ඔන්න ඉතින් දෙවන වසර අවසාන විභාගයත් පටන් ගත්තා. (මේ පාර මෙලෝ පාඩමක් කරේ නැති නිසා හොඳ කෙලවීමක් නම් ෂුවර්) ඒ නිසා මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. බ්ලොග් ලියන්න/කියවන්න වෙලාවක් හොයාගන්නෙත් අමාරුවෙන්.
මේ සෙමෙස්ටරයෙ අපිට තියෙන එක මොඩියුලයක් තමා Rapid Application Development. මේ සඳහා අපිට විශ්වවිද්‍යාලෙදි පාවිච්චි කරන්නෙ Visual Basic. නිකනුත් නෙමෙයි v 6.0 එක ! VB6 කියන්නෙ 1998දී නිකුත් වූ, එකල Windows 98 ඉලක්ක කර ගෙන ආ ක්‍රමලේඛන පරිසරයක්. මේ තරම් පැරණි එකක් අවුරුදු 11ක් ගත උනාට පස්සෙත් අපිට තවමත් උගන්නල ඇති පලේ මොකක්ද කියල හිතෙන වාර ගණන අනන්තයි. ඒත් ඒ කතාව මෙතනට අදාල නෑ. ඒ ගැන පසුවට ලියන්නම්.
මෙන්න මෙහෙමයි ප්‍රශ්ණය ඇරඹෙන්නෙ. විභාගෙට අවශ්‍ය ප්‍රායෝගික වැඩ ටික කරන්නත්, විභාගෙන් පස්සෙ කරන්න දෙන ප්‍රොජෙක්ට් එක (මතක් වෙනකොටත් දාඩිය දානව. BIT එක්සෑම් අස්සෙමයි ඒකත් !) කරන්නත් මට VB පිහිටුවන්න ඕනෙ උනා. මෙච්චරකල් මම පිහිටුවලා තිබුනෙ VB.net විතරයි. (VB6 ප්‍රැක්ටිකල් ටික කැම්පස් එකේදිම කරගත්තා.) මම දැන් පාවිච්චි කරන්නෙ Windows 7 නෙව. දැම්මා Visual Studio 6 cd එක. setup එක රන් කරනකොටම වින්ඩෝස් ලොක්කා ලෙඩේ දැම්මා “This Program has known compatibility issues” කියලා. අහන්නත් දෙයක්යැ, අවුරුදු 11ක් පරණ ප්‍රෝග්‍රෑම් එකක් ! පණිවුඩය මගහැර setup එක රන් කරන්නත් අවස්ථාව දීල තිබුනු නිසා වදෙන්පොරෙන් VB6 දැම්මා. ඊට පස්සෙ Windows 7 ලොක්කා පිස්සු නටන්න ගත්ත හැටි මතක් කරන්නත් බයයි. අමාරුවෙන් තමා මෑන්ව ෂේප් කරගත්තෙ.
දැං මොකද කරන්නෙ? එතකොට තමයි Ubuntu වල තිබුන VirtualBox එක සිහියට ආවෙ. මේ වෙද්දි මම හිටියෙ කොලඹ, හෙවත් මට ජංජාල පහසුකම් නැති අවස්ථාවක. Windows XP cd එක දාලා VirtualBox තුලට වින්ඩෝස් දාගත්තා. ඒකට VB6 ත් දාගත්තා. මල් 7ට වැඩ.
ඔන්න ඉතින් ඊයේ ගෙදර ඇවිත් ජංජාලයට සම්බන්ධ උන හැටියෙම කලේ ශාකුන්තල බොස්ගෙන් මම ඉගෙනගත්ත Seamless Mode එක සක්‍රිය කරන්න Guest Additions පිහිටුවපු එක. දැන් මල් 7යි නෙමෙයි 14යි ! මෙන්න බලන්න Seamless Mode එකත් එක්ක Ubuntu වල VB දුවන හැටි. (ශාකුන්තල බොස්ට තැන්කූ වේවා !)
Guest Additions වලින් මට තවත් වාසියක් අත් උනා. මේක ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි. මගේ ලැප්ටොප් එකේ තිරය 1280×800 පුලුල්තිරයක්. ඒත් මෙහි VirtualBox මත Windows පිහිටවූවාම ඒ වින්ඩෝස් හඳුනාගන්නෙ 1024×768 ප්‍රමාණයක් විතරයි. ඒ නිසා VirtualBox එක ෆුල් ස්ක්‍රීන් දැම්මාම කලුපාට තිරය මැද කොටුවක් විදියටයි වින්ඩෝස් දිස් උනේ. ඒත් Seamless Mode එක සක්‍රීය කිරීමට Guest Additions පිහිටවූවාට පස්සෙ ෆුල් ස්ක්‍රීන් දැම්මාම සම්පූර්ණ පුලුල් තිරයම වින්ඩෝස් මගින් භාවිතයට ගන්නවා.
