
සිංහල බ්ලොග්කරනයට එකතු වෙන්න කලින් මම අවුරුද්දක් විතර ඉංග්‍රීසි බ්ලොග් එකක් ලිව්වා. ඒක ගැන කවුරුවත් නොදැන හිටි නිසා කියවන්න කට්ටිය ආපු නැති බව ඇත්ත. (ඕක ප්‍රමෝට් කරගන්න මම වෙනවෙන කලෙත් නෑ) ඒ කාලෙත් මම ලිව්වෙ දැන් වගේම මම අහපු දැකපු විඳපු දේවල්. මොකද මම blog කියන වචනෙ දැනගත්ත වෙලාවෙ ඒ ගැන විස්තර හොයල බලනකොට මට ලැබුනෙ ඒ වගේ අර්ථ දැක්වීමක්. ඒක සල්ලි හොයන මාර්ගයක් වගේ මට පෙනුනෙ නෑ.
Google Ads දැකල තිබ්බත් ඒවා ලේසියෙන් අපේ අඩවි වලට දාගන්න පුලුවන් බව මම දැනගෙන හිටියෙ නෑ. Adsense අපිටත් දාගන්න පුලුවන් බව දැනගත්තාට පස්සෙ මම ඇඩ්ස් කීපයක් මගේ බ්ලොග් එකට දාගත්තත් ඒ ගැන වැඩිය පස්සෙන් එලවන්න ඕනෙකමක් තිබ්බෙ නෑ, සල්ලි වලට ආසාව තිබ්බත්. (අවුරුදු 2ක් විතර පරණ මගේ adsense එකවුන්ට් එකේ තවමත් තියෙන්නෙ ඩොලර් 23යි) පහන් ගෙ මග පෙන්වීමෙන් සිංහල බ්ලොග්කරුවන්ගෙ සංසදයට එකතු උනාට පස්සෙ මම දැක්කා වටිනා ලිපි සිංහලෙන් ලියන අය කීදෙනෙක් ඉන්නවද කියන එක.
මම දකින විදියට අද තත්ත්වය වෙනස්. අද ශ්‍රී ලාංකික තරුණ පරපුරේ වැඩි දෙනෙක් හිතාගෙන ඉන්නෙ බ්ලොග් කියන්නෙ ඩොලර් ඉල්ලම කියල. හේතු තියෙනවා එහෙම වෙන්න. මොකද අද අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම කියන එක ෆැෂන් එකක් වෙලා. ඒ වගේම මේක හරිම ලේසියි ! මහන්සි වෙන්න ඕනෙත් නෑ ! මේකේ ප්‍රධාන නියමය මොකක්ද? Google Ads ටිකක් පුලුවන්තරම් මිනිස්සු ටිකකට පෙන්නන්න සැලැස්වීම මගින් ඔවුන් ඒවා ක්ලික් කිරීමට පෙලඹවීම. ඉතින් කොහොමද මේ ඇඩ්ස් පෙන්නන්නෙ? සයිට් දාන්න හැමෝටම බෑ. තමන්ගෙම හොස්ටිං ස්පේස් එක ගන්න බෑ, නැත්තම් අවශ්‍ය තාක්ෂණික දැනුම නෑ. අනිත් අතට ඕක මේන්ටේන් කරන්න වෙලාව නෑ. ෆෝරම් වල ඇඩ් දාන්න බෑ. එහෙනම් ලේසිම විදිය මොකක්ද? බ්ලොග් එකක් හදාගන්න එක. කොහෙන්හරි ලිපියක් හොයල කොපිකරල දානවා තමුන්ගෙ බ්ලොග් එකේ. දාගන්නවා ඇඩ්ස් ටිකක්. පැත්තකට වෙලා බලං ඉන්නවා මිනිස්සු ඇවිත් ඒවා ක්ලික් කරලා තමන්ට සල්ලි උපයලා දෙනකන්. මෙන්න මේ ක්‍රියා පිලිවෙල මුදල් අය කර උගන්නන ගුරාල පවා අද බිහිවෙලා. හා හා පුරා