උකුස්සා ගොඩබසී – The Eagle Has Landed

On 2009 ජූනි 20, in පොත්පත්, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

DSC00151

ලඟදි කියවපු පරිවර්තන කෘතියක් ගැනයි මේ. පොතේ නම “උකුසු දඩයම“, පරිවර්තනය කරලා තියෙන්නේ ඉන්ද්‍රාණි කරුණාරත්න, ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයෙන්. පිටු 444 යි. ගාණ නං ටිකක් වැඩියි, රු 480/=.

මේකේ මුල් ඉංග්‍රීසි කෘතිය The Eagle Has Landed. (ඉංග්‍රීසි පොතේ නම සිංහල පොතේ නම එක්ක ගැලපෙන්නෙ නම් නෑ නේද?) ලියා තිබෙන්නේ ජැක් හිගින්ස් විසින් 1975දී. හිගින්ස් කියන්නේ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය නවකතා කරුවෙක්.

මෙය දෙවන ලෝක යුද්ධයේ කතාවක්. හිට්ලර්ගේ මෙහෙයවීම මත ජර්මානු විශේෂ කාර්ය බලකායක් විසින් මිත්‍ර පාකිෂික හමුදාවෙන් සිරගත කරගෙන සිටින බෙනිටෝ මුසෝලිනීව මුදාගන්නවා. මේ මෙහෙයුමේ සාර්ථකත්වයෙන් ඔද වැඩී යන හිට්ලර්ගේ ඊලඟ සැලසුම වෙන්නේ එවැනි විශේෂ කාර්ය බලකායක් එංගලන්තයට යවා අගමැති වින්ස්ටන් චර්චිල් ව පැහැරගෙන පණපිටින් ජර්මනියට ගෙන ඒම. මේ කටයුත්ත බාර වෙන්නේ නාසි හමුදාවේ කර්නල් මැක්ස් රාඩ්ල් ට. හැමදෙනාම මෙය කල නොහැක්ක් බවත්, හිට්ලර් ගේ පිස්සු අදහසක් ලෙසත් සිතා අවඥාවෙන් බැහැර කරන මෙම සැලසුම සැබැවින්ම ඉටු කල හැක්කක් බව රාඩ්ල් තේරුම් ගන්නවා.

රාඩ්ල්ට මූලිකව උදව්කරන දෙන්නෙක් ඉන්නවා. එක් අයෙක් බ්‍රිතාන්‍ය-බෝයර් යුද්ධයෙන් බැටකෑම නිසා ඉංග්‍රීසීන් සමග වෛරයෙන් සිටින කාන්තාවක්, ජොහානා ග්‍රේ. අනෙකා එංගලන්ත පාලනයට විරුද්ධව කැරලි ගසන අයර්ලන්ත ගරිල්ලෙක්, ලියාම් ඩෙල්වින්. මේ දෙදනාගේ උදව්වෙන් රාඩ්ල් සම්පූර්ණ සැලසුමක්  සකසනවා.

මේ කාර්යය සඳහා යවන විශේෂ බලකායේ නායකයා ලුතිනන් කර්නල් කර්ට් ස්ටෙයිනර්. නාසි හමුදාවේ තරුණ රණශූරයෙක්. ඔහු සහ ඔහුගේ විශේෂ පැරෂුට් බලකාය හොර රහසේ එංගලක්තයට ගොඩබැස එහි සිටින ජොහානා හා ලියාම් හා එක්වන්නේ තම මෙහෙයුම ඇරඹීමටයි.

එංගලන්තයේ නොෆෝක් පලාතේ පිටිසර ස්ටඩ්ලි-කොන්ස්ටබල් ගම්මානයේදී මොවුන්ගේ ඉරණම කුමක් වනු ඇත්ද? මෙහෙයුම කෙසේ අවසන් වනු ඇත්ද? මේ ගැන දැනගන්න නම් පොත කියවන්නම වෙනවා. කියවලා බලන්න වටින පොතක්. නාසි හමුදාව යනු යකුන් රැලක් නොවන බවත්, වීරයන්, සැබෑ මිනිසුන් ඔවුන් අතර සිටින බවත් මෙයින් මනාව විදහා දැක්වෙනවා.  එපමණක් නොව රාජකාරිය ලෙස මේ දේ කරන ඔවුන්ගේ පෞද්ගලික ජීවිත මේ හා ඈඳී ඇති අන්දම කතාවේ පසුබිමින් වෙනම ගලා යනවා. රාජකාරිය සඳහා මුල්තැන දුන් රාඩ්ල්, ඉංග්‍රීසී සංහතියෙන් පලිගැනීමට වෙරදරන ජොහානි, තම පියා වෙනුවෙන් ජීවිතය අනතුරට ලක් කරන ස්ටෙයිනර්, හමුදාවකට සුදුසු නැති ද්‍රෝහී ප්‍රිස්ටන්, දක්ෂයකු වුවත් නොසැලකිලිමත් ඩෙල්වින්, වගේම අන් සියල්ලන් තම දාම් පෙතේ ඉත්තන් පමණක් කරගත් ජර්මන් විශේෂ කාර්ය බලකා (SS) ප්‍රධානී හෙයින්රිච් හිම්ලර් ගේ ජීවිත වලට එබී බලන්නට ඔබ‍ට පුලුවනි.

