Firefox මගින්ම imeem™ හි සිංදු ඩවුන්ලෝඩ් කර ගනිමු
imeem™ ගැන දන්නවා නේද? ඒක Social Media Service එකක්. අපිට පුලුවන් එහි අපි ලඟ තියෙන ගීත, වීඩියෝ, ඡායාරූප බෙදාහදාගන්න සහ මිතුරන්ගේ ෆයිල්ස් බලන්න, කමෙන්ට් කරන්න. තමන් ලඟ තියෙන ගීත බෙදාහදාගන්න දෙන සයිට් එකක කොච්චර ගීත ඇත්ද කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ. පොඩි පරහකට තියෙන්නේ කොපිරයිට් ප්‍රශ්ණ නිසා මේ අඩවියෙන් ගීත බාගත කරන්න දෙන්නෙ නෑ. එම අඩවියේදීම streaming ක්‍රමයට අහන්න විතරයි ඉඩ දෙන්නේ. හදිස්සියකට අපි සිංදුවක් හොයනකොට ඒක imeem අඩවියෙම විතරක් නං තියෙන්නේ? පිස්සු හැදෙනවා නේද ඒක බාගන්න බැරිඋනාම :D ඔන්න මේ කියන්න හදන්නේ ඒවා බාගන්න හැටි, වෙනත් ටූල් නැතුව, Firefox භාවිතයෙන් පමණක්.
සිංදු share කරන eSnips වැනි අඩවි (eSnips වලින් සිංදු බාගන්න හැටි මෙතැන තියෙනවා) වගේ කෙලින්ම mp3 ෆයිල් එක stream කිරීමක් නෙමෙයි imeem අඩවියෙන් කෙරෙන්නේ. එහෙම කලානම් බාගැනීම මෙච්චර අමාරුවෙන්නෙ නෑ. (IDM, නැත්තම් Video DownloadHelper ඇඩොන් එකෙන් පහසුවෙන් බාගන්න තිබුනා) imeem අඩවිය මගින් අපි අප්ලෝඩ් කරන ඕඩියෝ ෆයිල් audio-flv ෆෝමැට් එකකට හරවනවා. මේ stream වෙන ෆයිල් එක IDM මගින් වත් Video DownloadHelper ඇඩොන් එක මගින් වත් බාන්න බෑ. (මම හිතන්නේ අනිත් ඇඩොන් වලිනුත් එහෙමයි) ඔවුන් මොකක්හරි සංකීර්ණ ක්‍රමයක් පාවිච්චි කරනවා ඇති ඒක වලක්වන්න.
imeem ගීත බාන්න විවිධ ටූල් තියෙනවා. ඔක්කොම වගේ වින්ඩෝස් වලට. වැඩිමනත් ටූල් නැතුව බ්‍රවුසරේ මගින්ම බාගන්න විදියක් තමා මේ කියන්නේ. මොන මොන සෙකියුරිටි දාලා stream කරත් අපේ මැෂිමේ ප්ලේ වෙන්න නම් cache වෙන්න (හැඹිලිගත වෙන්න !) එපායැ. අන්න ඒ තියරිය තමා මෙහිදී පාවිච්චි වෙන්නේ.
මුලින්ම imeem වෙතට ගොස් අදාල ගීතය search කර ඒක ප්ලේ වෙන පිටුවට යන්න.
දන්නවාද?
imeem වල ගීත වර්ග දෙකක් තියෙනවා. User-uploaded ගීත, ඔබ මා වැනි පරිශීලකයන් අප්ලෝඩ් කරපු ගීත. ඒවාට ලිමිට් නෑ. මුලු ගීතයම අහන්න පුලුවන්. Featured ගීත කියන්නේ අදාල රෙකෝඩ් සමාගමෙන් නිල වශයෙන් imeem එකට දීපු ගීත. ඒවා අහන්න දෙන්නේ තත්පර 30ක පෙරදැකුමක් විතරයි.
දැන් කැමතිනම් සිංදුව අහන්නත් පුලුවන්, නැත්තම් ඒක pause කරලා මුලු ගීතයම buffer වෙනතුරු ඉන්න. මෙන්න මේ රූපයේ දැක්වෙන පරිදි play වෙන ස්ලයිඩර් එකත් buffer වෙන ස්ලයිඩර් එකත් අඳුනගන්න.

සම්පූර්ණයෙන් buffer උනාට පස්සේ අලුත් ටැබ් එකක් ඕපන් කරගෙන about:cache කියලා ගහන්න. එතකොට ඒවි පිටුවක්. ඒකෙන් Memory Cache යටතේ ඇති List cache entries වෙත යන්න.


ඉහත රූපයේ පෙනෙන පරිදි දැං පෙනේවි හැඹිලිගත කරගත් මීඩියා ලයිස්තුවක්. අපි imeem වලින් සිංදුව buffer කරපු ගමන්ම මේකට ආපු නිසා උඩින්ම ඇත්තේ ඒක. පොඩ්ඩක් URL එක දිහා බලන්න. බොහෝවිට එකම නමින් ෆයිල් දෙකතුනක් පෙන්නුවොත් උඩම තියෙන එක සලකන්න. දැන් අපිට පොඩ්ඩක් ජාලයෙන් විසන්ධි වෙන්න වෙනවා.. බය වෙන්න කාරි නෑ. රවුටරේ ඕෆ් කරන්න, මෝඩෙම් එක ගලවන්න අවශ්‍ය නෑ. File > Work Offline කරන්න. ඒ ප්‍රමාණවත්.
දැන් අර ලින්ක් එක මත ක්ලික් කරන්න. එතකොට ඒ මීඩියා එක ගැන වැඩිදුර විස්තර මෙන්න මේ විදියට පෙන්නාවි.

