හිතට වැදුනු හින්දි ගීත කීපයක්

අද මේ කියන්න හදන්නේ මගේ හිත ගිය හින්දි සිංදු කීපයක් ගැනයි. මම හින්දි චිත්‍රපට එච්චර බැලුවෙ නැතත් හින්දි ගීත නම් සෑහෙන්න අහනවා, ඒ වගේම ඒ සංගීතය ගැන හොයනවා. පැරණි හින්දි ගීත ඇත්තටම අද කාලේ එන බොහොමයක් ඒවට වඩා ලස්සනයි. ඒත් ඒ කාලේ තිබුණ දුර්වල පටිගතකිරීම් තාක්ෂණය හා සංගීතය යෙදීමේ දුර්වලකම් නිසා ඒවා අද රසවිඳිනකොට ටිකක් කම්මැලි ගතියක් දැනෙනවා. අද වගේ හොඳ පටිගත කිරීම් ක්‍රම ඒ කාලේ තිබුණනම් ඒ ගීත කොච්චර හොඳට අදත් රසවිඳින්න තිබුණද කියලා හිතෙනවා.
ඒත් මේ පෝස්ට් එකේ කියන්න යන්නේ ඒ පැරණි ගීත ගැන නෙමෙයි. නූතන චිත්‍රපට කීපයක මට හමුවුන ගීත කීපයක්, ඔක්කොම වගේ වසර 2000න් මෙපිට ඒවා. මේවා ගොඩක් දෙනා අහලත් ඇති. වේග රිද්ම ඒවා නම් නෙමෙයි. සංගීතයේ හා/හෝ ගායනයේ අලංකාරයක් තියෙනවා කියලා මට හිතුන ඒවායින් ටිකක් තමා මේ දාලා තියෙන්නේ. තව ඉස්සරහට තව ඒවා දාන්නම්.
කැමති නම් අහලා බලලා/ඩවුන්ලෝඩ් කරගෙන ඒ ගැන ඔබේ අදහසත් මෙතන ලියලා යන්න.
Meelon Ka
චිත්‍රපටය: Love Story 2050 (2008)
ගයන්නේ: Kay Kay, Alka Yagnik
අහන්න | බාගන්න | ඉංග්‍රීසි පරිවර්තනය සමග වදන්
Alvida
චිත්‍රපටය: Life in a Metro (2007)
ගයන්නේ: Kay Kay
අහන්න | බාගන්න | ඉංග්‍රීසි පරිවර්තනය සමග වදන්
Baatein Kuch Ankahee Si (Unplugged)
චිත්‍රපටය: Life in a Metro (2007)
ගයන්නේ: Suhail Kaul
අහන්න | බාගන්න | ඉංග්‍රීසි පරිවර්තනය සමග වදන්
Tujh Mein Rab Diktha Hai
චිත්‍රපටය: Rab Ne Bana Di Jobi (2008)
ගයන්නේ: Roopkumar Rathod
අහන්න | බාගන්න | ඉංග්‍රීසි පරිවර්තනය සමග වදන්
Tum Se Hi
චිත්‍රපටය: Jab We Met (2007)
ගයන්නේ: Mohit Chauhan
අහන්න | බාගන්න | ඉංග්‍රීසි පරිවර්තනය සමග වදන්
Khuda Jaane
චිත්‍රපටය: Bachna Ae Haseeno (2008)
ගයන්නේ: Kay Kay, Shilpa Rao
අහන්න | බාගන්න | ඉංග්‍රීසි පරිවර්තනය සමග වදන්
Lukka Chuppi
චිත්‍රපටය: Rang De Basanti (2006)
ගයන්නේ: Lata Mangeshkar, AR Rahman
අහන්න | බාගන්න | ඉංග්‍රීසි පරිවර්තනය සමග වදන්
Chupke Se
චිත්‍රපටය: Saathiya (2002)
ගයන්නේ: Sadhana Sargam, Murtuza, Qadir
අහන්න | බාගන්න | ඉංග්‍රීසි පරිවර්තනය සමග වදන්
Mere Dholna
චිත්‍රපටය: Bhool Bhulaiyaa (2007)
ගයන්නේ: Shreya Ghoshal, MG Srikumar
අහන්න | බාගන්න | ඉංග්‍රීසි පරිවර්තනය සමග වදන්
Tu Hi Meri Shab Hai
චිත්‍රපටය: Gangster (2006)
ගයන්නේ: Kay Kay
අහන්න | බාගන්න | ඉංග්‍රීසි පරිවර්තනය සමග වදන්
Maa
චිත්‍රපටය: Taare Zameen Par (2007)
ගයන්නේ: Shankar Mahadevan
අහන්න | බාගන්න | ඉංග්‍රීසි පරිවර්තනය සමග වදන්
මට මෙතනින් ගොඩක් හිතට වැදුන සිංදුවක් තමා Rang De Basanti චිත්‍රපටයේ Lukka Chuppi ගීතය. චිත්‍රපටය තුල ගීතය සම්පූර්ණයෙන්ම නැතත් ඒ රූප පෙල මහා වේදනාවක් ඇතිකරවනවා. පුතෙක්ගේ වියෝව අම්මා කෙනෙක් දරාගන්නා හැටි පෙන්නව ඒ රූපරාමු අතර ගලා යන මේ ගීතයෙන් කියවෙන්නේ දිව්‍යලෝකයේ සිටින පුතාත් මෙලොව සිටින අම්මාත් අතර දෙබසක්. චිත්‍රපටය බලලා නැත්තම් හොයාගෙන බලන්න. හැමෝම බැලිය යුතුම කතාවක්.
—
සැ.යු: මේ ගීත වැඩිහරියක් ලබාගෙන ඇත්තේ esnips අඩවියෙනි. මෙම ගීත මවිසින් අප්ලෝඩ් කරන ලද ඒවා නොවන අතර එනිසාම ඔබ මෙම ගීත ඩවුන්ලෝඩ් කලාට මට කිසිදු මූල්‍යමය වාසියක් හිමි නොවේ. එමෙන්ම මේ කිසිදු ලින්ක් එකක් referral link එකක් නොවන බව කරුණාවෙන් සලකන්න.

