ඔන්න විබාගේ ඉවරයි. දැන් මට හිතේ හැටියට බ්ලොග් ලියන්න, ජාලයේ සැරිසරන්න සති 5+ තියෙනවා. සමස්තයක් විදියට මට විබාගෙ කෙල උනා. ඒක ඉතිං අහන්නත් දෙයක් නෙමෙයි, මොකද මම හරියට පාඩම් කලේ නැති නිසා. හේතුව කියන්න මම වත් දන්නෙ නෑ, පුදුම කම්මැලිකමක් තියෙන්නේ පාඩම් කරන්න. මැෂිම දාගෙන නෙට් යන එක ඊට වඩා දාහෙන් සම්පතයි.
අපේ මුල් අවුරුදු දෙක තරමක් විශේෂයි. මොකද සාමාන්‍යයෙන් විෂයයන් 3ක් ඇතුලත් වෙනවා අපේ උපාධි විශය නිර්දේශයට. (මම කරන්නෙ ගණිතය, භෞතික විද්‍යාව සමග පරිගණක විද්‍යාව). මුල් අවුරුදු 2ම ප්‍රතිඵල මත අවුරුදු 2 අවසානයේ එක් එක් විෂයයයේ විශේෂ උපාධියට තෝරාගන්නවා. විශේෂ උපාධියට තේරුනොත් තව අවුරුදු 2ක් ඒ විශය විතරක්ම ගැඹුරින් හදාරන්න පුලුවන්. නොතේරුනොත් තව අවුරුද්දක් අර සබ්ජෙක්ට් 3ම කරලා එලියට යන්න පුලුවන්. පරිගණක විද්‍යාව කරන 28ක් පමණ ඉන්නවා අපේ බැච් එකේ. එතැනින් 4 දෙනෙකුටයි චාන්ස් එක ලැබෙන්නේ විශේෂ උපාධියට. ඕකට තේරෙන්න අදාල විෂයට විතරක් හොඳම ප්‍රතිඵල තිබ්බට මදි, අනිත් සබ්ජෙක්ට් 2ටත් තියෙන ප්‍රතිඵල සලකා බලනවා. ආපු කාලෙ ඉඳන් මමත් බොහොම උනන්දුවෙන් හිටියේ පරිගණක විශේෂ උපාධියට. ඒත් දැන් නම් ෂුවර් එකක් නෑ, මගේ ගණිතයට ලකුණු ටිකක් අඩුයි, ඒ වගේම පරිගණක විද්‍යාවට සෑහෙන්න තරඟයක් තියෙනවා.
———————————————
ඔය අතරේ මම කරන අනිත් බාහිර උපාධියේ විබාගෙකුත් තියෙනවා අගෝස්තු මුල. ඒ UCSC එකේ බාහිර උපාධිය B.IT. මුල් සෙමෙස්ටරයෙ මම ඕකට ක්ලාස් ගියා. ඒ කාලෙ තේරුනා ක්ලාස් යන එක බොරු වැඩක් කියලා. හැමදාම උදේ වරුව විකාරෙන් ඉඳලා දවල්ට බම්බලපිටියෙ දෙමල කඩේකින් බඩ පැලෙන්න තෝසෙ කනවා. ඉතින් හවස් වරුව ක්ලාස් එකේ පස්සේ පේලියකට වෙලා පතබෑවිලා බුදියගන්නවා. නැත්තං ගොඩක් දවස්වලට ඉන්ටර්වල් එකෙන් පස්සෙ අපි ලොස්ට්. ඉතින් තේරුමක් නෑ නේ ක්ලාස් වලට සල්ලි දීලා. ඒ නිසා මම දෙවෙනි සෙමෙස්ටරයෙ ඉඳන් තනියම අධ්‍යයනය කරන්න පටන් ගත්තා. ඒ වැඩේ හොඳයි. සයිට් එකෙන් නෝට් ටික අරගෙන recommended books ටිකත් හොයාගෙන ඉතිරි ටික නෙට් එකෙනුත් බලාගන්නවා.
කැම්පස් එකේ මගේ බැච් එකේම ඉන්න, ඒත් B.IT වල පහල බැච් එකේ ඉන්න යාලුවන්ට කුප්පියක් දාන්න කියල ඉල්ලීමක් ආපු නිසා මට මේ පාර ආපහු පරණ ඒවත් බලන්න වෙනවා.