කියල බ්ලොග් එකක් කියන්නෙ මොකක්ද කියන දේ මේ ගුරාලගෙ දර්ශනයෙන් ඉගෙනගන්න මල්ලිල ඉතින් දිගටම හිතේ සටහන් කරගන්නෙ බ්ලොග් එකක් කියන්නෙ කොහෙන් හරි content එකක් කොපි කරල පෝස්ට් කරල ඇඩ් ටිකක් දාගෙන නිකං ඉඳං සල්ලි හම්බකරන්න පුලුවන් පාරාදීසයක් කියල තමයි. අද හොඳ බ්ලොග් එකක් ලියන මල්ලි කෙනෙක් ඉන්නවා මීට හොඳ උදාහරණයක්. ඔහු වරක් කියල තිබුන මේ සිංහල බ්ලොග් දකිනතෙක් ඔහු බ්ලොග් කියල හිතාගෙන හිටියෙ මොනවද කියල. ඔහුත් එකල මේ වගේ ඩොලර් වලට විතරක් බ්ලොග් අටවපු කෙනෙක් උනත් අද හොඳ බ්ලොග් එකක් ලියනවා
මෙහෙම කතාවක් හදිස්සියෙ කියන්න ගත්තෙ මොකද කියල මම කියන්නම්. මට අද දවල් අහම්බෙන් හම්බුනා සිංහල බ්ලොග් එකක්. ඒක සින්ඩිකේටරයෙ වත් කොත්තුවෙ වත් දැකල පුරුදු නැති නිසා මම ගියා බලන්න. (මම මෙතන ලින්ක් එක දාන්න කැමති නෑ, මොකද කැමති දෙයක් ලියන එක එයාගෙ අයිති නිසා මම ඒකට insult කරනවා නෙමෙයි, චැට් කරන මගේ හිතවතුන්ට ඕනෙනම් ලින්ක් එක දෙන්නම් එතැනදී) ඒක “බ්ලොග්කරනය” පටන් ගන්නෙ කොහොමද කියල ලියපු guide එකක්. මුලින්ම තිබුනා Blogger වෙතින් බ්ලොග් එකක් පටන් ගන්න හැටි, බොහෝම හොඳට විස්තර කරලා තිබුනා. කණගාටුවට කරුණ කියන්නේ ඊලඟට තිබුනේ තිබිය යුතු දේ නෙමෙයි. මගේ නම් අදහස ඊලඟට තිබිය යුත්තේ හොඳ පෝස්ට් එකක් ලියන්නේ කොහොමද කියන එකයි. අනේ ඒත් මේ guide එකේ ඊලඟට තිබුනේ බ්ලොගයට ads දාගන්නේ කොහොමද හා විසිටර්ලා වැඩිවැඩියෙන් අද්දවා ගන්නේ කොහොමද කියන එක ගැනයි. (සම්පූර්ණයෙන් වැරදි කියනවා නෙමෙයි මේ. බ්ලොග් අඩවිය customize කරන හැටි ගැන එහෙම හොඳ පැහැදිලි කිරීම් එහි තිබුනා, ඒ වගේම ඔහු තමන්ගෙ දිනපොත වගේ බ්ලොග් එකකුත් ලියනවා, නමුත් මේ බ්ලොග් එකේ sole objective එකයි මේ විවේචනය කරන්නේ)
ඒ කතුවරයා බ්ලොග් ගැන කියපු genuine අදහසක් මෙන්න මෙහෙමයි.
සමහරු ( මම වගෙ අය ) හුඟක් වෙලාවට බ්ලොග්ස් ලියන්නෙ ජොලියට. මම නිකම් ඉන්න වෙලාවට කරන්නෙ සින්දුවක් දාගෙන බ්ලොග් එකක් ලියන එක. මම දන්න සමහරු ඉන්නවා බ්ලොග්ස් තිහක් විතර කරන අය. ඒ ගොල්ලො ඒ ගොල්ලන්ගෙ මහන්සියට හරියන්න සල්ලිත් හොයනවා.