දැං නැවතත් ඔය පෙන්නන ලින්ක් එක උඩ ක්ලික් කරන්න. එතකොට පෙන්නාවි error message එකක් ලොකුවට, මේක හරි ජාතියක මීඩියා එකක් නොවන නිසා පෙන්නන්න බෑ කියලා. ඒ error එක එහෙමම තියෙන්න ඇරලා පේජ් එක සේව් කිරීම සඳහා File > Save Page As වෙත යන්න. දැං ෆයිල් නේම් එක විදියට <මහා පතරංග නමක්>.flv.gif කියලා ඇති. ඔන්න ඔතනට <කැමති කෙටි නමක්>.flv කියලා දෙන්න. (flv දෙන්න හේතුව මම කලින් කිව්ව විදියට imeem හි මීඩියා ඇත්තේ flv විදියට). දැන් ඕනෙ තැනක සේව් කරගන්න.
සේව් කරගත් ෆයිල් එක ප්ලේ කරලා බැලුවාම පෙනෙයි වැඩේ ගොඩ බව.
ඒත් ඉතින් සම්පූර්ණයෙන් ගොඩ නෑ නෙ. ඕඩියෝ ෆයිල් එකක් flv විදියට තියාගෙන කොස් කොටන්නද? මේක mp3 එකක් කරගන්න එපායැ. ඒ වැඩේට වින්ඩෝස් පරිශීලකයන්ට මේ free tool එක පාවිච්චි කරන්න පුලුවන්, FLV Audio Extractor. ලිනක්ස් පරිශීලකයන්ට කරන්න තියෙන්නේ ටර්මිනලයෙන් බාගත් flv ෆයිල් එක ඇති ෆෝල්ඩරයට ගොස් මේ විධානය දීම පමණයි. (ඔබ ffmpeg ඉන්ස්ටෝල් කර ඇතැයි මම උපකල්පනය කරනවා, නැතිනම් දැන්ම දාගන්න. හරිම සුන්දර ටූල් එකක් ඒක)
ffmpeg -i source.flv -f mp3 -vn -acodec copy target.mp3
වැඩේ ටිකක් කරදරයි වගේ පේනවද? ගණං ගන්න එපා, ටිකක් කරදර වෙලා දෙයක් ලබාගත්තාම තමා වටිනාකම වැඩි ! තවත් දෙයක්, imeem විතරක් නෙමෙයි වෙන අඩවිවලින් embeded media ලබාගන්නත් මේ ක්‍රමය පාවිච්චි කරන්න පුලුවන්. ඒක උත්සාහ කර බැලීම ඔබට බාරයි. ඒ වගේම වින්ඩෝස් වලදී මේ වැඩේ කරගන්න පුලුවන් Free MusicZilla කියල ප්‍රෝග්‍රෑම් එකකුත් තියෙනවා.
Disclaimer:
Software Piracy එක ගැන නං මම ටිකක් වද උනත්/care කලත්, Music and Media Piracy මම තඹ සතේකට මායිම් නොකරමි. මේ ලිපි ලියන්නේ කොපිරයිට් තාප්ප වලින් වටවූ ඉමක් කොනක් නැති සංගීතය අත්විඳින්නට කැමති අය වෙනුවෙනි.

සැලකිය යුතුයි

මෙන්න හොරු… ඒත් ප්‍රයෝජනවත් ලිපියක්. සිතුති වේවා
දැන් ප්‍රයෝජනවත් නොවුනට මේ උපක්‍රමේ කවද හරි ඕනෙ වෙයි. ස්තුතියි
Blog Piracy, Software Piracy එක ගැන සලකා බලනව නං Music and Media Piracy ගැනත් සලකා බලපන්!… ඒ ඔක්කොම එක වගේ නෙ!!
හැබැයි මම නං ඔය එක Cyber World Piracy එකක් ගැනවත් සලකා බලන්නෙ නෑ!
වාණිජ්‍ය නොවන, ලාභ නොලබන දේවල් සඳහා ඒව කැඩුවට කමක් නෑ කියල තමයි හිතන් ඉන්නෙ.
(not for commercial purposes)
ඒ වුණත් ඒක වැරදියි නෙ! :(
openID test :)
Thanks for the post
You can simply download any live streaming content using
Orbit downloader.It has a tool called Grab++ for that
http://www.orbitdownloader.com/
ප්‍රයෝජනවත් ලිපියක්
මේක තමා ඉතා වැදගත්
“මොන මොන සෙකියුරිටි දාලා කරත් අපේ මැෂිමේ ප්ලේ වෙන්න නම් cache වෙන්න (හැඹිලිගත වෙන්න !) එපායැ”
බොහොම ස්තූතියි ඇස් පෑදුවට
මම කාලයක් streaming media බලන්න පාවිච්චි කළේ IE. හේතුව තමයි IE cache එකෙන් ඕන දෙයක් ලේසියෙන්ම උස්සන්න පුළුවන් වීම.
slhits.com/ වලින් මේ විදියට සිංදු ගන්න බෑ වගේ. ඒකත් සිංහල සිංදු අහන්න දෙන සයිට් එකක්. කවුරැ හි පුළුවන් උනොත් කියනවද ? බොහොම ස්තූතියි !
එල මචං මරුම තමයි