———————————————
මම කලිනුත් කිව්ව විදියට මට අන්තර්ජාල සම්බන්ධතාවය තියෙන්නෙ ගාල්ලෙ ගෙදර විතරයි. සතියෙ දවස් 5ක් ඉන්න නුගේගොඩ නෑ. ඉතින් මටත් ඕනෙකම තිබුනා ජංගම අන්තර්ජාම සම්බන්ධතාවයක් ගන්න. ඒත් ඉතින් කැම්පස් පැකේජය ගත්තත් මාසෙකට රු 2000ට ආසන්න ගානක් ගෙවන්න එපායැ. එච්චර හරියක් ගෙදරින් ඉල්ලන්නත් බෑ, මම තවම හරිහැටි ගාණක් හම්බකරන්නෙත් නෑ නෙ. ඉතින් මම හොඳම ඔප්ෂන් එක විදියට තෝරගත්තා 3G ෆෝන් එකක් අරගෙන මොබිටෙල් ඩේලි ඩිලයිට් වගේ කනෙක්ෂන් එකක් පාවිච්චි කරන්න සතියේ දවස්වලට. එතකොට මට ඕනෙ වෙලාවට විතරක් කීයක් හරි දීලා නෙට් යන්න බැරියැ. ස්පීඩ් නං අඩුයි තමා. ඒත් සතියේ දිනවල කරන්න තියෙන්නේ බ්‍රවුසිං තමා. ඒකට 384kbps ඇති. මට කැමරාවක්, MP3 ප්ලේයරයක් එහෙම නැති නිසා ඒවාත් පිරිමැහෙනවා මේකෙන්.
ගන්න හොඳ ෆෝන් එකක් කල්පනා කරනකොට නාගයා කිව්වා K770i කියලා මොඩල් එකක් ඇවිල්ලා තියෙනවා, පොඩ්ඩක් බලන්න කියලා. කොහොමත් මගේ බජට් එක තිබ්බේ 18ක් විතර. මුලින්ම හොයලා බැලුවේ SE G502 එකක්, ලාබෙට තියෙන HSPA තියෙන එක නිසා. ඒත් ඒත නෑ දැන් මාකට් එකේ. අන්තිමට K770i එකක් වොරන්ටිත් එක්ක 17250ට ගන්න පුලුවන් උනා.
ගෙදර ආපුගමන් ඉතින් කරන්නේ අලුත් ගැජට් එක ගැන හොයලා බලන එකනේ. එතකොට තමා දැක්කේ මේකට ෆ්ලෑෂ් මෙනු සපෝට් කරනවා කියලා. youtube එකේ වීඩියෝ තියෙනවා ලස්සනේ බෑ. ඉතින් විබාගෙ අස්සෙම ෆ්ලෑෂ් ටූල් ටිකක් හොයාගෙන මෙනු එකක් දාගන්න හැදුවා. වැඩේ අල. මගේ ෆෝන් එකේ EROM CID එක 53. පස්සෙ තමා දැක්කේ තැන් දෙකතුනකම තියෙනවා XS++ එකයි SEtool එකයි දෙකම CID 53 ට සපෝට් කරන්නෙ නෑ, ඒකට හරියන්නෙ JDflasher විතරයි කියලා. ඒ පාර jdflasher එකෙන් උත්සාහ කලත් ෆයිල් සිස්ටම් එකට යන්න බැරි උනා. මොකද මංදා. මේකට ෆ්ලෑෂ් මෙනු එකක් දාගන්න බැරිඋනොත් ඉඳල වැඩක් නෑ ! ආපහු උත්සාහ කරල බලන්න ඕන. ඒ අතරෙම උදව් කරන්න පුලුවං පිංවතෙක් ඉන්නවනම් උදව් දෙන්න.
———————————————
නිවාඩු කාලේ කරන්න ලොකු VB6 ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. මම කලින් ලිපියක කිව්ව විදියට මට ඒක කරන්න වෙන්නේ උබුන්ටු වල ඉඳන් ! ඕං බලමුකො ඒකෙත් හැටි, මයික්‍රොසොෆ්ට් ප්‍රොඩක්ට් එකක වැඩ කරන්න මට අන්තිමේ ලිනක්ස් ඕනෙ උනා !
———————————————
සංගීත වැඩකටයුතු ටිකකුත් තියෙනවා ඉස්සරහට. මගේ ගිටාර් පාඩම් ටික පිලිවෙලකට කරගෙන යන්නත් ඕනෙ. බේස් ගිටාර් ඉගෙන ගන්න ආසාවකුත් තියෙනවා. කැම්පස් එකේ සංස්කෘතික මධ්‍යස්ථානෙ බේස් ගිටාර් 3ක් තියෙනවා වේලි වේලි. ඒ අතරෙම පාසලේ පෙරදිග සංගීත වාදක කණ්ඩායම පුහුණු කරන්න අවස්ථාවක් ලැබුන මට. කාලයක් මමත් ලීඩ් කරපු තැනක්නේ.