හුඟක් අය කරන්නෙ බ්ලොග් වල ඇඩ්සෙන්ස් වෙලඳ දැන්වීම් පල කරලා සල්ලි හොයන එක. මේ වැඩෙන් ලන්කාවෙ හුඟක් අය මාසෙකට රුපියල් 20,000 – 30 000 හොයනවා.
කොහොමද වැඩෙ ?
ඇත්තටම ඔබත් මේ වගේද? මම දන්න බොහෝ බ්ලොග්කරුවන් පෝස්ට් එකක් ලියන්නේ හොඳට සැලසුම් කරලා කරුණු එකතු කරලා. මොකද ඔවුන් ඒවා ලියන්නේ තව කෙනෙකුට දැනුම දෙන අදහසින්. ආගිය තොරතුරු පමණක්ම ලියන බ්ලොග්කරුවන් මම දැකලා නෑ. ඔවුන් ඉඳලා හිටලා පෞද්ගලික දෙයක් ලිව්වත් ඒකෙනුත් අපට ගතහැකි යම් දෙයක් තියෙනවා. මේ කතුවරයා “ලියනවා” කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද කියලා හිතාගන්න බෑ. මම දන්න විදියට බ්ලොග් එකක් කියන්නේ තමන් ලියන හොඳ නිර්මාණශීලී ලිපි එකතුවක්, කැමති ක්ෂෙත්‍රයක් ගැන, පෞද්ගලික අත්දැකීම්ක් උනත්. ඇත්තටම බ්ලොග් එකක් මගින් සිදුවිය යුත්තේත් ඒකයි කියලයි මගේ අදහස.
ලංකාවේ බ්ලොග් එකක සැබෑ අරුත දන්නේ සංසදයේ, කොත්තුවේ, අච්චාරුවේ බ්ලොග් ලියන, හා ඒවා කියවන අය පමණද? ඉතිරි සියල්ලන් සිතා සිටින්නේ බ්ලොග් යනු නිකං සිට ඩොලර් ගැරිය හැකි ඉල්ලමක් කියාද? අපි කතා කරමු මේ ගැන…

සැලකිය යුතුයි

මම නං ඔය නිකංම අතට සල්ලි එනකං බලාගෙන ඉන්න අයට ආස නෑ..
අන්තර්ජාලයෙන් සල්ලි ඕනිනං මොකද කරන්න ඕනි කියල මං කලින් ලිපියක් ලිව්ව. සිංහල බ්ලොග් වලට ඇඩ් සෙන්ස් වැඩ නෑ කියල ගොඩක් අය දන්නෙ නෑ.
අනු ඔයාගේ බ්ලොග් එක මොකක්ද
මාත් මුලින්ම බ්ලොග් ලියන්න ගත්තේ සල්ලි හොයන්න. කොහෙන් හරි කොපි කරපු ඒව ටිකක් දැම්මම වැඩේ හරි කියල හිතුවේ. ඒත් සිංහල බ්ලොග් ගැන දැන ගත්තට පස්සෙ බ්ලොග් කියන්නේ සල්ලි වලින් එහාට ගිය දෙයක් කියල දැනුන නිසා සල්ලි ගැන නොසිතා ලියන්න ගත්තා. සින්හලෙන් ලියල සල්ලි හම්බුනේ නැති උනාට සල්ලි වලට ගන්න බැරි තරම් වටිනා යාලුවො ගොඩක් අඳුරගත්තා.
සල්ලි හොයන්න බ්ලොග් ලියන අය ඒ වැඩේ කරගෙන යාවි. අපි අපේ පාඩුවේ හිතෙන දෙයක් ලියාගෙන ඉමු.එක එක්කෙනාගේ අදහස් වෙනස්නේ.
මට නම් දැන් සල්ලි හොයන්න ආසවක් තිබුනත් බ්ලොග් එක හරහා ඒ දේ කරන්න හිතෙන්නේ නෑ.බ්ලොග් එක කියන්නෙ විකුණගෙන කන දෙයකට වඩා මට නම් වටිනවා.