මේවා කරා වගේ නෙමෙයි, මගේ කටින් වැරදිලා මේවා පිට උනාම අපේ මහරැජින මට කඩා පනිනවා පාඩම් නොකර වෙන වෙන බහුබූත කරනවා කියලා :D
Visual Basic 6 තියා පරණ Visual Studio 2005 එක වත් Windows 7 වල වැඩ කරන්නෙ නෑ මම දන්න තරමට. මමත් පාවිච්චි කරන්නෙ Visual Studio 2008 එක. Windows 7 වල XP Mode එක ට්‍රයි කරලා බැලුවෙ නැද්ද? මටත් තාම ඒක ටෙස්ට් කරගන්න බැරි උනා.
ඔය Seamless Mode එක නම් මට වැඩිය දිරෙව්වෙ නෑ… Linux Windows Application අතර මාරු වෙන්න යනකොට පිස්සු නටනවා. හිටපු ගමන් XP ඩෙස්ක්ටොප් එක පේනවා… මම නම් දාලා ටික වෙලාවකින්ම ඒ මගුල අයින් කරල දැම්මා.
XP Mode වල වැඩ කරන්න නම් මැෂිමේ Processor එකේ Intel™ Virtualization Technology /AMD-V තාක්ෂණය (Hyper-V නමින් හදුන්වන තාක්ෂණය) තිබෙන්න ඕනේ, නැත්නම් එක පිහිටුවා ගත්තට සක්‍රීය වෙන්නේ නෑ.කොහොම වුණත් ඇත්තටම XP mode හොඳයි වුණත්, මම හිතන්නේ නෑ ප්‍රවීන් අයියාට ඒ තාක්ෂණය තිබෙයි කියා, මොකද ගොඩාක් ලැප් වල දෙන Mobile Processors වල Hyper-V නෑනේ.
http://www.microsoft.com/windows/virtual-pc/download.aspx
කව්ද අප්පේ ඔය මහරැජිණ?
හි හී…එලිසබත් මහ රැජිණ ද ?
අවුරුදු 11 ක් කියන්නේ මහලොකු වයසක්ද බං?
අනේ පලයං :D
උඹට නං VB6 ලොකුයි නේ ! :D
සුපුරුදු පරිදි M$ sux :P ඒකයි මේ අවුල,එහෙනම් අවුරුදු30 ගාණක් පරණ ඒවත් තාවා තියෙන්නේ අපූරුවට ;)
අඩේ… දැං දැක්කේ… VB උඩ VB!!! :D
තැකූ කිව්වා නේද? යූ ආර් වෙල්කම් වේවා! :D
තව එකක් — බොස් කිව්වම මතක් වුණේ… බොස් කියන එකෙයි බාස් කියන එකෙයි තියෙන එකම සම්භවයක්ලු.
VB6 ගැන මතක් කළොත් — මම ගොඩක් දේ ඉගෙනගත්තෙ VB6න්. මම නිර්මාණය කළ පළමු වයිරසයත් VB6 වැඩක් (තාමත් source code එක මගේ ළඟ සුරක්ෂිතව තියෙනවා :D ). මම එයින් කළ වැදගත්ම නිර්මාණය Sri Lanka Flag Screen Saver එක.
Seamless Mode ගැන කිව්වොත් — Guest Additions වල තියෙන video driver එක තමයි ඔය 1280 x 800 වැඩේ ෂේප් කරල දෙන්නේ. මගෙත් 1280 x 800. Seamless නොදා full screen දැම්මාම කිසි කෙනෙකුට හිතාගන්න බෑ මේක virtual ද කියලා. චතුර කියන දේත් එක්ක මට එකඟ වෙන්න වෙනවා. නමුත් මට ඒක අවුලක් නැත්තේ මම VirtualBox හරහා වුණත් වින්ඩෝස් පාවිච්චි කරන්නෙ කලාතුරකින් වීම නිසා. Seamless Mode එක Compiz එක්කත් පොඩි පරහක් තියෙනවලු. නමුත් Guest Additions අයින් කරන්න එපා. ඒකෙ Mouse Pointer Integration කියන feature එක වැඩ කරන්න GA ඕනා.
Visual Basic 6, Windows XP එක්කත් ප්‍රශ්න issues තියෙනවා. සමහර Win32 API calls යන්නෙ වැරදි පාරෙ. :( අනෙක… Windows XP දුවන මැෂිමකින් VB අයින් කරලා ආපහු install කරන්න ගියොත් DCOM හරියට configure වෙන්නෙ නැහැ. Add Ins වලින් සමහර ඒවා register වෙන්නෙත් නැහැ. :(
මහරැජිණත් එක්ක ඉන්නවා මම දැක්කා මූණුපොතේ… :P
Outdated VB6 තාම කරන්නෙ මොන මගුලකටද කියල මටත් තාම හිතාගන්න අමාරුයි. ඒත් විභාගෙ සාර්ථකව කරගන්න පුළුවන් වේවා කියල පතනවා. :)
මේ ඔය වයිරසේ එවන්න බැරිද test කරල බලන්න