උබුන්ටු පාවිච්චි කරන ගොඩක් දෙනා අලුත් ඇප්ලිකේෂන් එකක් ඉන්ස්ටෝල් කරගන්න ඕනේ උනාම මොකක්ද කරන්නේ (හරියටම නම දන්නෙ නැත්නම්)? System > Administration > Synaptic Package Manager එකට ගිහින් තමන්ට අවශ්‍ය ඇප්ලිකේෂන් එක ඒකේ තියෙනවාද බලලා ඉන්ස්ටෝල් කරගන්නවා. මේ Synaptic කියන්නේ උබුන්ටු වල package managerය වල apt සඳහා GUI එකක්. අද පොඩ්ඩක් උබුන්ටු ආටිකල් කියවනකොට මට හම්බුනා මේ apt සඳහා වෙබ් අතුරුමුහුණතක්.

මේක නමින් Appnr. මෙය වෙබ් අඩවියක්. මෙහි වර්ගීකරණය කර තියෙනවා උබුන්ටු (හා උබුන්ටු පවුලේ සැම, Gnome, KDE හා Xfce ඩෙස්ක්ටොප් සඳහා) සඳහා ප්‍රසිද්ධ සියලු ඇප්ලිකේෂන්. අවශ්‍ය ඇප්ලිකේෂනය තෝරා ඒ ඉදිරියෙන් ඇති Install ක්ලික් කිරීමෙන් අදාල ගොනු පරිගණකයට බාගත් වෙලා ඉන්ස්ටෝල් වෙනවා.
මෙන්න මේ Appnr හි වාසි:
- පරිගණකයේ ඇති Synaptic ට වඩා මෙහි සෙවුම් පහසුකම් හොඳයි.
- අදාල ඇප්ලිකේෂනයේ screenshot බලාගන්නත් පුලුවන්.
- ඒ ඇප්ලිකේෂන් එක ගැන අනිත් පරිශීලකයන්ගේ ratings, reviews බලන්න පුලුවන්.
- ඇප්ලිකේෂන් එකේ අයිකන් එකක් සමගම තියෙන නිසා පරිශීලකයාට හිතට අල්ලන විදියට හදලා තියෙනවා.
- අලුතින් ලිනක්ස් වලට ආපු පරිශීලකයන්ට මේක ගොඩක් ලේසි වෙයි.
මෙන්න තියෙන අවාසි
- ඇප්ලිකේෂනයේ ප්‍රමාණය බලාගන්න විදියක් නෑ.
එය ඉක්මනින් නිවැරදි වේ යයි සිතනවා.
මේ අඩවිය හරහා ඇප්ලිකේෂන් ඉන්ස්ටෝල් කරන්න නම් aptURL නම් program එක බ්‍රවුසරය සමග ක්‍රියා කල යුතුයි. නමුත් බය වෙන්න දෙයක් නෑ, Ubuntu 7.10 න් පසුව එන සියලුම Firefox වර්ෂන සමග මෙය පෙරනිමියෙන් එනවා. අනිත් බ්‍රවුසර සමග මෙය වැඩකරවාගන්නා හැටි මෙතන තියෙනවා.
මාර ටිප් එක ඈ ! තැංකූ වේවා !!
ෂහ්.. මරුනේ… උබුන්ටු වලට ඇවිත් සොෆ්ට්වෙයාර් හොයාගන්න හදන නවකයින්ට සෑහෙන්න වටිනවා මේක… මෙහෙම දේවල් තව වැඩිවෙන්න ඕන… :)
නියමයි. අපි නවකයින්ට අතහිත දෙන්න ඕන. තව ලියන්න මේ වගේ දේවල්.
ෂා… මරු මරු..
මම විනඩොස් වල ඉඳන් ‘ඩවුන්ලෝඩ් කරන්න’ පොඩ්ඩක් බැලුවා.. ඒ වැඩේ ටිකක් දරුණු පාටයි..
බලන්න ඕනෙ උබුන්ටු වලට ගිහින්ම… ;)
මේ වෙබ් අඩවිය කියලම තියෙනවා “Install” clicks is available in Firefox on Ubuntu.කියලා.ඒ කියන්නෙ මේ වෙබ් අඩවිය හදල තියෙන්නෙම උබුන්න්ටු දුවවන පරිඝණක වල පවිච්චියට. වින්ඩොස් වලින් ගිහිල්ල බාගන්න පුලුවන් උනාට අදාල Dependencies හොයගන්න ලබෙන්නෙනෑ. එහෙම xp වලදි ubuntu pakages බාගන්න ඕනනම් “http://packages.medibuntu.org/” වලට යන්න. ඔක්කොම Dependencies එතතින් බාගන්න පුලුවන්. මම xp වලදි බාගත්තු MPlayer එක උබුන්ටු 8.10 වලදි ස්ථාපනය කලේ එහෙමයි.
Firefox Search Addon එකකුත් තියනවා. appnr.com වලට ගිහින් firefox Search box එකේ dropdown manu එක බලන්න.