ඇත්ටම අදහස හොදයි
සංඤක දයන්න ලියන්න මට තේරෙන්නෙ නැහැ
මම බ්ලොග් ගැන දන්නැ මට කියල දෙන්න පුලුවන්ද ?
http://groups.google.com/group/sinhala-bloggers
Google group එක භාවිත කිරීමෙන් ඔබට බ්ලොග් ගැන ඉගෙන ගත හැකියි.
ඒ වගේම http://www.sinhalabloggers.com/ අඩවියත් බලන්න.
මමත් අාසයි ලියන්න.මට ෙත්රැමක් නැ බිෙලාග් කරනය ගැන
machoo,mama blog ekak karanne only 4 money.mobile phones gana karanne.gsm arena site eka ehenmama copy paste karanawa.yahoo adsense clickers club ekak ekka set wela clicks share kara gannawa.dawasata clicks 10 withara.traffic share site ekakin traffic gannawa.dawasata boru impression 500 withara.
danata google cheques 6 aran thiyenawa.
total money RS 75,000 withara labuna.mama eken lap ekak gattha.me wadeta giye 7 months wagee.
dan adsense account eka cancel unath awlak nee.mata ona une lap ekak ganna :-)
ඔයාගේ සය්ට් එකේ ලිපිනය දෙන්න පුලුවන්ද?
සාලිය,
නෑ මචං ඒක කරන්න බැරි දෙයක් නෙමේ. බ්ලොග්ස් වලින් සල්ලි හොයන්න පුලුවන්. මම මෙතන පෙන්වන්න උත්සාහ කලේ බ්ලොග් එකේ නියම අදහස නොදන්න අය ඉන්නවා කියන එකයි.
වැරදි අදහසක් දීලා තමයි බ්ලොග් සයිඩ් එකට එවන්නෙ.ඒක වෙනස් කරන්න ඕන.
මේ වැඩෙන් වෙන්නේ ලංකාවේ සයිට්වලට adsense දෙන එක ටික දවසකින් නැවතෙන එක. දැනටත් කොහොමත් ලංකාවෙන් එන ක්ලික් ගණන් ගැනෙන්නෙත් නැති තරම් නෙ!
machan matat kiyajpanco blog eka promote karaganna lesi vidiyak
mama google account eka hadala dan masa 6k vitara venawa tama $5.30 vitarai tiyenne Please machan.
matath kiyeladenneko masete ru,5000 athi wediye apaa
ම්හ්.කාලෙකින් කියවපු හොඳ ආටිකල් එකක්.වටින මාතෘකාවක්.මගේ අදහස නම් ලංකාවෙ ඉන්න ඔය අන්තර්ජාල මුදල් ගුරුවරු කියන තරම් ඕක ලේසි නෑ.{මමත් කරනවනේ}මමත් ඕක කරන්නම තමයි ඒඩීඑස් එල් අරන් ආවේ.මොන?කියපු තරම් ලේසි නෑ.අපි බලමු මොකක් හරි ට්‍රයි එකක් දීලා මේ වැරැද්ද හදන්න.මමත් සපෝර්ට් එක දෙනවා.
හොද ලිපියක් මම අගය කරනව. ඒ වගේම මේකත් කියන්න ඕන දැන් සිංහල බ්ලොග් එක අවුල්, ඉස්සර බ්ලොග් එකේ වැදගත් දේවල් ගැන කතා කලේ දැන් වැඩකට නැති ලිපි එමටය. බොරුද මම කියන්නෙ කොල්ලනේ?
මම blogs ගැන දැනගත්තෙ මීට අවුරුදු 2කට විතර උඩදි යාළුවෙක්ගෙන්. මිනිහත් කිව්වෙ ඔය මොනාහරි ටිකක් දාලා adds ටිකක් දාපුවාම සල්ලි හොයතැහැකි කියලා. එකපාට්ට මේ වගේ දෙයක් දැනගත්ත හින්දා ආස හිතුණා කරලා බලන්න. Dial-up connection එකෙන් වුනත් වැඩේ පටන් ගත්තා. මොන! මාසයක් දෙකක් යද්දි අර කියපු එකාගෙ හොම්බට දෙකක් අයින්න හිතුණා නිකං අපරාදෙ මගෙ කාලෙ කා දැම්මටයි Dial-up එකේ බිලයි රතුපාට කලාටයි. ඔය කිව්වට ඕක එච්චර ලේසි වැඩක් නෙමෙයි.