මේ කතාව සම්පූර්ණයෙන් ඇත්තකුත් නෙමෙයි, සම්පූර්ණයෙන්ම ප්‍රබන්ධයකුත් නෙමෙයි. හිගින්ස් කියා ඇති පරිදි 50% ක් සත්‍ය කතාව. ඉතිරිය ඔහුගේ ප්‍රබන්ධ හැකියාව. ඒ දෙක වෙන්කර හඳුනා ගැනීම ඉතා දුෂ්කර වෙන්නේ ඔහුගේ පුබන්ධ හැකියාවත් ඉතා තාත්විත නිසා. මෙම කතාවේ එන සිදුවීම් වලින් සැබැවින්ම සිදුවූයේ මොනවාද යන්න දන්නේ යුද්ධය සම්බන්ධ ගවේශනාත්මක නවකතා රැසක් ලියූ හිගින්ස් ම පමණක් වන්නට ඇති.

මේ කතාව සිනමාවට නැගිලාත් තියෙනවා. ඒත් මේ තරම් දීර්ඝ කතාවක් පැය 2ක පමණ සෙලියුලොයිඩයකට නැගීම නිසා ඒ චිත්‍රපටය ඕනෑවට වඩා වේගයෙන් ගලා යනවා කියලයි මට හිතුනේ. මට නං චිත්‍රපටය ඇල්ලුවේ නෑ එච්චර, මම නම් කියන්නේ මුලින් පොත කියවලා පසුව චිත්‍රපටය බලන්න කියලා. පොතේ දෙවැනි කොටසකුත් හිගින්ස් ලියා තිබෙනවා The Eagle Has Flown කියලා. තවම එය නම් සිංහලට පරිවර්තනය වෙලා නැහැ.

එහෙනම්…. කියවලම බලන්න :)

Tagged with:  

9 Responses to උකුස්සා ගොඩබසී – The Eagle Has Landed

  1. deeps පවසන්නේ:

    මේව වෙන්න ඇති විභාගෙට ගිහින් ලියන්නේ නේද?? රැජිණිගෙන් මේ පාර නම් කොසු මිටෙන් නෙවේ 2X4 පොල්ලකින්ම කයි වගේ

  2. -බිன்ku- පවසන්නේ:

    ඕහ්, ඔන්න මගේ ලීසට් එකට මේක එකතු කරන්න වෙයි වගේ! ස්තුතියි ඔත්තුවට. නම නම් අහලා පුරුදුයි වගේ.

  3. පිටස්තරයා පවසන්නේ:

    මුසෝලිනිව බේර ගන්න එක නම් ඇත්ත. මට මතක විදියට කොහෙද කන්දක් මුදුනක තියෙන නිවාසයකින් තමයි මුසෝලිනිව බේර ගන්නේ. Gliders පාවිච්චි කරලා ඒ කාලේ හැටියට හොඳ stealth මෙහෙයුමක් කරලා තියෙනවා.

    නාසි හමුදාව කවදාවත් යක්ෂයො විදියට හඳුන්වන්න බැහැ. නාසිවාදය මිනිසුන් විනාශ කරනවාට වඩා මිනිස් සංහතිය ආරක්ෂා කිරීමටයි හා වඩාත් පිරිසිදු කිරීමටයි (ඔවුන්ගේ අර්ථ දැක්වීමට අනුව) හැම දෙයක්ම කලේ. හැබැයි ඔවුන්ගේ මිනිසුන් යන අර්ථ දැක්වීම භයානක ලෙස වැරදී තිබුන නිසා තමයි මිලියන හයක් විතර යුදෙව්වො සහ අනෙකුත් සුළු ජාතීන්ට මැරෙන්න වුනේ.

    හිට්ලර් කවදාවත් බලෙන් බලයට ආවේ නැහැ. රටේ තත්වය නිසා හිට්ලර්ව බලයට පත්වුනා. ඔහුට ඒකාධිපතිත්වය ලබා දුන්නේත් ජනතාවමයි!!!

  4. D4R පවසන්නේ:

    Mchn mam oke film1 nam baluwa 1950ganan waladida koheda hadpu mvi ekak ne. ..ow itin kiwath wage ochara diga pothak kohomada 2hourz film 1ta limit krne. .ethakota itin echara saarthakawa krnda bariwenwa tma. Harry potter ta wuna wage ma tama itin. .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>