මෙන්න මේ ජාතියේ කැමරා (fixed focus) හැමෝම වගේ පාවිච්චි කරලා ඇතිනේ? අද වගේ කැමරා ෆෝන්, ඩිජිටල් කැමරා සුලබ වෙන්න කලින් ගොඩක් දෙනාගේ මිතුරා උනේ මෙයාලා තමා. ලාබයි, පහසුයි නිසා කාටත් ගැලපුනා.

ඉතින් ට්‍රිප් එකක් එහෙම ගිහින් මේ ජාතියේ කැමරාවකින් ගත්ත ෆොටෝ මෙන්න මේ වගේ වෙලා එහෙම නැද්ද?

ඔලු නෑ. කඳවල් විතරයි.
මේක මේ fixed focus හා Twin lens reflex වැනි විවර දෙකක් සහිත කැමරා මගින් ඡායාරූප ගැනීමේදී සිදුවන දෝෂයක්. මෙබඳු කැමරා වලදී අපිට ඇසට පෙනෙන දර්ශනය ලැබෙන්නේ එක කවුලුවකින්, දල සේයා පටලයේ සටහන් වන දර්ශනය ලැබෙන්නේ වෙනත් කවුලුවකින්.
මෙන්න මේකයි මෙතැනදී වෙන සංසිද්ධිය. ඇසට පෙනෙන කෝණයත් සේයා පටයේ සඳහන් වන කෝණයත් එකක් නෙමෙයි. මේ නිසා ඇසට පෙනෙන ඇතැම් දේ සේයාපටයේ සටහන් නොවීමට ඉඩ තිබෙනවා.
මෙය වලක්වාගැනීමට කලයුත්තේ ඡායාරූපයේ අනිවාර්යයෙන්ම සටහන් විය යුතු කොටස් ඇසට පෙනෙන දර්ශනයේ ඉහල දාරයට ආසන්න වීම හැකිතාක් වලක්වා ගැනීමයි. ඉහල දාරයට ආසන්න ප්‍රදේශය මේ රූපයේ පෙනෙන ආකාරයට කැපී යන බව පෙනෙනවා ඇති.
ඔන්න දැං තේරුණා නේද ඇයි ඒ කාලෙ ෆොටෝ වල බෙල්ල නැත්තෙ කියල? දැං තියෙන ඩිජිටල් කැමරාවල, කැමරා ෆෝන් වල මෙවැනි සංසිද්ධියක් නැති වීම වාසනාවකට කරුණක්. ඒ වගේම සේයාපටල භාවිතා කරන SLR කැමරා වලත් මේ දෝෂය නෑ.
[කැමරාවක ක්‍රියාවලිය මම මගේ කලින් ලිපියේ සඳහන් කලා]
හික් හික් හික්…
අපි නම් වැඩ ඇල්ලුවෙ Digital වලින්.. ඒක නිසා preview එක ඒ වෙලේම හම්බවෙන නිසා ඔයවගේ සිද්ධි නම් වෙලා නෑ.. :)
ඒත් තවමත් ජ්‍යාරූපකරණයේදී වැදගත් අත්දැකීම වෙන්නේ ඇන්ලොග් වලික් ගන්න පුරුදු වීමයි!
ඉන්දරේගේ ඒක දැක්කේ පරක්කු වෙලා, නියම ලිපි පෙලක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා!
කොහෙමත් වෘත්තීය ඡායාරූප ශ්ල්පියෙක්නම් අනිවාර්යයෙන්ම ඇනලොග් කැමරාවක් ආරම්භයේදී පාවිච්චිය වැදගත්.
[said:බින්කු]
ඒත් තවමත් ජ්‍යාරූපකරණයේදී වැදගත් අත්දැකීම වෙන්නේ ඇන්ලොග් වලික් ගන්න පුරුදු වීමයි!
[/said]
හේතුව ?
පරක්කුවට සමා වෙන්න.
ඩිජිටල් එකේදී ඔයාට බොත්තම් දෙකක් අනුසාරණයෙන් දුරදක්නය කරන්න (zooming), ආලෝක කලමනාකරණය, වරණ සංයෝජනය හා පරිසරය ගැන පිහිටිම ගැන අත්දැකීම් ගන්න පුලුවන් වෙන්නේ ඇන්ලෝග් වලින් විතරයි, ඩිජිටල් වලින් ඒක ගැන අත්දැකිම් ගන්න ඒක ලේසි නෑ මොකඳ දැනට බොහොමක් ඒවාට ඒ පහසුකම් යම් දුරට දෙන නිසාත් කලාත්මක ජයාරූපයක් ගැනීමට අවශ්‍ය කරන දැනුම නැති නිසාත් එහෙම කිව්වේ.