සිංහල බ්ලොග් ගැන දැනගත්තෙ ADSL අරගෙන සිංහල unicode දා ගත්තට පස්සෙ. සිංහල බ්ලොග් කියවද්දි ලොකු ආසාවක් ආවා මාත් මේ වගේ සල්ලි හෙවීමේ පටු චේතනාව අයින් කරලා අනික් අයට ප්‍රයෝජනවත් වෙන විදියෙ වැදගත් ලිපි පෙළක් ලියන්න ඕනෙ කියලා. අද මං ඒක කරගෙන යනවා. ඇත්තටම අර deeps කිව්වත් වගේ ලොකු සතුටක් ලැබෙනවා අලුත් යාළුවන්ව මුණගැසීමෙන් වගේම අපේ ලිපි වලට ලැබෙන ප්‍රතිචාර දැක්කම. මං නං දැන් බ්ලොග් එක ලියන්නෙ හුදෙක් ආත්ම තෘප්තියට.
නියම ලිපියක්.ඇත්තටම මමත් සංසදයේ බ්ලොග් කියවන්න ඉස්සෙල්ලා හිතුවේ මේක සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක් විතරයි කියලා.එත් පසු කාළිනව අවබෝද වුනා මේකෙන් ඇත්තටම මොකක්ද අපට තියෙන ප්‍රයෝජන කියලා.මමත් බ්ලොග් එකක් ලිව්වට එක ඔය කියන විදියේ සැලසුම් කරලා ලියන්න තරම් වෙලාවක් නැතිවුනත් මට අළුතෙන් ලැබුනු දෙයක් නම් මමත් එක දාන්නේ තව අය සමග බේදාගැනිමට.එකෙන් මා පොඩි සතුටක් ලබනාවා.
එවගේම තමයි මේ වගේ ලිපි කියවිම තුලින් අපි හොද අවබෝදයක් ලබාගන්නවා විවිධ මාතෘකා ඔස්සේ.ඇත්තටම සංසදයේ බ්ලොග් කියවන්නේක් නම් බ්ලොග් එකක සැබැ අරැත වැඩි දිනක් ගතවිමට පෙර අවබෝද කරගන්න පුළුවන්.
හොද ලිපියක් මචන්….විව්ධ අය විවිධ අරමුණු ඇතිව බ්ලොග් ලියනවා… සිංහල යුනිකොඩ් පැමිනීමත් සමගම සිංහල බ්ලොග් ලිවීමට බොහෝ දෙනා යොමු වුනා..මෙහිදි සිංහල බ්ලොග් කලාවේ යෙදෙන්නේ ආත්මතෘප්තිය, විනෝදය, අන් අයට යම්ක් දීමේ අරමුණෙන්..මිනිස්සු අන්දවමින් අන්තර්ජාලය හරහා තමන්ගේ බඩ වියත රැකගැනීම හැමදාම කරන්න බැ…
100% ඇත්ත කථාවක්..!! මම නම් කියන්නෙ ඉස්සරල ලියන්න, පස්සෙ පුලුවන් සල්ලි හොයන්න. ඇත්තටම මමත් හිතුවෙ blog එක හරි ලේසි වැඩක් කියල මුලින්. ඒත් ලියන්න ගියාමයි තේරුනේ වැඩේ කොච්චර අමාරුද කියලා. මම නම් හිතාගන ඉන්නේ සිංහල blog එකේ කවදාවත් adds දාන්නේ නෑ කියල කවද හරි English එකක පටන් ගත්තොත් ඒකට දමාවි. ඒත් මුදල්ම බලාගන නෙමේ. ඇත්තටම සිංහලෙන් බ්ලොග් ලියන්න ගිහින් මම ඉගෙනගත්ත දේවල් බොහොමයි සමහර විට ලිව්වට පස්සේ comment වලට පිලිතුරු දෙන්න තවත් මහන්සි වෙන්න වුනා, ඒත් මට ඒක සතුටක්. ඒ වගේම ගොඩක් යාලුවො අදුන ගත්තා ඉතින් මේ ඔක්කොම සල්ලි වලට පාවා දෙන්න පුලුවන්ද. සල්ලි හොයන්න කැමති වීම හොඳයි ඒත් බොරු නොකර…!!
