අනාගතයෙන් කතාවක්

On 2009 ජූලි 3, in වර්ගීකරණය නොකළ, by ප්‍රවීන් ඉන්ද්‍රනාම
  1. එක්සත් ජනපදය විසින් එරට වැසියන් වන ගෝඨාභය රාජපක්ෂ හා සරත් ෆොන්සේකා යන මහත්වරුන්ට විරුද්ධව ඔවුන් විසින් ලංකාවේදී සිදු කලැයි කියන මානව සංහාර ගැන නඩු විභාගයක් පවත්වයි. (දෙමල සංවිධාන වල පැමිණිලි මත)
  2. එම මහත්වරු දෙදෙනා වැරදිකරුවන් බව තීරණය කරන එක්සත් ජනපද අධිකරණය, ඔවුන්ට වසර තිහ බැගින් සිර දඬුවම් නියම කරන අතර වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන් දෙදෙනා අමෙරිකාවට බාරදෙන ලෙස ලංකා රජයට දන්වා සිටී. එසේ බාර නොදුනහොත් අමෙරිකා හමුදා එවා ඔවුන් බලෙන් ගන්නට සිදුවනු ඇති බවටද තර්ජනය කරයි.
  3. විශේෂ ජෙට් ගුවන් යානයකින් ලංකාවට පැමිණෙන චීන විශේෂ කාර්ය බලකා කණ්ඩායමක් හා නියෝජිත පිරිසක් ලංකා රජයේ අනුදැනුමද සහිතව ගෝඨාභය හා ෆොන්සේකා මහත්වරුන් එරටට රැගෙන යති.
  4. ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරන චීන රජය ලංකාවේ අභ්‍යන්තර අර්බුද වලට මැදිහත් වීමට ඇමෙරිකාවට ඇති අයිතිය අභියෝගයට ලක් කරන අතර අදාල විත්තිකරුවන් දෙදෙනා දැන් පසුවන්නේ තම රටේ බවත්, හැකිනම් චීනයට පැමිණ ඔවුන් ලබාගන්නා ලෙසත් අභියෝග කර සිටී.
  5. රුසියාව, පාකිස්ථානය, ඉරානය ආදී රටවල් වලින් චීනයේ ප්‍රකාශයට සහය ලැබේ.
  6. ලංකාව හා ඇමෙරිකාව අතර ප්‍රශ්නයකට අත පෙවීමට අනිත් රටවලට ඇති අයිතිය කුමක්දැයි ඉන්දියාව ප්‍රශ්න කරයි. එමෙන්ම චීනය හා පාකිස්ථානය කෙරෙහි තම විරෝධය පල කරයි.
  7. එකවර චීනයත් පාකිස්ථානයත් න්‍යෂ්ඨික අවි වලින් ඉන්දියාවට පහර දෙති.
  8. ඉන්දියාවේ සහයටත් ලංකාවට පහර දීමටත් අමෙරිකානු හා නේටෝ හමුදා ආසියාව දෙසට එති.
  9. අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානා 10ට පහර දී බිම හෙලීම මගින් රුසියාව ද මෙම සටනට සම්බන්ධ වේ.
  10. තුන්වැනි ලෝක යුද්ධය ඇරඹේ…..

[මේ කිසිවක් සැබෑවට සිදුවන දේවල් නොව ඊයේ බස් එකේදී මට ටිකක් නින්ද ගිය විට සිහිනෙන් පෙනුනු විකාර රැසක් බව කරුණාවෙන් සලකන්න]

Tagged with:  

21 Responses to අනාගතයෙන් කතාවක්

  1. අකිල පවසන්නේ:

    යන විධියට ඔහොම වෙන්ටත් බැරි නෑ :D

  2. ගයන්ත පවසන්නේ:

    හීනෙනුත් මාර දේවල්නෙ පේන්නෙ… :O

  3. අනූ පවසන්නේ:

    කියන්නත බෑ ඉතිං.. ඔහොම වෙයිද දන්නෑ.. හැබැයි දැන් UN එකත් චා වෙලානෙ ඉන්නෙ

  4. chamara පවසන්නේ:

    ඔයාටත් පේන්නේ හීනෙන් උනත් මාර දේවල්නේ….කමක් නෑ මරු අදහස

  5. චා පවසන්නේ:

    වාවු නයිස්, ලොල්
    දැන් වේලාව මදි, හවසට ආයෙත් ලොල් :lol:

  6. තමීර පවසන්නේ:

    ඔය දවල්ට යටි හිතෙන් හිත හිත ඉන්න දේවල් තමයි රෑට පේන්නෙ. :)
    එළ එළ!

  7. malee_msg පවසන්නේ:

    ඔය වගේ හීන උනත් බලන්නේ පරිස්සමෙන්!!!

  8. -බිன்ku- පවසන්නේ:

    බි පෙ සි, බස් එකේ නිදා ගන්නේ නින්ද ගියේ වාඩි වෙලාද හිට ගෙනද?

