අලුත් බාසාවක් සොයාගත්තෙමි

On 2009 ජූනි 18, in වර්ගීකරණය නොකළ, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

ඔන්න ඉන්දරේ අලුත් බාසාවක් හොයාගත්තා. ඔව්… අලුත්ම අලුත්… මීට කලින් කවුරුවත් පාවිච්චි කරපු නැති එකක්. Twitter එකේ ඉන්න මගේ යාලුවො නම් දැනටමත් දන්නවා මේ ආරංචිය.

ඇත්තටම මේක මට හම්බුනේ අහම්බෙන්. ඒකත් රසවත් කතාවක්. මම ටිකකට කලින් පරණ පොත් වගයක් ඇවිස්සුවා. ඔන්න එතකොට ඒ දෙකතුනක් මගේ කීබෝඩ් එක උඩට වැටුනා. එතකොට තමා මට මේ බාසාව හම්බුනේ, මම ඒ වෙලාවේ ඕපන් කරගෙන හිටපු Visual Basic එඩිටර් එකේ තිබිලා.

මෙන්න මම ඒ බාසාවෙන් ලියපු Tweets දෙකක් !

burtoilus chenjqu neti su embsendo ! :)

o’et quntellio dimger :D

මේ බාසාව තවම හොයාගෙන ඉවර නෑ. උදාහරණයක් විදියට ඔය කලින් ලියල තියෙන වාක්‍ය වල තේරුම එහෙම තවම හොයාගෙන නෑ. ඉක්මනට ඒවත් හොයාගෙන මේ බාසාවෙන් බ්ලොග් එකක් ලියන්නයි මගේ කල්පනාව ! ඒත් ඉතින් ඒක සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයට එකතු කරන්න බැරි නිසා (සිංහල නෙමේනෙ) ඔයාලට කියවන්න ලැබෙන්නෙ නෑ.

මේ බාසාවට නම් කීපයක් යෝජනා වෙලා තියෙනව. ඔයාලගෙ අදහස් එහෙමත් තියේ නම් මෙතන කමෙන්ට් කරන්න !

(මට පිස්සු කියල හිතුවද? හෙහ් හෙහ්… නෑ නෑ ! තවම නෑ. ඒත්… එක්කො නෑ.. වෙන්නත් පුලුවන්.. මේ දවස්වල විභාගෙ නෙ.. පිස්සු හැදුනත් පුදුමයක් නෑ !)

 

25 Responses to අලුත් බාසාවක් සොයාගත්තෙමි

  1. ගයාන් තාරක පවසන්නේ:

    Indar භාෂාව කියල දාගන්න. ඒක හොදා

  2. බුධාජීව පවසන්නේ:

    Egajkf fchola dzu djkm jf makfudfek fjin kamjssi ?

    Doliks hma fydhjkk fdj djdj ! jhdjd :-P

    Fjh fjj.. hjidudjsjk s !

  3. තවම නෑ නෙමෙයි… දැං හැදිලා කල් ගිහින් හොඳටම බරපතලත් වෙලා වගේ :D … ඉක්මනට දොස්තර කෙනෙක් හම්බ උනොත් හොඳයි ;)

  4. තමීර පවසන්නේ:

    ඉන්ද්‍රීසි කියල දාන්න :-)

    මම ඔය වචන ටික Bing Translator එකේ autodetect එකට දාල චෙක් කළා. බාසාව ස්පාඤ්ඤ කියල කියනවා. ඒත් එයාටත් තේරුම් ගන්න බෑ. ස්පාඤ්ඤ බාසාවෙන් වැරදියට ලියලද දන්නෙ නෑ.

  5. Lishwish පවසන්නේ:

    “ඉන්බීරියා” නරක ද; මේක දැම්මොත්..

  6. උදාර පවසන්නේ:

    හොඳට හිටිය කොලුවට මක් උනාද මන්දා ??? :/

  7. නුවන්සි පවසන්නේ:

    මෙක මෙ එස්පැරොන්තෝ වගේ නේ
    එකාලේ අපි ඉගෙන ගත්තා එසපැරොනතෝ කියලා අලුත් භාෂාවක්, එක අන්තර්ඡාතික භාෂාවක් කරන්න යනවා කියලා

  8. පවසන්නේ:

    ගූගල් නම් මෙහෙම කිව්වේ

    We are not yet able to translate from Icelandic into English.

    http://en.wikipedia.org/wiki/Icelandic_language

  9. Malinthe පවසන්නේ:

    මං ගූගල් Translate එකෙන් බැලුවම කියනව We are not yet able to translate from Icelandic into English කියලා :D

  10. අනූ පවසන්නේ:

    මේකෙ සමහර වචන ස්පාඤ්ඤ සමහර ඒවා තුර්කි. කොහෙන්ද හොයාගත්තෙ?

  11. Charitha පවසන්නේ:

    උඹට පිස්සුදු බන්. ලියන්න දෙුයක් නැති නිසාදුා පිස්සු ලියන්නේ. බලපන් අර රුක්ෂානයා ලියන දෙු්වල්. උඹත් ඒ වගේ ප්‍රයෝජනවත් දෙුයක් ලියපන්. අඩු ගානේ යන තැනකටවත් වැඩක් වෙන්න. ඔය භාෂාවෙන් බ්ලොග් කලා කියලා කියවන්නේ කවුදු? උඹයි උඹේ අර Twitter එකේ ඉන්න උලව් යාලුවයි විතරයි ඉන්නේ. උඹට පිස්සු නම් ඒකට බෙහෙත් ගනින්. තනියෙන් බැරි නම් ඔය වැඩිහිටියෙකුටවත් කියලා හොඳු ඩොකෙක් ගාවට පලයන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>