සැලකිය යුතුයි

අලංකාරයි !
Gangster චිත්‍රපටියේ ගීත සියල්ලටම මම කැමතියි. ඒකෙ කතාවත් හරි සිත්ගන්නා සුළු එකක්. අපරාධකරුවෙක් වෙනුවෙන් ප්‍රේක්‍ෂක මනස් තුළ අනුකම්පාවක් ජනිත කරන්නටත්, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියෙක් කෙරෙහි තරහක් ඇතිකරන්නටත් චිත්‍රපටය සමත් වෙලා තියනව. එහි සාර්ථකත්වයට එහි අගනා සංගීතය දායක වෙලා කියල මම හිතනව.
නමුත්, Main Hoon Na චිතුපටියේ Chale Jaise Hawayein ගීතය තමයි මේ අවස්ථාවෙ මගෙ හිතට එන ගීතය. ඒකෙන් මාර කික් එකක් ඇඟට එන්නෙ ! (අහන්න. | පද)
ඔක්කොම සින්දු ලස්සනයි. ඒත් මම නම් වැඩියම කැමති තාරේ සමී පර් ෆිල්ම් එකේ සින්දුවට. ඒක බලන්න ඕන විෂුවල් එකත් එක්ක. බලන කොට පුදුම හැඟීමක් හිතට එනවා.
සින්දු නම් ලස්සනයි.. ඒත් මම නම් ආස 1990 දශකයේ ගහපු හිංදි ෆිල්ම් වල සිංදු වලට. Rab ne bana di jodi එකේ සිංදු වලටත් ගොඩක් ආසයි…
මනරම්… හැබැයි මට හිතෙන්නේ අපේ “ඉනා” ට මෑත කාලයේ තවත් හොඳ ගීයක් අහන්න තිබ්බා. Kalyug චිත්‍රපටයේ jiya Dhadak Dhadak සිංදුවත් හරිම ලස්සනයි. ඔය දාලා තියෙන වීඩියෝ එකේ මුල ලස්සන මියුසික් part එකක් missing… හොඳම දේ ඉස්සෙල්ලම වීඩියෝ එක බලන්නේ නැතුව HQ ඕඩියෝ එක අහන්න එක. ඇත්තටම මාර ලස්සනයි… HQ ඕඩියෝ එකත් මා ගාව තියෙනවා. හොයා ගන්න බැරි උනොත් කියන්න. මම අප්ලෝඩ් කරන්නම්…
අප්පේ මොකදෑ අහලා නැත්තේ…. :)
ඉවසන්ඩ ඉවසන්ඩ මේ ලිපියේ දෙවැනි කොටසේ ඕවා එනවා !
මනරම්… මනරම්… මනරම්…
ඕහ්…! දැනුයි දැක්කේ. අහන්නම ඕන.ස්තුතියි!