ලිපි ලියන කෙනෙක් තමන්ගෙ වියදම හොයාගන්න add දාන එකේ වෑරෑද්දක් මම නම් දකින්නෙ නෑ. ඒත් මෙ සල්ලි හොයන්න අනිත් අයගෙ එව copy කර කර මිනිස්සු අද්දවගන්න උත්සහ කරන එක කොහෙත්ම අනුමත කරන්න බෑ. තමන් ලියන එවට මිනිස්සු කෑමතිනම්, ඒවා කියවන්න මිනිස්සු එනවනම් එතන add එකක් දාලා කීයක් හරි හොයාගන්න එක ප්‍රායෝගිකයි. (game එකක් අස්සෙ add දාන එක ) එත් මේ සෙල්ලම හරියට add එකක් අස්සෙ game දානවා වගේනෙ.
මුලින් ලියන දේ ගැන හිතන්න පස්සේ ads ගැන හිතන්න.
මම නම් බ්ලොග් ලියන්නේ fun එකට, සමහරු ඉතින් සල්ලි හොයාගන්න කියලත් බ්ලොග් ලිව්වට මට නම් ප්‍රශ්නයක් නෑ, එත් තමන්ගේ බ්ලොග් එකට කට්ටිය අද්දගෙන සල්ලි පස්සෙම යන බොරු comment දාන අයටනම් මම කැමති නෑ.
මේ ගැන හොඳ උදාහරණයක් හම්බුනා මට අද.
මගේ මිත්‍රයෙක් අද ආවා අපේ ගෙදර. ඔහු කිව්වා “උඹ බ්ලොග් එකක් ලියනවා නේද? කෝ පෙන්නපං බලන්න ඒක”. ඉතිං මම බ්ලොග් එකට ගිහින් පෙන්නුවා. ඔහු ටිකක් උඩින්පල්ලෙන් කියවලා මගෙන් අහනවා “ඉතිං දැං උඹට මේකෙන් සල්ලි හම්බුවෙන්නෙ කොහොමද? කට්ටිය බලන ගාණටද?”
ඔන්න ඔහොමයි බ්ලොග් ගැන ආකල්පය. මට සෑහෙන්න වෙහෙසක් දරන්න උනා මම මේක කරන්නෙ කිසිම ආර්ථික වාසියක් නැතුවයි කියල පැහැදිලි කරන්න.
මචන්, මම හිතන්නෙ මේක අපේ රටේ වැරැද්දක්ද කොහෙද
වැඩි දෙනෙක් බලන්නෙ නිකන් ඉඬන් සල්ලි හොයන්න.
තමන් වැඩක් කරල ඈකට හරියන්න මුදල් උපයනව කියල එකක් නෑ. (ආණ්ඩුවෙ office)
පොඩි කාලෙ හැමෝම දොස්තර ඉන්ජිනේරුවො කරවන්න හදන්නෙත් ඕකනෙ. පඩි ගන්න මිසක් සේවයක් කරන්න නෙවෙයිනෙ
මේකත් ඒවගේ මුලින් ad ටික දාගෙන මොනව හරි copy-paste කරනව.
වැදගත් දෙයක් ලියල ඈකෙන් ආදායමක් ලබුවට වැරද්දක් නෑ (මම මගේ blog වලට ad දැමීමට අකමැති වුනත්)
සල්ලි වගේද, අද දාපු පෝස්ට් එකට පහුවදා වෙනකොට වැටිලා තියෙන කමෙන්ට්ස් බලන එක. මටනං අලුත් පෝස්ට් එකක කමන්ට්ස් බලන්න බ්ලොග් එක ඕපන් කරනකොටම හිතට අමුතු හැඟීමක් එනවා. මම හිතන්නේ ඒක උද්‍යෝගයක් වෙන්න ඇති.