———————————————
වල්පල් කියෙව්ව මදෑ. හොඳ පෝස්ට් ටිකක් ලියන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියට. තව ටිකකින් යන්න ඕනෙ ඉස්කෝලෙ පැත්තෙ. මේ දිනවල ඉස්කෝලෙ පැවැත්වෙනවා කෘෂිකර්ම ප්‍රදර්ශණයක්, “රුහුණු හරිත වසන්තය”, ඒක බලන්න.

සැලකිය යුතුයි

FAR + ANY CID for EROM CID එක 53 vkp patch දාන්න නම් පුලුවන්,FS පුලුවන්ද නම් මතක නෑ..ඒක කරද්දී හොදට ඉවසීම පුරුදු වෙනවා :P 10 පාරක් කරොත් 1 පාරක් විතර හරි ගියේ w200 නම්(CID52)
ගොඩ කාලෙකින් ඉස්කෝලෙ පැත්තේ ගිහින් තියෙන්නේ..හොදයි හොදයි!!මේ ඒක නෙවේ ඔය ගිටාර් කාරයෝ ටික එකතු කරගෙන ඒ ගැන බ්ලොග් එකක් ලියනවා නම් ගොඩක් අය කැමති වෙයි
හ්ම්ම්ම්… උඹල විභාග ඉවර කරල ආතල් දානවා නේද? ඉරිසියයි… අපි තව මාසයක් විතර කටු කන්න ඕනා.. :(
අපිටත් මාස දෙකක් තුනක් විතර නිවාඩු
අඩෙ උබට ගිටාර් ගහන්නත් පුලුවන්ද…එලනේ… :)
BIT එකට පාඩම් කරල ඉවරද.. මටනම් එපා වෙලා තියෙන්නේ…
මම BIT 4th semester. උඹත් 4th Semester ද? තවම පටන් ගත්තෙ නෑ බන් පාඩම් කරන්න. අපිට විබාගෙ තියෙන්නෙ අගෝස්තු මුල. පටං ගන්න ඕනෙ දැන්.
නැ මම 2 සෙමෙස්ටර් එක කරන්නේ …අපිටත් අගෝස්තු මුල විභාගේ.. විභාගේ තමයි අපේ අභාගේ… වසර පුරා විභාග.. හොදට පාඩම් කරපන්…
මටත් තියනවනේ ඔය ලෙඩේ පාඩම් කරන්න කම්මැලි එක. කැම්පස් එකේ බැලුවොත් අපේ එවුන් library එකෙයි study එකෙයි තව පච බංකු වලයි කුප්පි දානවා පේපර් කරනවා යමරෙට. මට තමයි කිසිම ගානක් නැත්තෙ. රේඩියෝ program එකයි අරකයි මේකයි කර කර ඉන්නවා. පාඩම් කරන්න හිතුවාම හිතෙනවා තම සතියක් තියනවනෙ කියලා. හැබැයි ගිය සෙමෙස්ටර් එකේ ලකුණු දීපු subject දෙක නම් මගේ ගොඩ. programming වලට(මම ආසම එක) A එකක් හා Stat(අප්පිරියම එකක්) වලට B එකක් තියනවා.අනෙක්වාත් අවුලක් නැතුව ඇති කියල බලාපොරොත්තු වෙනවා.
මටත් තියෙන්නෙ k770i එකක් ෆ්ලෑෂ් තීම් දාන හැටි මටත් කියපන් දැනගත්තොත්
http://blog.quantifly.com/?p=7
http://blog.quantifly.com/?p=53
මෙන්න මේ දෙක ගොඩක් හොඳයි. ඒත් මට නම් හරිගියේ නෑ. මගේ ෆෝන් එකේ EROM CID එක මේ සොෆ්ට්වෙයා එකට ගැලපෙන්නේ නැති නිසා.
බලපං උඹේ ලක් එක හොඳනං හරියාවි.
මම උත්සහ කරල බලන්නම් උභට ස්තූතී දැනුවත් කලට
මට පේනවා තව සති දෙකතුනකින් එන සුනාමියක්… අපේ විභාගේ…. මොන ඉලව්වක්ද මන්දා!
—-
මාත් අද ගත්තා K770අයියක්! තාම සෙටිං අප්!
එල එල !

K770i ලෝකයට ආයුබෝවන් !
එල එල