නේද
&fmt= xxසීන් එක ගැන!ඒක YouTube feature එකක්. ඒකෙන් අපිට පුළුවන් අපිට ඕනෙ Quality එකෙන් YouTube video එක බලන්න. (බලන එක බාගන්නත් පුළුවන් නෙ එතකොට, IDM or AddOns or …..)
clean video URL එක අගට & එකක් එක්ක ForMaT code එක දෙන්න ඕනෙ.
HD (High Definition) mp4 නම් fmt=22
SD (Standard Definition) (aka: HQ) mp4 නම් fmt=18
fmt=16, fmt=8 ගැහුවොත් Low Quality mp4
මේක ගොඩක් වැදගත් HD videos HQ quality එකෙන් බලන්න ඕනෙ උනාම.
මොකද ඒවගෙ තියෙන්නෙ HD button එක නෙ. අපිට එච්චර quality ඕනෙ නැත්නම්, Low quality ත් එපා නම්!… HQ ඕනෙ නම්(මැදුම් පිළිවෙත)
[user Upload කරපු ෆයිල් එක HD නෙමෙයි නං HD output දෙන්නෙ නෑ. HD button එක නෑ. ඒවයෙ fmt=22 ගහල පලක් නෑ. ඒත් HQ button එක නැති ඒවයෙ fmt=18 ගැහුවම mp4 එකක් දෙනව. සමහර විට quality :]
උදා:-
http://www.youtube.com/watch?v=ntcMV_o66xM
http://www.youtube.com/watch?v=ntcMV_o66xM&fmt=22
http://www.youtube.com/watch?v=ntcMV_o66xM&fmt=18
:)
එල මචෝ එල.
බොහොම ස්තූතියි මේ ගැනත් කිව්වට.
&fmt=xxමෙන්න තවත් HD තියෙන, HD click කරල select කරන්න පුළුවන් Videos ටිකක්…
නිකමට බලන්…
http://www.youtube.com/watch?v=vPVWqy90JGU
http://www.youtube.com/watch?v=LsfAR4_y8FE
http://www.youtube.com/watch?v=fGQF9Ihs-fs
http://www.youtube.com/watch?v=SS2ZreOE_PE
මෙන්න HD නැති, HQ තියෙන videos
http://www.youtube.com/watch?v=PvCZcc3iBm0
http://www.youtube.com/watch?v=j5G3v6NslKM
http://www.youtube.com/watch?v=Ccg2vgYLHWE
http://www.youtube.com/watch?v=8f5_uXHvTgA
පොඩි Ad/Add එකක් :D
@ප්‍රවීන්
උඹේ blog එකේ WordPress settings හදන්න බැරිද comment or post වල තියෙන External Links අලුත් Tab වල Open වෙන විදිහට?… HTML එකේ
target=_blankතිබ්බෙ නැතත්!:?
ඒක හොඳ අදහසක් මචං. මම stylesheets ටිකක් අවුස්සලා බලන්නං.
ස්තුතියි මිත්‍රයා!
hey puluwanda udaw karanna win xp walatata sin blog damma kombu nopita meka hada ganne kohomada
@manoj
http://locallanguages.lk/sinhala_how_to_install_in_english.html#win
Methanata gihin Sinhala KIT eka download karala installa karanna.
(adaala OS eka, Service Pack eka select karala download karanna)
HD video එකක් HQ (SD) වලින් ගන්නෙ කොහොමද?
එච්චර ලේසි නෑ නෙ!…