හැබැයි මම හිතන්නේ ඇඩ් දාන කෙනෙක්ට වැරැද්දකි කියන්න බෑ. එයාගේ කැමැත්ත. එයාගේ මහන්සිය. එයාගේ අදහස්. ඒත් මම කැමතියි අදහස් ප්‍රකාශ කරන්න එක බ්ලොග් එකකුයි සල්ලි හම්බකරන්න වෙන එකකුයි තියෙනවානම්. හේතුව නම්, මගේ හිතට එන දේවල් වලට මිලක් නියම වෙනවට මම කැමති නෑ. ඒ නිසා සල්ලි බ්ලොග විදිහට වෙන බ්ලොගක් තියෙන්නම ඕන…
රු “20,000 – 30 000″ !!!
බුදු අම්මෝ! :o
මාත් පටන් ගන්න ඕනෙ මේ ජොබ් එක ;)
Machan Thanks me wage blog ekak karana ekata. Eth meken Kiyak hari hoya ganna try karana un pasubahinawa neda? umba machan athal ekata blog karanawa. samaharuge athal eka kiyak hari hoya ganna eka. mama experience walin dannawa boruwakmath nokara tikak mahansi unoth suddangen ganak kadanna puluwan kiyala. mamath web site karanawa. boruwata newei athtahama. ekenuth mata tril ekak teiyenawa labena ganenuth ita wada thril
නෑ මචං මම අදහස් කරලා තියෙන්නේ එහෙම දෙයක් නෙමෙයි. reasonable විදියට තමන්ම මොනාහරි ලියලා ඒකෙන් ගාණක් හොයාගන්න එක බොහොම හොඳ දෙයක්. නමුත් ලංකාවෙ වැඩිදෙනෙක් බ්ලොග් කියලා හිතාගෙන ඉන්නේ කොහෙන් හරි content කොපි කරලා ඇඩ් ටිකක් පටවන දෙයක් විදියට. ඒ මතය ගැනයි මම මේ කියන්නෙ.
යාලුවනේ ඔයගොල්ලො මෙනව කීවත් ජීවත් වෙනනම් සල්ලි තියෙනන්ම එපෑයෑ. ඒ නිසා ගොඩාක් දෙනා ඇඩ් සෙන්සෙ කරනවාග ඒ අයට දොස් කියන්න එපා පුලුවන්නම් ඒ අයටත් උදව් කරන්න. අඩ් එකක් දෙකක් කිලික් කරල.
ඒත් එක්කම කියන්න කැමතියි. අපේ කම ලොවට ඉස්මත= කරමින් අපේම භාෂාවෙන් ලියන්න අවශ්ථාව ලැබීමත් ඒ හරහා අර්ථවත් වැදතල් දෙයක් ලියල දැනුම අවපබා්ධය බෙදා හදාගන්න තියෙන එක
හැමොටම තෙරැවන් සරණයි.
විජේසිරි
Attatama mamatt mulade mee Blog wadee patann gatte $ Hoyana adahasinn ett mata passe teruna meka mhema karanawata wadaaaaa……….
mokakk hari wadakk ati ekakk karanna ona keyala
eta passe mama hetuwa mama gawa PDF godakk teyanawa ekatu karapuwa katteyagenn ella gena Net ekenn bagena Tawam khenn khenn hari ekatu karagatta set ekakk
eta passe mama karee mewa 4sheard.com keyala sit ekakata teka teka Upload karala eta passe apii danna keyana hama ekatama me blog eka gana keyana eka dann unn mekenn tamanta ona book ganna puluwann
mama hetanawa machann mama karapu wadee blog ekakenn wenna ona deyakk keyala eka ehma needa keyala mama ahanna katii …………
mkada mama blog walata alutt ekakk…………
mage blog eka balala eke hada ganna ona tann teyanawanamm ewa mata keyala denawanamm loku udawakk…………
thanks