    මෙහෙමත් බැරිද? ඇමෙරිකාව හා චීනය අතර යුද්ධයක් ඇරඹිමට ඔන්න මෙන්න ති‍බෙන කල ඇමෙරිකා එක්සත් ජනපදය එරට වැසියන් දෙදෙනෙකු වන ඔවුන් දෙදෙනාට මානව හිමිකම් කඩ කිරිම ගැන අවුරුදු ගණනාවට පෙර සිදුවු සිදුවීම් හා වර්ගඝාතනය ගැන චෝදනාව නැවත මතු කර ඇෆ්ස්ථානය හා පකිස්ථානය රටවල හමුදාව හරහා තමාට බාර දෙන්නැයි ඇමේනිසියා සංවිධානය හරහා නිවේදනයක් කරනු ලබයි. එහි යටි අරමුණ චීනයට එරෙහි යුද්ධයෙදී උපදේශණ සේවා හා මඟ පෙන්විම බව දැන ගන්නා චීනය සම්බැරීනයක් මඟින් ත්‍රි’මලය වරායට ඇවිත් කඳවා යනු ලබයි. ඒ සඳහා ලංකාවේ ආණ්ඩුවේද සහයෝගීතාවයද ඇතිව කළ සැළසුමක් බව ඉන්දියාවේ පුවත්පතකින් එළි වන අතර මින් කෝපයට පත් ඇමෙරිකාව තම අසල්වැසි කැනඩාව, ඔස්ට්‍රලියාව හා යුරෝපයේ සහයෝගය ලබා ගෙන ඉන්දියාවේ නොනිල සහයෝගය ඇතිව චීනයට හා ජපානයට පහර දෙනු ලබයි. ඉන් දෙපිරසගෙන්ම ලංකාවට මහත් හානියක් වෙයි.

    උපහාස්‍යත්මක කතාවක් වුණත් මේ හීනයෙන් අද දේශපාලන ලෝකයේ හා සමාජයේ මුල් බැස තිබු/ බස්සවා තිබු ආකල්ප හෙලි වෙයි. ඉන් ඇතැම් දේද එක් එක් දේශපාලන පක්ෂ හා ප්‍රකට පුද්ගලයින් ප්‍රකාශ කර තියෙනවා. ඉන්දියාවේ භුමිකාව, විශ්වීය සම්බන්ධතා හා තරඟකාරීත්වය ( මේ හීනය ඒ අතින් සැබෑවකී නමුත් පකිස්ථානය යනු ඇමෙරිකානු විරෝධී රටක් නොවෙයි) , යුද්ධමය පසුබීම් සදහා හේතුපාදක කාරණා වැනි දේ. නමුත් ඇමෙරිකාව බොහෝ කලක් යන තුරු චීනය අවුස්සා නොගනු තියතය. III ලෝක යුද්ධය වී ඇත, නොනිල IV යුද්ධය හා V යුද්ධය කර ඇති නිසා VI යුද්ධය ලෙස හදුන්වමු!

    නියම නිර්මාණයක් ( AKA හීනයක් ( හීනයත් නිර්මාණයක් නෙව)!තව තව පේන්න ඕනෑ!

  9. මේකනම් වෙන්නැහැ මලාට දවල් හිනයක්ම තමයි.මොකද මෙහෙම එකක් කරපු ගමන් ඇමරිකාවට නඩුදාන්න ලොකේ ඉන්න එවුන් ගත්තොත් අහන්න උසාවි නැති වෙනවා.

  10. Chanaka Aruna Munasinghe පවසන්නේ:

    1 . අද රෑ 12:00 ට – ඇමරිකාවට අවාසි සහගත අනාවැකියක් කී ප්‍රවීන් ඉන්ද්‍රනාම නමැත්තාව සුදු පැහැති ගුවන්යානයකින් පැමිණි පිරිසක් විසින් පැහැර ගනී.

    2. හෙට උදේ 6:00 – ඇමරිකාව ලෝකෙට ලොක්කා බව කීවත් , තමන්ටම් සිදුවන්නට තිබෙන්නෙ කුමක්දැයි කියාවත් නොදකින අනාවැකිකරුවන්ටත් බය බව චීනය ප්‍රකාශ කරයි

  11. හික් හික්… මරු හීනෙ… :D

    හොඳ නිර්මාණයක් හැබැයි… බැරි වෙලා‍වත් උනොත් එහෙම උඹටත් දිගටම අනාවැකි කියන්න චාන්ස් එකක් හම්බුවෙයි… :P

    @Chanaka Aruna Munasinghe
    ඔන්න ඕක නම් වෙන්න පුළුවන්… ඉන්දරේ සුදු පාට වාහන වලින් පරෙස්සම් වෙලා ඉඳපං… :D

  12. දක්ෂිණ පවසන්නේ:

    නයි කයිද රෝස්පාන් කිවුවලු!

  13. änthräX පවසන්නේ:

    එල හීනෙ, පොඩි love එකකුත් ගාවලා ගත්තනම් සිරා film එක.

  14. amila pathum පවසන්නේ:

    බිල් ගේට්ස් මාම වින්ඩෝස් 7 නිකන් දෙනව දැක්කෙ නැද්ද උබ

  15. ශාකුන්තල පවසන්නේ:

    බලාගෙන..!! :-O උඹවත් උස්සයි CIA එකෙන්.. :D

  16. Akila DJ පවසන්නේ:

    තමන්ගේ අනාගතයට තර්ජනයක් වන ආකාරයේ විකාර‍රූපී සිහින දකින ප්‍රවීන් ඉන්ද්‍රනාමයන් ත්‍රස්තවාදියෙකු බව ඇම‍රිකා එක්සත් ජනපද රජය විසින් සොයා ගෙන සාමාන්‍යයෙන් ක‍රන්නාක් මෙන් එයට පේටන්ට් බලපත්‍ර පවා ලබා ගනියි !

    මොහු මර්ධනය කිරීමේ පළමු අදිය‍ර ::: “Your Account Has Been Suspended !”
    ඔහු ගේ බ්ලොග් ගිණුම අත්හිටුවයි!

    මෙයට හේතුව ලෙස ඔවුන් පෙන්වන්නේ ඇමරිකාවේ HSBC බැංකුව වෙත indranama.com එකෙන් Phishing Attack එකක් ආ බවයි!!

    (ඉන්ද‍රේ ට එවන් දෙයක් ක‍රන්න බැරි බව දන්නෙ අපි නෙ ;)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>